29/05/2026
උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි ✨️
අපගේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ නමින් උපත ලබා සත්පියුමක් මතින් පා තැබූ අසිරිමත් දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. එසේම උන්වහන්සේ අසම සම බුද්ධත්වය ලැබුවේද, ලොවට අනියත වටහාදුන් සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දවසකයි.
මෙම අසිරිමත් සම්බුදු තෙමඟුල බුද්ධාලම්භන ප්‍රීතියෙන් සමරන මෙවන් සමයෙක ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී මෙලොව පරලොව යහපත සලසා ගැනීම කෙරෙහි සැවොම උත්සාහවත් විය යුතුය.
විද්‍යාපීඨ බෞද්ධ සහෝදර සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය