YCS KOTTE Deanery

YCS KOTTE Deanery Unite we stand , divide we fall

03/05/2026

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

26/04/2025
21/10/2024
No hype, no Loud Music 🎶 , No lighting effects ...JESUS in the EUCHARIST is enough for me...
19/12/2020

No hype, no Loud Music 🎶 , No lighting effects ...

JESUS in the EUCHARIST
is enough for me...

The   Church is not shut down. The Church has been deployed.
17/04/2020

The Church is not shut down. The Church has been deployed.

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයීශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍...
09/04/2020

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයී

ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති.
මහ බ්‍රහස්පතින්දා දිනයේ සවස් භාගයේදී දේවස්ථානයන්හි සිදු කරන පිළිවෙත් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බහුතර ජනතාවක් මේ කෙරෙහි අවධානයක් නොදැක්වුවත් මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදු කරන ඉතා වැදගත් කාර්යයක් ලෙසට ශුද්ධවූ තෛලයට ආශිර්වාද කිරීම සැලකිය හැකිය. මහ බ්‍රහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ මහා රාත්‍රී භෝජනය හෙවත් අන්තිම රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබති. මෙහිදී අප ජනතාවට කිවයුතු ඉතාම වැදගත් දේව ධාර්මික කාරණයක් තිබේ. එනම් මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම චතාරික සමය අවසන් නොවන බවයි. අපේ සැදැහැවත් ජනතාවගෙන් බහුතරයක් අතර තිබෙන අවබෝධයක් වන්නේ ශුද්ධවූ සතියේ ආරම්භයත් සමගම චතාරික සාමය අවසන් වන බවයි. ගොබ් ඉරුදින , සදුදා , අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවන බව සිහිපත් කල යුතුය.
මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතකි. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතක් බව අවධාරණයෙන් සිහි කල යුතුය. දේවස්ථානය තුල මහ බ්‍රහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ. ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන පිළිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.

හෙට මහ බ්‍රහස්පතින්දා ගිය පාර නම් අපි ජේසුගේ අන්තිමය රාත්‍රි භෝජන සංග්‍රහයත් ජේසු එදා ජේසුගේ ගෝලයන්ගේ පාද සේදිමත් සිහිපත...
08/04/2020

හෙට මහ බ්‍රහස්පතින්දා

ගිය පාර නම් අපි ජේසුගේ අන්තිමය රාත්‍රි භෝජන සංග්‍රහයත් ජේසු එදා ජේසුගේ ගෝලයන්ගේ පාද සේදිමත් සිහිපත් කලේ අපේ ගමේ පල්ලියේ පියතුමා එක්ක ගෝලයන් 12 දෙනෙකුත් සුදානම් කරගෙන මතකද ඔයාලට හැබැයි අද මේ වසංගතයක් නිසා අපිට පල්ලියට යන්න බැරිවෙලා තියනවා හැබැයි එදා ඒ ජේසු කරපු ජේසුගේ ගෝලයන්ගේ පාද සේදීම අද ඔයාට මට කරන්න පුලුවන් නිවසේ ඉදන්.....ඔබේ පවුලේ වැඩිමලා හෝ ගෘහ මුලිකයා ( තාත්තා ) හා එක්වෙලා ඔබේ පවුලේ සමාජිකයන් එක්ක එදා ඔයාලා පල්ලි ගිහින් දැකපු ඒ පියතුමා කරපු ඒ සිදුවීම් පෙල ඔබත් නිවසේ ඉදන්ම කරන්න කටයුතු සුදානම් කර ගන්න...එක එක ප්‍රශ්න නිසා තරහා වෙලා කතා නොකර ඉන්න ඔයාලගේ අසල්වාසී අයටත් මේ ගැන කියන්න මොකද එදා ජේසු ජුදාස්ගෙත් පාද සේදුවා මතකයි නේද ඔබට...ඒ වගේම ඔයාලගේ ගෙදර තියන කෑම මේසය අපි ජේසුගේ අන්තිම රාත්‍රි භෝජන එහෙමත් නැත්නම් පල්ලියේ තියන අල්තාරය කර ගමු ඔයාලට මතකයි නේද මේ දවසේ පල්ලියෙ අල්තාරයේ දාලා තියන රෙදි කඩ අල්තාර රෙදි හැම දෙයක්ම අයින් කරනවා ඉතිං අපේ ගෙදර තියන පුංචි අල්තාරය තමයි පවුලේ ඔක්කොම එකට එකතු වෙලා කැම කන මේසය ඉතිං ජේසුගේ අන්තිම රාත්‍රි භෝජනය සමරන වෙලාවේ අපිත් නිවසේ අල්තාරයේ රෙදි පල්ලියේ වගේම ඉවත් කරමු.....ගෙදර තියන සුරුවම් අපි සුදු රෙදි කඩකින් වසමු ඒ මොකද අපි මේ ගත කරන කාලය ජේසුගේ දුක් විදීම මරණය සිහිපත් කරමින් ගත කරන කාලයක් නිසා අපේ ඇසට ගැටෙන්නේ මේ කාලයේ ජේසුගේ දුක්ප්‍රාත්‍රියේ සිහිවටන විතරයි ඉතිං ඔයාලා දැකලා ඇති පල්ලියෙත් මේ කාලෙට පාද නමස්කාරයේ සුරුවම් ඇරුනාම අනිත් සුරුවම් ඔක්කොම සුදු රෙදිවලින් වහලා තියනවා ඉතිං ඔයාලගේ නිවසෙත් ජේසුගේ කුරුසියේ සුරුවම් ඇරෙන්න අනිත් සුරුවම් පිංතුර අපි සුදු රෙදි කඩකින් වසමු....අපි අපේ නිවස පුංචි දේවස්ථානයක් කරගෙන ජේසු එක්ක කපාල කදු මුදුන තරනය කරමින් අපි වෙනස්ම පාස්කුවක් මෙදා සමරමු ජේසු එක්ක ජේසුගේ ආදරය එක්ක

මඩු  සිද්ධස්ථානයේ සිදුකරනු ලබන විශේෂ ආශීර්වාද මෙහෙය 🇱🇰අප්‍රේල් මස 7 අඟහරුවාදා දින (හෙට) පෙ.ව. 11.00 ට  සිරස  රූපවාහිනිය ...
06/04/2020

මඩු සිද්ධස්ථානයේ සිදුකරනු ලබන විශේෂ ආශීර්වාද මෙහෙය 🇱🇰

අප්‍රේල් මස 7 අඟහරුවාදා දින (හෙට) පෙ.ව. 11.00 ට සිරස රූපවාහිනිය සහ ශක්ති රූපවාහිනිය ඔස්සේ වර්තමානයේ දිවයින පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් අපව ගලවා ගැනීම සඳහා මඩු මෑණියන්ගේ මාතෘක මැදිහත්කම ඉල්ලා මඩු සිද්ධස්ථානයේ සිට සිදුකරනු ලබන විශේෂ යාච්ඤා මෙහෙය විකාශය කරනු ඇත.

අපගේ මඩු මෑණියන්ගේ ප්‍රතිමාවෙන් ආශිර්වාදයෙන් අනතුරුව විශේෂ යාච්ඤා මෙහෙය අවසන් කෙරෙනු ඇත.

This is the thing that can protect you from the CORONA VIRUS.
04/04/2020

This is the thing that can protect you from the CORONA VIRUS.

Address

Pita Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when YCS KOTTE Deanery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to YCS KOTTE Deanery:

Share