Suddallawa Aranya Senasanaya

Suddallawa Aranya Senasanaya ☸️"ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි... 🙏

06/11/2025
පිං කැමති ඔබට පිං පිරීමට මෙත් සිතින් ආරාධනා..! 🌸
01/11/2024

පිං කැමති ඔබට පිං පිරීමට මෙත් සිතින් ආරාධනා..! 🌸

🪷 ලොවම සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා.!!.....බිනර පොහොය දිනයේ වැදගත්කම...අද දිනයෙහි පින්වත් පිරිස සිල් සමාදන්වීම් භාව...
17/09/2024

🪷 ලොවම සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා.!!
.....බිනර පොහොය දිනයේ වැදගත්කම...

අද දිනයෙහි පින්වත් පිරිස සිල් සමාදන්වීම් භාවනාකිරීම් වැනි ප්‍රතිපත්ති පූජාමය පින්කම්වලත් බුද්ධ පූජා, බෝධි පූජා වැනි ආමිස පූජා පින්කම්වලත් වෙනදාට වැඩි උනන්දුවකින් යෙදී සිටින බව ඉතා ප්‍රකටව දැකිය හැකි වේ. එයට හේතුව අද පුරපසළොස්වක පොහොය දිනයක් වීමයි. මෙම පුරපොහෝ දිනය අප විසින් හඳුන්වනු ලබනුයේ බිනර පුර පසළොස්වක් පෝය යනුවෙනුයි. වස් කාල සීමාවට අයත් වැදගත් පොහෝ දිනයකි. ගිහියන් වූ හැම දෙනාමත් පැවිදි මහා සංඝරත්නයත් වැඩි උනන්දුවකින් ආගමික වත්පිළිවෙත්වල යෙදෙමින් ශාසනික ප්‍රතිපත්ති සපුරා ගන්නා වකවානුවක් ලෙස වස්සාන කාලය සඳහන් කළ හැකිය. මෙවන් වූ පින්බර සමයක බිනරපුර පොහෝ දිනයෙහි වැදගත්කම පිළිබඳව විමසා බැලීම හැම දෙනාගේම ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇත.

බිනර පොහෝ දිනය බෞද්ධ වූ අපට වැදගත් වීම සඳහා හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව හැමදෙනාගේ අවධානය යොමු කළ හැකිව තිබේ. ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් සිදු වූ දිනයක් වශයෙන් සංස්කෘතිකමය ලෙසින් මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද අද දිනය සිහිකටයුතු දිනයක් වේ.

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳව සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹුණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන්වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය. මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන්වහන්සේ එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳව ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියා ය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපති ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරන ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

මෙසේ සසුන්ගතවීම සඳහා ඉදිරිපත් ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේ දී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියා ය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත් ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහි දී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ටගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්‍ෂුණියක වුවද එදින උපසම්පදා භික්‍ෂූන් දැක වැඳ පුදා ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නොමැති ප්‍රදේශවල භික්‍ෂුණියක වස් නොවිසිය යුතු ය.

3. භික්‍ෂුණියක විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය.

4. වස් අවසන භික්‍ෂු භික්‍ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පත් භික්‍ෂුණියක විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු ය.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර හේතුවක් නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. භික්‍ෂූන් විසින් භික්‍ෂුණියන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්‍ෂුණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය.

අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොට දී මෙය පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනරපුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව කිව හැකි ය.

🪷🙏
19/08/2024

🪷🙏

🙏🏻ඇසළ පෝය දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා විශේෂ ශ්‍රේෂ්ඨ පෝය දිනයක් වේ. බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම් මෙන්ම, ශාසනික වශයෙන්...
20/07/2024

🙏🏻ඇසළ පෝය දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා විශේෂ ශ්‍රේෂ්ඨ පෝය දිනයක් වේ. බුද්ධ චරිතයට සම්බන්ධ සිදුවීම් මෙන්ම, ශාසනික වශයෙන් ඇසළ පුර පසළොස්වක පොහෝ දින සිදු වූ විශේෂ සිදුවීම් රාශියක් තිබේ.

