LoLa Cylon

LoLa Cylon Our prime intention here is to identify the relevance of the teachings of the Buddha for this modern scientifically and technologically developed world

Buddhism, as one of the four major religions in the world today, is an empiricistic and antimetaphysical religion .It does not accept anything which cannot be experienced either through the senses or extrasensory perception. People in the world are hurriedly getting ready for the next millenium or the 21st century. Our prime intention here is to identify the relevance of the teachings of the Buddha for this modern so called scientifically and technologically developed world.

14/08/2024

Hunger is the most prevalent & biggest disease
We have to get treatments for this at least 3 times every single day we live
Some times treatments cause more sickness too
Having this body is the main cause to that sickness
Do u still think you are enjoying...?

14/08/2024
25/04/2018

Polonnaruwa Gal viharaya

Polonnaruwa Gal Viharaya (Uththararamaya) is one of the main attraction in Polonnaruwa. The name Uththararama means the temple by the north side. This was done by king Parakamabahu (year 1153 -1186) in Polonnaruwa Kingdom time.
Gal Vihara consists of four cave shrines with sculptures hallowed out of a granite rock. Caves from left to right are,
(a) Cave of Vijjadharas,
(b) Excavated Cave,
(c) Cave of Standing Image and
(d) Cave of Reclining Image.

පොලොන්නරුව ගල් විහාරය.

පොලොන්නරුව ගල් විහාරය යනු පොලොන්නරුව ඓතිහාසික නගරයෙහි පිහිටි ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයකි. මෙය ගල් විහාරය උත්තරාරාමය යන නමින්ද හදුන්වයි. ගල් විහාරය 12 වන ශතවර්ෂයේදී පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. මෙහි ප්‍රධාන අංගය වන්නේ බුදුන්ගේ බෝධි පර්වතය හා බුදු පිලිම හතරයි.ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්‌ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක්‌ මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් 20වන සියවසේදී උත්තරාරාම පිලිමගෙය ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්‍රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.

01.සැතපෙන බුදු පිළිමය

මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක්‌ ප්‍රකාශ කරන සයන මුද්‍රdව සහිත සැතපෙන පිළිමයක්‌ වන බවයි. (රතනසාර 1985(15) විශේෂයෙන් ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්‍ෂණ සහිත සැතපෙන ප්‍රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්‍ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප්‍රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්‌ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව සහ දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශ්‍රී පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත. (අමරසිංහ 1998(75) එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්‌ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්‌ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දැසට පුළුන්වලින් පිරවූවක්‌ සේ දිස්‌ වන බව ආචාර්ය ගොඩකුඹුර මහතා පවසා ඇත. සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්‍ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව ඉතා මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.

පොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්‍රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු මුහුණ,සමාන්තර රේඛා යෙදූ සිවුරු සැරසිළි මෙහිදී ද දක්නට ලැබේ.

බුදුන්ගේ හිසේ බරට හිස තබා සිටින කොට්ටය ඇතුළට ගිලී ඇති අකාරය ඉතා විශිෂ්ඨය.ස්කන්ධය දැක්වීමෙහිලා ශිල්පීයා සතු විශිෂ්ඨ හැකියාව එයින් ප්‍රකට කරයි.මුහුණේ ප්‍රසන්න මද සිනහවකි.සිංහ සෙයියාවෙන් යුතුව බුදුන් වහන්සේ සැහැල්ලු අත් පා සහිතව වැතිර සිටී."ගන්ධාර" ආදී සම්ප්‍රදායයන්හි යොදන වැලපෙන පෘතග්ජන භික්ෂූ රූප ලාංකීය ශිල්පියා බැහැර කර ඇත.හිසෙහි ‍රැස් මාලාවක් නොමැතිවීම විශේෂත්වයකි.මෙහි සිරිපතුල් මත පද්ම සංකේත 2ක් යොදා ඇත.

