St.Anthony's Church Kadirana

St.Anthony's Church Kadirana We are belong to Kimbulapitiya Parish.

අද ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය දිනයයි. 2026.05.16
17/05/2026

අද ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍යය දිනයයි. 2026.05.16

2026 බයිබල් දැනුම මිනුම මීසම් තරඟාවලිය අප කදිරාණ සා.අන්තෝනි දහම් පාසලේදී අද 2026.05.16 ඉරුදින පවත්වනු ලැබිනි.
17/05/2026

2026 බයිබල් දැනුම මිනුම මීසම් තරඟාවලිය අප කදිරාණ සා.අන්තෝනි දහම් පාසලේදී අද 2026.05.16 ඉරුදින පවත්වනු ලැබිනි.

අප කදිරාණ සාන්ත අන්තෝනි දහම් පාසලේ පළමු වාර විභාගය අද ඉරුදින 2026.05.09 අප දේවස්ථානයේදී පැවැත්විනි.
10/05/2026

අප කදිරාණ සාන්ත අන්තෝනි දහම් පාසලේ පළමු වාර විභාගය අද ඉරුදින 2026.05.09 අප දේවස්ථානයේදී පැවැත්විනි.

ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ බයිබල් දැනුම තරගාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ අප කදිරාණ ...
10/05/2026

ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ බයිබල් දැනුම තරගාවලියේ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ අප කදිරාණ සාන්ත අන්තෝනි දහම් පාසලේ සිසු සිසුවියන් හට හිමි සහතික පත් හා පදක්කම් පිරිනැමීම මැයි මස 09 වන ඉරුදින දිව්‍ය පූජාවෙන් අනතුරුව කිඹුලාපිටිය අප මීසම් සහයක ගරු තිවංක ඩයස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. කදිරාණ සාන්ත අන්තෝනි දහම් පාසලට හා කදිරාණ සංඝයට මෙලෙස කීර්තියක් ගෙනෙන්නට කැප වූ එම දරුවන් සැමට තව තවත් දහම් දැනුමින් පෝශ්‍ය වන්නට සුබපැතුම් එක් කරමු.

අද මැයි මාසයේ පළමු අඟහරුවාදා සු.අන්තෝනි මුනිඳුන්ට කැපකල දිනයශු.අන්තෝනි මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව.🙏
04/05/2026

අද මැයි මාසයේ පළමු අඟහරුවාදා
සු.අන්තෝනි මුනිඳුන්ට කැපකල දිනය

ශු.අන්තෝනි මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව.🙏

මැයි මාසය යනු සොබාදහම මල් පල දරමින් නව ජීවයකින් පිබිදෙන කාලයයි. එහෙත් කතෝලික බැතිමතාට මැයි මාසය යනු හුදෙක් දින දර්ශනයේ ත...
30/04/2026

මැයි මාසය යනු සොබාදහම මල් පල දරමින් නව ජීවයකින් පිබිදෙන කාලයයි. එහෙත් කතෝලික බැතිමතාට මැයි මාසය යනු හුදෙක් දින දර්ශනයේ තවත් මාසයක් නොව, ස්වර්ගීය ආදරයේ සහ භක්තියේ මල් දමකි. මෙම මල් දම අමුණන්නට පටන් ගන්නේ පවුලේ ආරක්ෂකයා වූ, මහා නිහඬ සාන්තුවර ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ මංගල්‍යයෙනි.

මැයි පළමුවැනිදා "කම්කරු ජුසේ මුනිඳුන්ගේ" මංගල්‍යයෙන් මාසය ආරම්භ වීම තුළ ඇත්තේ ගැඹුරු දේවධර්මීය අර්ථයකි. කිතුනු විශ්වාසයට අනුව ඕනෑම ගමනකදී, ඕනෑම උවදුරකදී පවුල සුරකින පියා ජුසේ මුනිඳුන්ය. මරියාණන්ව බෙත්ලෙහෙමටත්, එතැනින් ඊජිප්තුවටත් ආරක්ෂිතව රැගෙන ගියේ එතුමාය.

එබැවින්, මුළු මැයි මාසයම දේව මාතාවන්ට කැප කිරීමට පෙර, ඒ සඳහා මාවත සකසන්නේ ජුසේ තාත්තාය. එතුමාගේ දවසින් මාසය ඇරඹීම හරහා අපට පසක් කර දෙන්නේ, මරියාණන් වෙත යන ගමනේදී ජුසේ මුනිඳුන්ගේ රැකවරණය සහ මඟ පෙන්වීම අත්‍යවශ්‍ය බවයි.

