Katana Deanery Catholic Youth Federation

Katana Deanery Catholic Youth Federation Official Page of Katana Deanery Catholic Youth Federation.

✝️ ස්තූතියි ගරු ඩිල්ශාන් මාලින්ද පියතුමනි… ❤️කාලයක් පුරා අක්‍රීයව තිබූ කටාන දිසා කතෝලික තරුණ සංගමය නැවත එක්සත් කර, නව ජව...
31/08/2026

✝️ ස්තූතියි ගරු ඩිල්ශාන් මාලින්ද පියතුමනි… ❤️

කාලයක් පුරා අක්‍රීයව තිබූ කටාන දිසා කතෝලික තරුණ සංගමය නැවත එක්සත් කර, නව ජවයකින් හා නව බලාපොරොත්තුවකින් නැවත සක්‍රීය කරගැනීමට ඔබ ලබාදුන් නායකත්වය සහ මඟපෙන්වීම වෙනුවෙන් අපගේ හදවතින්ම ස්තූතිය පුද කරමු. 🙏

ඔබගේ කැපවීම නිසා නැවත එකට එක්වූ තරුණ හදවත්, නැවත පණ ලැබූ අපගේ සංගමය සහ ආරම්භ වූ නව ගමන—මේ සියල්ල ඔබ අප වෙත තැබූ වටිනාම දායාදයන් අතර වේ. ❤️

පියතුමනි, ඔබ අපට හුදෙක් සම්බන්ධීකාරකවරයෙකු පමණක් නොව, අපගේ හැකියාවන් විශ්වාස කළ මඟපෙන්වන්නෙකු, අපව එක් කළ නායකයෙකු සහ අපගේ තරුණ ගමනට ආලෝකයක් වූ සහෝදරයෙකු විය.

ඔබ සමඟ ගෙවුණු මතකයන් අපගේ හදවත් තුළ සදා රැඳෙනු ඇත. ඔබ ආරම්භ කළ මේ ගමන තවදුරටත් ඉදිරියට ගෙන යාම අපගේ වගකීමයි. ❤️

ඔබගේ ඉදිරි පූජක සේවා ගමනට දෙවිඳුන්ගේ ආශීර්වාදයත්, මඟපෙන්වීමත්, ශක්තියත් නිරතුරුව ලැබේවා! ✝️🙏

අපව නැවත එකතු කළාට…
අක්‍රීයව තිබූ අපගේ සංගමයට නැවත පණ දුන්නාට…
අප සමඟ මේ ගමන ගමන් කළාට…
හදවතින්ම ස්තූතියි ගරු පියතුමනි!❤️

“Your chapter with us may be ending, but the impact you made will remain forever.” ✝️❤️

නායකත්වයද... කැඳවීමකි. දේව සේවයකි.විශ්වාසය වගේම දේව ප්‍රේමය, බලාපොරොත්තුව, ඉවසීම පෙරදැරි කොටගත් සාර්ථක නායකයෙකු වන්නේ කෙ...
28/07/2026

නායකත්වයද... කැඳවීමකි. දේව සේවයකි.

විශ්වාසය වගේම දේව ප්‍රේමය, බලාපොරොත්තුව, ඉවසීම පෙරදැරි කොටගත් සාර්ථක නායකයෙකු වන්නේ කෙසේද... නායකත්වයෙන් ලබන වගකීම්, සේවය තුළින් අපේ ජීවිතයට ලැබෙන අත්දැකීම්, වරප්‍රසාද... ඔබේ අධ්‍යාත්මික ජීවිතයට මෙන්ම සමාජයේ ඔබේ පැවැත්ම තහවුරු කරගැනීමට මනා පිටුවහලකි.

කටාන දිසා තරුණ සංගමය විසින් සංවිධානය කරන, නායකත්ව පුහුණු වැඩමුළුව ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කරගන්න, ඔබ සතු කුසලතා, තලෙන්තු උපයෝගී කරගෙන ඒ නායකත්වය, කැඳවීම, සේවයට පිළිතුරු දෙන්න ඉගෙන ගන්න, එන්න!

🗓️ ජූලි 29, බදාදා

⏰ පෙ.ව. 8:30 - ප.ව. 5:00 දක්වා

📍ශු. ජපමාල දේවමාතා දේවස්ථානය, බඩල්ගම

මෙහෙයවීම: කොළඹ අගරදගුරු පදවි තරුණ කටයුතු අධ්‍යක්ෂක, ගරු ලෙස්ටර් විජේසූරිය පියතුමා සහ එම කණ්ඩායම

සැ.යු: මෙයට සහභාගී වීමට ඔබ නායකයෙකු විය යුතු නැත. තරුණ සමිතියේ සමාජිකයෙකු වීමද අනිවාර්යය නැත. කටාන දිසාවේ වයස අවුරුදු 17-30ත් අතර අවිවාහක සියලු තරුණ තරුණියන්ට මෙයට සහභාගී විය හැක.

දිවා ආහාර සපයනු ඇත. (150/- රැගෙන එන්න)

කටාන දිසා තරුණ සංගමයේ ජුනි මස සමිතිවාරය, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා, කඳවල මීසම් පාලක ගරු ල...
17/06/2026

කටාන දිසා තරුණ සංගමයේ ජුනි මස සමිතිවාරය, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා, කඳවල මීසම් පාලක ගරු ලක්නාත් කුරේ පියතුමා සහ දිසා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්, 2026 වර්ෂයේ ජුනි මස 07 වන ඉරුදින, ප.ව. 7:30ට, කඳවල වික්ෂෝප මතා දේවස්ථානයේදී පැවැත්විණි.

