Divine Mercy - දේව දයාව

Divine Mercy - දේව දයාව we are a group of promoting Divine mercy in Negombo, Sri Lanka.

හයවන නුවාන දිනය   බාලයන් හා බාලයන් වැනි අය උදෙසා අපි යාච්ඤා කරමු.   "මෘදු ගුණය හා හෘදයේ බැහැපත්කම  මම වෙමි. / මගෙන් ඉගෙන...
07/04/2026

හයවන නුවාන දිනය

බාලයන් හා බාලයන් වැනි අය උදෙසා අපි යාච්ඤා කරමු.

"මෘදු ගුණය හා හෘදයේ බැහැපත්කම මම වෙමි. / මගෙන් ඉගෙන ගන්නැ"යි / වදාළවූ අති කරුණා භරිත ජේසුනී; / ඔබ වහන්සේගේ ස්වර්ගීය පියාණන් වහන්සේ ගේ / සිංහාසනය අබියස තබා ඇති / සුගන්ධවත් ක්‍රීටයක් · ලෙස / ස්වර්ගය සුන්දර කළ / බාලයන් හා බාලයන් වැනි / මෘදු හෘදයේ බැහැපත්කම ඇති අයවලුන් ගේ ආත්මයන් / ඔබගේ කරුණා භරිත හෘදය තුළට / ළං කරගත මැනව. / ඔවුන් සෑම කල්හි / ඔබගේ දිව්‍ය හෘදය තුළ වසන සැටියටත්, / දෙවිඳුන්ගේ දයාව සැම කල්හි / ප්‍රශංසා කරනු පිණිසත් / ඔවුන්ට වරම් දෙවා වදාළ මැනව.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / ඔබගේ අති ප්‍රේමනීය පුත්‍රයාණන් ලෙස, / මෘදු ගුණයෙන් හා හෘදයේ බැහැපත් කමින් ජීවත්ව, / ඔවුන්ගේ යහපත් බවේ සුගන්ධය, / ඔබගේ සිංහාසනය පාමුල තෙක් එසැවූ / බාලයන් හා මෘදු ගුණය ද හෘදයේ බැහැපත්කමද ඇතිව / දිවි ගෙවන බාලයන් වැනි අය දෙස / දයාවෙන් බැලුව මැනව. / දයා භරිත පියාණෙනි, / මේ ආත්මයන් වෙත / ඔබගේ ඇති ප්‍රේමය හා / ඔවුන් වෙත ඔබට ඇති ප්‍රසන්න භාවය සලකා බලා / අපද මුළු ලෝකයාද ආසිරි ගන්වා / ඔබගේ නොසිඳෙන දයාවට / ප්‍රශංසා කිරීමට අපට ශක්තිය දෙන මෙන් / උදක්ම ඉල්ලා සිටිමු. / ආමෙන්.

පස්වන නුවාන දිනය      විශ්වාසය සම්බන්ධයෙන් වැරදි මත දරන්නන් උදෙසා අපි යාච්ඤා කරමු.       බැගෑ සිතින් / ඔබගේ ආලෝකය ඉල්ලන ...
07/04/2026

පස්වන නුවාන දිනය

විශ්වාසය සම්බන්ධයෙන් වැරදි මත දරන්නන් උදෙසා අපි යාච්ඤා කරමු.

