Ven.Rerukane Chandawimala Maha Thero

Ven.Rerukane Chandawimala Maha Thero “සබ්බ දානං ධම්ම දානං ජිනාති” Recommended Order for Reading
Essential Reading
1. Bauddhayage Athpotha
2. Suu Visi Maha Gunaya
3. Paramitha Prakaranaya
4.
(3)

පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. Punyopadeshaya
5. Pohoya Dinaya
6. Bodhi Poojawa
7. Wanchaka Dhamma Ha Chiththopaklesha Dharma
8. Bodhi Pakshika Dharma Wistharaya
9. Chathurarya S

athya
10. Shasanavatharanaya
Bhavana
11. Vidarshana Bhavana Kramaya
12. Satipattana Bhawana Kramaya
13. Chattaleesakara Maha Vipassana Bhawanawa
14. Nirvana Winishchaya Punuruppaththi Kramaya
Abhidhamma
15. Abhidharmaye Mulika Karunu
16. Abhidharma Margaya
17. Patichcha Samuppada Vivaranaya
18. Patthana Maha Prakarana Sannaya
Vinaya
19. Upasampada Sheelaya
20. Ubhaya Prathimokshaya
21. Vinaya Karma Potha
Other
22. Dharma Vinishchaya
23. Buddha Neethi Sangrahaya
24. Keles Ekdahas pansiyaya
25. Rerukane Chandawimala Thero
26. Mangala Dharma Wistharaya
27. Satipattana Bhawana Wiwechanaya

දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, න...
23/08/2026

දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍ර‍යා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීමය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෞද්ධයාගේ අත්පොත පිටු අංක 260 - 261

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස...
22/08/2026

මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍ර‍යා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකකුට නො දැන ගන්නට ආරක්‍ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෞද්ධයාගේ අත්පොත පිටු අංක 260

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

නිවන් දැකීමට බුදුකෙනකුන් දැකීමත් වුවමනා ම ද?නිවන් දැකිය හැක්කේ බුදුන් දැකීමෙන් නොව ධර්‍මය දැකීමෙනි. බුදුන් දැක ද නිවන් න...
21/08/2026

නිවන් දැකීමට බුදුකෙනකුන් දැකීමත් වුවමනා ම ද?
නිවන් දැකිය හැක්කේ බුදුන් දැකීමෙන් නොව ධර්‍මය දැකීමෙනි. බුදුන් දැක ද නිවන් නුදුටුවෝ බොහෝ ය. ඇතැම්හු නිතර බුදුන් වහන්සේ ඇසුරු කරමින් උන් වහන්සේ දේශනය කරන ධර්‍මය ද ඇසූ නමුත් මඟපල ලබා නිවන් නුදුටුවෝය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීත් උන් වහන්සේ පිරිනිවීමෙන් පසුත් ධර්මය දැක බොහෝ දෙනෙක් මඟපල ලබා නිවන් දුටහ.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ විසාලා මහනුවර සච්චක නම් මහපඬිවරයෙක් වාසය කෙළේ ය. ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟනට මහ දනක් ද දුන්නේ ය. තථාගතයන් වහන්සේ ඔහුට සූත්‍ර‍ දෙකක් ම දේශනා කළ සේක. එහෙත් සච්චක මඟපල ලැබුවේත් නැත, පැවිදි වූයේත් නැත, යටත් පිරිසෙයින් තිසරණයෙහිවත් පිහිටියේ නැත. තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් වර්ෂ දෙසිය සතිසකින් පසු ලක්දිව බුදු සස්න පිහිටීමෙන් පසු සච්චක මේ ලක්දිව දක්ෂිණගිරි විහාරයේ ගොදුරු ගමෙහි ඇමැති පවුලක ඉපද වැඩිවිය පැමිණ බුදුසස්නෙහි පැවිදිව ත්‍රිපිටකය උගෙන විදසුන් වඩා සිවුපිළිසිඹියාවත් සමග අර්හත්වයට පැමිණ නිවන් දුටුවේ ය. මිහින්තලයේ කළුදිය පොකුණ සමීපයේ කළු තිඹිරිගස යට දී තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි කාලකාරාම සූත්‍රයෙන් ධර්‍මදේශනා කළ කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ හා එකල වාද කරමින් විසූ සච්චක පඬිවරයා ය. එකල ලක් රජය කළ තිස්ස මහරජතුමා එදා කළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දෙසූ ධර්‍මය සිටගෙන ම රාත්‍රිය මුළුල්ලෙහි අසා සිට උන් වහන්සේ ගේ ධර්‍මයෙහි පැහැදී පසු දින උන් වහන්සේට ලක් රජය පූජා කෙළේ ය.
බුදුන් දක්නේ ද ධර්‍මය දක්නා තැනැත්තා ය. නිතරම බුදුරජාණන් වහන්සේ ළඟින් හැසිරෙමින් උන් වහන්සේ ගේ රූපය බල බලා ප්‍රීතිවෙමින් සිටි වක්කලී තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ විසින් “කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්කලි. ධම්මං පස්සති සො මං පස්සති.” “වක්කලි මහණ, තට මේ කුණුකය දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? යමෙක් ධර්‍මය දකී නම් ඔහු ම මා දක්නේය” යි වදාළේ ද එහෙයිනි.

රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ ධර්ම විනිශ්චය කෘතිය ඇසුරෙන්

https://pitaka.lk/books/dharma-winishchaya/84.html

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් ව...
21/08/2026

උපකාරක මිත්‍ර‍යාය, සමාන සුඛදුඃඛ මිත්‍ර‍යාය, අර්ථඛ්‍යායි මිත්‍ර‍යාය, අනුකම්පක මිත්‍ර‍යාය යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙක් වෙති.

උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍ර‍යා ය, ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්‍ෂා කිරීම ය, මිතුරාගේ වස්තුව ආරක්‍ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍ර‍යාගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -
බෞද්ධයාගේ අත්පොත පිටු අංක 260

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.අනුන්ට...
20/08/2026

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්‍ෂණයෝ ය.
ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේය”යි අතීතයෙන් සංග්‍ර‍හ කිරීමය, පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍ර‍හ කිරීම ය, කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍ර‍හ කිරීම ය, කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්‍ෂණයෝ ය.
යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ අනුප්‍රියභාණී නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කථා කිරීමය, ඉදිරියෙහි ගුණ කීමය, නැති තැන දොස් කීමය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්‍ෂණයෝ ය.
සුරාපානාදි පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා අපායසහාය නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. සුරාපානයට යහළු වීමය, නො කල්හි ඇවිදීමට යහළු වීමය, නැටුම් ආදිය දක්නට යෑමට යහළු වීමය, සූදුවට යාමට යහළු වීමය යන මේවා අපායසහායයා ගේ ලක්‍ෂණයෝ ය.
මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ මිත්‍ර‍යන් සේ පෙනී සිටින සතුරෝ ය. පාප මිත්‍රයෝ යයි කියනුයේ ද ඔවුනට ම ය. පාපමිත්‍ර‍ සේවනය ඉතා නපුරෙකි. එයින් නොවිය හැකි පිරිහීමක්, නොවිය හැකි විපතක් නැත. අසූ කෝටියක් ධනයට හිමි ව සිටි මහධන සිටු පුත්‍ර‍යා පාප මිත්‍ර‍ සේවනයෙන් සිඟමනට පත් විය. අජාසත් රජ සෝවාන් වූ පරම ධාර්මික රජකුගේ පුත්‍ර‍යකු ද වී, ඒ ජාතියේ ම සෝවාන් වීමට තරම් පෙර පින් ඇතියකු ද වී පාපමිත්‍ර‍ සේවනයේ වරදින් පිය රජු මරා අපායට ගියේ ය. එසේ පාපමිත්‍ර‍ සේවනයෙන් පිරිහුණු පුද්ගලයෝ ඉතා බොහෝ ය. එබැවින් මෙලොව පරලොව වැඩ කැමති සැම දෙනා විසින් ම සර්පාදීන්ගෙන් මෙන් ම පාප මිත්‍ර‍යන්ගෙන් ද පරෙස්සම් විය යුතු ය. පාපමිත්‍ර‍යා සර්පයාට වඩා නපුරෙකි.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -
බෞද්ධයාගේ අත්පොත පිටු අංක 259 - 260

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

චිත්තයචිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන...
19/08/2026

චිත්තය

චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා අපරමාර්ථ වශයෙන් ද ඇත්තා වූ අනේක ප්‍ර‍කාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය, “චේත, මන, විඤ්ඤාණ, හදය, මානස,” යන මේවා ද චිත්තය ම දක්වන පාළි වචනයෝ ය. ඇසය, කනය, නාසයය, දිවය, කයය, හෘදයය යන මේ ස්ථානයන්හි සිත පහළ වේ. එය ක්‍රියාවක් වුවද ව්‍යවහාර පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද කරණ ශක්තිය ඇති ද්‍ර‍ව්‍යයක් සේ ද ව්‍යවාහර කරනු ලැබේ. දැකීමය, පෙනීමය, ඇසීමය යනාදි වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදනා සිත් හැඳින්වීමට පාවිච්චි කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනකි. ඇසෙහි රූපයක් ගැටුණු කල්හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහළ වේ. එය ප්‍ර‍කාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය දැකීමය යන වචන ව්‍යවහාර කරති. ඇසට හමුවීමෙන් යමක් දත් කල්හි පෙනුණේය කියා හෝ දුටුයේය කියා හෝ කියති. වචනය අනෙකක් වුවද එයින් හඟවන්නේ දැනීම මය, හෙවත් සිත ම ය. කනෙහි ශබ්දයක් ගැටුණු කල්හි, ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එයට හඬ දැනුම ය යි නො කියා ඇසීමය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිතය. නාසයට දුඟඳක් පිවිසි කල්හි සමහර විට ගඳක් දැනේය යි කියති. සමහර විට දැනීමය යන වචනය නො ගෙන ගඳයයි ම කියති. එබඳු අවස්ථාවලදී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද ගඳ දැන ගන්නා සිත ම ය. රසයක් මුඛයට පැමිණි කල්හි ද සමහර විට රසක් දැනේයයි කියති. සමහර විට එසේ නො කියා තිත්තය ඇඹුල්ය යනාදීන් රසයේ නම ම කියති. එබඳු අවස්ථාවල දී රසයේ නමින් පවසන්නේ ද ඒ රසය දන්නා සිත ම ය. ශරීරයෙහි යම් කිසිවක් සැපුණු කල්හි සමහර විට සැපෙන බව දැනේය යි කියති. සමහර විට එසේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීමය, ශීතලය, උෂ්ණය යන වචන කියති. එබඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද ස්ප්‍ර‍ෂ්ටව්‍යය දන්නා සිතය. පඤ්චප්‍ර‍සාද සම්බන්ධයක් නැතිව සිතක් ඇති වූ කල්හි සමහර විට සිතුණේය යි කියති. සමහර විට දැනුණේය, කල්පනා වුණේය, ඕනෑ වුනේය, වැටහුණේ ය, තේරුණේය, හැඟුණේය යනාදි වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙසේ හෙයින් දැකීමය, පෙනීමය, ඇසීමය, ගඳය, සුවඳය, තිත්තය, කසටය, ශීතය, උෂ්ණය, කල්පනාවය, ඕනෑකමය යනාදි වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්තපරමාර්ථය යි දත යුතුය. මේ වචනයන් අතුරෙන් ඇතැමකින් අධිකාර්ථ ද කියැවේ. නිවැරදිව ම සිතා ගැනීමට අධිකාර්ථ හළ යුතුය.

රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකුගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැඟෙන වේගයකි. අතක එසවීම් ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එමෙන් සිතය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව ආරම්මණ ග්‍ර‍හණ ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි. පෝර ලැබෙන ලැබෙන සැටියට වැලක අගින් දලු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අළුත් අළුත් සිත් පහළ වේ. සිත් පහළ වනුයේ චක්ෂුරාදි වස්තූන්හි ය. එහෙත් සිත ඒවායින් නැඟ එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්‍ෂුරාදි වස්තූන්ගෙන් නැඟ එන්නක් නම් වස්තු කීපයක එකවර රූප ශබ්දාදි අරමුණු ගැටුණු කල්හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහළ විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහළ නොවන බැවින් ශරීරයේ කොතැනක සිත පහළ වුව ද පහළ වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින්ම පහළ වන බව දත යුතුය. සිත: චිත්ත පරම්පරාවේ අගින්ම නැඟ නැඟ එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත් නිඃශ්‍ර‍ය වස්තූන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනරුත්පත්තියක් ඇති බව ද ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත: චිත්ත සන්තතියේ අගින් ම නැඟෙන දෙයක් සැටියට දක්නා තැනැත්තා හට පුනරුත්පත්තියක් ඇති බව ද පහසුවෙන් ම පෙනෙන්නේ ය.

ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව අරමුණයයි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නූපදී. ආරම්මණාදි හේතූන්ට සිත ඉපද විය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල්හි පමණෙකි. එබැවින් සිත් ඇති වීමේ ප්‍ර‍ධාන හේතුව ආරම්මණය නොව පැවත එන සිත් පරම්පරාව බව දත යුතුය. අරමුණක් නැති ව සිතට ඇති විය නොහෙන බැවන් අරමුණ ද සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිය යුතුය.

රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” ග්‍රන්ථය ඇසුරින්

ලිපිය කියවන්න : https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/3.html

යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ අ...
19/08/2026

යුක්තිය අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නොසලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන්නා වූ තැනැත්තේ අනුප්‍රියභාණී නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. අනෙකා කරන්නට යන හොඳ නරක දෙක ම අනුමත කොට කථා කිරීමය, ඉදිරියෙහි ගුණ කීමය, නැති තැන දොස් කීමය යන මේවා අනුප්‍රියභාණියාගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෞද්ධයාගේ අත්පොත පිටු අංක 259

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයි...
18/08/2026

ක්‍රියාවෙන් කිසිවක් නැති ව කථාවෙන් පමණක් අනුන්ට සංග්‍ර‍හ කරන තැනැත්තේ වචීපරම නම් වූ මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයා ය. “ඊයේ පෙරෙයිදා පැමිණියේ නම් මේ මේ දේ දෙන්නට තිබුණේ ය. මේ මේ දෙය කරන්නට තිබුණේය”යි අතීතයෙන් සංග්‍ර‍හ කිරීමය, පසුවට දෙමිය කරමි යි අනාගතයෙන් සංග්‍ර‍හ කිරීම ය, කථාවෙන් පමණක් නිරර්ථක ලෙස සංග්‍ර‍හ කිරීම ය, කරුණක් පැමිණි කල්හි තමාගේ අමාරුවක් දැක්වීම ය යන මේවා වචීපරමයාගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෞද්ධයාගේ අත්පොත පිටු අංක 259

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

චෛත්‍ය තුන් වර්ගයඉහත දැක්වූයේ කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාව ය. එහි දැක්වෙන පරිදි ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්...
17/08/2026

