19/03/2022
🎶නිරතුරු ජේසුට රැකවරණය දුන්න
ආදරයෙන් නිති මරි මව ළඟ උන්න
කීකරු වී දෙවි අණටම කන් දුන්න
මුනිදු ජුසේ ඔබ අපෙ රට රැක දෙන්න
සුරැකිව සුරකින්න
සුරැකි පියා වන්න 🎶
⛪💜️💚අද ශුද්ධවූ සභාවේ සුරක්ෂිතාදාරය වූ ශුද්ධවූ ජුසේ මුනිදුන්ගේ මංගල්‍යයි .💚💜️⛪
✝️🙏භාග්‍යවන්ත වූ ශුද්ධවූ ජුසේ මුනිදුනී,ප්‍රිය ප්‍රසාද පූර්ණ වන්තවූ මුනිදුනී,ජේසු සමිදුන් ඔබ කෙරෙහිය.පුරුෂයන් අතරින් ආශිර්වාද ලද්දාවූ නුඹ වහන්සේය.ඔබගේ ප්‍රිය කාන්තාව වන කන්‍ය මරියොත්තමාවන්ගේ ශ්‍රී කුසයෙහි ඵල වන් ජේසු සමිදුන් ආශිර්වාද ලද්දාහුමය.
ශුද්ධවූ ජුසේ මුනිදුනී,අප ස්වාමිදරුවන්ගේ සුරැකි පියාණනී,නිර්මල කන්‍යමරිය වහන්සෙගේ දාම්පත්ත්‍ය සමණෙනී,ශුද්ධවූ සාධාරණ සභාවේ සුරක්ෂිතාදාරයෙනි,, පාපීවූ අප උදෙස දැනුත් අපේ මරණ වේලෙහිදීත් යාච්ඤා කළ මැනව.🙏✝️
⛪🙏භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ අතී මධූරවූ සමණානන්ද අපගේ දයාවන්ත අරක්ෂාකාරයාවූද ශුද්ධවූ ජුසේ මුනිදුනී,ඔබගේ ආරක්ෂාව සොයා ඔබගේ පිහිට ඉල්ලා ගිය කිසිවෙක් සැනසීම නොලබා නොගිය බව සිහි කල මැනව. රෝගීන්ගේ බලාපොරොත්තුව වූ ශුද්ධවූ ජුසේ මුනිදුනී මේ සමයේ ලෝකය පුරා පැතිර යන වසංගත රෝගයෙන් පීඩා විදින අසරණ ජනයාට අවශ්‍ය සුවයත් මෙය මැඩ පැවැත්වීමට කටයුතු කරන වෛද්‍යවරුන් හෙද හෙදියන් ත්‍රිවිධ හමුදාව ඇතුලු සියලු අංශ වලට අවශ්‍ය ශක්තිය ධෛර්යය දේවාශිර්වදය නිරතුරු දිව්‍ය වෛද්‍ය වරයානන්වූ ඔබ පුතුණුවන් මගින් ලබා දුන මැනව.🙏⛪