කතෝලික ආලෝකය

කතෝලික ආලෝකය “ලංකාවේ කතෝලික විශ්වාසය, දේවස්ථාන, පූජා කාලසටහන් සහා අධ්‍යාත්මීක තොරතුරු බෙදාහැරීම සදහා පිළියෙලවු පිටුවකි.”

🕯️දේව ආලෝකය ඔබත් රැගෙන යන්න 🕯️

13/09/2025

පූජකවරය පිළිබඳ ඔබ වහන්සේගේ දැක්ම විස්තර කළොත්?.. ♥️🙏මුලින්ම පුජක ජීවිතයේ දී තමන්ට තමන්ම අවංක විය යුතුයි. අපි දෙවියන් වහන...
07/09/2025

පූජකවරය පිළිබඳ ඔබ වහන්සේගේ දැක්ම විස්තර කළොත්?.. ♥️🙏

මුලින්ම පුජක ජීවිතයේ දී තමන්ට තමන්ම අවංක විය යුතුයි. අපි දෙවියන් වහන්සේට කැප වී සිටින්නේ කවුරුන් හෝ කියපු නිසා නොවෙයි. මම මගේ ශක්තිය කැප කිරීමක් කිරීමට සූදානමින් සිටිය යුතුයි. තමන්ව පූජක දිවිය මගින් කැඳෙව්ව කුමක් නිසාද යන්න සිතමින් කල්පනා කරමින් ජීවත්විය යුතුයි. විශේෂයෙන් සභාවේ අපේක්ෂාවන් පිළිබඳවද දැනුමක් තිබීම අවශ්‍යයි.

කිසිම පූජකතුමෙක්ට තමන්ට ඕනෑ ආකාරයෙන් පිවිත්විය නොහැකියි.

පූජකතුමෙක් පූජක ජීවිතයේ ගත කළ යුතු පීවිත ක්‍රමය පිළිබඳව සභාව මග පෙන්වයි. ඊට අවනත වීම අවශ්‍යමයි. සුවපහසු ජීවිතයක් ගත කිරීමට පූජකවරයකු වීම අවශ්‍ය නොවෙයි. පූජකවරයා යා යුතු තාලය පෙන්නුම් කරනු ලබන්නේ සභාවයි. ඔහු ඊට සූදානම් විය යුතුයි. සභාව උගන්වන කරුණු කාරණා කෙරෙහි පක්ෂපාතීත්වයක් තිබිය යුතුයි.

ඒ විතරක්ද නොවෙයි. පුජක ජිවිතයේදී කීකරු වනවාට වඩා සංකීර්ණම කාරණය වෙන්නෙ පරිත්‍යාගයයි. බොහෝ දේට මම කැමති වුණත් නැතත් මට පරිත්‍යාග කිරීම අපහසුය විය හැකියි.

විශේෂයෙන් මම පූජකවරයට එන්නේ ගෙදර සහ මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අත්හැර දමලායි. දැන් ආයෙත් ඒ පැත්ත දිහා හැරිලා බලන්න බැහැ. ඒ සියල්ලම පරිත්‍යාග කළ යුතුමයි. මක්නිසාද මම පුජකවරයට එහෙයි කිව්වේ පවුල ගොඩනැගීමට කැපවන්න නොව දේව ජනතාව ගොඩ නැගීමටයි.

මගේ අම්මායි තාත්තයි. සහෝදර සහෝදරියොයි පවුලේ කිසිම දෙයකට අදටත් අත දාන්නවත් බොහෝ ක්‍රියාකාරී දේවලට මට සම්බන්ධ වෙන්නවත් ඉඩක් තියන්නෙ නැහැ.

මා නොසිතූ නොපැතූ අවස්ථාවක මගේ තාත්තා ජීවිතක්ෂයට පත්වුණා. ඒ බව මට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දුන්නා.

සියලු තොරතුරු වාර්තා කළා. ගොඩාක් පියතුමන්ලා ආ බවත් කිසිම අඩු පාඩුවක් හෝ අතපසු කිරීමක් නොකර සියල්ල සාර්ථකවම සිදු වූ බවත් මට දැනුම් දුන්නා.

