St.Anne's Choir Sarikkalimulla,Panadura

St.Anne's Choir Sarikkalimulla,Panadura Religious organization

"එරබදු වසන්තය 2026" සරික්කාලිමුල්ල සාන්ත ආනා දහම්පාසල් දරුවන් හා වත්තල්පොල දහම්පාසල්දරුදැරියන් ඇතුළු සියලුදෙනා එකමුතුවෙන...
13/05/2026

"එරබදු වසන්තය 2026" සරික්කාලිමුල්ල සාන්ත ආනා දහම්පාසල් දරුවන් හා වත්තල්පොල දහම්පාසල්
දරුදැරියන් ඇතුළු සියලුදෙනා එකමුතුවෙන් පවත්වනු ලැබූ අපේ පල්ලියේ අවුරුදු උත්සවය..🌞🥰♥️

🤱🌹අද ලෝක මව්වරුන්ගේ දිනයයි🌹🤱👩‍👦ලොව සියලුම අම්මා වරුන් හට උපහාරයක් ම වේවා 👩‍👧✝️🙏ජෙසු පිහිටයි 🙏✝️🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🎊...
10/05/2026

🤱🌹අද ලෝක මව්වරුන්ගේ දිනයයි🌹🤱
👩‍👦ලොව සියලුම අම්මා වරුන් හට උපහාරයක් ම වේවා 👩‍👧
✝️🙏ජෙසු පිහිටයි 🙏✝️
🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹🤱🌹
🎊️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰

Happy Anniversary Father & May God Bless You 🙏🙏🙏🙏🥰
07/05/2026

Happy Anniversary Father & May God Bless You 🙏🙏🙏🙏🥰

මැයි පළමු වන දිනකම්කරු ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය .🎊️🌻🌻🌻🥰🙏🙏🙏රැකියාවන්හි නිරත වන්නන් සඳහා වූ යාච්ඤාවදයාබර ශුද්ධ වූ ජුසේ මුන...
01/05/2026

මැයි පළමු වන දින
කම්කරු ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය .🎊️🌻🌻🌻🥰🙏🙏🙏

රැකියාවන්හි නිරත වන්නන් සඳහා වූ යාච්ඤාව
දයාබර ශුද්ධ වූ ජුසේ මුනිඳුනි, ඔබ වහන්සේ නාසරෙතයේ වඩු කාර්මිකයෙකු ලෙස දහඩිය හෙළමින්, මහත් කැපවීමෙන් තම වගකීම් ඉටු කළ සේක. එදිනෙදා ජීවිතයේ ශ්‍රමයේ අගය අපට කියා දුන් ඔබ වහන්සේ වෙත අපි අද දින බැගෑපත්ව යාච්ඤා කරමු.

මාගේ රැකියාව තුළ මට නියමිත රාජකාරි ඉතා අවංකව හා උනන්දුවෙන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දුන මැනව. මාගේ සේවා ස්ථානයේදී මා සමඟ වැඩ කරන සහෝදර සහෝදරියන් සමඟ සාමයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීමටත්, අපහසු අවස්ථාවලදී නොසැලී සිටීමටත් මට ආශීර්වාද කළ මැනව.

විශේෂයෙන්ම රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුදුසු රැකියාවක් ලබා ගැනීමටත්, රැකියා අහිමි වී පීඩා විඳින පවුල්වලට අවශ්‍ය සැනසීම හා පිහිටත් ලබා දුන මැනව. මා කරන සෑම කාර්යයක්ම දෙවිඳුන්ගේ මහිමය සඳහාත්, මාගේ පවුලේ නඩත්තුව සඳහාත් සාර්ථකව ඉටු කිරීමට අප වෙනුවෙන් දෙවිඳුන්ට යාච්ඤා කළ මැනව.

ආමෙන්.

කම්කරු ශුද්ධ වූ ජුසේ මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව!🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

Happy Birthday Rev.Father Daya Darshana,May God continue to bless you with strength, good health, and endless joy. Your ...
28/04/2026

Happy Birthday Rev.Father Daya Darshana,

May God continue to bless you with strength, good health, and endless joy. Your leadership and dedication inspire us all every single day. 💐

Wishing you a truly blessed and joyful year ahead! 🎉✝️

St.Anne's Church Sarikkalimulla ♥️

"සාන්ත සිසිලියා කන්‍යා මුනිවරී දෙවිඳු ඉදිරියේ යාච්ඤා කළ මැනේ.."කන්තාරු කණ්ඩායම්වල නාම සාන්තුවරිය වන සාන්ත සිසිලියා මුනිව...
26/04/2026

"සාන්ත සිසිලියා කන්‍යා මුනිවරී
දෙවිඳු ඉදිරියේ යාච්ඤා කළ මැනේ.."