ප්‍රතිමාව නිර්මාණයේදී ශිල්පියා මෙම කටයුත්ත රාත්‍රී කාලයේ පවා සිදු කර ඇති බවත් එය තහවුරු කරගැනීමට අවශ්‍යනම් නිසි ලෙස ආලෝකකරණය කල හැකි විටෙක (ශ්‍රී පතුල් ප්‍රදේශයෙන් සුළු ආලෝකයක් සැපයීමේදී) බුද්ධ ප්‍රතිමාව තුල කිසිදු සෙවනැල්ලක් ජනිත නොවී බුදුන්වහන්සේගේ නේත්‍රා පවා දැකගත හැකි වනු ඇති බවත් පැවසේ.

02.හිටි පිළිමය

වම් පසින් ත්‍රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක්‌ උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලංශයෙහි අන්තර්ගත විස්‌තරවල මෙම ප්‍රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත. එබැවින් මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත්කාලීන කෘතියක්‌ විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක්‌ කලක්‌ මෙරට උගතුන් අතර පැවතින. ප්‍රදේශයේ ප්‍රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප්‍රතිමාවකි. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්‍ර, එස්‌. එම්. බාරෝස්‌, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි. (දේවේන්ද්‍ර 2007(58) නමුත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්‍රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප්‍රතිමාවක්‌ විය හැකි බවය. විශේෂයෙන් ම මෙහි දෙඅත් පසුවට තබා වැඳ ඇති ආකාරයක්‌ පෙන්නුම් කරන දුර්ලභ මුද්‍රdවක්‌ අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්‍ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්‌ඛ දුක්‌ඛන මුද්‍රdව බව උගතුන්ගේ අදහසයි. (ලගමුව 1999(149) ක්‍රි. ව. 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්‌ඛ දුක්‌ඛන මුද්‍රdව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප්‍රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්‍ය ආශ්‍රිතව කළ කැනීමකින් පුරාවිද්‍යාඥයන්ට උක්‌ත සම්ප්‍රදායට අයත් බුදු පිළිමයක්‌ හමුවී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්‌ථාන කීපයකින් ද මෙවැනි ප්‍රතිමා දක්‌නට ඇත. එහෙත් මෙය ලක්‌දිවට පමණක්‌ අනන්‍ය වූ සම්ප්‍රදායක්‌ නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඔqසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්‌ඛ ප්‍රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක්‌ තායි ජාතික කෞතුකාගාරයේදී දුටු බවට රතනසාර හිමියන් ද ප්‍රකාශ කරයි (රතනසාර 1985(75) ඇස්‌. ඒ. වික්‍රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක්‌ උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක්‌ දැක්‌වෙන බුද්ධ ප්‍රතිමාවක්‌ කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප්‍රකාශිත දුක්‌බර ස්‌වරූපයට සමාන ස්‌වරූපයක්‌ ගල් විහාරයේ සෘජු පිළිමයේ දක්‌නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්‌ථාවක්‌ නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක්‌ වන්නේ සත් සතිය සමයේ දෙවන දින බුදුරදුන් ශ්‍රී මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප්‍රකාශිත බවය

03.හිඳි බුද්ධ ප්‍රතිමාව

චූලවංශයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15 ක්‌ පමණ හිඳි බුද්ධ ප්‍රතිමාව තොරණක්‌ සහිතව විහාර ගෘහයක්‌ පදනම් කොට නිර්මාණය කර ඇත. විද්‍යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප්‍රතිමාව වීරාසන ඉරියව්වකින් යුක්‌ත වන අතර ධ්‍යානි මුද්‍රdව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර ඉතා මටසිළිටිව පරීක්‍ෂේපිතය. මෙහි දැත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් සෘජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් භාවයක්‌ දිස්‌ වන බව මාලිංග අමරසිංහ පවසයි (අමරසිංහ 1998(75) මෙහි ඇති සුවිශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳ බුදු පිළිමයක දක්‌නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්‌කුවක හැඩය ගත තොරණ සැරසිල්ලක්‌ ලෙස සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය. (ලගමුව 1999(145) තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප්‍රතිමාව අවට ක්‍ෂුද්‍ර ප්‍රතිමා ගල් විහාරයේ පමණක්‌ නොව තන්sරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්‌වට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක්‌ මත වැඩ සිටින අතර එයට පහලින් පිහිටි මනස්‌කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්‌තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.

පොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.

ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්‍රාසනයක් මත වැඩ සිටී.මේ වජ්‍රාසනය විවිධ සතුන්ගේ රූප කොටා අලංකෘත කර ඇත.මෙම හිඳි පිළිමයේ හිසකේ අක්බමරු මෙන් දක්වා ඇති අතර,කුඩා වූ දෙනෙත් අඩවන් කර ඇත.ධ්‍යානයට සමවැදී සිටින ආකාරයක් දක්වා ඇත.පිළිමයේ සිවුර ඒකාංශ කර ඇත.රේඛා යුගල බැගින් සිවුරේ ‍රැළි දක්වා ඇති අතර,දෑත නිර්මාණය කර ඇත්තේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටන ආකාරයටය.මෙම ප්‍රධාන පිළිමය පිළිමය පිළිබඳ සලකන විට ඒ පි‍ටුපස ඇති තොරණ අතිශයින් වැදගත්ය.ඉතා අලංකාර ලෙස කැටයම් කර ඇති මෙම තොරණ මෙරට ඇති කලාත්මක තොරණ අතරින් ප්‍රමුඛතාවයක් ගන්නා එකකි.පිළිමයේ ‍රැස් වළල්ලට එපිටින් ආරුක්කු ස්වභාවයෙන් මෙය නිමවා ඇති අතර,පහල කොටස මකර හිස් කැටයමින් යුක්ත වේ.ඉහළ කොටස අර්ධ කවාකාර වන අතර එහි වෘර්තාකාර ලෙස මල් දක්වා ඇත.තවද මෙම කවාකාර වටයට දෙපැත්තෙන් කුඩා බුදු පිළිම සහිත කුටි දක්වා ඇත.මෙම ලාංජනය ජපානයේ ප්‍රතිමා වලද දක්වා ඇත.බලයෙන් වැඩි මහේශාක්‍ය බුදුවරු තවත් බුදු වරුන් පිරිවරා වැඩ සිටිති.එම ආකාරයට නිර්මාණය වූ ගල් විහාර හිඳි පිළිමය පොලොන්නරු යුගයේ මහායාන බලපෑම් ඇතිව තිබූ කාලයේ දී නිමවා ඇතැයි සිතිය හැක.

පිහිටි කළුගල් පර්වතයක නෙළා ඇති ගල් විහාර පිළිම අතර,මෙම පිළිමයට සුවිශේෂී තත්වයක් හිමිවන අතර,තන්තිරිමලේ රජමහා විහාරයේද මේ හැඩයේම මේ ආකාරයටම නිර්මාණය කර ඇති හිඳි පිළිමයක් ඇත.ගල් විහාර ශිල්පියාම එය කලාදැයි සිතෙන තරමට එම පිළිමය ගල් විහාරයේ හිඳි පිළිමයට සමානය.ඒ කෙසේ වුවත් ගල් විහාරයේ හිඳි පිළිමය ලක්දිව ප්‍රතිමා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා අතරම ප්‍රතිමා ශිල්පියා සතුව තිබූ නිර්මාණශීලී කුසලතාව පිළිඹිබු කරයි.

