සිහින සිත්තරාවි පේජ්

සිහින සිත්තරාවි පේජ් නත්ථි මෙි සරණං අඤ්ඤං බුද්ධෝ මෙි සරණං වරං(මට බුදුන් සරණ හැර අන් සරණක් නොමැත...)

20/08/2026
රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර සියලු වරදින් අතමිදී යහපත සැනසීම උදාකර ගනිමු.🌼මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි,...
18/08/2026

රුවන්වැලි මහා සෑයට ජීවිතය පූජා කර සියලු වරදින් අතමිදී යහපත සැනසීම උදාකර ගනිමු.

🌼මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා...!

🌼 මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි, පූජා වේවා...!

🌼මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට පූජා කරමි, පූජා වේවා...!

🌼 මාගේ ජීවිතය තුනුරුවන් උදෙසාම, මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසාම පූජා කරමි, පූජා වේවා...!

🌼මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි, පූජා වේවා...!

🌼මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා..🙏

මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා..🙏

🌼 මාගේ ජීවිතය ලලාට ධාතූන් වහන්සේ, දළදා වහන්සේලා, අකු ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේලා ඇතුලු සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි, පූජා වේවා🙏

🌼මාගේ ජීවිතය රන්කොත් වෙහෙර වහන්සේටත් සියළු මහරහතන් වහන්සේලාගේ අරහන්තක ධාතූන් වහන්සේලාටත් පූජා කරමි, පූජා වේවා🙏

🌼 මාගේ ජීවිතය තුනුරුවනට පූජා කරමින්, සියලු ධාතූන් වහන්සේලාට පූජා කරමින්, රුවන්වැලි මහා සෑ රජුන්ට පූජා කරමින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින්, සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මාගේ ජීවිතයට මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් , බාධාවක් , පීඩාවක් , හිරිහැරයක් සිදු නොවේවා🙏🙏

ඇස්වහ, කටවහ, අණවින, කොඩිවින හදි හූනියං ආදී සියලු දෝෂ දුරුවේවා🙏

කරන කියන රැකීරක්ෂා ආදී සියලු කටයුතු සර්වප්‍රරකාරයෙන් ම සාර්ථක වේවා🙏

සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා🙏

අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!!!

පවුලේ සමගිය යහපත උදාවේවා!!!

රෝග භිය දුර්භීක්ෂාදී සියලු භිය දුරුවේවා🙏

සුවසේම පිංදහම් කරගෙන ශීලාදී ගුණධර්ම දියුණු කරගැනීමට ශක්තිය ලැබේවා🙏

මා කෙරෙන් නීවරණයෝ දුරුවෙත්වා🙏

මේ ගෞතම බුදු සසුනේ දී ම අමා මහ නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා🙏🙏

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ මොහොතේ පටන් සියළු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ , තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා🙏🙏🙏


එමෙන් ම අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා
බුදුරජාණන් වහන්සේටත් 🙏
පසේබුදු රජාණන් වහන්සේලාටත්🙏
ශ්‍රී සද්ධර්මයටත් 🙏
ශ්‍රාවක සංඝරත්නයටත් 🙏
ආර්යයන් වහන්සේලාටත්🙏
චෛත්‍යරාජයාණන් වහන්සේලාටත්🙏
ධාතුන් වහන්සේලාටත් 🙏
බෝධීන් වහන්සේලාටත්🙏
පිළිම වහන්සේලාටත් 🙏
ධ්‍යාන ලාභීන්ටත්🙏
සම්බුද්ධ ශාසනයටත්🙏
අම්මාටත් 🙏
තාත්තාටත් 🙏
අකුරු කෙරූ ගුරුවරුන්ටත්🙏
වැඩිහිටියන්ටත් 🙏
පිදිය යුත්තන්ටත් 🙏
සියලු කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයින්ටත්🙏

මාගේ සිත කය වචනයෙන් දැන හෝ නොදැන සිදු වූ සියලු වැරදිවලට ද , අගෞරවයන් වලට ද මම සමාව අයදිමි. දෙවනුවද මම සමාව අයදිමි. තෙවනුවද මම සමාව අයදිමි.