තරුණ පියතුමන්ලා එක්ක වගේම වයසක හෝ පරිණත පියතුමන්ලා එක්කත් මම එකම ප්‍රතිපත්තියෙන් කටයුතු කළා. මාත් එක්ක හරි හරියට සමහර ප්‍රශ්න වලට පැටළුනු පියතුමන්ලාත් හිටියා. මම ඔවුන් එක්ක ක්‍රියා කළේ දේව යුක්තිය දේව සාධාරණත්වය වෙනුවෙන් පමණයි. පෞද්ගලික මතිමතාන්තර හෝ න්‍යාය පත්‍ර ල් මුල්කර ගනිමින් කිසිම තීරණයක් තීන්දුවක් මම ගත්තේ නැහැ. මම ස්වාමිලා මාරු කිරිම් කරන්නෙත් බොහොම යාච්ඤා කාලයක් ගත කෙරුවායින් පස්සෙයි. ස්වාමි කෙනෙකු මාරු කිරීමට ගත් තීන්දුවක් කිසිම දවසක ආයෙත් පස්සට අදින්නේ නැහැ. ඒ කාරණය මගේ පූජක සංඝයේ සියලුම පියතුමන්ලා හොඳාකාරවම දන්නවා.

බදුල්ල විශ්‍රාමික රදගුරු අති උතුම් වින්සන්ට් ප්‍රනාන්දු හිමිපාණන්

2025/9/7 ඥානාර්ත ප්‍රදීපය පුවත්පතේ

මීගමුවේ කතෝලික අපි

27/08/2025

✨🙏 ඔබ සැමට ආරාධනා 🙏✨

💢 වග මීසමට අයත් වැලිකන්න ශු. ජපමාල දේවමාතා නව දේවස්ථානයට ආධාර පිනිස පැවැත්වෙන,

🎶 “මීපුර සීතාවක මේලා” සංගීත ප්‍රසංගය 🎶

ඔබගේ මහඟු දායකත්වය අපට ලබාදී එහි කොටස්කරුවෙකු වන්නට ඔබ සැමට ආරාධනා,

එන්න – අපත් සමඟ එකමුතුවෙමු..!

මීට,
✝️ දේවස්ථාන භාර පියතුමා හා
🙏 දේවස්ථාන කමිටුව.



fansමීගමුවේ කතෝලික අපිMedia Circle of Our lady of Fatima, Kuttiduwa ChurchSt.Mary's Church Grand Street Negombo Sri Lankaකතෝලික ආලෝකයHoly Cross Sunday School Negomboජේසු වෙනුවෙන්-St. Nicholas Church MunnakkaraHoly Cross Church - NegomboSon of God - ජේසුගෙ දරුවෙක්St.Nicholas Sunday School- MunnakkarayaSt Mary 's Youth Society Grand Street NegomboHoly Rosary Church - KudapaduwaSt.Sebastian's Church, Sea Street NegomboMother of Purification Church, Pitipana, Negombo, Sri LankaKimbulapitiya ParishOur Lady of purification Church Bolawalana NegomboSt. Anne's Church PalangathureYouth Society, KuranaMarawila Kurusa Palliya|මාරවිල කුරුස පල්ලියDuwa Sindathri ChurchEththukala St. Sylvesters ChurchRisen Crist Church Kadolkaleකතෝලික පුංචි රෝමය

මීගමුවේ කතෝලික අපි
16/08/2025

මීගමුවේ කතෝලික අපි

💢 රෝකුස් මුනිතුමාගේ කතාව 🙏🏻

''රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා''

