ආනා මව් තුරුළ පිලපිටිය - St.Anne's Church Pilapitiya

  • Home
  • Sri Lanka
  • Pilapitiya
  • ආනා මව් තුරුළ පිලපිටිය - St.Anne's Church Pilapitiya

ආනා මව් තුරුළ පිලපිටිය - St.Anne's Church Pilapitiya මරි මව්ගේ මව වෙමින් අප සැම දෙවිපිය වෙත යොමු කරමින් අප උදෙසා යදිනු මැනව.. ලාංකීය කිතුණුවන්ගේ විශ්වාසය වර්ධනය හා තොරතුරු දැන ගැනීම උදෙසා..
(1)

සංවේගයෙන් දැනුම්දීමයිරත්නපුර පදවි විශ්‍රාමික රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි (සා.බෙ.නි) හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව ස...
24/08/2026

සංවේගයෙන් දැනුම්දීමයි

රත්නපුර පදවි විශ්‍රාමික රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි (සා.බෙ.නි) හිමිපාණන් ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

සමිඳාණන් තුළ උන්වහන්සේ කළාවූ සේවයට තුති පුදමින් උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අපි යාච්ඤා කරමු.

කැලණිය මීසමේ දෙවසරක තම ධර්මදූත කාර්යය ඉටුකළ මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේට පිලපිටිය සංඝයක් ...
22/08/2026

කැලණිය මීසමේ දෙවසරක තම ධර්මදූත කාර්යය ඉටුකළ මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේට පිලපිටිය සංඝයක් සමුදීම අද (22) දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේදී සිදුකෙරුණි.

පිලපිටිය සංඝයා වෙනුවෙන් උන්වහන්සේ කළ සේවය අගයමින් ස්තුති කතාව ධර්ම සේවා සභාවේ ලේකම් ලසන්ත ෆොන්සේකා මහතා විසින් සිදුකළ අතර වසර දෙකක කාලයක් කැලණිය ග්‍රාමයේ ආගමික සහයෝගිතාව වෙනුවෙන් ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ කළ සේවය අගයමින් කැලණිය එක්සත් සුහද සමාජයේ සාමාජික සාමාජිකාවන් උන්වහන්සේ වෙත සමරු තිළිණයක් ලබාදීමට ද කටයුතු කරනු ලැබීය.

එහිදී පියතුමන් තම දෙවසරක සේවා කාලයේදී උන්වහන්සේට ලබාදුන් සහය වෙනුවෙන් මීසම් සේවක පූජා ප්‍රසාදීන් වහන්සේලාට සහ අප සංඝයේ ජනතාව තුති පුදකළ අතර ඉන් අනතුරුව පිලපිටිය සංඝයෙන් උන්වහන්සේට ලබාදුන් තිළිණ පිළිගන්වන ලදී.

පූජාත්වරය ලැබීමෙන් අනතුරුව තම පළමු මීසම ලෙස කැලණිය මීසමට පැමිණ දෙවසරක සේවා කාලය නිමාකර මොරගොඩ මීසමේ සේවය සඳහා නික්ම යන ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු (Trishan Fernando) පියතුමනි,

අපගේ හදවත් වල නිතර මතකයේ සිටින ලෙස ඔබකළ අමිල වූ සේවයට අපගේ හෘදයාංගම තුති පුදකරන අතර ඔබ කරන්නට යන්නා වූ සියලු කාර්යයන් සමිඳුන්ට ප්‍රසන්නව ඉටුකිරීමට අවැසි සුදත්සුරිඳු වරම්, මරිමව් රැකවරණය සහ ශුද්ධ වූ ආනා මෑණියන්ගේ බලවන්ත මධ්‍යස්ථකම නිරන්තරයෙන් ඔබට ලැබේවායි අපි පතන්නෙමු!

ජේසු පිහිටයි!

22/08/2026

Dear Father Trishan Fernando
In gratitude, we gather near, To celebrate our priest so dear. With every prayer and kind embrace, You've filled our hearts with love and grace.
As you set forth on paths unknown, May joy and peace be fully grown. With heartfelt wishes as you depart, You'll always have a place in our heart.

May God Bless You!!

දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය - අගෝස්තු 15 𝚃𝚑𝚎 𝙰𝚜𝚜𝚞𝚖𝚙𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝙱𝚕𝚎𝚜𝚜𝚎𝚍 𝚅𝚒𝚛𝚐𝚒𝚗 𝙼𝚊𝚛𝚢 | ¹⁵ᵗʰ ᴬᵘᵍᵘˢᵗ⭕⭕සැම  වසරකම  අගො...
15/08/2026

දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය - අගෝස්තු 15
𝚃𝚑𝚎 𝙰𝚜𝚜𝚞𝚖𝚙𝚝𝚒𝚘𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝙱𝚕𝚎𝚜𝚜𝚎𝚍 𝚅𝚒𝚛𝚐𝚒𝚗 𝙼𝚊𝚛𝚢 | ¹⁵ᵗʰ ᴬᵘᵍᵘˢᵗ

⭕⭕සැම වසරකම අගොස්තු 15 දා ශුද්ධවූ සභා මාතාව මරියතුමියගේ මහිමාන්විත ස්වර්ගාරෝපණ මංගල්‍යය සිදු කරනු ලබයි. ⭕

〽️මරියවහන්සේගේ ස්වර්ගාරෝපණය තුළ අදහස් කරන්නේ එතුමිය පරිපූර්ණ පුද්ගලභාවය තුළ නැතහොත් ආත්මය සහ ශරීරය සමග ස්වර්ගයට ඔසවාගනු ලැබීමයි.

〽️බොහෝ අය මෙය ජේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණය හා සමග පටලවා ගනිමින් විකෘති කරති. එම නිසා මුලින්ම මේ අතර වෙනස විමසා බලමු.

1) ස්වර්ගාරෝහණය (Ascension , Ascensio)
2) ස්වර්ගාරෝපණය ( Assumption, Assumptio)

❗❗ස්වර්ගාරෝහණය ❗❗

✳️ස්වර්ගාරෝහණය යනු තම බලයෙන් හා තම මහිමයෙන් ස්වර්ගයට යාම වේ . මේ ආකාරයට කිසිදු ආධාරයක් නොමැතිව ස්වර්ගයට යනු ලැබුවේ ජේසුස්වහන්සේ පමණි.

❗❗ස්වර්ගාරෝපණය❗❗

✳️ස්වර්ගාරෝපණය යනු යම් කෙනෙකුගේ බලයෙන් හා මහිමයෙන් ආධාරය සහිතව ස්වර්ගය වෙත ඔසවාගනු ලැබීම හෝ පිවිසීම වේ. මෙය ජේසුස්වහන්සේගේ ස්වර්ගාරෝහණයට කිසිසේත්ම සම්බන්ධ නැත. මෙය මරියතුමියට ජේසුස්වහන්සේගෙන් ලැබූ වරප්‍රසාදයකි.

❓❓ස්වර්ගාරෝපණය පිළිබද ඓතිහාසික සාක්ෂි මොනවාද ?

🔶🔸මෙය ආරම්භයේ සිටම ලියවී ඇත. ජෙරුසලමේ මොඩස්ටස් තුමා හා කොන්ස්තන්තිනෝපල්හි ජර්මෙන්තුමාගේ ලේඛන වල මේ පිළිබද සදහන්ව ඇත.
මේ පිළිබදව මුලින්ම දේශනාකරන ලද්දේ ජෝර්දානයේ තෙයොටෙක්නොස් රදගුරු තුමාවේ. එමෙන්ම ජෝන් ඩැමසිස් තුමා, පාදුවාහි අන්තෝනි මුනිතුමා , මහා ඇල්බට් තුමා , තෝමස් ඇක්වයිනාස් තුමා හා බොන්වැන්චර් තුමා වැනි අය සදහන් කර ඇත.

❓❓ස්වර්ගාරෝපණයට ශුද්ධ ලියවිල්ලෙහි පදනමක් තිබේද ?

🔰මෙම මාතෘකාව කොටස් දෙකකට බෙදා කථා කළ යුතුය.