මට සමාව ලබාදෙන සේක්වා!!!
සමාව ලබාදෙන සේක්වා!!!
සමාව ලබාදෙන සේක්වා!!!

සාදූ.! සාදූ..!! සාදූ...!!! 🙏

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දසබලධාරී වූ චතුර්වෙශාරදත්ව විශාරද වූ සියලු සත්ත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා🙏🙏🙏

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටි සමයක, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රජගහ නුවරට පිඬු සිඟා වැඩම කරමින් සිටියා.ඒ ගම...
18/08/2026

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටි සමයක, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ රජගහ නුවරට පිඬු සිඟා වැඩම කරමින් සිටියා.ඒ ගමනේදී උන්වහන්සේට එක්තරා ප්‍රේතයෙකු දකින්න ලැබුණා.ඔහුගේ ස්වභාවය ඉතා දුක්ඛිතයි.

ඔහුට ඉදිරියේ පෙනෙන්නේ විශාල උක් වනයක්.උක් ඕනෑ තරම් තිබෙනවා.ඒ උක් වනය ඔහුටම ලැබී තිබෙනවා වගේ පෙනෙනවා.නමුත් ඒ උක් වනයෙන් ඔහුට කිසිම ප්‍රයෝජනයක් නැහැ.

ඔහු උක් දණ්ඩක් කඩාගෙන කන්න උත්සාහ කරනවා.නමුත් කඩාගන්න බැහැ.නැවත උත්සාහ කරනවා.ඒත් බැහැ.

උක් දණ්ඩ අල්ලාගෙන ඇදීමට උත්සාහ කරන විට ඔහුට වේදනාව ඇති වෙනවා. ඔහුගේ ශරීරය දුර්වල වෙලා, අවසානයේ බිම වැටෙනවා.කුසගින්නෙන්, පිපාසයෙන් සහ දුර්වලකමින් ඔහු දැඩි දුකකට පත්වෙලා සිටියා.

අවසානයේ ඔහු මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා.

“ස්වාමීනි, මට මේ වගේ විශාල උක් වත්තක් පෙනෙනවා. ඒත් මට ඒකෙන් උක් දණ්ඩක්වත් කන්න බැහැ. මම කොච්චර උත්සාහ කළත් උක් ගලවාගන්න බැහැ. මේ දුක මට ලැබුණේ මොන කර්මයක් නිසාද?”

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඔහුගේ අතීතය විමසා බැලුවා.ඊට පස්සේ උන්වහන්සේ ඔහුට ඔහුගේ අතීත ක්‍රියාව සිහිපත් කර දුන්නා.

අතීතයේ ඔහු මනුෂ්‍යයෙක්ව සිටි කාලයේ, දවසක් උක් දණ්ඩක් කමින් ගමන් කරමින් සිටියා.ඔහු පිටුපසින් තවත් පුද්ගලයෙක් පැමිණියා.ඒ පුද්ගලයා උක් දණ්ඩක් ඉල්ලුවා.
නමුත් මේ මිනිසා ඔහුට ඒක දෙන්න කැමති වුණේ නැහැ.

ඔහු නිහඬවම ගියා.අනෙක් පුද්ගලයා නැවතත් ඉල්ලුවා.

“මට උක් දණ්ඩක් දෙන්න.”

නමුත් ඔහුගේ සිතේ තිබුණේ කරුණාවක් නොවෙයි.
ඔහු කෝපයෙන් සහ අකමැත්තෙන් උක් දණ්ඩක් පිටුපසට දිගු කළා.
ඔහු අනෙක් පුද්ගලයා දෙසවත් නොබලා, අකමැත්තෙන් උක් දණ්ඩය දුන්නා.

ප්‍රේතයාට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔහුගේ අතීත කර්මය මෙය බවයි.
ඒක අහලා ප්‍රේතයාට තමන්ගේ දුකේ හේතුව තේරුණා.