01. තුසිත දෙව්ලොව දී දේවතාරාධනයෙන් පසුව, පස්මහ බැලුම් බැලූ මහ බෝසතාණන් වහන්සේ දඹදිව මධ්‍ය දේශයේ, කපිලවස්තුපුර සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වන, මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවූයේ ඇසළ පොහෝ දිනකය.

02. මහා බෝධිසත්වයන් වහන්සේට වයස අවුරුදු විසි නවයේදී ගිහිගෙය කලකිරීමට හේතුවූ සතර පෙර නිමිති දැක අභිනිෂ්ක්‍රමණය කළේ ඇසළ පොහෝ දිනකය.

03. සිද්ධාර්ථ කුමරුන්ගේ පුතණුවන් වන රාහුල කුමරුගේ උපත සිදු වූයේ සිදුවූයේද එම ඇසළ පොහෝ දිනදී ය.

04. සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.

05. එම දේශනාවසානයෙහි කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් මාර්ග ඵලයට පත් විය. සෝවාන් වූ කොණ්ඩඤ්ඤ තාපසතුමා බුදුපියාණන් වහන්සේගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලූහ. " භික්ෂුව එව! ධර්මය ස්වාක්ඛාතය. මනාකොට දුක් නසනු පිණිස මඟ බඹසර පුරවයි" බුදුපියාණන්වහන්සේ "ඒහි භික්ඛූ" මහණ උපසම්පදාවෙන් උපසම්පදාව ලබා දුන්හ.

06. බුදු රජාණන් වහන්සේ එදිනම බරණැස ඉසිපතනාරාමයේ දී පළමු වස් වැසීමට අධිෂ්ඨාන කර ගත්හ.

07. එදිනම සාතාගිර හේමවත යන යක් සෙනෙවියෝ දෙදෙනාද දහසක් පමණ යක්ෂ සේනාව සමඟ සෝවාන් විය.

08. එදිනම කාලිසිටු දියණිය ද ආරංචියෙන් බුදුගුණ අසා සෝවාන් වූ පළමු කාන්තාව බවට පත් විය.

09. බුද්ධත්වයෙන් හත්වැනි වස, බුදු රජාණන් වහන්සේ තීර්ථකයන් ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහර පෑම සිදුකළේ ද ඇසළ පොහෝ දිනකදී ය.

10. එම හත්වැනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ තම මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන (අභිධර්මය) දේශනා කිරීම සිදුකළේ ද ඇසළ පොහෝ දිනකදී ය.

11. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස බුදු පියාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් ප්‍රථම සංගායනාව ආරම්භ කළේ ද ඇසළ පොහෝ දිනකදී ය.

12. බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාද්වීපයේ සම්මත කළ සීමාව තුළ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කිරීමද ඇසළ පොහෝ දිනකදී සිදු විය.

13. එම ඇසළ පොහෝ දිනකදීම පළමු ලාංකික බෞද්ධ භික්ෂුව වූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරු 56 දෙනා මහන උපසම්පදාව සිදු විය.

14. දෙවන පෑතිස්ස රජු විසින් ඛණ්ඨක චෛත්‍යවටා ඉදිකළ අටසැට ලෙන් පූජාව හා මහ රහතන් වහන්සේලා සැටදෙනමක් ප්‍රථම වරට ලංකාදීපයේ වස් සමාදන්වීමද, ඇසළ පොහෝ දින දී සිදුවිය.

15. බු.ව 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

16. මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

17. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

☸️ සුද්දැල්ලාව අරණ්‍ය සෙනසුනේ මසකට වරක්,  පවත්වන  භාවනා වැඩසටහනේ අවස්ථා කිහිපයක්.❤️🙏❤️තෙරුවන් සරණයි..!
14/07/2024

☸️ සුද්දැල්ලාව අරණ්‍ය සෙනසුනේ මසකට වරක්,
පවත්වන භාවනා වැඩසටහනේ අවස්ථා කිහිපයක්.
❤️🙏❤️

තෙරුවන් සරණයි..!