කටාන දිසා තරුණ සංගමයේ සමිතිවාරය, 2026 වර්ෂයේ පෙබරවාරි මස 22 වන ඉරුදින, ප.ව. 12:00ට, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්...
17/06/2026

කටාන දිසා තරුණ සංගමයේ සමිතිවාරය, 2026 වර්ෂයේ පෙබරවාරි මස 22 වන ඉරුදින, ප.ව. 12:00ට, දිසා තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු. ඩිල්ෂාන් මාලින්ද පියතුමා සහ දිසා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන්, මඩම්පැල්ල ශු. සන්තියාගු මුනිඳුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.

Album : චතාරික වැඩසටහන | part 02"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහ...
21/03/2026

Album : චතාරික වැඩසටහන | part 02

"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහන, මාර්තු 21 වන සෙනසුරාදා (අද) දින මුරුතාන සා. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති විණි.

මෙවැනි දුෂ්කර කාල වකවානුවකදී පවා තම දූත කාර්‍ය නොපිරිහෙලා ඉටු කරනු වස්, දිසා තරුණ තරුණියන්ට “වේදනාව තුළ ගලායන කුරුසියේ ආදරය” පෙන්වා දෙමින්, ගරු. කළණ පීරිස් පියතුමා සමඟ Sound of Jesus කණ්ඩායම අරුත්බර වැඩසටහනක් මෙහෙය වූ අතර ගරු. ඩිල්ෂාන් මාලිංග පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න...✝️🤍✨

Album : චතාරික වැඩසටහන | part 01"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහ...
21/03/2026

Album : චතාරික වැඩසටහන | part 01

"වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න" යන තේමාව ඔස්සේ පැවැති, කටාන දිසා තරුණ චතාරික වැඩසටහන, මාර්තු 21 වන සෙනසුරාදා (අද) දින මුරුතාන සා. අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති විණි.

මෙවැනි දුෂ්කර කාල වකවානුවකදී පවා තම දූත කාර්‍ය නොපිරිහෙලා ඉටු කරනු වස්, දිසා තරුණ තරුණියන්ට “වේදනාව තුළ ගලායන කුරුසියේ ආදරය” පෙන්වා දෙමින්, ගරු. කළණ පීරිස් පියතුමා සමඟ Sound of Jesus කණ්ඩායම අරුත්බර වැඩසටහනක් මෙහෙය වූ අතර ගරු. ඩිල්ෂාන් මාලිංග පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න...✝️🤍✨

Album : යෞවනය පිබිදෙන්න | Part 02ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරු...
21/03/2026

Album : යෞවනය පිබිදෙන්න | Part 02

ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින්, කටාන දිසා තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ "යෞවනය පිබිදෙන්න" වැඩසටහන, මාර්තු 02 වන සඳුදා (පෝ දින), බඩල්ගම ශු. ජපමාල මාතා දේවස්ථානයේදී පැවැත්විණි.

"කතෝලික සහකරුවෙක්/සහකාරියක් සොයාගන්නෙ කෙසේද?" සහ
"තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකෙන්නෙ කෙසේද?" යන තේමාවන් ඔස්සේ වැඩසටහන ගලා ගියේය.

යෞවනය පිබිදෙන්න…✨

Album : යෞවනය පිබිදෙන්න | Part 01 ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තර...
21/03/2026

Album : යෞවනය පිබිදෙන්න | Part 01

ගරු රෙක්ස් වින්ස්ටන් පියතුමාගේ මෙහෙයවීම මත, ගරු ඩිල්ෂාන් මාලින්ද පියතුමා ඇතුළු දිසා තරුණ සංගමය විසින්, කටාන දිසා තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ "යෞවනය පිබිදෙන්න" වැඩසටහන, මාර්තු 02 වන සඳුදා (පෝ දින), බඩල්ගම ශු. ජපමාල මාතා දේවස්ථානයේදී පැවැත්විණි.

"කතෝලික සහකරුවෙක්/සහකාරියක් සොයාගන්නෙ කෙසේද?" සහ
"තරුණ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකෙන්නෙ කෙසේද?" යන තේමාවන් ඔස්සේ වැඩසටහන ගලා ගියේය.

යෞවනය පිබිදෙන්න…✨

First meeting of Katana Deanery Catholic Youth Federation for year 2026 ✨2026.01.18
21/03/2026

First meeting of Katana Deanery Catholic Youth Federation for year 2026 ✨

2026.01.18

කටාන දිසා තරුණ සංගමය විසින් මෙහෙයවනචතාරික වැඩසටහන >>>එන්න ඔබත්... වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න!කුරුසියෙන් ජීවිතයට ...
21/03/2026

කටාන දිසා තරුණ සංගමය විසින් මෙහෙයවන
චතාරික වැඩසටහන >>>

එන්න ඔබත්... වේදනාවේ අර්ථය කුරුසියෙන් ඉගෙන ගන්න!
කුරුසියෙන් ජීවිතයට නව බලාපොරොත්තුවක් සොයා ගනිමු..

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Katana Deanery Catholic Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share