Galgoda Sri Maha Viharaya

Galgoda Sri Maha Viharaya Official page of Galgoda Sri Maha Viharaya - Panadura, Sri Lanka

"දෙදින සති භාවනා වැඩසටහන" මීතිරිගල නිස්සරණ වනවාසී කම්මට්ඨානචාර්‍ය "පූජ්‍ය බ්‍රිස්බේන් ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ" මෙහෙ...
22/09/2023

"දෙදින සති භාවනා වැඩසටහන"

මීතිරිගල නිස්සරණ වනවාසී කම්මට්ඨානචාර්‍ය "පූජ්‍ය බ්‍රිස්බේන් ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේගේ" මෙහෙය වීමෙන්,
2023 සැප්තැම්බර් 30 සෙනසුරාදා සහ ඔක්තෝබර් 01 වන ඉරිදා දෙදින උදෑසන 7.45 සිට සවස 5.00 දක්වා පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ දී...

සීමිත ඉඩ ප්‍රාමාණයක් ඇති බැවින් සහභාගි වීමට බලාපොරොත්තු වන පින්වතුන් පහත දුරකථන අංකයක් අමතා සැප්තැම්බර් මස 28 දිනට පෙර ලියාපදිංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

077 4495 368
077 5756 723
071 7337 657

19/05/2023
බොදු පුර වෙසක් මංගල්‍ය 2023පාණදුර පුරවරයේ විහාරස්ථාන, සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, වෙළඳ ප්‍රජාව සහ සිවිල් සංවිධාන එකමු...
02/05/2023

බොදු පුර වෙසක් මංගල්‍ය 2023

පාණදුර පුරවරයේ විහාරස්ථාන, සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, වෙළඳ ප්‍රජාව සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් ප්‍රථම වරට සංවිධානය වූ “බොදුපුර වෙසක් කලාපය”ට සමගාමීව පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරයේ ඉදිවෙන තොරණ.

“නන්දිය දේවපුත් ජාතක කතා වස්තුව” ඇසුරින් නිර්මාණය වන, දිගින් අඩි 58 ක් සහ උසින් අඩි 55ක් විශාල මෙම තොරණ් රාජයා විදුලි බුබුළු 31000 කින් ආලෝකමත් වන අතර මෙම විශිෂ්ඨ නිර්මාණය වෙසක් මස 5,6,7,8,9 යන දිනයන්හි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. ඒ සඳහා සූදානම් වන අයුරු මෙසේ දැක්වේ.



#ගල්ගොඩවිහාරය

උත්තම ශ්‍රී ධාතු වන්දනාබුරුම දේශයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සමග සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රධාන රහතන...
02/05/2023

උත්තම ශ්‍රී ධාතු වන්දනා

බුරුම දේශයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සමග සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රධාන රහතන් වහන්සේලා 25 නමකගේ ධාතූන් වහන්සේලා ඔබේම සියැසින් බැහැදැක, සුවඳ මල් පුදා වන්දනා කොට ජීවිතයට ආශිර්වාද ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව

වෙසක් මස 5වන දින සිට 10 වන දින දක්වා සෑම දිනකම දවස පුරා පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේදී...

#ගල්ගොඩවිහාරය

පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ වෙසක් මස වැඩසටහන් මාලාව
01/05/2023

පාණදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ වෙසක් මස වැඩසටහන් මාලාව

Pothupitiye Pannasekara Pothupitiye Pannasekara Galgoda Temple
23/04/2023

Pothupitiye Pannasekara
Pothupitiye Pannasekara
Galgoda Temple

මැදින් පොහෝ දින සුමධුර ධර්ම දේශනා මාලවක් සහ විශේෂ පිංකම් රැසක් මාර්තු මස 06 වන සඳුදා දින (පොහෝ දින) දවස පුරා පාණදුර ගල්ග...
04/03/2023

මැදින් පොහෝ දින සුමධුර ධර්ම දේශනා මාලවක් සහ විශේෂ පිංකම් රැසක් මාර්තු මස 06 වන සඳුදා දින (පොහෝ දින) දවස පුරා පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ දී.

පෙ.ව. 09.00 සිට 10.00 දක්වා ධර්ම දේශනාව බණ්ඩාරගම ගල්තුඩේ විහාරාධිපති පූජ්‍ය ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ
ප.ව. 04.00 සිට 05.00 දක්වා ධර්ම දේශනාව කරන්දෙනියේ උඩගස්වෙල ශ්‍රී නිවේසාරාමාධිපති, ශාස්‍රපති පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ

තවත් ධර්ම දේශනාවන්, පෝදා භාවනා වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් එදින උදෑසන සිට දවස පුරා
පිං කැමති සැමට සැදැහැ සිතින් ආරාධනා!......

