සිත් මෙත් අරණ Sith Meth Arana

සිත් මෙත් අරණ Sith Meth Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිත් මෙත් අරණ Sith Meth Arana, Religious Center, Adam's Peak, Nuwara Eliya.

28/10/2025

මේ කිරිසප්පයින් වෙනුවෙන් තමයි එදා මා හඩ නැගුවේ (ස්වදේශ් මංජුල ලසන්ත උක්වත්ත ආරච්චිලාගේ )https://www.facebook.com/share/16Zgpm2r7c/

මොන හේතුවකට උනත් මල් කැකුලක් පර කරලන්න අම්මෙක්ට පුලුවන් ද.????

කොහොම කලාද මන්දා ඒ අපරාදය මේ අහිංසක මූණ දැක දැක.

කියන්න දේවල් නෑ පුතේ මේවට...රාග පහසට දරුවන් හැදුවම සෙනෙහස ට කකියන්නෙ නෑ හදවත...

කොහොම නමුත් මේ අහන්න දකින්න ලැබෙන දේවල් වලින් වැටහෙන්නෙ සිංහල බොදුනු ගති වල පල්ලට ගිහිං කියන එක විතරයි.

එවන් සමාජයක දහසක් දුක් දරං දරුවන් රැක්ක සියලු මවුන් බුදු වේවා මතු දවක....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”( 11 වන වරට )2025 මාර්තු 29, 30 , 31අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනා...
15/03/2025

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”
( 11 වන වරට )

2025 මාර්තු 29, 30 , 31

අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමානයට පාත්‍ර වූ දුර්ලභ පින්බිමක් වේනම් ඒ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය සනිටුවහන් කරන ලද ශ්‍රී පාද පුදබිමයි. මේ පුණ්‍ය භුමිය බෞද්ධ ජනයාට පමණක් නොව ලොව සියලු ජනයාටම අද්‍යත්මික වශයෙන් ඉතා වැදගත්වෙයි.

උතුම් ශ්‍රී පාදස්ථානය මුලික කරගනිමින් තරුණ ශක්තිය , අධිෂ්ඨානය පෙරදැරිව බැති සිතින් දින 3ක් පුරාවට ශ්‍රී පාද කරුණා කරණ බැතිමතුන්, උතුම් ශ්‍රී පාද පුදබිම හා ඒ අවට කරනු ලබන සත්කාරය තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය වශයෙන් හැදින්විය හැක.

2013 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 10 ක් සාර්ථකව සිදු කරන ලද මෙම සත්ක්‍රියාව “තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2025” ලෙසින් 11 වන වරටත් මෙවර මාර්තු මස 29 , 30, හා 31 යන දින වලදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ( කොරෝනා රෝගය හේතුවෙන් 2020 හා 2021 වර්ෂ වල සිදු නොකරන ලදි.)

ඔබ අප සැමගේ සහභාගිත්වයෙන් ශ්‍රී පාද ජපන් සාම චෛත්‍ය පෙදෙස ආශ්‍රීතව තෙදිනක් පුරාවට පහත වැඩසටහන් ක්‍රියාත්මකවේ.

1. දන්සැල්
2. පරිසරික ක්‍රියාකාරකම්
3. මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
4. ප්‍රථමාධාර කදවරු
5. දැනුවත් කිරීමේ වැඩසටහන්
6. ශ්‍රමදාන
7. මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන්

ඔබගේ කාරුණික ආධාර උපකාර, අනුග්‍රහකත්වයන් ලබාදීමට හා වැඩසටහන සමග සම්බන්ධ වීමට අමතන්න
0773 773 742 , 0712 453 782

වැඩසටහන සාර්ථක කරගැනීම සදහා කල්‍යාණ මිත්‍ර ඔබ සැමගේ ගෞරවනීය පැමිණීම හා දායකත්වයන් සුපහන් සිතින් බලාපොරොත්තු වන්නෙමු.

තෙරුවන් සරණයි 🙏🙏🙏

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”( 10 වන වරට )2024 මාර්තු 29, 30 , 31අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනා...
13/03/2024

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”
( 10 වන වරට )

2024 මාර්තු 29, 30 , 31

අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමානයට පාත්‍ර වූ දුර්ලභ පින්බිමක් වේනම් ඒ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය සනිටුවහන් කරන ලද ශ්‍රී පාද පුදබිමයි. මේ පුණ්‍ය භුමිය බෞද්ධ ජනයාට පමණක් නොව ලොව සියලු ජනයාටම අද්‍යත්මික වශයෙන් ඉතා වැදගත්වෙයි.