1) ස්වර්ගාරෝපණය
2) මරියතුමියගේ ස්වර්ගාරෝපණය

මරියතුමියගේ ස්වර්ගාරෝපණය ගැන ශුද්ධ ලියවිල්ල තුල සදහන්වී නැත. එලෙසම ශුද්ධ ලියවිල්ල තුළම ජේසුස්වහන්සේ පිළිබදවත් සෑම දෙයක්ම ගැන සදහන්ව නොමැති බව එහි සදහන් ය. ශු.ජුවාම් 20:30 හා 21:25 යන පද තුළින් ඒ බව මනාව ගම්‍ය වේ.

"මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක."
- ශු. ජොහාන් 20:30 -

"ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි."
- ශු. ජොහාන් 21:25 -

🔰ජේසුස්වහන්සේ කල කී දේ සියල්ලම ශුද්ධවු ලියවිල්ල තුළ සදහන් නොවන බව ශුද්ධවු ලියවිල්ලම සදහන් කරයි නම් මරියතුමිය පිලිබද සියල්ල ශුද්ධවු ලියවිල්ල තුළ සදහන් කර නැති වීම විමතියට කරුණක් නොවේ.
නමුත් ශුද්ධ ලියවිල්ල ලියවී ඇත්තේ කියවන විට ලිවීමක් ලෙස යැයි සිතන අය මෙය විකෘති කරති. නමුත් මුළු ශුද්ධ ලියවිල්ල ලියවුණේ සභා සම්ප්‍රදාය තුළින් බව ඔවුන් නොදනිති. පළමු කොටම ලියවී ඇත්තේ ශු.පාවුළු තුමාගේ ලිපියයි.

💠💠 ස්වර්ගාරෝපණය💠💠

〽️මෙය ශුද්ධ ලියවිල්ලට ආගන්තුක සංකල්පයක් නොවේ. උත්පත්ති 5:24 හි ඒනොක් පිලිබද කථාවත් ,
2 රාජාවලිය 2:11 හි එළියා පිළිබද කථාවත් මේ සදහා ඉදිරිපත් කළ හැකිය. නව ගිවිසුමේ ස්වර්ගාරෝපණය සම්බන්ධව සභාවේ විශ්වාසය ගොඩනැගී ඇත්තේ ගැලවීම හා උත්ථානය පිළිබද ශුද්ධවු ලියවිලි පදනම මතයි. ඒ සම්බන්ධව ශු.ජුවාම් 5:24-29 ,ශු.ජුවාම් 14:18, රෝම 8:9-11 සහ 1 කොරෙන්ති 15:22-23 කොටස ඉදිරිපත් කළ හැක.

❓❓මරියතුමියගේ ස්වර්ගාරෝපණ මංගල්‍යයේ ඉතිහාසය

〽️ක්‍රි.ව පස්වැනි සියවසේ මැද භාගයේ ජෙරුසෙලමේ දේච වාක්‍ය සංග්‍රහයක අගෝස්තු 15 වැනිදා මරිය තුමියගේ දිනය ලෙස සලකා මංගල්‍යයක් සිදු කළ බවට තොරතුරු හමුවී ඇත. වැඩිකල් යන්නට මත්තෙන් මෙය මරියතුමියගේ ( Noimesis , Dormitio) "නිද්‍රාවට සැපත් වීමේ මංගල්‍යය" බවට පත්විය. බිසන්තියානු සම්ප්‍රදාය තුළ ක්‍රි.ව 6,7 වන විට ප්‍රධාන මංගල්‍යයක් සැමරුනු බවට ලිඛිත සාක්ෂි ඇත.
හයවන සියවස වන විට ගලිකානු පිළිවෙත් තුළ ජනවාරි 18 ⁣මරියතුමියගේ මංගල්‍යයක් හමුවෙයි . හත්වැනි සියවස තුල මෙය මරිය තුමියගේ ස්වර්ගාරෝපණය ලෙස සැමරිණි.
හත්වැනි සියවස වනවිට රෝමයේ තිබුණේ ද (අගෝස්තු 15) "Natale Sanctac Mariae" හෙවත් "සාන්ත වූ මරියෝත්තමාවන්ගේ උත්පත්ති මංගල්‍යය" යි. ක්‍රි.ව 813 මයින්ස් (Mainz) හි පැවති සම්මන්ත්‍රණයේදී චාලිමෙන් රජු මරියතුමියගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය ලෙස නම වෙනස් කලහ. ක්‍රි.ව 600 දී මොරිස් අධිරාජ්‍ය විසින් මෙය සැමරිය යුතු මංගල්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පෙරදිග පිළිවෙත් රෝමයට හදුන්වා දෙන්නට පුරෝගාමියෙක් වූ පළමු සර්ජියස් පාප්තුමා මෙය රෝමයේ ආරම්භ කරන ලදී. හතරවන ලියෝ පාප්තුමා විසින් මෙය අනුමත කරන ලදී.