පොඩි කාලෙ අම්මලා අපිට කියලා දීලා තිබ්බෙ බල්ලෙක් කන්න ආවොත් එහෙම හිතන්න කියලා......
ඇයි එහෙම කියන්නෙ මොකක්ද මේ බල්ලගෙයි රෝකුස් මුනිතුමාගෙයි ඒ තරමට තියෙන සම්බන්ධය....
එහෙනම් අපි ඒ කතාව දැනගමු.............. 🐶🍞💚
රෝකුස් කියන්නෙ ප්‍රංශයේ වෙරළාසන්න නගරයක්වූ Montpellier වල ආණ්ඩුකාරයාගේ පුතා. දරුවන් නැති කමින් අවුරුදු ගණනාවක් දෙවියන්ට යාච්ඤා කරමින් බාරහාර වෙමින් හිටපු ආණ්ඩුකාර බිරිඳගේ වඳභාවය නැතිකරමින් පුංචි රෝකුස් මෙලොව එළිය දකින්න්නෙ කුරුසයක් හැඩැති උපන් ලපයක් පපුවේ දරාගෙන. ඉතා භක්තිවන්ත කාන්තාවක්වූ ඔහුගේ මව සතියට දෙවරක් නිරාහාර ශීලය රැක්කාලු. පුදුමයට කාරණාවක් වන්නේ ඇය නිරාහාරව සිටින දිනවලදී ළදරු රෝකුස් ඇගෙන් කිරි උරා බී තිබෙන්නෙ දවසට එක්වරක් පමණක් වීමයි.
කාලය ගතවෙද්දී කුඩා දරුවෙකුව සිටි රෝකුස් තරුණයෙකු බවට පත්වුනා.
රෝකුස්ට වයස විස්සක් වෙද්දි ආදරණීය දෙමව්පියන් ඔහු හැරයනවා. පියා මිය යන්නේ ලෙඩ ඇඳේ සිටම රෝකුස් මීළඟ ආණ්ඩුකාරයා ලෙස අභිෂේක ගන්වමින්. එහෙත් මවුපියන්ගේ මරණින් පසු පියාගේ වස්තුවෙන් සුඛෝපභෝගී ආණ්ඩුකාර ජීවිතයක් ගෙවීමට ඔහු අසා කරන්නේ නෑ. ඔහු තමන් සතු සියල්ල දිළිඳුන් වෙත නොමසුරුව පරිත්‍යාග කරනවා. ඔහුගේ ඊළඟ අභිප්‍රාය වන්නේ රෝමය වෙත දුගියෙකු ලෙස වන්දනා ගමනක් යාමයි.
මේ කාලයේම තමයි යුරෝපීයයන් මිලියන ගණනක් මරු තුරුලට යැවූ බ්ලැක් ඩෙත් (Black Death) වසංගතය පැතිරයන්නේත්. රෝකුස් තරුණයා ඉතාලිය වෙත ළඟාවෙද්දි ඉතාලිය වසංගතයට ගොදුරු වෙලා අවසානයි. දහස් ගණනක් ලෙඩුන්ගෙන් ඉතාලියේ රෝහල් පිරී ඉතිරී යනවා. වන්දනා ගමන පසෙක දමන රෝකුස් ඔවුන්ට ඇප උපස්ථාන කරනවා. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ වගේම ඔහු විසින් කුරුසේ ලකුණ නළලේ ඇඳ ආශිර්වාද කළ රෝගීන් ආශ්චර්යමත් ලෙස සුවය ලබනවා.

බ්ලැක් ඩෙත් වසංගතයේ පැතිරයාම -
පුරාවෘත්ත වල සඳහන් ආකාරයට රෝගීන් වෙනුවෙන් කළ මෙහෙය නිසා ඇන්ග්ලේරියා නගරයේ කාදිනල් තනතුර (cardinal of Angleria in Lombardy) දැරීමේ වරම රෝකුස්ට ලැබෙනවා. එසේ අභිශේක ලැබීමේදී නළලේ සටහන් කළ කුරුසිය එතුමා මැරෙනතුරා නොමැකී පැවතුන බවත් සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම් අවසාන වෙන්නේ රෝකුස් කාදිනල් තුමාත් රෝගියෙක් කරවමින්. ඒ කාලයේ වසංගත රෝගීන්ට අත්වූ ඉරණම, එනම් ජනාවාසයෙන් පිටුවහල් කිරීමේ දඬුවම රෝකුස් කාදිනල් තුමාටත් උරුම වෙනවා. එතුමා නගරයෙන් ඈත කැලෑවට පිටුවහල් කරනු ලබනවා.