උතුම් ශ්‍රී පාදස්ථානය මුලික කරගනිමින් තරුණ ශක්තිය , අධිෂ්ඨානය පෙරදැරිව බැති සිතින් දින 3ක් පුරාවට ශ්‍රී පාද කරුණා කරණ බැතිමතුන්, උතුම් ශ්‍රී පාද පුදබිම හා ඒ අවට කරනු ලබන සත්කාරය තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය වශයෙන් හැදින්විය හැක.

2013 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 9 ක් සාර්ථකව සිදු කරන ලද මෙම සත්ක්‍රියාව “තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024” ලෙසින් 10 වන වරටත් මෙවර මාර්තු මස 29 , 30, හා 31 යන දින වලදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ( කොරෝනා රෝගය හේතුවෙන් 2020 හා 2021 වර්ෂ වල සිදු නොකරන ලදි.)

ඔබ අප සැමගේ සහභාගිත්වයෙන් ශ්‍රී පාද ජපන් සාම චෛත්‍ය පෙදෙස ආශ්‍රීතව තෙදිනක් පුරාවට පහත වැඩසටහන් ක්‍රියාත්මකවේ.

1. දන්සැල්
2. පරිසරික ක්‍රියාකාරකම්
3. මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
4. ප්‍රථමාධාර කදවරු
5. දැනුවත් කිරීමේ වැඩසටහන්
6. ශ්‍රමදාන
7. මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන්

ඔබගේ කාරුණික ආධාර උපකාර, අනුග්‍රහකත්වයන් ලබාදීමට හා වැඩසටහන සමග සම්බන්ධ වීමට අමතන්න
0773 773 742 , 0712 453 782

වැඩසටහන සාර්ථක කරගැනීම සදහා කල්‍යාණ මිත්‍ර ඔබ සැමගේ ගෞරවනීය පැමිණීම හා දායකත්වයන් සුපහන් සිතින් බලාපොරොත්තු වන්නෙමු.

තෙරුවන් සරණයි 🙏🙏🙏

24/11/2023
පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන...ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ...
24/11/2023

පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන...

ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ගෙදර තත්වය...

ඔයාගේ යාළුවෝ දන්නෙ නෑ ඔයා මත තියෙන අලුත් සහ පරණ වගකීම් වල බර...

ඒ කියන්නේ ඔයා තරම් ඔයා ගැන දන්න කවුරුත් නෑ... ඒ නිසා මොනව වුණත් ඔයා ඔයා ගැන බලාගන්න. ඔයාව පරිස්සම් කරගන්න... ඔයාව මනසින්, කායිකව, financially දියුණු කරගන්න... ඒක නවත්තන්න එපා කවදාවත්! ✌🏻

02/06/2023

✔️සත්‍ය සිදුවීමක් ඇසුරින් සමාජයේ සුභසිද්දිය උදෙසා ගොනු කරන ලදී.
නම් සත්‍ය ඒවා නොවේ.

කමල් අවුරුදු 14ක දක්ෂ සිසුවෙකි. ඔහු ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන අතර සියලුම ගුරුභවතුන්ගේ සහ යහළු යෙහෙළියන්ගේ අවධානය දිනා ගනිමින් ඉතාමත් සාමකාමී ලෙස පාසල් පරිසරය තුල හැසිරෙයි.
උපදේශනය සඳහා දරුවා රැගෙන එන මව මා හට පවසනුයේ දරුවා නිතරම ඇය සමග රණ්ඩු වන බවත් ඔහුට තිබු ආදර සම්බන්ධතාවකට මව විරුද්ධ වීම මත මේ සියල්ල ඇති වූ බවත්ය.

මව -: "මැඩම් එයාගෙ වැඩේම ෆෝන් (phone) එකේ එල්ලිලා ඉන්න එක විතරයි . ඒ විතරක් නෙමෙයි ලැප්(laptop) එක තියා ගත්තු ගමන් ඒකමයි මෙයා දවසම කාලේ ගත කරන්නේ. "කන්න ,බොන්න ,නිදාගන්න උවමනාවක් නෑ." අනේ මන්දා මට මෙයා මොනව කරනවද කියලා මටනම් හිතාගන්නවත් බෑ. මෙහෙම ගියොත් මෙයා විභාගය fail වෙයි. ගුරුවරු කියන්නේ නම් මෙය හරි දක්ෂයි කියලා ඒ උනාට මම නිදන්නේ මෙයා ගෙදර රංගන රැගිල්ල. මට මෙයා අයියේ ගැහුවත් එක්ක මැඩම්. ගෙදර wifi එකේ බිල ගෙවන්න මට බැරි වුණා ඒකෙ ගෙව්වේ නෑ කියලා මෙයා මට හොඳටම ගැහුවා. ඒ විතරක් නෙවෙයි මැඩම් කුණුහරප කියාගත්ත ගමන් හැමවෙලේම. මේ වගේ පුංචි දරුවෙක්ගේ මට මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ මට මට හරිම දුකයි මේ ගැන. මෙන්න මේ මනුස්සයාට තේරුම් කරලා දෙන්න මැඩම්. "

