සෑගිරිය රජමහා විහාරය - Sagiriya Ancient Royal Viharaya

  • Home
  • Sri Lanka
  • Mutur
  • සෑගිරිය රජමහා විහාරය - Sagiriya Ancient Royal Viharaya

සෑගිරිය රජමහා විහාරය - Sagiriya Ancient Royal Viharaya ~ Ancient Kottiyaram Paththuwa, Sagiriya
Raja Maha Viharaya ~
~ Muthur ~

තෙරුවන් සරණයි..හෙටදින *මූතූර් - සෑගිරිය රජමහා විහාරස්ථානයේ ( ගල්කන්ද පන්සලේ ) වස් ආරාධනා කිරීමේ පිංකම* සවස 03.00 ට විහාර...
28/07/2026

තෙරුවන් සරණයි..

හෙටදින *මූතූර් - සෑගිරිය රජමහා විහාරස්ථානයේ ( ගල්කන්ද පන්සලේ ) වස් ආරාධනා කිරීමේ පිංකම* සවස 03.00 ට විහාරස්ථානයේ දී සිදුකෙරෙන බැවින් අටමහා කුසලයන්ට අයත් ඒ උතුම් පිංකමට සහභාගි වනු කැමති ඔබ හෙට දින සවස 03.00 ට විහාරස්ථානයට පැමිණෙන්න.

ඇසල පුන් පොහෝදින සීල් සමාදන්වීමේ කටයුතුද සුපුරුදු පරිදි උදෑසන 6.30 සිට සිදු කෙරේ...

මෙවර වස් ආරාධනාව සිදුකරනු ලබන්නේ සේරුනුවර, ඥානසීලී මහත්මිය ප්‍රධාන සේරුනුවර - සිව්පස උපස්ථායක සභාවේ පින්වතුන් විසිනි.

තෙරුවන් සරණයි...!

නැගෙනහිර සම්බුදු සසුන බැබලේවා...!ත්‍රිකුණාමලය, මූතූර් - ඓතිහාසික කොට්ටියාරම් පත්තුව සෑගිරිය ශ්‍රී පාත්‍ර ධාතූ සෑ ඝර්භයේ ...
09/07/2026

නැගෙනහිර සම්බුදු සසුන බැබලේවා...!

ත්‍රිකුණාමලය, මූතූර් - ඓතිහාසික කොට්ටියාරම් පත්තුව සෑගිරිය ශ්‍රී පාත්‍ර ධාතූ සෑ ඝර්භයේ ඇතුළත ඇතිරීම සදහා ග්‍රැනයිට් ගල් පුවරු 800 ක් අවශ්‍ය වී ඇත. එකක මිල රු 2500 කි.

ගල් පුවරු එකක් හෝ කැමති ප්‍රමාණයක් භාරගත හැකි අතර එම දායකත්වය භාරගැනීමට නම, ලිපිනය සමඟින් 077 25 45 320 දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් තබන්න.

09/07/2026
08/07/2026

නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර් හී වසර 2300 ක් පමණ ඉපැරණි ඓතිහාසික කොට්ටියාරම් පත්තුව, සෑගිරිය රජමහා විහාරස්ථානයේ ශ්‍රී පාත්‍රා ධාතුන් වහන්සේ උදෙසා ගොඩනැගෙන අඩි 106 ක් උසැති චෛත්‍ය රාජයාණන් වහන්සේ දැක බලා අනුමෝදන් වෙත්වා...
එසේම නැගෙනහිර පළාතේ නටඹුන් වී ඇති වෙහෙර විහාර නැවත පුනර්ජීවනය කරමින්. නැගෙනහිර සම්බුදු සසුන නැවත බබළවනු කැමති පින්වත් ඔබ සැමට මේ උතුම් පිංකම සදහා දායක වනමෙන්ද මෙත් සිතින් යුතුව ශාසනාලයෙන් ආරාධනය කරමි.
පින්වත් ඔබට පහත ඉදිකිරීම් ද්‍රව්‍ය කැමති දෙයක්, කැමති ප්‍රමාණයකින්, ද්‍රව්‍ය හෝ මූල්‍යාධාර ලෙස භාරගත හැකි අතර එම දායකත්වය 0772545320 දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් තබන්න.

01. සිමෙන්ති එකක කොට්ටයක මිල රු.2000/= කි.

02. ප්‍රවාහනය සමග වැලි කියුබ් එකක මිල රු. 15,000 කි.

03. ප්‍රවාහනය සමග එක් ගඩොලක් රු. 25 කි,
(ගඩොල් කැට 1000 ක් රු. 25000 කි)

04. සෑ ඝර්භයේ අතුරුවන 2 * 1 ප්‍රමාණයේ ග්‍රැණයිට් සලපතල ගල් පුවරුවක් රු. 2500/= අවශ්‍ය ප්‍රමාණය වර්ග අඩි 800 ක්.

පින් කැමති සියල්ලෝ නැගෙනහිර සම්බුදු සසුන බැබලවීමට මෙත් සිතින් එක් වෙත්වා...!

මූල්‍යාධාර ගිණුමේ නම :-
Balalle Rathanasara himi
ගිණුම් අංකය:- 82 85 65 07
බැංකුව:- BOC Bank
ශාඛාව:- Serunuwara

මූල්‍යාධාර ගිණුමේ නම :-
ශ්‍රි පාත්‍රා ධාතු වෙහෙර සංවර්ධන අරමුදල
ගිණුම් අංකය:- 90 14 70 49
බැංකුව:- BOC Bank
ශාඛාව:- Serunuwara

විහාරස්ථානය සංවර්ධන තොරතුරු / පින්කම් දැනගැනීම සදහා අපගේ වට්සැප් සමූහයට එක් වන්න 👉 :- https://chat.whatsapp.com/JY7TAw9xiukFeDL4pt8q5g?mode=gi_t

වැඩිදුර විමසීම් / වට්සැප් අංකය :-
👉 077 25 45 320

#සෑගිරිය

28/05/2026

වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන...

