St.Hugo Church Narawila

St.Hugo Church Narawila Diocese - Chilaw
Deanery - Wennappuwa
Parish - Thummodara

"දෙවි සමිදු මිදි උයනේ සරු අස්වැන්න පැසිලා"පූජක දිවියේ අවුරුදු සතලිහක් සපුරන ගරු මැක්ෂිමස් ප්‍රනාන්දු පියතුමනි ජනතා සුභසෙ...
23/08/2020

"දෙවි සමිදු මිදි උයනේ සරු අස්වැන්න පැසිලා"
පූජක දිවියේ අවුරුදු සතලිහක් සපුරන ගරු මැක්ෂිමස් ප්‍රනාන්දු පියතුමනි ජනතා සුභසෙත වෙනුවෙන් ඇප කැපවන්නට අවශ්‍ය දේව ආශිර්වාදය රැකවරණය නිරතුරු ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
දෙවිදුන්ට තුති පුදනා නාරාවිල ජනතාව

දේව පණත් සහ සුචරිතය ශුද්ධ වූ සභාවේ පණත් ; සභාවේ මඟ පෙන්වීම හැඳින්වීම තමන් වහන්සේ උත්ථාන වූ පසු මිහිපිට තමන් ආරම්භ කළ විම...
18/07/2020

දේව පණත් සහ සුචරිතය
ශුද්ධ වූ සභාවේ පණත් ; සභාවේ මඟ පෙන්වීම

හැඳින්වීම
තමන් වහන්සේ උත්ථාන වූ පසු මිහිපිට තමන් ආරම්භ කළ විමුක්ති මාර්ගය දේශනා කිරීමේ කටයුත්ත ස්වකීය ගෝලයන් වෙත ක්රිස්තුන් වහන්සේ විසින්ම පවරන ලදී.
එම වගකීම ඉටු කිරීමෙහිලා තමන් සතු බලතල සංවිධානය කර මෙහෙයවීම එකී ගෝල පිරිස හා ඔවුන්ගේ තනතුරට පත්වන අය වෙත පැවරෙන කාර්යයකි.
එම වගකීම ක්රියාත්මක කරනු පිණිස සභා නායකයන් විසින් යම් යම් නීති රීති සකස් කොට තිබේ. සභා පණත් හය එහි ප්රධාන තැන ගනී. තවදුරටත් සභා විනය කටයුතු පිළිබඳව සෙසු කාරණා පිළිබඳවද නීති රීති ‘සභා නීති සංග්රහය’ට ඇතුළත් වෙයි. ‘කෝඩෙක්ස් යූරිස් කැනෝනිව්ස්’ යනුවෙන් ලතින් බසින් පළ වී ඇති මෙම නීති මාලාව දෙවෙනි වතිකාන කතිකාවතේ උපදෙස් අනුව සංශෝධිතව 1983 ජනවාරි මස 25 වෙනිදා නිකුත් විය.

372. ශු. සභාවේ ප්රධාන පණත් කීයක් තිබේද?
ශුද්ධවූ සභාවේ ප්රධාන පණත් හයකි.

373. එම පණත් කවරේද?
1. ඉරුදිනත් ණය මංගල්යදිනත් මුළු දිව්ය පූජා යාගයට සහභාගී වීම.
2. වසරකට වරක්වත් පාපෝච්චාරණය කිරීම.
3. පාස්කු සමය තුළ දිව්ය සත්ප්රසාදය ලැබීම.
4. නියම වූ දිනයන්හී ගොඩමස් වැළකීම හා එක්වරු ශීලය රැකීම.
5. තහනම් වූ කාලය තුළ හා බාධා ඇතිවද විවාහ නොවීම.
6. සභාවේ නඩත්තුව සඳහා ආධාර කිරීම.

උපුටාගැනීම-මහෝපදේශය

10/07/2020
ජූලි 10 වන දින සුබ අස්න – ශු. මතෙව් 10 : 16 – 2316 ”සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් ස...
10/07/2020

ජූලි 10 වන දින සුබ අස්න – ශු. මතෙව් 10 : 16 – 23

16 ”සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. 17 ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත. 18 ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. 19 එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ. 20 කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.
21 ”තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය. 22 මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය. 23 ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.

ජනවන්දනා වසරේ (දේව වන්දනා වසරේ) මංගල්‍යයන්
08/07/2020

ජනවන්දනා වසරේ (දේව වන්දනා වසරේ) මංගල්‍යයන්

ශුද්ධාත්ම දීමනා සතI ප්‍රඥාව• මෙලොව වෙනුවට ස්වර්ගීය සැප සම්පත් සහ වස්තුවලට ඇලුම් කිරීම.II තේරුම් ගැනීම• ක්‍රිස්තුස් වහන්ස...
07/07/2020

ශුද්ධාත්ම දීමනා සත

I ප්‍රඥාව

• මෙලොව වෙනුවට ස්වර්ගීය සැප සම්පත් සහ වස්තුවලට ඇලුම් කිරීම.

II තේරුම් ගැනීම

• ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ විශ්වාසයේ සත්‍යතාවන් තේරුම් ගැනීම.

III දැනුමැතිකම

• දේව මහිමය සහ ගැලවීම සඳහා අවශ්‍ය දේ නිවැරදිව හඳුනා ගැනීමට හා තෝරා ගැනීමට ආදාළ අවස්ථාවේ දී ම තේරුම් ගැනීම සහ දැනුමැතිකම ය.

IV ධෛර්යය

• තම ආගමික ආගමික යුතුකම් ඉටු කිරීමේ දී මුහුණ දෙන බාධක සහ ගැටළු හමුවේ නොසැලෙන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම.

V දැනගැන්ම

• ස්වර්ග රාජ්‍යය කරා ගමන් කිරීමේ දී මුහුණ දෙන අනතුරුවලින් වැළකීමට මග දැනගැනීම.

VI දේව භක්තිය

• දෙවියන් වහන්සේට හිමි වන්දනාව සහ සේවය දීමට පුද්ගලයාව යොමු කරවීම.

VII දේව භය

• දෙවියන් වහන්සේට උතුම්ම ගෞරවය දීමටත් උන්වහන්සේ අකමැති සියලු දේ පිළිකුල් කිරීමටත් යොමුකරවයි

ජුනි 23 වන දින සුබ අස්න – ශු මතෙව් 7 : 6 , 12 – 146 ”පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ ...
23/06/2020

ජුනි 23 වන දින සුබ අස්න – ශු මතෙව් 7 : 6 , 12 – 14

6 ”පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.” 12 ”අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”
13 ”පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 14 එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”

ශු.ජපමාලය ❤
22/06/2020

ශු.ජපමාලය ❤

Address

Narawila

Alerts

Be the first to know and let us send you an email when St.Hugo Church Narawila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share