#ගල්ගොඩවිහාරය

සුමධුර ධර්ම දේශනා මාලාව සහ සංඝගත දක්ෂිණාවපාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති ර/පොතුපිටියෙ පඤ්ඤාසේකර නාහිමියන් ඇතුළු දරුව...
12/02/2023

සුමධුර ධර්ම දේශනා මාලාව සහ සංඝගත දක්ෂිණාව

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති ර/පොතුපිටියෙ පඤ්ඤාසේකර නාහිමියන් ඇතුළු දරුවන් දොළොස් දෙනෙකුගේ මෑණියන් වූ පොතුපිටිය දෙනවක්කන්ද ගමේහි වසර 102ක් ආයු විඳ පරලෝ සැපත් විදානපතිරණලාගේ යසෝහාමි මෑණියන්ගේ (කිරි අම්මාගේ) තෙමස් පූර්ණ පින්කම.

2023 පෙබරවාරි 23 දින සිට 26 දින තෙක් කළවාන පොතුපිටියේ, දෙනවක්කන්ද සිංහරාජ ශ්‍රී මහා විහාරස්ථානයේදී.
සිංහරාජ විහාරය - පොතුපිටිය දෙනවක්කන්ද

පෙබරවාරි 23

සවස 5.00ට - අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ගිලන්පස පූජාව

සවස 6.00ට - ධර්මදේශනාවයව
දේශක: අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක රෝහණ සංඝසභාවේ සහකාර ලේඛකාධිකාරී, ආචාර්‍ය, පූජ්‍ය දොඩම්පාල රාහුල නාහිමිපාණන් වහන්සේ

පෙබරවාරි 24

සවස 6.00ට - ධර්මදේශනාව
දේශක: පැපිළියාණ ශ්‍රී සුනේත්‍රාදේවි මහා පිරිවෙනහි පරිවෙනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ

පෙබරවාරි 25

සවස 6.00ට - කාව්‍යමය ධර්මදේශනාව
දේශක: දෙහිවල, පාමංකඩ ශ්‍රී ගංගාරාමාධිපති, කාව්‍යවිශාරද, පූජ්‍ය මාකදුරේ පඤ්ඤාසාර මාහිමිපාණන් වහන්සේ.

පෙබරවාරි 26

දහවල් - මහා සංඝගත දක්ෂිණාව

මෙම ධර්මදේශනාව ශ්‍රවනය කර, දානමය පුණ්‍යකර්මයටද සහභාගී වී පිං සිදුකර ගැනීම සඳහා පැමිණ සහභාගී වන මෙන් ආරාධනා කරමු.

08/02/2023

පාණදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයට සම්බන්ධ සියළුම සමිතීන් වලට සහ දායක දායිකාවන් වෙත කරණු ලබන ආරාධනාවයි!...

විහාරස්ථානයේ 2023 වර්ෂය තුල සිදුවන ආගමික කටයුතු සම්බන්ඳව ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් 2023. 02.12 වන ඉරිදා දින ප.ව. 03.00 ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලාසිටිමි.

අනුශාසක හා විහාරා‍ධිපති

2023 ජනවරි 17 සෙනසුරු මාරුව සමග තවත් ග්‍රහ මාරුවීම් හේතුවෙන් සිදුවිය හැකි පීඩා කරදර, විපත් දුරු කරලීම සඳහා සෙනසුරු දේවිය...
16/01/2023

2023 ජනවරි 17 සෙනසුරු මාරුව සමග තවත් ග්‍රහ මාරුවීම් හේතුවෙන් සිදුවිය හැකි පීඩා කරදර, විපත් දුරු කරලීම සඳහා සෙනසුරු දේවියන් උදෙසා කෙරෙන විශේෂ පූජා මාලාවක්

ජනවාරි මස 17 වන දින සවස 5.00 සිට පාණදුර - ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

පිහිට ලබාගැනීමට සියල්ලෝම සහභාගීවන්න.....

2023 ජනවරි 17 සෙනසුරු මාරුව සමග තවත් ග්‍රහ මාරුවීම් හේතුවෙන් සිදුවිය හැකි පීඩා කරදර, විපත් දුරු කරලීම සඳහා විශේෂ පූජා මා...
15/01/2023

2023 ජනවරි 17 සෙනසුරු මාරුව සමග තවත් ග්‍රහ මාරුවීම් හේතුවෙන් සිදුවිය හැකි පීඩා කරදර, විපත් දුරු කරලීම සඳහා විශේෂ පූජා මාලාවක් ජනවාරි මස 15 වන දින සිට 17 වන දින දක්වා පාණදුර - ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජනවාරි 15 සහ16 උදෑසන සහ සවස මහා විශ්ණු පූජාව
ජනවාරි 17 සවස 5.00 සිට විශේෂ සෙනසුරු පූජාව ඇතුලු පූජා රැසක්

පිහිට ලබාගැනීමට සියල්ලෝම සහභාගීවන්න.....

Address

Sri Maha Vihara Road
Panadura
12500

Telephone

+94717337657

Website

Alerts

Be the first to know and let us send you an email when Galgoda Sri Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Galgoda Sri Maha Viharaya:

Share