ධර්ම දානයට උපකාරවන ශබ්ද විකාශන යන්ත්‍ර පූජාව...පසුගිය අධි වෙසක් පුන් පොහොය දින විහාරස්ථානයට අවශ්‍ය ශබ්ද විකාශන 04 ක්, ඈම...
03/05/2026

ධර්ම දානයට උපකාරවන ශබ්ද විකාශන යන්ත්‍ර පූජාව...

පසුගිය අධි වෙසක් පුන් පොහොය දින විහාරස්ථානයට අවශ්‍ය ශබ්ද විකාශන 04 ක්, ඈම්ප්, මයික් ඇතුළු සියලු උපකරණ සහිතව සේරුනුවර පින්වත් බිසෝ මෑනියන්ගේ මූලිකවයෙන් K.G චමින්ද, සුබෝධ මුදලාලි, තිස්ස මුදලාලි යන පින්වතුන්ගේ ප්‍රධානත්වයෙන් කුසුමාවතී, K.සිරියාවතී, K.G.මහින්ද කරුණාතිලක, ගීතිකා, මන්ජුසා, ප්‍රේමාවතී, යසවතී මැණිකේ, සුභා යන පින්වත් පිරිසගේද සහයෝගයෙන් සඝ සතුව පූජා කෙරිණි...

පින් කැමති සියල්ලෝ සියතින් කල පිනක් සේ ධර්ම දානයටද උපකාර වන මේ උතුම් පින සාදූ සිතින් සතුටින් අනුමෝදන් වෙත්වා...!!!

ඊයේ දින (2026/02/23) ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ධූරන්දර, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ වි...
24/02/2026

ඊයේ දින (2026/02/23) ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ධූරන්දර, අස්ගිරි මහාවිහාර මහ පිරිවනේ විශ්‍රාමලත් පරිවේණාධිපති, පල්ලේකැළේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති, අති ගෞරවාර්හ නාරම්පනාවේ ආනන්ද අනු නායක නාහිමිපාණන් වහන්සේ අප මූතූර් - ඓතිහාසික කොට්ටියාරම් පත්තුව, සෑගිරිය ශ්‍රී පාත්‍රා ධාතු රජමහා විහාරයස්ථානයට වැඩම කරන ලදි.

මහත්වූ කරුණාවෙන් යුතුව ගෞරවාර්හ අනුනායක මාහිමිපාණන් වහන්සේ විසින් අභිනවයෙන් පුනර්ජීවනය වන ඓතිහාසික සෑරදුන්, සංඝාවාස ගෘහය ඇතුළු විහාරාරාම අංග දැක බලා නැගෙනහිර පළාතේ සම්බුදු සසුන නැවත බැබලීම කෙරෙහි අතිශය සතුටු විය.
ත්‍රිකුණාමලය වරාය ඇතුළු මහවැලි ගං නිම්නයේ සුන්දරත්වය දර්ශනය වන අප විහාරස්ථානයේ පිහිටීම අනුව ඇති ස්වභාවික සෞන්දර්ය ආරක්ෂා කර ගැනීමටත් අතීත උරුමයන් ගොඩ නැගීම ඒවායේ පෞරාණික අනන්‍යතාව රැකෙන පරිදි සිදු කිරීමටත් අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම සිදු කළා.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ දෙමළ බස කතා කරන ජනතාව සදහා ඔවුන්ගේ බස සහ සංස්කෘතියට සමීප වනසේ දර්මය බෙදාදීමට සුදුසු ධර්ම මධ්‍යස්ථානක් ලෙස අප විහාරස්ථානය සංවර්ධනය කිරීමේ වටිනාකමද මෙත් සිතින් යුතුව අපට පෙන්වා දෙන ලදි.

අතිශයින්ම සරල ගති ඇති අති ගෞරවාර්හ අනු නාහිමිපාණන් වහන්සේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ලෝ සසුන් සුරකීවායි පතමි...!

මේ සුවිශේෂී අවස්ථාව සදහා ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) මහින්ද දිසානායක මහත්මා සහ මූතූර් පොලිස් ස්ථානාධිපති (OIC) මංජුල ජයවර්ධන මහත්මාද, අප විහාරස්ථාන චෛත්‍ය සංවර්ධන සමිතියේ ගරු ලේකම් තුමන් වන හිටපු සංස්කෘතික, ආගමික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමන්, විහාරස්ථ සිව්පස උපස්ථාන සමිතියේ ලේකම් මූතූර් කළාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂක රෝහණ ජගත් මහත්මා ඇතුළු ගිහි පින්වතුන්ද සහභාගී විය.

Balalle Rathanasara Thero Ven. Balalle Rathanasara Thero

20/02/2026

විහාරස්ථානය සංවර්ධන තොරතුරු / පින්කම් දැනගැනීම සදහා අපගේ වට්සැප් සමූහයට එක් වන්න 👉 :- https://chat.whatsapp.com/JY7TAw9xiukFeDL4pt8q5g?mode=gi_t

වැඩිදුර විමසීම් / වට්සැප් අංකය :-
👉 077 25 45 320

Address

Pachchanoor
Mutur

Telephone

+94772545320

Website

Alerts

Be the first to know and let us send you an email when සෑගිරිය රජමහා විහාරය - Sagiriya Ancient Royal Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සෑගිරිය රජමහා විහාරය - Sagiriya Ancient Royal Viharaya:

Shortcuts

Share