නමුත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතනින් නතර වුණේ නැහැ.
උන්වහන්සේ ඔහුට විසඳුමකුත් කිව්වා.

“ඔබ අතීතයේ උක් දණ්ඩය පිටුපසට හැරී, අකමැත්තෙන් දුන්නා. දැන් ඔබත් පිටුපසට හැරී උක් දණ්ඩක් ගලවා ගන්න.”

ප්‍රේතයා එසේ කළා.ඔහු උක් වත්ත දෙසට පිටුපා උක් දණ්ඩක් ගලවා ගත්තා.ඒ මොහොතේ ඔහුට උක් කන්න පුළුවන් වුණා.ඔහුට අවශ්‍ය තරම් උක් කන්න හැකි වුණා.
ඔහුගේ දුක තරමක් සංසිඳුණා.

මෙතන තියෙන වැදගත්ම කරුණ “උක් දණ්ඩක් දුන්නාද නැද්ද?” කියන එක විතරක් නෙවෙයි.ඔහු අවසානයේ උක් දණ්ඩක් දුන්නා.නමුත් ඒක දුන්නේ කෝපයෙන්, අකමැත්තෙන් සහ අනෙක් පුද්ගලයා ගැන නොසලකා හැරීමේ සිතින්.

ඒ නිසා මේ කතාව කර්මයේදී ක්‍රියාව පමණක් නොව, ඒ ක්‍රියාව කරන අවස්ථාවේ තිබෙන චේතනාවත් වැදගත් බව ගැන සිතන්න පොළඹවනවා.

කෙනෙකුට දෙයක් දෙනවා.නමුත් හදවතින් දෙනවාද?
නැත්නම් කෝපයෙන්, අකමැත්තෙන්, අපහාසයක් වගේ දෙනවාද?
එකම දේ දුන්නත්, දෙන සිත වෙනස්.

අපි කෙනෙකුට දෙයක් දෙන විට, අපේ අතෙන් යන්නේ වස්තුවක් විතරද? නැත්නම් අපේ සිතත් ඒ ක්‍රියාව සමඟ එකතු වෙනවාද?

✨ අවුරුදු 7ක් මව් කුසේ හිරවී සිටි කුමාරයා! 😮(කියවන විට මොහොතකට ඔබව නතර කරන, අපූරු සංසාර කතාවක්...)මවගේ කුස ඇතුළේ අවුරුදු...
12/08/2026

✨ අවුරුදු 7ක් මව් කුසේ හිරවී සිටි කුමාරයා! 😮
(කියවන විට මොහොතකට ඔබව නතර කරන, අපූරු සංසාර කතාවක්...)
මවගේ කුස ඇතුළේ අවුරුදු 7ක්ම හිටියා? ඒ මදිවට ප්‍රසූති වේදනාව විඳින්න වුණෙත් දින 7ක් පුරාවටමයි! 😲
හිතන්න... සාමාන්‍ය මනුස්සයෙකුට මෙහෙම දෙයක් දරාගන්න පුළුවන්ද?
ඒත් මේ අරුම පුදුම කුමාරයා උපන්නා විතරක් නෙවෙයි, වයස අවුරුදු 7දී මහණ වෙලා, මහණ වෙන මොහොතේම (කොණ්ඩේ කපලා ඉවර වෙද්දීම) අරහත් භාවයටත් පත්වුණා! 🤯✨
කවුද මේ?
ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අග්‍රස්ථානය ලැබූ "සීවලී මහරහතන් වහන්සේ"! 🙏
ඒත් ඇයි උන්වහන්සේට මව් කුසේ අවුරුදු 7ක් හිරවෙන්න වුණේ? 🤔
හේතුව ගොඩක් අය නොදන්න පූර්ව කර්මයක්! පෙර ආත්මයක රජෙක් වෙලා ඉද්දි, සතුරු නගරයක් අවුරුදු 7කුයි දින 7කුයි තිස්සේ වටලාගෙන ඉඳලා ජනතාවට කෑම බීම නැතුව දුක් දීපු එකේ විපාකය තමයි ඒ...
ඒත් බලන්න සංසාරයේ හැටි!
තවත් එක ආත්මයකදී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට තමන්ගේ මුළු ශ්‍රද්ධාවෙන්ම "අලුත් මී පැණි සහ කිරි" එකතු කරලා පූජා කරපු මහා පින්කම නිසා, උන්වහන්සේට සංසාරේ පුරාවටම ලැබුණේ කෙළවරක් නැති ලාභ සත්කාර! 🍯🥛
කොච්චරද කියනවා නම්...
බුදුරජාණන් වහන්සේ තිස්දහසක් (30,000) භික්ෂූන් වහන්සේලා එක්ක කෑම බීම හොයාගන්න නැති, අමනුස්සයෝ පිරුණු භයානක කන්තාර මාර්ගයක වැඩම කරද්දීත්, සීවලී හිමියන්ව පෙරටු කරගෙනමයි වැඩම කළේ! මොකද උන්වහන්සේ වඩින තැන දෙවියෝ පවා දාන මාන පූජා කරන්න පෙළ ගැසුණ නිසා! 🌸✨
අදටත් අපේ ගෙවල්වල සීවලී යන්ත්‍රය, සීවලී රූපය තියන්නේ නිකන්ම නෙවෙයි... ඒ අපරිමිත පුණ්‍ය මහිමයේ ආශීර්වාදය පතලයි!
සංසාරයේ අපි කරන පුංචිම හෝ පිනක්, පවක් කවදාවත් අපෙන් වෙන් වෙන්නේ නැහැ කියන්න හොඳම උදාහරණය මේ කතාව නේද?