උතුම් වූ පොසොන් පොහොය දින අප සෙනසුනේ පවත්වන්නට යෙදුන සීල භාවනා වැඩසටහනට දායක උන සියලු පිංවතුන්ටත්, හීල් දානය / උදෑසන ගිල...
22/06/2024

උතුම් වූ පොසොන් පොහොය දින අප සෙනසුනේ පවත්වන්නට යෙදුන සීල භාවනා වැඩසටහනට දායක උන සියලු පිංවතුන්ටත්,
හීල් දානය / උදෑසන ගිලන්පස / දවල් දානය / සවස ගිලන්පස ලබා දුන් සියලු පිංවතුන්ටත් නන් අයුරින් පිං කමට උදවු උපකාර කල පිංවතුන්ටත්,උදෑසන සිට සවස් වන තුරු පිං කමට පැමින සිත් සතුටු කරගත් පිංවත් ඔබ සියලු දෙනාටම මේ සිදුකරගත් සියලුම කුසල් උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා!!!🙏🙏🙏
🪷☸️🙏🪷

~පොසොන් පුරපසළොස්වක පොහොය~                        ~දින වැදගත්කම....~ 🙏අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් ප...
21/06/2024

~පොසොන් පුරපසළොස්වක පොහොය~
~දින වැදගත්කම....~ 🙏

අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ යමින් ස්වකීය ජීවිත සුඛිත මුදිතකර ගැනීමට ඉටා ගන්න .

සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොහොතක මහරහත් ඵලයට පත් වූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.

මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය,උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

තිස්ස තිස්ස යනුවෙන් තම නමින්ම අමතන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්

සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.

සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.

සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.

තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.

පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවා .....
.......තෙරුවන් සරණයි !!!.......හෙට දිනට යෙදෙන පොසොන් පුරපසළොස්වක පොහොය දින වැදගත්කම....

අප ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට අතිශය වැදගත් පොසොන් පුන් පොහොය සහ එහි ශාසනික වැදගත්කම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව මිහිඳු මාහිමියන් පෙන්වූ සම්බුදු මඟ යමින් ස්වකීය ජීවිත සුඛිත මුදිතකර ගැනීමට ඉටා ගන්න .

සිද්ධාර්ථ බෝධිසත්වයන් දුටු සතර පෙරනිමිතිවලින් තුන්වැනි නිමිත්ත වූ මළමිනියක් දර්ශනය වන්නේ අදවැනි පොසොන් පුන් පොහෝ දිනයකයි. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ දී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ පන්සියයක් හිමිවරුන් හිරු බැස ගොස් පොසොන් සඳ උදාවෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොහොතක මහරහත් ඵලයට පත් වූහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හත් වසක් ඇවෑමෙන් තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක අධිරාජ්‍යාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තසිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නව රටකට ධර්මදූතයන් පිටත්කොට යැවීය.

මේ මහා භද්‍ර කල්පය තුළ බිහිවූ සතරවන සම්බුද්ධ රාජ්‍යයේ උරුමක්කාරයන් බවට ශ්‍රී ලංකාවාසීන් පත් කරමින් අනුබුදු මිහිඳු මාහිමියන් ඉත්තිය,උත්තිය, සම්භල, බද්ධසාල යන මහරහතුන් පිරිවරා ෂට් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේද භණ්ඩුක උපාසකද යන දූත පිරිස සමඟින් උදේනි නුවර සිට මිස්සක පව්වට අහසින් වැඩම කළ සේක.

