14/06/2022
පොසොන් පොහොය
01. දිග් විජය අත්හළ අශෝක අධිරාජ්‍යයා ධර්ම විජය ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධ වර්ෂ 236 පොසොන් පොහෝ දින මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස "තථාගත ධර්ම ‐ විනය" රැගෙන දඹදිව වේදිසගිරි නුවර සිට මිස්සක පව්වට වැඩම කළහ. අනෙක් පිරිස වන්නේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඤ්ඤාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් අනාගාමී උපාසකයි. "නිදහසේ නියම පණිවිඩය" ලැබුණු මෙදින, ලක්දිව නියම "ජාතික දිනය"යි.
02. චුල්ල හත්ථිපදෝපම සූත්‍රය මෙරට ප්‍රථමවරට දේශනා කළ දිනයයි. ඒ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. දේශනාව අවසානයෙහි දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 40,000 ක් පිරිස තෙරුවන් සරණ ගොස් බෞද්ධයන් වූහ. ඉන් අනතුරුව තිසරණය ගැන ද, අල්පේච්ඡතාව ආදී ගුණයන් ගැන ද, චතුරාර්ය සත්‍යය ද දේශනා කළහ. එදිනම දෙවිවරුන්ට සමචිත්ත පරියාය සූත්‍ර දේශනා කළහ.
03. ඉන් අනතුරුව, පසු දිනවල දී රජ පවුල ඇතුළු ජනයාට විමානවත්ථු ‐ පේතවත්ථු , සච්ච සංයුක්තය, දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය, ආසිවිසෝපම සූත්‍රය, අනමතග්ග සූත්‍රය, ඛජ්ජනීය සූත්‍රය, ගෝමය පිණ්ඩූපම සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය ආදිය දේශනා කළහ.
04. ධර්මදූත පිරිස සමඟ පැමිණි භණ්ඩුක කුමාරයා පැවිදි කර, උපසම්පදා කළහ. එකෙණෙහිම අරහත්වයට පත්වූහ. පොසොන් පොහෝ දින සිදු වූ මෙය ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාවයි.
05. සත් සතියෙහි, සිවුවන සතියේ දී තථාගතයන් වහන්සේ රුවන් ගෙහි වැඩහිඳිමින් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්මයන් මෙනෙහි කළ සේක. එවිට ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මඤ්ජෙට්ඨ හා ප්‍රභාස්වර යන වර්ණයන්ගෙන් සමන්විත බුදුරැස් විහිදුනේ ය.
06. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති වල "මළමිනියක්" දැක්කේ පොසොන් පොහොය දිනයක දී ය.
පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...
තෙරුවන්සරණයි..!!
☸️🙏🙏🙏☸️
-Copied-