❓❓1950 දී ඡන්දයකින් ස්වර්ගාරෝපණය ස්ථිර කළ බවට බොහෝ මූලධර්මවාදී කණ්ඩායම් විසින් විකෘති කරනු ලබති. එසේනම් 1950 දී සිදු වූයේ කුමක්ද ?

〽️එය කරුණු 4 කින් සමන්විත වේ. එනම් ;
1)ජනවන්දනාව ගැන කරුණු සලකා බැලීම
2) සභා පියවරුන්ගේ සහ දේශනාවාදීන්ගේ ලේඛන හා දේශනා සලකා බැලීම
3) දේවධර්ම ශාස්ත්‍රයේ විශාරද මත
4) ශුද්ධ ලියවිල්ලේ පදනම යන කරුණු ය.

〽️12 වන පියුස් පාප්තුමා මේ කරුණු සියල්ලම ගැඹුරින් සලකා බලා ආරම්භයේ සිටම ස්වර්ගාරෝපණය ගැන තිබුණු විශ්වාසය පිළිගත යුතු සත්‍යයක් සැටියට ප්‍රකාශ කළේය. මෙය වේදයක් ප්‍රකාශ කළා නොව තිබුණු ඉපැරණි වේදයක් අළුතින් ප්‍රකාශ කළා පමණි.

❓❓එය සිදු කළේ කෙසේද ?

〽️වේදයක් සෑදීමට කිසිසේත් නොහැකිය. 1946 මැයි 1 වැනිදා 12 වන පියුස් පාප්වහන්සේ විසින් "ඩෙයි පෙරායි වර්ජිනිස්" ( Dei Perai Virginis) ලොව පුරා සිටින සියළු රදගුරු තුමන්ලාගෙන් මරියතුමියගේ ස්වර්ගාරෝපණය වේද සත්‍යයක් සැටියට ප්‍රකාශ කළ යුතුද නැද්ද යන්න පිළිබද විමසා සිටියේය. එවකට සිටි රදගුරුතුමන්ලා 1191 දෙනාගෙන් 1169 ක් එසේ කරන ලෙස අනුමැතිය දුන්නේය. ඉන් වසර හතරකට පසුව එනම් 1950 නොවැම්බර් 01 වෙනිදා "මියුනිෆිචෙන්ටිස්සිමුස් ඩේඋස් " (Munificentissimus Deus) මෙම ඉපැරණි වේද සත්‍යතාවය ප්‍රකාශ කරන ලදී. එය හදිසියේ සිදු වූවායයි සිතිය නොහැකිය. කැමැත්ත විමසා වසර 4 කට පසුව තීරණය කිරීම තුළ එය දෙවියන්වහන්සේගේම සැලසුමක් බව පැහැදිලි වේ. කාලය ගැන ශුද්ධ ලියවිල්ල තුල සදහන් වේ. (ගලාති 4:4-7) දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේදී මරියතුමියගේ ස්වර්ගාරෝපණය "දෙවියන්වහන්සේගේ වන්දනාගාමි ජනතාවට කිසියම් බලාපොරොත්තුවක් හා සැනසීමක් බවට ප්‍රකාශ කලාය. (ජාතීන්ගේ ආලෝකය 68)
මෙම නිල නිවේදනය ප්‍රකාශ කිරීම සදහා 1950 නොවැම්බර් 01 වැනිදා රෝමයේ පවත්වන ලද නිල පිළිවෙතට ඒ සමයේ දී කොළඹ අගරදගුරුව සිටි තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණෝද සහභාගී විය.

