26/07/2026
අද අපේ ආච්චිලාගේ සීයාලාගේ දවස. 👵👴
අද අපෙ පිටිපන වීදිය මීසම් ජනතාවට අමතක නොවන දිනයක් වනු නොඅනුමානයි. මන්ද අද දින අපේ ග්රාමයේ ආච්චිලා සීයාලාට වෙන් වූ දිනය වූ බැවිනි. ඉරුදින දිව්ය යාගය සංවිධානය කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව අප මීසම් සේවක පියතුමා ඇතුලු පවුල් අපෝස්තලික සේවාවේ සියලු දෙනාගේ සහයෝගයෙන් ඔවුන්ට සංග්රහ බුක්ති විඳීමට ඉඩ කඩ ලැබුණි. එහිදී ඔවුන් ගැයුමෙන් නැටුමෙන් විනෝද විය. ග්රාමයක් ලෙස අපේ වැඩිහිටියන්ට අපගේ සුභාශිංසන පිරිනමන අතර තවත් කාලයක් අප ග්රාමයේ ජීවත් වෙමින් දේව විශ්වාසයේ දහම් පහන දල්වන්නට දෙවි මහෝත්තයාණන්ගේ ආශිර්වාදය සහ කන්යා ශුද්ධවු දේව අම්මාගේ නිරතුරු රැකවරණය ඔවුන්ට ලැබෙන මෙන් අපි ප්රාර්ථනා කරමු.
ශූද්ධවු ආනා මවුතුමිය හා ශුද්ධවු ජ්වකීනූ මුනිතුමාගේ ආශිර්වාදය සපිරි සුබ මංගල්ල්යක් වේවා!
ජේසු පිහිටයි!
Grand Parents Day Celebration. Pitipana Veediya