පින්සිත් පහල වුයේ නම් තවත් කෙනෙකුට කියවා දැනගැනීම සඳහා Share කරන්න! 👇

අස්වැන්න නෙලන තෙක් පස් වතාවක් දන් දෙන බමුණා හමුවට පැමිණි බුදු රජාණන්වහන්සේ  -පඤ්චග්ගදායක බ්‍රාහ්මණ වස්තුවසැවැත් නුවර "පඤ...
10/08/2026

අස්වැන්න නෙලන තෙක් පස් වතාවක් දන් දෙන බමුණා හමුවට පැමිණි බුදු රජාණන්වහන්සේ -පඤ්චග්ගදායක බ්‍රාහ්මණ වස්තුව

සැවැත් නුවර "පඤ්චග්ගදායක" නම් බ්‍රාහ්මණවරයෙක් වාසය කළේය. ඔහු තුළ පැවති විශේෂ ගුණාංගය වූයේ, අස්වැන්න නෙළීමේ සිට බත්පත දක්වා අවස්ථා පහකදීම අග කොටස (පළමු කොටස) දන් දීමයි. ඒ අනුව ඔහු,

ගොයම් කෙතේ තිබියදී (ඛෙත්තග්ග) දානයක් ද,
ගොයම් කපා කමතේ ලූ කල්හි (ඛලග්ග) දානයක් ද,
ගොයම් පාගා වී එක්තැන් කළ කල්හි (ඛලභඬග්ග) දානයක් ද,
බත් පිසීමට සහල් හැළියට දැමූ කල්හි (කුම්භග්ග) දානයක් ද,
බත් පිස බත් තලියට ගත් කල්හි (පාතග්ග) දානයක් ද වශයෙන් එක් වගාවක් සඳහා පමණක් දන් පස් වතාවක් පිරිනැමීය.

තවද, තමා ආහාර අනුභව කරන වේලාවට යම්කිසි අගුන්කුරුවකු (අමුත්තකු) පැමිණියහොත්, ඔහුට නොදී තමා කිසිසේත් ආහාර නොගත්තේය. මෙම උතුම් ගති ස්වභාවය නිසා ඔහු "පඤ්චග්ගදායක බ්‍රාහ්මණ" යන නමින් ප්‍රසිද්ධ විය.