〽️එදින එම අවස්ථාවට සහභාගී වූ සියළුම රදගුරුවරු හා කාදිනල්වරුන්ගේ නම් සාන්ත පීතර බැසිලිකාවේ මහා දොරටුව අසලම ලොකු අකුරින් ලියා ඇත. අගරදගුරු තෝමස් බෙන්ජමින් කුරේ හිමිපාණන්ගේ නමද එහි සදහන් වී ඇත. එය ශ්‍රී ලාංකික කතෝලික අපද දැනගත යුතු කරුණකි.

🔻🔺මරියතුමිය ස්වර්ගාරෝපණය වූ ස්ථානයේ ගොඩ නගා ඇති දෙව්මැදුර 🔺🔻

◼️පුරාණ ගිවිසුමේ සඳහන් වන පරිදි දාවිත්ගේ නුවර වශයෙන් හැඳින්වෙන සියොන් කන්ද මත මරියතුමියගේ ස්වර්ගාරෝපණය සිදු වූ බව සඳහන් වේ . වර්තමානයේ එම ස්ථානයේ හගියා මරියා සියොන් දේවස්ථානය හෙවත් ද ඩොමීෂියන් නමින් දෙව්මැදුරක් නිර්මාණය කර ඇත. මෙහිදී දේවමාතාවන් දිගු නින්දකට පත් වූ බවත් එම නින්දේදීම එතුමිය ආත්ම ශරීර පිටින් ස්වර්ගය වෙත ඔසවනු ලැබූ බවත් විශ්වාස ⁣කෙරේ. එම දෙව්මැදුරේ දේවමාතාවන්වහන්සේ සයනය කරන ස්වරූපය දැක්වෙන එතුමියගේ ජීවමාන ප්‍රමාණයේ සැතපෙන ප්‍රතිමාවක් දැකගත හැකිය. ඒ නිර්මාණය කර තිබෙන්නේ චෙරි දැවයෙන් හා ඇත්දළවලිනි. ඇත්තෙන් ම එය ඉතාමත් සුවිශේෂී නිර්මාණයකි . මොසායික් හෙවත් වීදුරු ගල් වලින් ගල්වලින් නිර්මිත මෙම දෙව්මැදුරේ පොළොව මත හා ශුද්ධ වූ ත්‍රිත්වය හා අපෝස්තුලුවරු අපෝස්තුලුවරු නිරූපණය කර ඇත . ක්‍රි.ව 383 දී බයිසෙන්තියානුවන් විසින් මුලින්ම ඉදි කරනු ලැබූ මෙම දෙව් විමන ක්‍රි.ව 415 දී ජෙරුසෙලමේ රදගුරු හිමිපාණන් විසින් විශාල කර හගියා සියොන් යනුවෙන් නම් කර ඇත.

ඔබ සැමට ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ යාච්ඤා මැදිහත්කම සපිරුණු සුබ මංගල්‍යයක් වේවා ❤️✝️🙏

ස්තූතියි
ජේසු පිහිටයි ❤

කැළණිය මීසමේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ආශිර්වාද කිරීම අගෝස්තු මස 07 වන සිකුරාදා  දිව්‍ය පූජාවෙන් පසු...
09/08/2026

කැළණිය මීසමේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් ආශිර්වාද කිරීම අගෝස්තු මස 07 වන සිකුරාදා දිව්‍ය පූජාවෙන් පසුව පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පියතුමන් විසින් සිදු කරන ලදි.

මෙහිදී කිතුණු දරුවන් මෙන්ම බොදුනු දරුවන් ද සහභාගි වීම විශේෂත්වයක් වූ අතර ඔවුන් සියලුදෙනා ශ්‍රී කුරුසියෙන් ආශිර්වාද කළ අතර කතෝලික දරුවන් සියලුදෙනා ශුද්ධ වූ තෛලයෙන් ආසිරි ගන්වන ලදී.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අප මීසමේ මෙන්ම ශ්‍රී ලාංකික සියලුම දූ දරුවන්ට දේව ආශිර්වාදය සහ ශුද්ධාත්ම සත් වරම් බහුලව ලැබී මරිමව් රැකවරණය සහා ආනා මුනිශ්වරියගේ බලවන්ත මධ්‍යස්ථකම බහුලව ලැබී විභාග වැඩකටයුතු සදහා සාර්ථක ව මුහුණ දීමට අවශ්‍ය වරප්‍රසාද නොමදව ලැබේවායි අපි සැම පතමු.