බැගෑ සිතින් / ඔබගේ ආලෝකය ඉල්ලන කිසිවෙකු / ප්‍රතික්ෂේප නොකරන / අති යහපතාණන් වූ කරුණා භරිත ජේසුනී / විශ්වාසය සම්බන්ධයෙන් / වැරදි මත දරන්නන් ගේ ආත්ම / ඔබගේ මහා කාරුණික හෘදය තුළට / ළං කරගත මැනව. / ඔබගේ ආලෝකයෙන් / ශුද්ධ වූ සභාවේ ඒකත්වය තුළ / ඔවුන් ඒකරාශීකර / ඔබගේ ත්‍යාගශීලි භාවය ගැන / අපත් සමග එකතුවී / සදා කාලයටම ප්‍රශංසා කිරීමට / ඔබගේ ආලෝකයේ රැස් / ඔවුන් වෙත / වස්වා වදාළ මැනව.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / තමන්ගේ වැරදි මතවලම පිහිටා / මුරණ්ඩු ලෙස / ඔබගේ වරප්‍රසාද කෙළෙසමින් / එම නිධානයන් / විනාශ කරන විට වුවත්, / නොමග ගිය මේ ආත්ම වෙත / දයාවෙන් බැලුව මැනව. / ඔවුන්ගේ දුෂ්ටකම් නොසැලකුව මැනව. / ඔබගේ පුත්‍රයාණන්ගේ ප්‍රේමණීය දුක්ප්‍රාප්තියට පෙර / ඔවුන් සියල්ලන් එක් කෙනෙකු වන පිණිස / ඔබ වහන්සේ ගෙන් කරන ලද අයැදුම සලකා / මෙම ආත්මයන් / ආශිර්වාද ලත් එකමුතුවකට හැකි ඉක්මණින් ආපසු පැමිණ / බැතිමත් අප සමග / සදාකාලයටම ඔබ වහන්සේට ප්‍රශංසා කරනු පිණිස / ඔවුන්ට වරම් දෙනවා සොඳේ. / ආමෙන්.

හතරවන නුවාන දිනය     දෙවිඳුන්ගේ දයාව ගැන තවමත් නිසි දැනුමක් නැති මිථ්‍යාදෘෂ්ටිකයන් හා අවිශ්වාසිකයන් උදෙසා අපි යාච්ඤා කරම...
06/04/2026

හතරවන නුවාන දිනය

දෙවිඳුන්ගේ දයාව ගැන තවමත් නිසි දැනුමක් නැති මිථ්‍යාදෘෂ්ටිකයන් හා අවිශ්වාසිකයන් උදෙසා අපි යාච්ඤා කරමු.

අති කරුණාභරිතවූ ජේසුනී / ලෝකයේ ආලෝකයෙනි; / ඔබ වහන්සේ ගැන / තවමත් නිසි දැනුමක් නැති මිථ්‍යාදෘෂ්ටිකයන් හා අවිශ්වාසිකයන්ගේ ආත්මයන් / ඔබගේ කරුණාභරිත හෘදය තුළට / එක් කරගත මැනව. / ඔවුන් අප සමග එක්වී / ඔබගේ කරුණාවේ ආශ්චර්යයන් ගැන / ප්‍රශංසා කිරීමට හැකිවන ලෙස / ඔවුන්ගේ හදවත් / ඔබගේ වරප්‍රසාදයේ රශ්මියෙන් / ආලෝකමත් කළ මැනව.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / ඔබ පුත්‍රයාණන් හා අප ස්වාමින් ද වන / ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ / අති දයානුකම්පාභරිත දිව්‍ය හෘදය ගැන / තවමත් නොදන්නාවූ / මිථ්‍යාදෘෂ්ටිකයන් හා අවිශ්වාසිකයන් දෙස / දයාවෙන් බැලුව මැනව. / ඔබට ආදරය කිරීමෙන් / ලබන්නා වූ ප්‍රීතිය කොතරම් මහත්ද යන්න / ඔවුන් අවබෝධ කර ගනු පිණිසත් / නිරතුරු ඔබගේ දයාව / මහිමයට පමුණුවනු පිණිසත්, / සුවිශේෂයේ ආලෝකය වෙතට / ඔවුන් ළං කර ගත මැනව. / ආමෙන්.

තුන්වන නුවාන දිනය       සියලුම ක්‍රිස්තියානි විශ්වාසකයින් උදෙසා අපි යාච්ඤා කරමු.      දෙවිඳුන්ගේ කරුණා නිධානයෙන් / අප වෙ...
04/04/2026

තුන්වන නුවාන දිනය

සියලුම ක්‍රිස්තියානි විශ්වාසකයින් උදෙසා අපි යාච්ඤා කරමු.

