ඓතිහාසික පැල්මඩුල්ල සුදර්ශන ධර්මශාලා විහාරය

  • Home
  • Sri Lanka
  • Pelmadulla
  • ඓතිහාසික පැල්මඩුල්ල සුදර්ශන ධර්මශාලා විහාරය

ඓතිහාසික පැල්මඩුල්ල  සුදර්ශන ධර්මශාලා විහාරය Buddhist temple which has given great kind of contribution to the society and tremendous education center that famous all over the world.

සියලු දෙනා පැමිනෙත්වා...
01/08/2025

සියලු දෙනා පැමිනෙත්වා...

සර්වෝදය නිර්මාතෘ ඒ ටී ආරියරත්න මහත්මාට අමාමහ නිවන් සුව ලැබේවා...ඓතිහාසික පැල්මඩුල්ල සුදර්ශන ධර්මශාලා විහාරස්ථානයේ 2003 ව...
19/04/2024

සර්වෝදය නිර්මාතෘ ඒ ටී ආරියරත්න මහත්මාට අමාමහ නිවන් සුව ලැබේවා...

ඓතිහාසික පැල්මඩුල්ල සුදර්ශන ධර්මශාලා විහාරස්ථානයේ 2003 වර්ෂයේ දී ගඟුල්විටිගල පඤ්ඤාලෝක මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා පැල්මඩුල්ලේ රතනසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, එවකට දායක සභාවේ සභාපති වූ බෙනට් ජයවීර මහත්මාගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් රෝපණය කල අතර, එය සිදුකලේ සර්වෝදය නිර්මාතෘ ආචාර්‍ය ඒ ටී #ආරියරත්න මැතිතුමන්ගේ සුරතිනි...
මේ උතුම් කුසලයත් එතුමන්ට නිවන් පිණිස හේතු වාසනා වේවා ..

සුදර්මෝදය පිරිවෙනෙහි ආදි විද්‍යාර්ථින් වෙත ගෞරවයෙන් සිහිපත් කරමි... 1920 වසරේ ආරම්භ කල සපරගමුවෙ පළමු ලියාපදිංචි පිරිවෙණය...
14/11/2022

සුදර්මෝදය පිරිවෙනෙහි ආදි විද්‍යාර්ථින් වෙත ගෞරවයෙන් සිහිපත් කරමි...
1920 වසරේ ආරම්භ කල සපරගමුවෙ පළමු ලියාපදිංචි පිරිවෙණයි. ඉන් තම අධ්‍යාපන ගමන ආරම්භකොට අද ලොවපුරා විසිරී සිටින උගතුන්, බුද්ධිමතුන්, වෘතිකයන් දහස් ගණනකි.
සුදර්මෝදය පිරිවෙනත්, සිරිනිවාද දම් බිමත් පවත්වාගෙන යනු ලබන්නේ ඓතිහාසික සංගායනාව සිදුකල සුදර්ශන නම් ධර්ම ශාලවෙහිය. අද වනවිට සැමගේ බලාපොරොත්තු සැබෑ කරමින් විනාශ මුඛයට යන වසර 200කට ආසන්න වටිනාකමකින් යුත් සංගායනා මැදුර සංරක්ෂණය ආරම්භ කොට තිබේ. එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැයවන අතර හැකි අයුරින් ඒ සදහා දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි .
මේ වනවිට ඒ සඳහා දායකත්වය දැක්වූ ආදි විද්‍යාර්ථ ස්වාමින් වහන්සේලා සහ මහත්ම මහත්මියන්

සමරසිංහ දිසානායක මහතා - පිලිමතලාව - 5000
අමරකෝන් අතපත්තු මහතා - ගල්ගමුව - 20000
සීතාවක දීපවංශ හිමි - 10000
හිත්තැටියේ අමරවංශ හිමි - 8000

ආධාර උපකාරය ලබාදුන් සියළු දෙනාටම පුණ්‍යාණුමෝදනා කරමි.

අදින් වසරකට පෙර කීර්තිශේෂභාවෝපගත වී වදාළා වූ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරන්දර ව වැඩවුසූ, ගල්කිස...
23/03/2022

අදින් වසරකට පෙර කීර්තිශේෂභාවෝපගත වී වදාළා වූ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරන්දර ව වැඩවුසූ, ගල්කිස්ස ධර්මපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ්‍රම විහාරය, නේපාලයේ කත්මණ්ඩු නුවර චාරුමතී මහා විහාරය, මියන්මාරයේ යැන්ගුන් නුවර ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය යන චතුර්මහා විහාරාධීෂ්වර, ධර්මපාලවංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, ශ්‍රී සම්බුද්ධ ශාසන ධර්මකථික කීර්තිධර, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක මාහිමිපාණන් වහන්සේ මතු ලොවුතුරා බුදු වෙත්වා!

සාධු! සාධු!!! සාදු!!!
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

විශාලාවක පෙර සළකුණු ද මේ.....මේ ඉන්දියාවේ වර්තමාන තත්වයයි...
23/04/2021

විශාලාවක පෙර සළකුණු ද මේ.....
මේ ඉන්දියාවේ වර්තමාන තත්වයයි...

Address

Pelmadulla
70070

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික පැල්මඩුල්ල සුදර්ශන ධර්මශාලා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share