කැලණිය මීසමේ අපේක්ෂකයින් 63 දෙනෙකුට අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව දානය කිරීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී කොළඹ අගරදග...
08/08/2026

කැලණිය මීසමේ අපේක්ෂකයින් 63 දෙනෙකුට අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව දානය කිරීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේ දී කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනී රදගුරු හිමිපාණන් විසින් අද (08) සිදු කෙරුණි.

කැලණිය මීසම් සේවක ගරු ජුඩ් ලක්ෂ්මන් පියතුමන් සහ මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත අභිවෘද්ධි ආලේප අපේක්ෂිත දරු දැරියන්ව කැලණිය මීසමේ දහම් පාසල් 4හි ආචාර්ය මණ්ඩලය විසින් සුදානම් කර තිබිණි.

පිලපිටිය සාන්ත ආනා දහම් පාසලේ දරු දැරියන් 12 දෙනෙකු මෙහිදී අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබාගත් අතර ඔවුන්ගේ ජීවිත සුදතුම් වරමින් පිරී පරිණත කිතුණුවන් ලෙස මුහුණදෙන සියලු අභියෝග වලට නොබියව මුහුණ දීමට අවැසි වරම් ඉල්ලා අපි යාච්ඤා කරමු

කැළණිය මීසමේ අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය යාගය අද දින එනම් අගෝස්‍තු මස 08 වන දින සාර්ථක ලෙස පෑලියගොඩ ...
08/08/2026

කැළණිය මීසමේ අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය යාගය අද දින එනම් අගෝස්‍තු මස 08 වන දින සාර්ථක ලෙස පෑලියගොඩ සා. මරියා දේවස්ථානයේ දී පැවැත්විනි. මෙම මෙහෙය සංවිධානය කර ගැනීම සඳහා මගපෙන්වීම හා අවස්ථාව ලබාදුන් මීසම් සේවක ගරු ජුඩ් ලක්ෂ්මන් පියතුමන්ට ස්තූතිය පුදකර සිටිමු.

එමෙන්ම මෙම කර්තව්‍යය සංවිධානයේ මූලිකත්වය ගනිමින් සෑම සංවිධාන කටයුත්තකම හරියාකාරව කරගෙන යාමට කැපවූ මීසම් සහයක ගරු.ට්‍රිෂාන් පියතුමන්ට අපගේ හදපිරි ස්තූතිය.

කැලණිය මීසමේ සෑම කටයුත්තකටම තම උපරිම සහයෝගය ලබා දෙන සියලුම පැවිදි සොහොයුරියන්ට ස්තූතිය පුදකර සිටිමු.

මේ කර්තව්‍යය සඳහා දායකත්වය දැක්වූ දහම් පාසල් හතරේම උප විදුහල්පතිවරුන් ඇතුළුව පෙරහුරු දිනයන් හතරේදීත් , ඊයේ දිනයේ දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු වල හා අද දිනයේ සංග්‍රහ කටයුතු සංවිධානය කළ පෑලියගොඩ දහම් ගුරුවරුන් ඇතුළු සියලුම ගුරුවරුන්ට අපගේ ස්තුතිය හා ආදරය පුද කර සිටිමු.

විශේෂ ස්තූතිය මේ දිනය යොදාගත් දිනයේ සිට තම උපරිම කැපවීම හා උනන්දුව තුළ දහම් සේවයට කැප වෙමින් අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබන දරුවන් සූදානම් කල ගුරුවරුනි,පැවිදි සොහොයුරියනි ඔබලාගේ ඒ කැපවීමට දේව ආශිර්වාදය බහුලව ලැබෙන ලෙසත් ඔබගේ දහම් සේවය තුළ තව තවත් ශක්තිමත් වන්නට වරප්‍රසාදයත් ප්‍රාර්ථනා කරමු.ඔබ ලබා දුන් සහයෝගයට කැපවීමට අපගේ අවංක ආදරය හා ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

එමෙන්ම මේ සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් දෙමාපියන්ට හා දූ දරුවන් මෙන්ම සහයෝගය ලබාදුන් සියලුම දෙනාට ස්තූතියි!ජේසු පිහිටයි !

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව  ලබන අපේක්ෂකයින් හැට හතර දෙනකු, ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් කිරීමට සමගි සන්ධානය...
07/08/2026

කැලණිය මීසමේ අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබන අපේක්ෂකයින් හැට හතර දෙනකු, ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් කිරීමට සමගි සන්ධානය ප්‍රසාද නිධානය ලබාදීම පෑලියගොඩ සාන්ත මරියා දේවස්ථානයේදී අගෝස්තු 06 වැනිදා සිදු කෙරිණි.

මීසම් සහායක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේ විසින් දිව්‍ය සප්‍රසාද වහන්සේ වැඩම කරවා අනතුරුව කෙටි භාවනාත්මක වැඩසටහනක් සිදුකළ අතර ඉන්පසු අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තු අපේක්ෂකයින් සමගි සන්ධාන ප්‍රසාද නිධානය ලබා ගැනීම සඳහා යොමු කෙරිණි.

කැලණිය මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේ, ගරු මැල්කම් කන්දප්පා පූජා ප්‍රසාදීන් වහන්සේ සහ කැලණිය මීසම් සහායක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදින් වහන්සේ විසින් සමගි සන්ධාන ප්‍රසාද නිධානය දානය කරනු ලැබූ අතර දරුවන් සියලු දෙනාම එම ප්‍රසාද නිධානය ලබා ගන්නා ලදී.

සුදතුම් වරමින් පිරී වැඩිහිටි කිතුණුවන් ලෙස ශුද්ධ වූ සභා මාතාවට සේවය කිරීමට සහා එහි වගකීම් භාර ගැනීමට සූදානම් වන කැලණිය මීසමේ සියලුම දරු දැරියන් වෙනුවෙන් අපේ අපගේ යාච්ඤා දෙවි පියාණන් වෙත ඔප්පු කරමු

පිලපිටිය ආනා මව් තුරුළෙන්  බිහි වූ පූජක පුතකු ගරු බර්නාඩ් නෙවිල්  පෙරේරා පියතුමන් අද දින උතුම්  පූජාත්වරය සක්‍රමේන්තුව ල...
27/07/2026

පිලපිටිය ආනා මව් තුරුළෙන් බිහි වූ පූජක පුතකු ගරු බර්නාඩ් නෙවිල් පෙරේරා පියතුමන් අද දින උතුම් පූජාත්වරය සක්‍රමේන්තුව ලැබීමේ 36 වැනි සංවත්සරය (1990 - 2026) සමරනු ලබයි.

අප ග්‍රාමයෙන් පූජක වරම් ලද ගරු බර්නාඩ් නෙවිල් පෙරේරා පියතුමන් වෙනුවෙන් එකම සංඝයක් ලෙස අප දෙවි පියාණන්ට තුති දෙමින් ගරු පියතුමන්ට සුබ පතමු.

ගරු බර්නාඩ් නෙවිල් පෙරේරා පියතුමන්ට සිය දූතකාර්යය, සමිඳුන් තුළ ප්‍රසන්නව ඉටු කරන්නට සුදතුම් මඟ පෙන්වීමත් දෙව්මව් රැකවරණය හා ශුද්ධ වූ ආනා මුනිශ්වරියගේ බලවන්ත මධ්‍යස්ථකමත් ලැබෙන ලෙස ඉල්ලා අපි යාච්ඤා කරමු.

"අපගේ ජීවිතයට  යාච්ඤාව අවිය වේ" තේමාව පාදක කර ගනිමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ 138 වැනි වාර්ෂික මංගල්‍යයේ පස්වන  නු...
23/07/2026

"අපගේ ජීවිතයට යාච්ඤාව අවිය වේ" තේමාව පාදක කර ගනිමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ 138 වැනි වාර්ෂික මංගල්‍යයේ පස්වන නුවානය ඊයේ (22) දින පැවැත්විණි.

ගරු සචිත්‍ර පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජා යාගය පිලපිටිය සංඝයේ සයවන නුවාන ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

Address

Biyagama Road
Pilapitiya

Alerts

Be the first to know and let us send you an email when ආනා මව් තුරුළ පිලපිටිය - St.Anne's Church Pilapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ආනා මව් තුරුළ පිලපිටිය - St.Anne's Church Pilapitiya:

Shortcuts

Share