ජුසේ මුනිඳුන් විවර කර දෙන ඒ දොරටුවෙන් අප පිවිසෙන්නේ මරිය මසටයි. මැයි මාසය පුරා කිතුනු නිවෙස්වලින් ඇසෙන රොසැරි නාදයත්, පල්ලි අබියස පිපෙන පිච්ච මල් සුවඳත් අපට සිහිපත් කරන්නේ දේව අම්මාගේ නිහතමානී ආදරයයි.

මෙය කෙතරම් ලස්සන දේව සැලසුමක්ද? මරියාණන්ගේ මාසය ආරම්භ වන්නේ ඇගේ ප්‍රියතම ස්වාමිපුරුෂයාගේ මංගල්‍යයෙනි. ජුසේ මුනිඳුන් තම ජීවිතය පුරාම කළේ මරියාණන්ට සහ ජේසුස් සමිඳුන්ට සෙවණැල්ලක් වීමයි. අදටත්, මැයි මාසය ආරම්භයේදීම අපව මරියාණන් වෙත රැගෙන ගොස් භාර දෙන්නේ ඒ නිහඬ සාන්තුවරයාමය.

"ජුසේ තාත්තාගේ සුරැකි හස්තයෙන් අල්ලාගෙන, මරිය මවගේ ආදරණීය හදවත වෙත පියමං කරන මේ උතුම් මැයි මාසය, අප සැමට ආශිර්වාදයේ කාල පරිච්ඡේදයක් වේවා!" 🥰

©️Api Jesuge අපි ජේසුගේ

අද දින සුදුවර චරිතය වන අප්‍රේල් 25වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මාක් මුනිඳුන් ගැන කතා කරමු.ශාන්ත මාර්ක් දෙවන ශුභාරංචිය...
25/04/2026

අද දින සුදුවර චරිතය වන අප්‍රේල් 25වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ මාක් මුනිඳුන් ගැන කතා කරමු.

ශාන්ත මාර්ක් දෙවන ශුභාරංචියේ සාම්ප්‍රදායික කතුවරයා විය. ඔහුගේ ජීවිතය පිළිබඳ නව ගිවිසුමේ දත්ත ඛණ්ඩනය වී ඇති අතර, ඔවුන්ගේ බොහෝ ඓතිහාසිකත්වය විවේචනාත්මක විමර්ශනයකින් ප්‍රශ්න කර ඇත. එකම අවිවාදිත විශ්වාසදායක තොරතුරු වන්නේ ෆිලෙමොන් 24 හි, එහිදී 'මාර්ක්' කෙනෙකු රෝමයේ සිට කොලොස්සිහි කිතුනුවන්ට (නූතන ඩෙනිස්ලි, ටූර් අසල) සුබ පැතුම් එවන ශාන්ත පාවුලුගේ සෙසු සේවකයෙකු ලෙස සඳහන් කර ඇත, නමුත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය දක්වා නැත. මාර්ක් කොලොස්සි 4:10 හි ශාන්ත බාර්නබස්ගේ ඥාති සහෝදරයෙක් බව ද සත්‍ය විය හැක.

ක්‍රියා 12:25, 13:5 හි ජොහාන් ලෙස හැඳින්වීම හැර; 13, සහ 15:37, නව ගිවිසුමේ වෙනත් තැන්වල ඔහුව ඔහුගේ ලතින් වාසගම වන මාර්ක් ලෙසින් හඳුන්වනු ලැබේ. ක්‍රියා වලට අනුව, ජෙරුසලමේ පිහිටි ඔහුගේ මවගේ නිවස මුල් කිතුනු මධ්‍යස්ථානයක් වූ අතර (12:12), ඔහු බාර්නබස් සහ පෝල් සමඟ අන්තියෝකියට (12:25), ගිය දූත ගමනක ඔවුන්ගේ සහායකයා බවට පත් විය. (13:5). ඔවුන් පර්ගා වෙත පැමිණි විට මාර්ක් ඔවුන් හැර ගොස් ජෙරුසලමට ආපසු ගියේය (13:13). මාර්ක්ගේ පිටවීම බාර්නබස් සහ පාවුල් වෙන්වීමට හේතු විය, මන්ද පාවුල් මාර්ක්ට තවත් අවස්ථාවක් ලබා දීම සඳහා බාර්නබස්ගේ බලකිරීම ප්‍රතික්ෂේප කළේය (15:37-39). පසුව, මාර්ක් බාර්නබස් සමඟ සයිප්‍රසයට යාත්‍රා කළ අතර, නැවත කිසිදා ක්‍රියාවල සඳහන් නොවේ. ක්‍රියා පොතේ දැක්වීමේ විශ්වසනීයත්වය සැක සහිතය, මන්ද එහි කතුවරයා පාවුල් සහ බාර්නබස් අතර ඇති වූ බිඳීම පැහැදිලි කිරීමට විශේෂයෙන් උනන්දු වන අතර, බොහෝ විට මාක් හඳුන්වා දෙන්නේ මේ හේතුව නිසා ය. මෙහි දී, ගලාති 2:11-14 හි ඔවුන්ගේ කඩකිරීම පිළිබඳ පාවුල්ගේ වාර්තාවට ඔහු විරුද්ධ වේ.