තිස්ස තිස්ස යනුවෙන් තම නමින්ම අමතන්නට තරම් ජගතෙක් මේ මිහිපිට ඇත්දැයි රජු වටපිට බලද්දී මිහිඳු හිමියන්

සමනාමයං මහා රාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

අපි ධර්මරාජ බුදුපියාණන්ගේ ශ්‍රාවකයන් වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් දඹදිව සිට වැඩම කළෙමු යැයි වදාළ සේක. මහින්දාගමනයට පෙරාතුව ධර්මාශෝක අධිරාජ්‍යයන් විසින් අරිට්ඨ නම් ඇමැතිතුමන් අත එවූ රජ පුද පඬුරු ලද දෙවනපෑතිස් රජු තෙරුවන ගැන යම් අවබෝධයක් අරිට්ඨ ඇමැතින් වෙතින් ලබා සිටි හෙයින් මිහිඳු හිමියන් එකත්පස්ව වැඳ නමස්කාර කොට පිළිගනු ලැබීය.

සම්බුද්ධ වචනය අවබෝධ කරගැනීමට තරම්වන මුහුකුරා ගිය බුද්ධියක් රජු වෙත ඇත්දැයි පිරික්සනු වස් අසා වදාළ අඹ සහ නෑයින් පිළිබඳ ප්‍රශ්න ලක් ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය ලෙස හඳුන්වා දිය හැකිය. අනතුරුව දෙවන පෑතිස් මහරජතුමන් ප්‍රමුඛ සතළිස් දහසක් පිරිවරට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරමින් ලක්දිව සම්බුදු සසුන පොසොන් පුන් පොහෝ දිනයක පිහිටුවන ලදි.

සුමන සාමණේරයන් ලවා දසදහසක් සක්වල දෙව් බඹුන් සවන් වැකෙන මානයට කාලඝෝෂා කරවා මේ ලක්බිමට කැඳවා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරුකොට ධර්ම දේශනා කළ පසු බොහෝ දෙව් බඹුන් නිර්වාණාවබෝධයෙන්ද තවත් පිරිසක් මාර්ගඵලාවබෝධයෙන් ද සැනසීම ලැබුවේ අසිරිමත් පොසොන් පොහෝ දිනයකය. සම්බුද්ධ නියමය අනුව උපාධ්‍යායන් වහන්සේලා පස් නමක අභිමුව භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදාවෙහි පිහිටුවමින් ලක්දිව භික්ෂු ශාසනය පිහිටුවීමද පොසොන් පුන් පොහෝ දින දී සිදුවිය.

තෙරුවන් සරණ ගිය හෙළ බොදු සිත් සදාකාලිකවම, පරපුරෙන් පරපුරට බුද්ධාලම්බන ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වෙහෙර විහාර, දාගැබ්, පිළිම නිමැවුම් කර්මාන්තයත් අග්‍රගණ්‍ය ගෘහ නිර්මාණ ශිල්පයත්, අනේක විධ කලා ශිල්පත් සමාජ, දේශපාලනික, සංස්කෘතික වශයෙන් අපමණ අගයකුත් අප ජාතියට එක් කළෝ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේම වූ සේක.

පොසොන් පොහොය ගැනත් එහි ආගමික , ශාසනික වැදගත්කම ගැනත් විශේෂයෙන් මහින්දාගමනය තුළින් අපට උරුම වූ අනගි දායාද ගැනත් ප්‍රාමාණික අවබෝධයෙන් යුතුව බුද්ධියෙන් විමසා බලා මේ උතුම් පොසොන් පුන් පොහෝදා පිළිවෙතින් විනයෙන් සැදී පැහැදී ආමිස, ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව රැස් කරගත් කුසලයෙන් තම තමන්ගේ ජීවිත වඩ වඩාත් යහපත් තැනකට ඔසවා තබන්නට තෙරුවණේ අනන්ත ආශිර්වාදය පින්වත් ඔබට ලැබේවා.

තෙරුවන් සරණයි !....❤️🙏

copied

තෙරුවන් සරණයි..! 🪷
21/06/2024

තෙරුවන් සරණයි..! 🪷

තෙරුවන් සරණයි! 🪷☸️
25/05/2024

තෙරුවන් සරණයි! 🪷☸️

Address

Suddallawa
Pitigala
80420

Website

Alerts

Be the first to know and let us send you an email when Suddallawa Aranya Senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Suddallawa Aranya Senasanaya:

Share