දෙවිඳුන්ගේ කරුණා නිධානයෙන් / අප වෙත නිරන්තරවම / ආසිරි වස්වා වදාරන්නාවූ / කරුණා භරිත ජේසුනී / සියලුම ක්‍රිස්තියානි විශ්වාසකයින් / ඔබගේ කරුණා භරිත හෘදය තුළ / රඳවා ගත මැනව. / අපට එයින් ඉවත්වීමට / කිසි දිනක ඉඩ නුදුන මැනව. / දෙවිපියාණන් හා ශුද්ධාත්මයාණන් / ඔබ සමග එක් කරන්නාවූ / ප්‍රේමය තුළින්ද / ශුද්ධවූ ත්‍රිත්වයේ නාමයෙන්ද, / අපි මෙය උදක්ම ඉල්ලා සිටිමු.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / ඔබගේ පුත්‍රයාණන්ගේ / දුක් ගාවිනා හේතු කොට ගෙන, / එතුමන්ගේ උරුමකරු වන්නාවූ / විශ්වාසකයින් වෙත / ඔබගේ ආසිරි / වස්වා වදාළ මැනව. / කිසි දිනක අඩු නොවන / ඔබගේ සුරැකුම තුළ / ඔවුන් ආරක්ෂා කළ මැනව. / සත්‍ය විශ්වාසය කෙරෙහි / ඔවුන් තුළ ඇති / ආදරය හා ගෞරවය / කිසි දිනක / අඩු නොවන ලෙසත් / සුරදූතයන් හා සාන්තුවරයන් සමග / සදාකල්හි ඔබගේ අප්‍රමාණ දයාව / ප්‍රශංසා කිරීමට හැකි වන ලෙසත්, / ඔබගේ ආසිරි ඔවුන් වෙත දානය කළ මැනව. / ආමෙන්.

දෙවන දිනය     දෙවිඳුන්ගේ දයාව මුළු මහත් මනුෂ්‍ය වර්ගයා වෙතම ගලා යන මාර්ගය වූ පැවදි, පූජක උතුමන් උදෙසා අපි යාච්ඤා කරමු.  ...
03/04/2026

දෙවන දිනය

දෙවිඳුන්ගේ දයාව මුළු මහත් මනුෂ්‍ය වර්ගයා වෙතම ගලා යන මාර්ගය වූ පැවදි, පූජක උතුමන් උදෙසා අපි යාච්ඤා කරමු.

සියලු යහපතේ උල්පත වන / අති කරුණා භරිත වූ ජේසුනී / සදාකල්හිම නිසි අයුරින් / දෙවිඳුන්ගේ දයාවේ බැතිය / වඩනු සඳහා / වචනයේනුත්, ආදර්ශයෙනුත් / ඔබ වහන්සේගේ මිදි උයනේ / කරන කාර්යයන් / අගනා ලෙසත් / පලභරිත ලෙසත් කිරීමට / පැවදි හා පූජක උතුමන්ට ඔබගේ ආසිරි / වස්වා වදාළ මැනව.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / ඔබගේ පුත්‍රයාණන්ද, / අපගේ ස්වාමින්ද වන / ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ / විශේෂ ආදරයට භාජනය වූ / ඔබ වහන්සේගේ මිදි උයනේ සේවය කරන / පැවදි හා පූජක උතුමන්ගේ / ආත්මයන් දෙස දයාවෙන් බැලුව මැනව. / ඔබගේ ආසිරි බලයෙන් / ඔවුන්ට වරප්‍රසාදයන් / දානය කළ මැනව. / ඔබගේ දයා කරුණාව නිසා / දෙනු ලබන / ගැලවීමේ මාර්ගය කරා / විශ්වාසිකයන් නිසි ලෙස / ගෙන යෑම සඳහා / ඔවුන්ට ආලෝකය දුන මැනව. / ආමෙන්.

නුවාන යැදුම්පළමු දිනය       මුළු මනුෂ්‍ය ජාතිය උදෙසාත්, විශේෂයෙන් පව්කාරයන් උදෙසාත්, දෙවිඳුන් ගේ දයාව අයදිමින් අපි යාච්ඤ...
03/04/2026

නුවාන යැදුම්
පළමු දිනය

මුළු මනුෂ්‍ය ජාතිය උදෙසාත්, විශේෂයෙන් පව්කාරයන් උදෙසාත්, දෙවිඳුන් ගේ දයාව අයදිමින් අපි යාච්ඤා කරමු.