04.විඡ්ජාධර නැතහොත් විද්‍යාධර

මීළඟට වංශ කථාවල විඡ්ජාධර නැතහොත් විද්‍යාධර නම් කළුගල් පර්වතයක්‌ ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක්‌ සහිත ගුහාවක්‌ තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4 යි අඟල් 4 ක්‌ වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්‍යාන මුද්‍රdවකින් යුක්‌තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්‌ථම්භ අතර සිංහ හා වජ්‍ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශීර්ශයට ඉහළින් සිත්ගන්නා සුළු ඡත්‍රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ්‍රාහ්ම රූපවලින් පරීක්‍ෂිප්තය. මීට අමතරව පිළිමය දෙපස බුදුරදුන් පවන් සලන ඉරියව්වක්‌ ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මගින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමහත් වන අතර එතුමන් ශාක්‍යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි. (රතනසාර 1985(75) තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප්‍රතිමගෘහය ද ෆේ‍රස්‌කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බව මහැදුරු චJද්‍රd වික්‍රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක්‍ර දේව්න්ද්‍රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දේවිවරු පිරිවරා සිටින ආකාරයක්‌ දිස්‌වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නමුත් මීට විපක්‍ෂව කරුණු දක්‌වා ඇති මහැදුරු ලගමුවයන්ගේ මතයට අනුව මෙම චිත්‍රයෙන් මහා බ්‍රහ්මයා නිරූපිතය. (ගමුව 1999.147) මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක්‌ හමුවීම ද සුවිශේෂී කරුණක්‌ බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්‌හි පානමලයහි පල්ලව චිත්‍ර වලට ද මේවා සමානය. කෙසේ වෙතත් ක්‍රි. ව. 12 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත්‍ර සම්බන්ධව ක්‍රි. ව. 1907 විශේෂ ප5කාශනයක්‌ කළ එච්. සී. පී. බෙල් මහතා පැවසුවේ විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙස්‌ චිත්‍රවලට වඩා අග්‍රගන්‍ය වන බවයි (ලගමුව 1999(147)

තවද විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් නෙලා ඇති අතර එයද විරල භාවිතයකි.

බුද්ධ ප්‍රතිමාව ත්‍රිකෝණාකාර ආකෘතියක් තුළ සංරචනය වී ඇත.අඩි 04ක් උසය.ධ්‍යාන මුද්‍රාවෙන් වජ්‍රාසනය මත වැඩ හිඳී.මුහුණ තරමක ඕවලාකාර හැඩයක් ගනී.අඩවන් දෙනෙත්,ලඹසවන්,සෘජු නාසය හා දෙතොළඟ මඳ සිනහව ද ප්‍රතිමාවේ අලංකාරය වැඩි කරවයි.කරුණා,මෛත්‍රී,උපේක්ෂා ආදී අභ්‍යන්තර ගුණ ප්‍රතිමාව තුළින් නිරූපිතයි.මුහුණෙහි භාවප්‍රකාශණය අනුරාධපුර යුගයෙහි තරම් ප්‍රබල නැත.එහෙත් මාධ්‍ය භාවිතය හා පිළිමය තැණීමේ තාක්ෂණික ක්‍රමවේදය අතිශයින්ම උසස්ය.

මෙහි චීවරය පොරවා ඇත්තේ තරමක් දුරට අනුරධපුර ශෛලියට නෑකම් කියන අයුරිනි.ප්‍රතිමාවේ පි‍ටුපස දක්නට ඇති සැරසිළි ද ලංකාවේ සෙසු බුදු පිළිම වලට වඩා වෙනස් ය.ප්‍රතිමාවේ පි‍ටුපසින් හරස් පොලු සහිත මකර තොරණක ආකෘතියක් දක්නට ලැබේ.චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසන්නේ මෙය තොරණක් නොව පි‍ටුපස ඇති පු‍ටු ඇන්දේ ඉහළ කොටසේ කැටයමක් බවයි.දෙපසින් දේවරූප 2කි.ඇතැමුන් මේවා බෝධි සත්ව රූප යැයි අනුමාන කළද ඊට ස්ථිර සාධක හමු නොවේ.බුදු පිළිමය වටා ඇති බිත්තිවල සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වේ.

නමුත් වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්‍රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශකිත්මත් ඝනකම් ගඩොල් අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්‌නට ලැබීමෙන් විශද වේ. (ලගමුව 1999(144) මේවා සමකාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකාතියට සමාන බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999(199) මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. එසේම බද්ධ සීමා ප්‍රාසාදයෙහි ද ගල් විහාරයේ ප්‍රතිමා තරම් උසස්‌ නොවූවද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක්‌ නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලාට අමතරව විද්‍යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක

30/03/2018

Address

No. 1377/c, Mihidu Mawatha, Boghawaththa, Pannipitiya
Sri Jayavardhanapura
10230

Website

Alerts

Be the first to know and let us send you an email when LoLa Cylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share