කන්තාරු කණ්ඩායම්වල නාම සාන්තුවරිය වන සාන්ත සිසිලියා මුනිවරියගේ ප්‍රතිමාවක් 2026.04.26 වන අද දින උදෑසන පැවති දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව ගරු දයා දර්ශන පියතුමා විසින් ආසිරි ගන්වා අප දෙව්මැඳුරේ ස්ථාපිත කරන ලදි.. 🙏❤️🙏

“අද අපේල් 21.!” පාස්කු ප්‍රහාරයට අදට වසර 07යි..!💔🕯️🏳️ අහිංසක ජීවිත ගණනාවක් අපෙන් උදුරාගත්  අමතක නොවන දිනයක්.🙏🙏🙏
21/04/2026

“අද අපේල් 21.!” පාස්කු ප්‍රහාරයට අදට වසර 07යි..!💔🕯️🏳️ අහිංසක ජීවිත ගණනාවක් අපෙන් උදුරාගත්
අමතක නොවන දිනයක්.🙏🙏🙏

දේව දයාවේ ජීවමාන ප්‍රාතිහාර්යය: බ්‍රසීලයේ ශාන්ත ස්නාවක ජුවාම් දෙව්මැදුරේ අසිරිමත් සිදුවීම සැබෑ විශ්වාසය යනු නොපෙනෙන දේ ක...
12/04/2026

දේව දයාවේ ජීවමාන ප්‍රාතිහාර්යය: බ්‍රසීලයේ ශාන්ත ස්නාවක ජුවාම් දෙව්මැදුරේ අසිරිමත් සිදුවීම

සැබෑ විශ්වාසය යනු නොපෙනෙන දේ කෙරෙහි තබන විශ්වාසය වුවද, සමහර අවස්ථාවලදී දෙවිඳුන් තම දයාව සහ මහිමය මිනිස් ඇස් පනාපිටම විදහා දක්වනු ලබයි. 2020 අප්‍රේල් 20 වන දින බ්‍රසීලයේ ෆවුන්ටන් එස්.පී හි පිහිටි ශාන්ත ස්නාවක ජුවාම් කතෝලික දේවස්ථානයේදී සිදුවූයේ එවන් අසිරිමත් ප්‍රාතිහාර්යයකි.

එදින දේව දයාවේ මංගල්‍යය ඉරිදා දිනයයි. සවස 3:00 ට, එනම් දෙවිඳුන්ගේ කරුණාවේ හෝරාවේදී, කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් දිව්‍ය පූජා යාගය පවත්වනු ලැබීය. දිව්‍ය පූජාව මෙහෙයවූ පියතුමන් දේව දයාවේ සිතුවමෙන් විහිදෙන 'ජලය සහ රුධිරය' මගින් සංකේතවත් වන අසීමිත දේව ආදරය ගැන දේශනා කරමින් සිටියහ. එම මොහොතේදී එතැන සිටි බැතිමතෙකු සිතුවම තුළ සිදු වූ අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය කළේය:

දිව්‍යමය කිරණ: සිතුවමේ ජේසුස් වහන්සේගේ හදවතින් විහිදෙන කිරණ, සැබවින්ම ජීවමාන ලෙස දීප්තිමත්ව බැබළෙන්නට විය.

පරාවර්තනයක් නොවන බව තහවුරු වීම: මෙය හුදෙක් සිතුවමේ වීදුරුව මත පතිත වූ හිරු එළියක් නොවන බවට සාක්ෂි හමු විය. දේව මෙහෙය මෙහෙයවූ පියතුමා එම ආලෝක ධාරාව හරහා කිහිපවරක් ගමන් කළද, එම ආලෝකය වැසී යාමක් හෝ වෙනස් වීමක් සිදු නොවී එක එල්ලේම විහිදෙමින් පැවතිණි.

මෙම සිදුවීම හුදු අහඹු සිදුවීමක් නොව, "මා ලොව අවසානය දක්වා ඔබ සමඟ සිටිමි" යැයි පැවසූ ජේසුස් වහන්සේගේ ජීවමාන පැවැත්ම සහතික කිරීමකි.

"ජේසුනි, මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි."

මෙම ප්‍රාතිහාර්යය අපට මතක් කර දෙන්නේ, ලෝකය කෙතරම් අඳුරු වුවද, උන්වහන්සේගේ දේව දයාවේ කිරණ අප කෙරෙහි සැමදා බැබළෙන බවයි. ඔබේ ජීවිතයේ පීඩාවන් හමුවේ නොසැලී සිට, ජේසුස් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමු. උන්වහන්සේගේ දයාව සදාකාලිකය!

උපුටා ගැනිමකී

OBITUARY NOTICE ✝️ 🙏
06/04/2026

OBITUARY NOTICE ✝️ 🙏

සරික්කාලිමුල්ල සා.ආනා දේවස්ථානයේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙය සා.සෙබස්තියන් විද්‍යාලයේ ව්දුහල්පති ගරු.දයා දර්ශන...
05/04/2026

සරික්කාලිමුල්ල සා.ආනා දේවස්ථානයේ ආලේලුයියා සෙනසුරාදා රාත්‍රී දේව මෙහෙය සා.සෙබස්තියන් විද්‍යාලයේ ව්දුහල්පති ගරු.දයා දර්ශන පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහා ගරු.ලශ්මාල් සහෝදර තුමන්ගේ මග පෙන්වීමෙන් එදින දිව්‍ය පූජා යාගය සිදු කෙරුණි. .🙏🙏

උත්ථාන වූ ජේසූගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ පාස්කු මංගල්ල්‍යයක් වේවා!♥️✝️✨
05/04/2026

උත්ථාන වූ ජේසූගේ ආදරය හා ආශිර්වාදය පිරි සුබ පාස්කු
මංගල්ල්‍යයක් වේවා!♥️✝️✨

Address

Sarikkalimulla
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anne's Choir Sarikkalimulla,Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share