අපට දයාව පෙන්වා / අපේ පව් කමා කරන්නාවු / අති කරුණා භරිත ජේසුනී / අපගේ පාපයන් දෙස නොව / අප ඔබගේ / අසීමිත යහපත කෙරෙහි / තබන්නා වු විශ්වාසය දෙස / බැලුව මැනව. / අප සැම / ඔබගේ දයාභරිත හදවතෙහි / රඳවා ගත මැනව. / සදාකාලයටම / එයින් ඉවත්ව යෑමට / අපට ඉඩ නුදුන මැනව. / මෙකීදේ / ඔබ හා පියාණන් වහන්සේ ද / ශුද්ධත්මයාණන් වහන්සේ ද / සම්බන්ධ කරන්නා වූ / ප්‍රේමයේ සහ අති පරිශුද්ධ වූ / අභිරහස්මය වූ ශුද්ධ වූ ත්‍රිත්වයේ / ඒකත්වය උදෙසාම / උදක් ම ඉල්ලා සිටිමු.

පරමණ්ඩලය.......
නමෝමරිය.......
ත්‍රිත්ව ස්තෝත්‍රය.......
(එක වරක් බැගින් කියන්න)

සදාකාලික පියාණෙනි, / මුළු මහත් මනුෂ්‍ය ජාතියේත් / විශේෂකොට / අසරණ පව්කාරයන්ගේත් / එකම බලාපොරොත්තුව වන / අපගේ ස්වාමීන්ද, / ඔබගේ පුත්‍රයාණන් ද වන / ජේසුස් ක්‍රිස්තුස් තුමන් ගේ / අති දයාභරිත වූ / දිව්‍ය හෘදය නිසා, අප සැම දෙස / කරුණාවෙන් බැලුව මැනව. / සදාකල්හිම / ඔබවහන්සේගේ සර්ව බලධාරිත්වයට / ප්‍රශංසා කරනු පිණිස / ජේසුතුමන්ගේ කඨුරවු / වද ගාවිනා හේතුකොට ගෙන / ඔබ වහන්සේගේ කරුණාව / අපට ලැබේවා. / ආමෙන්.

27/04/2025
27/04/2025

Jesus, I trust in you. May the boundless mercy of God bring you peace and hope.

ඔබ සියලු දේනාටම දේව ආදරයෙන් පිරි සුභ මංගල්‍යක් වේවා....අප සමරන මෙම වසරේ මංගල්‍ය වෙනදා මෙන් නොව සුවිශේෂී බවක් ඇත. කාලය සල...
15/04/2023

ඔබ සියලු දේනාටම දේව ආදරයෙන් පිරි සුභ මංගල්‍යක් වේවා....

අප සමරන මෙම වසරේ මංගල්‍ය වෙනදා මෙන් නොව සුවිශේෂී බවක් ඇත. කාලය සලකුණු වලට අවදි වෙමින් බලනා කල ඔබ මා පියවර තබන්නේ අවසාන කාලයේය. එබැවින් පව්කාර දරුවන් වෙත දේව දයාව මහත් ලෙසා ගලා එන්නවු දිනයක් වශයෙන් මෙම මංගල්‍ය දිනය හදුන්වන්නට පුලුවන...

ස්වාමින් වහන්සේගේ ඒ මහා දවස අත ලඟය. දේව ආදරට පිටුපා ඔබට මට තවත් ඉන්නට බැරිය. මා දයාබර සහෝදර සහෝදරයෙනි අද දවසේ ඔබ ලබන්නට යන වරප්‍රසාද නැවත් කිසිදා ඔබට ලබන්නට නොහැකි වන්නට පුළුවන. කාලය අත ලඟයි. මනස්තාපයන් සිත හරවාගෙන දේව දයාවේ ආදරයේ ගිලෙන්න.

ජේසු පිහිටයි.

Address

Negombo

Telephone

+94711326799

Website

Alerts

Be the first to know and let us send you an email when Divine Mercy - දේව දයාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Divine Mercy - දේව දයාව:

Share