දිනක් අප තිලෝගුරු බුදුරජානන් වහන්සේ දිවැසින් ලොව බලන සේක්, මේ බ්‍රාහ්මණයාට සහ ඔහුගේ භාර්යාවට සෝවාන්, සකදාගාමී හා අනාගාමී යන උතුම් මාර්ග-ඵල අවබෝධ කර ගැනීමට තරම් වාසනා මහිමයක් ඇති බව දුටු සේක.

ඒ කුසල මෝරන මොහොත උදා වී ඇති බැවින්, බ්‍රාහ්මණයා ආහාර ගන්නා වේලාවෙහි උන්වහන්සේ ඔහුගේ නිවසෙහි දොරටු අභියස වැඩසිටි සේක. බමුණා නිවස තුළට මුහුණ ලා දොරකඩ හිඳගෙන බත් අනුභව කරමින් සිටි බැවින්, දොරටු අභියස වැඩසිටි බුදුරජානන් වහන්සේ ඔහුට දිස් වූයේ නැත.

බ්‍රාහ්මණයාට බත් බෙදමින් සිටි බ්‍රාහ්මණ ස්ත්‍රිය බුදුරජානන් වහන්සේ දොරටු අභියස වැඩසිටිනු දුටුවාය. ඇය තුළ මෙවැනි සිතක් පහළ විය,

"මගේ ස්වාමියා මේ වගාවට අදාළ දන් පස් වතාවක්ම දී අවසන් කොට දැන් අමාරුවෙන් සූදානම් කරගත් බත්පත අනුභව කරයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහි වැඩසිටිනු මගේ ස්වාමියා දුටුවහොත්, මේ බත් තලියත් උන්වහන්සේට පූජා කරනු ඇත. එවිට මට නැවතත් අලුතින් බත් පිසීමට සිදුවන අතර, මේ වෙලාවේ එය බෙහෙවින් අපහසුය. එබැවින් බමුණාට නොපෙන්නන සේ මම බුදුරජානන් වහන්සේ වසාගෙන සිටිමි."

ඇය බුදුරජානන් වහන්සේ දෙසට පිටුපා, බමුණාගේ පිටුපසින් පූර්ණ චන්ද්‍රයා වසන මේඝයක් මෙන් නැමී සිටගත්තාය. එසේ සිටිමින් වරින්වර හොරැහින් බුදුරජානන් වහන්සේ දෙස බලමින්, "ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තවමත් ගියාද?" යැයි සිතුවාය. එහෙත් බුදුරජානන් වහන්සේ එතැනින් බැහැර නොවී වැඩසිටියහ.
බමුණාට ඇසේ දැයි බියෙන් උස් හඬින් කතා කළ නොහැකිව, බැමිණිය වටපිට බලා ඉතා මඳ හඬින්, "අරුණුයි" (යනුවයි) පැවසුවාය. එවිට බුදුරජානන් වහන්සේ "නොයමි" යන අදහසින් මඳක් හිස සැලූ සේක. උන්වහන්සේ හිස සලනු දුටු බැමිණියට ඉබේම සිනහ පහළ විය.

ඒ සමඟම බුදුරජානන් වහන්සේ බ්‍රාහ්මණයාගේ නිවස තුළට බුද්ධ රශ්මි ආලෝක ධාරාවක් යැවූ සේක. බමුණා පිටුපාලා උන්නද, බ්‍රාහ්මණ ස්ත්‍රියගේ සිනා හඬ ඇසීත්, නිවස තුළ පැතිරුණු ෂඩ්වර්ණ බුදුරස් මාලා දැකීත්, හැරී බැලූ විට බුදුරජානන් වහන්සේ දැක මහත් විස්මයට පත් විය.

බුදුවරුන් වහන්සේලා යනු තමන් වහන්සේ පිළිගැනීමට සුදුසු පින්වතුන් සිටින තැනකදී, ඔවුන්ට නොපෙනී ආපසු වැඩම කරන්නෝ නොවෙති.
බමුණා බුදුරදුන් දැක, ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව අඩක් අනුභව කළ බත් තලිය රැගෙන උන්වහන්සේ වෙත ගොස් මෙසේ පැවසීය,

"භවත් ගෞතමයන් වහන්ස, මම දන් පස් වතාවක්ම දී අවසන් කොට මෙම බත අනුභව කළෙමි. මේ බත් තලියෙන් අඩක් පින්වතකුට දෙන්නට සිතා වෙන් කර තබා, ඉතිරි අඩ මම කෑවෙමි. දීමට වෙන් කළ කොටස තවමත් ඉතිරිව තිබේ. මගේ මේ බත් කොටස පිළිගන්නා මෙන් ඉල්ලමි."