දරුවා සමග මනෝවිද්‍යා උපදේශන සැසිය පැවැත්වීමට මා හට සිදු වුයේ වූයේ මවගේ මෙම විස්තර කිරීමෙන් පසුවය.

දරුවා සමග තනිව කතා කිරීමට මා තීරණය කළ පසු දරුවා ඔහුගේ කතාව පවසමින් ඔහුට තිබූ ගැටුම්කාරී තත්වයන් බෙදාගන්නට විය.

"මැඩම් මට අම්ම එක්ක හරි තරහයි. මට එයාව පෙන්න බෑ. කොටින්ම කිව්වොත් එයා කතා කරද්දි මට අහන් ඉන්න බැරි තරම් අප්‍රසන්නයි.

අම්මා කියන්න ඇතිනෙ මැඩම් මම ඊයෙ අම්මට ගැහුවා. ඒ විතරක් නෙමෙයි මම ගොඩක් නරක වචන පාවිච්චි කලා. ඒ නිසානෙ මෙයාලා මාව මෙතෙන්ට එක්කන් ආවේ.

මට ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ තාවයක් තියෙනව මැඩම්. අපි දෙන්නම එකම පංතියේ. මට එයාව හම්බ වෙන්නේ ටියුෂන් පන්තියේ විතරයි. මොකද අපි දෙන්නා වෙනම පාසල් දෙකක තමා ඉන්නේ. මම යන්නේ එයා යන පන්ති වලට විතරයි. එයා එයාගේ තාත්ත එක්ක තමා පන්තියට එන්නේ. අපි දෙන්න පන්තියේදී වත් නිතරම කතා කරන්නේ නෑ. මොකද මම කැමති නෑ එයාගෙ චරිතෙට හානියක් වෙනවාට. එයා මං දිහා හොරෙන් බලනවා මම එයා දිහා හොරෙන් බලනවා ඇස්වලින් කතා කර ගන්නවා. මට හොඳට ගණන් පුළුවන් මැඩම්. එයාලට ගණන් අපහසු උනහම සර් මට කියනවා එයාලට ගණන් කියලා දෙන්න කියල. මම ඒකට හරි ආසයි. හැම විෂයකටම අපි දෙන්නගෙ ලකුණු එක සමානයි. ඒ උනාට උනාට එයාට මට වඩා ලකුණක් හෝ දෙකක් වැඩියි. එයාට පෝන් එකක් නෑ. zoom හරහා තමා අපි දෙන්නා පණිවිඩ යවාගන්නෙ. එයාට හැමවෙලේම ඔන්ලයින් එන්න බෑ. එයා කොයි වෙලේ හරි ඔන්ලයින් එයි කියලා හිතල මම හැමවෙලේම ඔන්ලයින් ඉන්නවා. ඉතින් ඒ නිසා මට හැම වෙලේම Wifi ඕන.

මට අම්ම එක්ක තියෙන ලොකුම තරහ තමයි මැඩම් මේ සම්බන්ධතාවය අම්මා දැනගත්තට පස්සේ එයා ඒ ගෑනු ලමයගෙ ගෙදර ගිහිල්ලා බැණලා තිබුණා.

එදා ඉඳන් තමයි මේ ගැටළු සේරම ඇතිවුණේ. අම්මා ඒ පණ්ඩිත වැඩ නොකරම් මම අදත් අම්මා එක්ක හොදින් ඉන්න තිබ්බා. එයාට ගෙදරින් ගොඩක් ගහලා තිබ්බා. එයාව පන්ති එවන එක නවත්තලා තිබ්බා. මේ හැම දේටම මුල අම්මා. අනික මැඩම් මට ගැහැණු ළමයෙක් හිටියා කියලා මම ඉගෙනගන්න එක නැවැත්තුවේ නෑ. අපි දෙන්නා තරඟෙට වැඩ කරේ.