2 තිමෝති 4:11 හි, පාවුල් සාන්ත තිමෝතිගෙන් ඉල්ලා සිටින්නේ මාර්ක් ගෙන එන ලෙසයි, මක්නිසාද ඔහු මට සේවය කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ, නමුත් මෙය ක්‍රියා සහ කොලොස්සිවරුන්ගෙන් ව්‍යාජ ලෙස නිගමනය කර ඇති බව විශ්වාස කෙරේ. 1 පේදුරු 5:13 හි "මගේ පුත් මාර්ක්" වෙතින් මාර්ක් සහ ශාන්ත පීටර් අතර සමීප සබඳතාවක් යෝජනා කරයි; තවද, අපෝස්තලික පිය පෑපියස් පවසන්නේ මාර්ක්ගේ නිබන්ධනය (අනුමාන වශයෙන් ශුභාරංචිය) ජේසුස් වහන්සේ පිළිබඳව පේදුරුගේ ඉගැන්වීම මත පදනම් වූ බවයි. පසුකාලීන සම්ප්‍රදාය උපකල්පනය කරන්නේ මාක් ජේසුස් වහන්සේ විසින් පත් කරන ලද ගෝලයන් 72 දෙනාගෙන් කෙනෙකු බවයි (ලූක් 10: 1) සහ ඔහු ඒසුස් වහන්සේව අත්අඩංගුවට ගත් විට නිරුවතින් පලා යන තරුණයා ලෙස ද ඔහුව හඳුනා ගනී (මාර්ක් 14:51-52). ඊජිප්තු සභාව මාක් එහි නිර්මාතෘ ලෙස ප්‍රකාශ කරන අතර, ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවේ දර්ශනය කැතීඩ්‍රා මාර්සි ("මාර්ක්ගේ පුටුව") ලෙස හැඳින්වේ. ඔවුන්ගේ මූලාරම්භය මාර්ක්ට ආරෝපණය කරන අනෙකුත් ස්ථාන වන්නේ ඔහු අනුශාසක සාන්තුවරයා වන ඇකීඉලෙයියා සහ වැනීසිය යන ඉතාලි නගර ය. ඔහුගේ සංකේතය සිංහයා ය.

ශුද්ධ වූ මාක් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

උපුටා ගැනීම
Radio Veritas Asia


කිසි දා යළි නොදැකිය යුතු කිසි දා යළි නොඇසිය යුතු කිසි දා යළි සිදු නොවිය යුතු පාස්කුවේ කඳුළු කතාවට වසර 7යි..Sri Lanka Cat...
21/04/2026

කිසි දා යළි නොදැකිය යුතු
කිසි දා යළි නොඇසිය යුතු
කිසි දා යළි සිදු නොවිය යුතු
පාස්කුවේ කඳුළු කතාවට
වසර 7යි..

Sri Lanka Catholic News
Sri Lanka Catholic News Group

ජේසුනී, මම ඔබ කෙරෙහි විශ්වාස කරමි.Jesus, I Trust In Youඅද අප්‍රේල් 12 ඉරුදින  දේව දයාවේ මංගල්‍යය දිනයයි.
11/04/2026

ජේසුනී, මම ඔබ කෙරෙහි විශ්වාස කරමි.
Jesus, I Trust In You

අද අප්‍රේල් 12 ඉරුදින දේව දයාවේ මංගල්‍යය දිනයයි.

"ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද? උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක." (ලූක් 24: 5- 6)ආලේලූයිය...
04/04/2026

"ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද? උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක." (ලූක් 24: 5- 6)

ආලේලූයියා ආලේලූයියා

ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා !

අපගේ ආලෝකය ක්‍රිස්තුස් වහන්සේය.ලෝකයට ආලෝකය රැගෙන එතුමාණෝ උත්ථාන වූ සේක.
04/04/2026

අපගේ ආලෝකය ක්‍රිස්තුස් වහන්සේය.

ලෝකයට ආලෝකය රැගෙන එතුමාණෝ උත්ථාන වූ සේක.

Address

St. Anthony's Church Kadirana
Negombo
11270

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Church Kadirana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Anthony's Church Kadirana:

Share