චෛත්‍ය තුන් වර්ගය

ඉහත දැක්වූයේ කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාව ය. එහි දැක්වෙන පරිදි ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේශික චෛත්‍යය යි චෛත්‍ය තුන් වර්ගයක් ඇත්තේය. මේ චෛත්‍ය තුන් වර්ගය නියම කර ඇත්තේ බුදු රදුන් නැති කල්හි උන්වහන්සේට කරන වැඳුම් පිදුම් ඒ චෛත්‍යයන්ට හෝ චෛත්‍ය ස්ථානයන්හි හෝ කිරීම පිණිස ය. චෛත්‍ය යනු සංස්කෘත වචනයකි. පාළි වචනය චේතිය යනුයි. පිරිනිවන් පා වදාළ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ ශාරීරික ධාතූන් උන්වහන්සේගේ ශාරීරික කොටස්ම වන බැවින් ඒවා ද තථාගතයන් වහන්සේට මෙන්ම වැඳුම් පිදුම් කිරීමට ගරු බුහුමන් කිරීමට සුදුසු ය. ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කොට කරන ස්ථූපද එසේම වැඳුම් පිදුම් කිරීමට සුදුසු බැවින් ශාරීරික චෛත්‍ය නම් වේ. බුදුන්වහන්සේ විසින් පරිභෝග කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේද පාරිභෝගික චෛත්‍යය ය. ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවන්ගෙන් හා බීජයන්ගෙන් ද ඇති වූ බෝධි වෘක්ෂයෝ ද පාරිභෝගික චෛත්‍යයෝ ය. ඒ පරම්පරාවට අයත් සකළ බෝධි වෘක්ෂයෝම ද පාරිභෝගික චෛත්‍ය වශයෙන් සළකනු ලැබෙත්. තථාගතයන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර චීවරාදී වස්තූන් ද පූජනීයෝ ය. ඒවා තැන්පත් කොට කරන ලද චෛත්‍යයෝ ද පාරිභෝගික චෛත්‍යයෝය. ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාසත්කාර කිරීම පිණිස පිළියෙළ කැරුණු ප්‍රතිමා හා ස්ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය. “බුද්ධ පටිමා උද්දිස්සක චේතියං” යනුවෙන් ඛුද්දක පාඨ අටුවාවෙහි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍ය බව දක්වා තිබේ.
පුලිනුප්පාදකත්ථෙරාපදාන, පුලිනථුපියත්ථෙරාපදාන යනාදිය අනුව බලන කල්හි ශාරීරික පාරිභෝගික වස්තු නො පිහිටුවා බුදුන්වහන්සේ උදෙසා කරන ස්ථූපයත් උද්දේශික චෛත්‍ය වශයෙන් පිළිගත යුතුය. ශාරීරික පාරිභෝගික වස්තුන් පිහිටුවා කරන ස්ථූපයෝ ඒ වස්තූන්ගේ පූජනීය භාවය නිසා චෛත්‍යය වෙති. ඒ වස්තූන් නැතිව කරන බුදුපිළිම හා ස්ථූප මේ බුදුන්වහන්සේ ගේ ප්‍රතිමාවය, මේ බුදුන්වහන්සේ උදෙසා කළ ස්ථූපය කියා මහජනයා කරන ගෞරවාදරය නිසා චෛත්‍ය වේ. “උද්දේසිකං අවත්ථුකං මමායනමත්තමේව හොති” යන දේශනා පාඨයෙන් දැක්වෙන්නේ ඒ අදහසය. ඇතැම්හු ඒ පාඨය වරදවා තේරුම් කරමින් “උද්දේශික චෛත්‍යය කියා වස්තුවක් නැත. එබැවින් බුදුපිළිමය උද්දේශික චෛත්‍යය නො වේය” යි ජනයා මුළා කෙරෙති. චෛත්‍යයක් වන්නට වස්තුවක් තිබිය යුතුමය. වස්තුවක් නැතහොත් චෛත්‍යයක් ද නැත. වස්තුවක් නැතිව චෛත්‍යයක් කීම තේරුමක් නැති පිස්සු කථාවෙකි. “උද්දේසිකං අවත්ථුකං” යන පාඨයෙන් දැක්වෙන්නේ උද්දේශික චෛත්‍යයට ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බවය. කියන ලද චෛත්‍ය තුන් වර්ගය බුවරුන් පිළිබඳ චෛත්‍යයෝය. ධර්ම චෛත්‍යය කියා තවත් චෛත්‍යයක්ද ඇත්තේ ය. දහම් පොත්පත් තැන්පත් කොට කරන ස්ථූපය ධර්ම චෛත්‍යය ය. දහම් පොත්මද ධර්ම චෛත්‍ය වශයෙන් සළකනු ලැබේ. මෙකල බෞද්ධයන් චෛත්‍ය යන නම ව්‍යවහාර කරන්නේ ස්ථූපවලට පමණෙකි.

රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේ විසින් රචිත “පුණ්‍යෝපදේශය” ග්‍රන්ථය ඇසුරින්

ලිපිය කියවන්න : https://pitaka.lk/books/punyopadeshaya/20-1.html

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.අනුන්ට...
17/08/2026

අඤ්ඤදත්ථුහරය, වචීපරමය, අනුප්පියභාණිය, අපාය සහායය යි මිත්‍ර‍ ප්‍ර‍තිරූපකයෝ (මිත්‍ර‍යන් වැනි සතුරෝ) සතර දෙනෙක් වෙති.

අනුන්ට යහපතක් වනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තේ අඤ්ඤදත්ථුහර නම් වූ මිත්‍ර‍්‍රප්‍ර‍තිරූපකයා ය. තමා ගෙන් කිසිවක් නො දී අනුන්ගෙන් ම ගැනීමය, ස්වල්ප උපකාරයක් කොට මහත් දෙයක් ගන්නට බලාපොරොත්තු වීමය, තමාට බයක් පැමිණි කල්හි පමණක් සතුටු කරවීම පිණිස පක්‍ෂ කරගනු පිණිස අනුන්ට වැඩ කිරීමය, තමාගේ ප්‍රයෝජනය පිණිස ම මිතුරන් ඇසුරු කිරීමය යන මේවා අඤ්ඤදත්ථුහරයා ගේ ලක්‍ෂණයෝ ය.

-රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ -

බෞද්ධයාගේ අත්පොත පිටු අංක 259

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත පොත් කියවීම හෝ බාගත කර ගැනීම සදහා පිවිසෙන්න https://pitaka.lk

Address

Pokunuwita
Pokunuwita

Alerts

Be the first to know and let us send you an email when Ven.Rerukane Chandawimala Maha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven.Rerukane Chandawimala Maha Thero:

Shortcuts

Share