Ama Dhaham Madura අමා දහම් මැදුර

Ama Dhaham Madura  අමා දහම් මැදුර සබ්බේ බුද්ධා බලප්පත්තා පච්ඡේකානං ච යං බලං අරහංතානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ

උතුම් සම්බුද්ධ ධර්මය ලංකාද්වීපයේ හා ලෝකයේ ප්‍රචලිත කිරීම උදෙසා අමා දම් මැඳුර මාධ්‍ය ජාලය සියලු ලෝ වැසියන්ගේ නිර්වාණ සුවය පතා සංසර සුවයෙන් අත්මිදීම පතා ධර්ම ධානය උදෙසා මෙම මාධ්‍ය විවර කරන ලදී

https://www.facebook.com/share/p/1RZoU8ceAX/
18/11/2025

https://www.facebook.com/share/p/1RZoU8ceAX/

එකම තැනකින්,එකම මොහොතක හදවතේ බණ පද අහන්න.... දසත “ පන්සලේ බණ ගෙදර"ට ඔබත් අනිවාර්‍යෙන්ම එන්න..
දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 6.00 සිට දිවුලපිටිය, දෙල්වගුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ දී ....
ඉමක් හොයන ඔබ මෙදා එන්නම ඕනේ දවසක්..
Peo Tv Channel no 18 සහ Freesat Channel No 19 ඔස්සේ සජීවීව ..
විමසීම් 0778559756 / 0741007069

ධර්ම මාර්ගයට පිවිසෙන්න..
17/10/2025

ධර්ම මාර්ගයට පිවිසෙන්න..

23/05/2024

“භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා සද්ධාසම්පත්ති. දුල්ලභා පබ්බජ්ජා. දුල්ලභං සද්ධම්මස්සවණං'
(බ්‍රාහ්මණ සංයුත්තට්ඨකථා)

මහණෙනි, සිහියෙන් යුක්ත සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍රද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!

27/11/2023
කඨින පිංකම...
04/11/2023

කඨින පිංකම...

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.

🌱කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.

🌱පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.

🌱වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?

🌱ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.

🌱කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.

🌱එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.

🌼🌼කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.

පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.

දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.

🍂🍂අටමහා කුසලයන් වන්නේ

කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –

1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.

කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,

“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.

මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.

තෙරුවන් සරණයි !! සුවපත් වේවා

30/08/2023

උතුම් ශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතිය උදෙසා ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,ආනන්ද හිමියන් අරහත්භාවයට පත් වීම හා සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයෙහි පහස ලබමින් මහනුවර ස්කන්ධ කුටියෙහි වැඩ වසන්නා වූ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා හස්ති රජුන්ගෙන් හා සකල කලාවෙන් පූජෝපහාර පුදන නිකිණි පුන් පොහෝ දිනය අදයි.

ඔබ සැමට පින්බර නිකිණි පුර පස්ළොස්වක පොහෝ දිනයක් වේවා!!




29/08/2023

නරසීහ ගාථා ✨️🦁✨️🌷🥺🙏🌼🌸
1) 🌸😔🙏🌸
" චක්ක වරංකිත රත්ත සුපාදෝ" ✨️🌼✨️

අර්ථය :- චක්‍ර ලකුණු යුතු රන්වන් පාදේ

" ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී " ✨️🌼✨️

අර්ථය :- ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ

" චාමර ඡත්ත විභූසිත පාදෝ " ✨️🌼✨️

අර්ථය :- චාමර සත් බැබලෙන පා පතුලේ

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි..

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

2) 🌸😔🙏🌸

" සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ " ✨️🌼✨️

අර්ථය :- ශාක්‍ය කුලේ සිවුමැළි ඒ කුමරා

" ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ " ✨️🌼✨️

අර්ථය :- පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා

" ලෝක හිතාය ගතෝ නරවීරෝ " ✨️🌼✨️

අර්ථය :- ලෝ යහපත වෙත ආ නරවීරා

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

3) 🌸😔🙏🌸

" පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ "
✨️🌼✨️

අර්ථය :- පුන්සඳ මෙන් බැබලෙන පැහැ මුහුණයි.

" දේව නරාන පියෝ නරනාගෝ " ✨️🌼✨️

අර්ථය :- දෙව් මිනිසුන් හැමටම ප්‍රිය උපදයි.