එවිට බුදුරජානන් වහන්සේ, "බ්‍රාහ්මණය, අග බතත් මට සුදුසුය; අඩක් කා ඉතිරි කළ බතත් මට සුදුසුය; අන්තිම බත් පිඩත් මටම සුදුසුය. අපි අනුන් දෙන දෙයින් ජීවත්වන ප්‍රේතයන් වැනියම්හ" යනුවෙන් වදාළ සේක.

ඉන්පසු බුදුරජානන් වහන්සේ බිඳුණු අග කොටස් හෝ ඉතිරි ආහාර පූජා කරන දායකයන්ට ගර්හා නොකරන, උතුම් මුනිවරුන්ගේ ස්වභාවය විස්තර කරමින් උතුම් ගාථාවක් දේශනා කළ සේක.

බ්‍රාහ්මණයා එම ධර්මයට දැඩි ලෙස පැහැදී, "භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ ශ්‍රාවකයන් භික්ෂූන් වහන්සේලා යැයි පවසන සේක. කොපමණකින් භික්ෂුවක් වේද?" යැයි ප්‍රශ්න කළේය.

බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ පෙර අතීත කුසල් සිහිපත් කරමින්, නාමරූප ධර්මයන්හි නොඇලෙන, ඒවායේ අනිත්‍යතාව දැක ශෝක නොකරන තැනැත්තා සැබෑ භික්ෂුව වන බව වදාළ සේක,

සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං,
අසතා ච න සොචති සවෙ භික්ඛූති වුච්චතීති.

(අර්ථය: යමෙකුට නාම රූප (ශරීරය සහ මනස) කෙරෙහි 'මගේ' යන මමත්වය කිසිසේත් නැද්ද, යමක් නැසී යාම ගැන (නැති වී ගිය දෙය ගැන) ශෝක නොකරයිද, හෙතෙම සැබැවින්ම 'භික්ෂු' නම් වේ.)

මෙම ගැඹුරු ධර්ම දේශනාව අවසානයේදී, පඤ්චග්ගදායක බ්‍රාහ්මණයාත් ඔහුගේ භාර්යාවත් යන දෙපළම අනාගාමී ඵලයෙහි පිහිටියහ. රැස්ව සිටි අනෙකුත් පිරිසටද මෙම දේශනාවෙන් මෙලොව පරලොව දියුණුව සලසාගත හැකි විය.

ඛුද්දක නිකායේ ධම්මපද අට්ඨකතාවේ පඤ්චග්ගදායක බ්‍රාහ්මණ කතා වස්තුව නිමි.

මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය චාරිකාවෙ යෙදෙන අවස්ථාවක ඉතාමත්ම දීප්තිමත් දිව්‍ය විමානයකින් බැස එන දිව්‍ය පුත්‍රයෙක් දැක ඔ...
10/08/2026

මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය චාරිකාවෙ යෙදෙන අවස්ථාවක ඉතාමත්ම දීප්තිමත් දිව්‍ය විමානයකින් බැස එන දිව්‍ය පුත්‍රයෙක් දැක ඔහු අසල නැවතී පින්වත් දිව්‍ය පුත්‍රය නුඹ කුමන ආකාරයේ කුසලයක් කරලද මෙතරම් යස ඉසුරු සහිතව ශරීර වර්ණය චන්ද්‍ර මණ්ඩලයක් වැනිය ඔබගේ ප්‍රභාශ්වර භාවය මෙතරම් දිව්‍ය සැප සම්පත් ලබන්න නුඹ මනුලොවදී කරන ලද පින කුමක්දැයි විමසා සිටියා.