කැලයේදී නවාතැන් ගැනීම සඳහා අතුඉති වලින් කුඩා මඩුවක් ඉදිකරගැනීමට තරම් එතුමා ශක්තිසම්පන්න උනා. ඒත් දිනපතා ආහාර ජලය කොහෙන් නම් හොයාගන්නද? ඇරත් රෝගීවෙලා ඉද්දි. දහස් ගණනක් ලෙඩුන් සුවපත් කළ එතුමාට මඩුවක් තුළ වැතිරිලා, රෝගයෙන් මිය යෑමට පෙර ආහාර හා ජලය නොමැති කමින් මිය යාමටයි සිදුව තිබුනෙ.
ඒත් 'කවුරු අහක බැලුවත් දෙවියෝ අහක බලන්නෙ නෑ' කියමන සනාත කරමින් මඩුව අසලින් ජල උල්පතක් මතුවෙනවා. රෝකුස්තුමා එයින් ජල පිපාසාව සංසිඳවා ගන්නවා. තවත් මොහොතකින් එතුමා සමීපයට දුවගෙන එන්නෙ බල්ලෙක්. නිකම් නෙමෙයි පාන් කැබැල්ලකුත් කටේ රඳවාගෙන. ඒ පාන් කැබැල්ලෙන් රෝකුස් තුමාගේ කුසගිනි නිවෙනවා. මේ විදිහට රෝකුස් තුමාට සනීප වෙනකන් දිනපතා ඔහුව පෝෂණය කරන්නෙ බල්ලෙක්. ඒ බල්ලා අයිතිව ඉඳලා තියෙන්නෙ වනාන්තරයෙන් එහා නිවසක ප්‍රභූවරයෙක් වෙච්ච Gothard Palastrelli ට. තවත් පුදුම හිතෙන කාරණාවක් වෙන්නෙ රෝකුස් තුමා ආහාර ගන්නා අතරතුර බල්ලා විසින් ලෙවකනු ලැබූ තුවාල සුව වීමයි.
ඔහුව පෝෂණය කරන්නෙ බල්ලෙක්.......
දිනපතා යම් කාලවේලාවක් අතරතුර තම දඩයම් බල්ලා අතුරුදහන් වන බව තේරුම්යන ප්‍රභූවරයා ඌ කොහේ යන්නේදැයි විමසිලිමත් වෙනවා. දිනක් බල්ලා පසුපස කැලෑ වදින ප්‍රභූවරයා දකින්නෙ රෝගයෙන් ඔත්පලව සිටින රෝකුස්තුමාව. ඔහු එතුමාට උපස්ථාන කිරීම ආරම්භ කිරීමත් එක්ක ඉතා ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබීමට හැකිවෙනවා.
සුවය ලැබූ පසු එතුමාගේ අදහස වන්නේ තම උපන්ගම වෙත නැවත යාම. ඒ වනවිට එතුමාගෙන් හිස්වූ ආණ්ඩුකාර ධූරයට එතුමාගේ මාමා කෙනෙක් පත්වෙලා තිබුනා. Montpellier වෙත එන රෝකුස්තුමාව ජනතාව මහත් හරසරින් පිළිගත්තාද? නෑ. එතුමාව මාමාගේ අණින් සිරභාරයට ගැනෙනවා. ඒ ඔත්තුකරුවෙකු ලෙස වරදවා වටහා ගැනීමෙන්. තම අනන්‍යතාව පෙන්වා එයින් මිදීමට හැකියාව තිබුනත් එසේ නොකර අවුරුදු පහක් සිරබත් කෑමට එතුමා පෙළඹුනේ ඇයි කියන එක ප්‍රෙහේළිකාවක්. අවුරුදු පහ අවසානයේ එතුමා මියයනවා.
මළසිරුර වැළලීමට යන සේවකයෝ පපුවේ තිබූ උපන් ලපය දකිනවා. මෙබඳු උපන් ලපයක් හිමිව තිබුනේ කාටදැයි ඔවුන් දැනසිටියා. මීට අමතරව එතුමාගේ මරණින් පසු දේව දූතයෙකු විසින් හිස යට තබා ගිය නම සඳහන් රන් පුවරුවකින් අනන්‍යතාව හෙළිවූ බවටත් කතාවක් තියෙනවා. ඒ කොහොම වෙතත් තමුන්ට උරුමව තිබූ සුඛෝපභෝගී ජීවිතය පසෙකලා රෝගීන් වෙනුවෙන් කළ කැපකිරීම තමයි එතුමාව ශුද්ධවන්තයෙක් වීම දක්වා ගෙනියන්නෙ.
ශු. රෝකුස් මුනිතුමා කිතුනුවෝ අදටත් වසංගත රෝගවලදී වගේම තමුන්ගේ සතුන් ලෙඩවූ විටදී එතුමාගේ පිහිටාශිර්වාද පතනවා.
ඒ වගේම බල්ලන්ගේත් අයුතු චෝදනාවලට ලක්වූවන්ගේත් ආරක්ෂක සාන්තුවරයා වශයෙන් සළකන්නෙ ශු. රෝකුස් මුනිතුමාවයි.

මේ වටිනා ලිපිය උපුටාගත්තෙ ''හරීගේ හීනලන්තය '' කියන වෙබ් පිටුවෙන්.........❤💪

මීගමුවේ කතෝලික අපි Shehan R Fernando

#ජේසුගේමහගෙදර


fansSt.Mary's Church Grand Street Negombo Sri LankaMedia Circle of Our lady of Fatima, Kuttiduwa Churchකතෝලික ආලෝකයHoly Cross Sunday School Negomboජේසු වෙනුවෙන්-Holy Cross Church - NegomboSon of God - ජේසුගෙ දරුවෙක්St Mary 's Youth Society Grand Street NegomboSt.Nicholas Sunday School- Munnakkaraya

04/08/2025


මීගමුවේ කතෝලික අපි
Shehan R Fernando

මීගමුවේ කතෝලික අපි
29/07/2025

මීගමුවේ කතෝලික අපි

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when කතෝලික ආලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share