" මත්ත ගජින්ද විලාසිත ගාමී " ✨️🌼✨️

අර්ථය :- මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි.

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

4) 🌸😔🙏🌸

" ඛත්තිය සම්භව අග්ග කුලීනෝ " ✨️🌼✨️

අර්ථය :- අග්‍ර කුලය වූ කැත් කුල වංශේ

" දේව මනුස්ස නමස්සිත පාදෝ " ✨️🌼✨️

අර්ථය :- දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ

" සීල සමාධි පතිට්ඨිත චිත්තෝ " ✨️🌼✨️

අර්ථය :- ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ.

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

5) 🌸😔🙏🌸

" ආයත යුත්ත සුසන්ඨිත නාසෝ " ✨️🌼✨️

අර්ථය :- උසින් දිගින් සුපිහිටි සොද නාසේ.

" ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ " ✨️🌼✨️

අර්ථය :- ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ

" ඉන්දධනූ අභිනීල භමූකෝ " ✨️🌼✨️

අර්ථය :- දේදුනු මෙනි ප්‍රිය දෙබැමක් ඇත්තේ.

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

6) 🌸😔🙏🌸

" වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ " ✨️🌼✨️

අර්ථය :- මනාව වටකොට සැදි ගෙල ඇත්තේ

" සීහ හනූ මිග රාජ සරීරෝ " ✨️🌼✨️

අර්ථය :- සිංහ හනුද මුව රජ වැනි සිරුරේ.

" කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ " ✨️🌼✨️

අර්ථය :- රන්පාටින් බැබලෙන ගත සිරියේ

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

7) 🌸😔🙏🌸

" අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ " ✨️🌼✨️

අර්ථය :- සුසිනිල කේශය අඤ්ජන වර්ණය.

" කංචන පට්ට විසුද්ධ ලළාටෝ " ✨️🌼✨️

අර්ථය :- රන්පටයක් බඳු නිමල ලලාටය.

" ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ " ✨️🌼✨️

අර්ථය :- ඕසධි තරුවක් සේ පිරිසිදු විය.

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

8) 🌸😔🙏🌸

" සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ " ✨️🌼✨️

අර්ථය :- සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන

" හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ " ✨️🌼✨️

අර්ථය :- හිංගුල කන්ද සෙ දිව යහපත් වේ.

" වීසති වීසති සේත සුදන්තෝ " ✨️🌼✨️

අර්ථය :- විස්ස බැගින් යුත් සමසතලිස් දත්

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

•°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•°••°••°•°•

9) 🌸😔🙏🌸

" ගච්ඡති නීල පථේ විය චන්දෝ " ✨️🌼✨️

අර්ථය :- අහස් කුසේ සරණා පුන්සඳ සේ

" තාර ගණා පරිවේඨිත රූපෝ " ✨️🌼✨️

අර්ථය :- තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්

" සාවක මජ්ඣතෝ සමණින්දෝ " ✨️🌼✨️

අර්ථය :- ශ්‍රාවක සඟ මැද වඩින සමින්දා

" ඒසහි තුය්හ පිතා නරසීහෝ " ✨️🌼✨️

අර්ථය :- මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.

*තෙරුවන් සරණයි🙏 පින්වත් ඔබට නිදුක් නිරොගි සුවය ලැබේවා

අභිමානවත්,"පානදුරා වාදය"150 වන සැමරුම් උත්සවය....
24/08/2023

අභිමානවත්,
"පානදුරා වාදය"
150 වන සැමරුම් උත්සවය....

ධර්මය අසා පිං රැස්කොටමේ දුක්කිත සංසාරෙන් එතර වන්න..🙏
25/01/2023

ධර්මය අසා පිං රැස්කොට
මේ දුක්කිත සංසාරෙන් එතර වන්න..🙏

Welimada saddasila hamuduruwo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වැලිමඩ සද්ධාසීල හාමුදුරුවන් වහන්සේ..බණ අහන්න කැමති ඔයාලා වෙනුවෙන් ❤️❤️❤️❤️❤️❤️❤....

Address

Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when Ama Dhaham Madura අමා දහම් මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ama Dhaham Madura අමා දහම් මැදුර:

Share