පින්වත් මොග්ගල්ලාන මහරහතන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා කියමින් මේ පින්වත් දේවතාව ප්‍රකාශ කරා මම මනුස්ස ලෝකයේ රජගහනුවර වේළුවනාරාමය සමීපයේ ඈත ගමක බොහොම දිළිඳු පවුලක ගොවිතැන් බත් කරමින් දාඩිය මහන්සියෙන් හම්බු කරගෙන හම්බු කරගෙන එදා වේල පිරිමහගෙන ජීවත් වෙච්ච අහිංසක මිනිසෙක්.

දිනක් මම වෙහෙස මහන්සි වෙලා ගොවිතැන් කරලා ගෙදරට පැමිණි කල්හි මාගේ බිරිඳ බත්තලියක් ලබා දුන්නා මාගේ දාවල් ආහාරය සඳහා එම තලිය ආහාරයට ගැනීමට සූදානම් වෙන අවස්ථාවේදී පිඬුසිඟා වඩින සංඝයා වහන්සේ නමක් පැමිණියා උන්වහන්සේ බොහොම දුර බැහැර සිට පැමිණි බව මට හැඟුණා උන්වහන්සේ බොහෝ සෙයින් විඩාවට පත්වෙලා සිටින බව මම දැක්කා.

එම නිසා මම පළමුවෙන්ම උන්වහන්සේගේ පාද නමස්කාර කොට උන්වහන්සේට පැන් බදුනක් පූජා කළා.

ඉන් අනතුරුව මගේ බත්තලිය උන්වහන්සේගේ පාත්‍රයට පූජා කරා උන්වහන්සේ එහෙම දානය වළදා බොහෝ සෙයින් විඩාව දුරු කරගෙන නැවත වඩිනවා දැක මගේ සිතට බොහෝම සෙයින් ප්‍රීතියක් උපන්නා.

මම උන්වහන්සේ වඩින ගමන් මඟ දිහා බලාගෙන බොහෝ සෙයින් සතුටට පත්වුණා ඉන් පසුව එම පිනෙන් පසු කලක මම මිනිස් ලොවින් චුතව මේ තව්තිසා දෙව්ලොව විශාල දිව්‍ය විමානයක පහළ වුණා.

කියලා මුගලන් මහරහතන් වහන්සේට මේ දේවතාව ප්‍රකාශ කරා මුගලන් මහ රහතන් වහන්සේ සාධුකාර දීලා, දිව්‍ය චාරිකාවේ යෙදුනා කියලා සඳහන් වෙනවා,

මේ කතාව තියෙන්නේ විමානවත්තු කතාවේ.

ඉතිං මේ වස්සාන කාලයේ මනුලොව බොහෝ පිරිස් දෙව්ලොව යන කාලයේ ඔබත් හැකි අයුරින් දන් පින්කම් කරන්න

සැමට තෙරුවන් සරණයි..!

සම්බුදු සසුන බැබලු අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා..🙏01. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ. 02. වප්ප මහ රහතන් වහන්සේ.03. අස්සජි...
09/08/2026

සම්බුදු සසුන බැබලු අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා..🙏

01. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ.

02. වප්ප මහ රහතන් වහන්සේ.

03. අස්සජි මහරහතන් වහන්සේ.

04. යස මහරහතන් වහන්සේ.

05. සුබාහු මහරහතන් වහන්සේ.

06. ගවම්පති මහරහතන් වහන්සේ.

07. ගයාකාශ්‍යප මහ රහතන් වහන්සේ.

08. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ.

09. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.

10. මහා කොට්ඨත මහරහතන් වහන්සේ.

11. මහා චුන්ද මහ රහතන් වහන්සේ.

12. කංඛාරේවත මහරහතන් වහන්සේ

13. නන්ද මහරහතන් වහන්සේ.

14. නන්දක මහරහතන් වහන්සේ.

15. භද්දිය මහරහතන් වහන්සේ.

16. භද්දිය මහරහතන් වහන්සේ.