"දැන්නම් මට පොතක්වත් අල්ලන්න හිතෙන්නෙනෑ. මට කන්න බෑ.මගේ ඇඟට පණ නෑ වගේ. මට වෙලාවකට ඔලුව බදාගෙන කෑ ගහන අඬන්න හිතනවා. මම නිතරම බූට් සින්දු අහනවා. "

-----------------------------------------------------------------------------------
මේ සිදුවීම හෙට ඔබේ දරුවාට ද අත්විය හැකියි. දෙමාපියන් දෙස අප නිතරම සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ හැඟීම්, ඔහුගේ ක්‍රියාකලාපයන්, ඒ වගේම දරුවන්ගේ යහපත් සමාජ සම්බන්ධතා.

දෙමාපියන් ලෙස ඔබ බොහෝසෙයින් බුද්ධිමත් විය යුත්තේ , වෙන කවර හේතුවක් වත් නිසා නොව, ඔබේ දරුවාගේ යහපත උදෙසාමයි.

මෙවන් වූ ගැටළු දෙස දෙමාපියන් ලෙසින් ඔබ බලන ආකාරය වෙනස් කරගත යුතුයි. එසේ නැතහොත් ඔබේ දරුවා ඔබටම වෛරක්කාරයකු ලෙස පෙනිය හැක.
මෙවැනි අවස්ථාවලදී දරුවා සමඟ, මව සමගත් කතාබහ කරමින් මනෝ විද්‍යා උපදේශක වරුන්ට කිරීමට ඇති කාර්යභාරයන් බොහෝය.

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
පූර්ණිමා ජයකොඩි
076- 5328999
හමුවීම් .
Galle - Ruhunu Hospital
Galle - Cooperative Hospital Galle
Galle - Queensbury Hospitals
හා
Online උපදේශනය සැසි පවත්වයි

17/12/2022
08/11/2022
“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2022”( 8 වන වරට )2022 මාර්තු 17, 18, 19අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමා...
21/02/2022

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2022”
( 8 වන වරට )

2022 මාර්තු 17, 18, 19

අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමානයට පාත්‍ර වූ දුර්ලභ පින්බිමක් වේනම් ඒ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය සනිටුවහන් කරන ලද ශ්‍රී පාද පුදබිමයි. මේ පුණ්‍ය භුමිය බෞද්ධ ජනයාට පමණක් නොව ලොව සියලු ජනයාටම අද්‍යත්මික වශයෙන් ඉතා වැදගත්වෙයි.

උතුම් ශ්‍රී පාදස්ථානය මුලික කරගනිමින් තරුණ ශක්තිය , අධිෂ්ඨානය පෙරදැරිව බැති සිතින් දින 3ක් පුරාවට ශ්‍රී පාද කරුණා කරණ බැතිමතුන්, උතුම් ශ්‍රී පාද පුදබිම හා ඒ අවට කරනු ලබන සත්කාරය තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය වශයෙන් හැදින්විය හැක.

2013 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 7 ක් සාර්ථකව සිදු කරන ලද මෙම සත්ක්‍රියාව “තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2022” ලෙසින් 8 වන වරටත් මෙවර මාර්තු මස 17 , 18 හා 19 යන දින වලදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඔබ අප සැමගේ සහභාගිත්වයෙන් ශ්‍රී පාද ජපන් සාම චෛත්‍ය පෙදෙස ආශ්‍රීතව තෙදිනක් පුරාවට පහත වැඩසටහන් ක්‍රියාත්මකවේ.

1. දන්සැල්
2. පරිසරික ක්‍රියාකාරකම්
3. මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
4. ප්‍රථමාධාර කදවරු
5. දැනුවත් කිරීමේ වැඩසටහන්
6. ශ්‍රමදාන
7. මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන්

ඔබගේ කාරුණික ආධාර උපකාර, අනුග්‍රහකත්වයන් ලබාදීමට හා වැඩසටහන සමග සම්බන්ධ වීමට අමතන්න
0773 773 742 , 0712 453 782

වැඩසටහන සාර්ථක කරගැනීම සදහා කල්‍යාණ මිත්‍ර ඔබ සැමගේ ගෞරවනීය පැමිණීම හා දායකත්වයන් සුපහන් සිතින් බලාපොරොත්තු වන්නෙමු.

තෙරුවන් සරණයි 🙏🙏🙏

Address

Adam's Peak
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when සිත් මෙත් අරණ Sith Meth Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share