17. මහානාම මහරහතන් වහන්සේ.

18. නාලක මහරහතන් වහන්සේ.

19. විමල මහරහතන් වහන්සේ.

20. පුණ්ණජී මහරහතන් වහන්සේ.

21. උරුවෙල් කාශ්‍යප මහ රහතන් වහන්සේ.

22. නදී කාශ්‍යප මහරහතන් වහන්සේ.

23. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ.

24. මහා කච්ඡායන මහ රහතන් වහන්සේ

25. මහා කප්පිත මහරහතන් වහන්සේ.

26. අනුරුද්ධ මහරහතන් වහන්සේ.

27. ආනන්ද මහරහතන් වහන්සේ.

28. භගු මහරහතන් වහන්සේ.

29. කිම්බිල මහරහතන් වහන්සේ.

30. රාහුල මහරහතන් වහන්සේ.

31. සීවලී මහරහතන් වහන්සේ.

32. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ.

33. ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

34. සුරාපනන්තක පුණ්ණ මහ රහතන් වහන්සේ

35. කෝලිවිස සෝණ මහරහතන් වහන්සේ.

36. සුභූති මහරහතන් වහන්සේ.

37. වක්කලී මහරහතන් වහන්සේ.

38. මහා උදායි මහරහතන් වහන්සේ.

39. සෝභිත මහරහතන් වහන්සේ.

40. රට්ඨපාල මහරහතන් වහන්සේ.

41. සභිය මහරහතන් වහන්සේ.

42. උපවාන මහරහතන් වහන්සේ.

43. සාගත මහරහතන් වහන්සේ.

44. ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේ.

45. මහා පන්තක මහරහතන් වහන්සේ.

46. බක්කුල මහරහතන් වහන්සේ.

47. දාරුචීරිය මහරහතන් වහන්සේ.

48. අජිත මහරහතන් වහන්සේ.

49. පුණ්ණක මහරහතන් වහන්සේ.

50. ධෝතක මහරහතන් වහන්සේ.

51. නන්ද මහරහතන් වහන්සේ.

52. තෝදෙය්‍ය මහරහතන් වහන්සේ.

53. ජතුකණ්ණ මහරහතන් වහන්සේ.

54. උදය මහ රහතන් වහන්සේ.

55. මෝඝරාජ මහ රහතන් වහන්සේ.

56. උපාලි මහ රහතන් වහන්සේ.

57. උපසේන මහරහතන් වහන්සේ.

58. මන්තානිපුත්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

59. කුට්ටිකණ්ණ සෝණ මහරහතන් වහන්සේ

60. රාධ මහ රහතන් වහන්සේ.

61. අංගුලිමාල මහරහතන් වහන්සේ.

62. කාළුදායි මහරහතන් වහන්සේ

63. පිළින්ද වච්ජි මහ රහතන් වහන්සේ.

64. කුමාර කස්සප මහ රහතන් වහන්සේ.

65. වංගීස මහරහතන් වහන්සේ.

66. සේල හරහතන් වහන්සේ

67. මේඝිය මහ රහතන් වහන්සේ.

68.නාගිත මහරහතන් වහන්සේ.

69. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ.

70. චුල්ලපන්ථක මහරහතන් වහන්සේ.

71. කොණ්ඩ දාන මහරහතන් වහන්සේ.

72. යසෝජ මහරහතන් වහන්සේ.

73. තිස්ස මෙත්තෙයිය මහරහතන් වහන්සේ.

74. මෙත්තගු මහ රහතන් වහන්සේ.

75. උපසිව මහරහතන් වහන්සේ.

76. හේමක මහරහතන් වහන්සේ.

77. කප්ප මහරහතන් වහන්සේ.

78. භද්‍රාවුද මහරහතන් වහන්සේ.

79. පෝසාල මහරහතන් වහන්සේ

80. පිංගිය මහරහතන් වහන්සේ.

ඔබ සැමට තෙරුවන් සරණයි...🙏

Address

Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when සිහින සිත්තරාවි පේජ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සිහින සිත්තරාවි පේජ්:

Shortcuts

Share