මුලතිව් කුරුන්දි පුදබිම

මුලතිව් කුරුන්දි පුදබිම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මුලතිව් කුරුන්දි පුදබිම, Buddhist Temple, Mullaitivu.
(2)

අද උතුම් අධි වෙසක් පෝ දිනයයි,....
01/05/2026

අද උතුම් අධි වෙසක් පෝ දිනයයි,....

🇱🇰උතුරු කරයේ සම්බුදු සසුනත් සිංහල ජාතියත් නඟා සිටුවීමට සමස්ත ජාතියම එක් රොක් වෙමු,.....🇱🇰
30/04/2026

🇱🇰උතුරු කරයේ සම්බුදු සසුනත් සිංහල ජාතියත් නඟා සිටුවීමට සමස්ත ජාතියම එක් රොක් වෙමු,.....🇱🇰

30/04/2026
30/04/2026
29/04/2026

ඔස්ට්‍රේලියාවේ විශාලතම බෞද්ධ පුදබිම,

28/04/2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිමකැලයට යට වෙච්ච පුද බිමේ පොල් අතු මඩුවක්වත් තිබුණේ නෑ…දැන් ආවාස ගෙයක...
26/04/2026

මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම

කැලයට යට වෙච්ච පුද බිමේ පොල් අතු මඩුවක්වත් තිබුණේ නෑ…

දැන් ආවාස ගෙයක්, දාන ශාලා, කුටි විශාල සංඛ්‍යාවක් තියෙනවා…

විදේශිකයන් විශාල පිරිසක් සපුමල්ගස්කඩ පින් බිමේ පැවිදි වෙලා ඉන්නවා…

ඉපැරැණි සෑය, පිළිමගෙය විහාරාංග රාශියක් සංරක්‍ෂණය කර අවසානයි…

දළදා වහන්සේ, රහතන් වහන්සේ වැඩ සිටි මහා විහාරයක්…

දැකුමත් සතුටකි. මහා මූකලානෙන් වසාගෙන තිබුණු ගඩොල් ගොඩට, පාදම් කොටස් ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට නැවත ජීවය ලබා දී ඇති අයුරු අපූරුය. මෙරට රජ කාලයේ නිර්මාණය කර ඇති මහා විහාරයක විහාරංග පෙර පැවැති ආකාරයට ම ප්‍රතිස්ථාපනය කර ඇති අයුරු විශ්මයජනකය. වවුනියාව උතුර නැඳුන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකච්චිකුලම් වන රක්ෂිතය මැද පිහිටි සපුමල්ගස්කඩ රජමහා විහාරයට පැමිණිවිට සිතට දැනෙන බුද්ධාලම්භන ප්‍රීතිය වචන කිරීමට අකමැතිය. ඔබත් මේ පුණ්‍ය භූමියට පැමිණ ඒ සතුට අත්විඳිය යුතු බව අපගේ අදහසය.

සමනල වැව දෙසින් හමා එන වියළි සුළඟ ගතට පවන් සලනවිට සිත අතීතයට දිව ගියේය. 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ ප්‍රථම වතාවට සපුමල්ගස්කඩ රජමහා විහාරයට පැමිණි අවස්ථාව මගේ මතකයට නැඟිණි. සැන්දෑ අඳුරවිත් වනපෙත පොරවන්නට මත්තෙන් පින්බිමේ අසිරිය විඳිමින් බොදු බිම පුරා ඇවිද ගිය අයුරු මනසේ ඇඳිණි. කොළ රොඩුවලින් සුදු වැලිතලාව වැසී තිබූ අයුරු, එම පුණ්‍ය භූමිය ස්ථර දෙකකින් සකස් වී ඇති ආකාරය කොළ රොඩු අතරින් දර්ශනය වූ අයුරු චිත්‍රපටයක් සේ මනසේ දිගහැරිණි. ඇතුළු මළුවේ දී මුරගල්, කොරවක්ගල්, සඳකඩපහන් දර්ශනය වූ ආකාරයත්, බෞද්ධ ස්මාරක අතරින් ඇවිද යනවිට නිධන් හොරු ගර්භය හරහා විනාශ කර තිබූ සෑය දුටුවිට සිත හිරිවැටුණු අයුරු දැනුදු මට දැනිණි. එහෙත් අද එම ස්ථානයේ දී දිස් වනුයේ කිරි බුබුළක් සේ බැබළෙන මහා සෑයකි. නිධන් හොරු විසින් විනාශ කර තිබූ සපුමල්ගස්කඩ පුරාණ සෑය ප්‍රතිනිර්මාණය කොට සෑ මළුව ද විචිත්‍රවත් ආකාරයට නවීකරණය කර ඇති ආකාරය ඇස ගැටුණුවිට යටි සිත සාදුකාර තැබීය.

සෑය අසලට ගමන් කිරීමට සිව් දෙසින් නිර්මාණය කර වූ පියගැට පෙළ ද පැරැණි බව ඔපවත් වන ආකාරයට ප්‍රතිසංස්කරණය කර තිබේ. සෑය අසල සිට බොදු බිම වටා දෙනෙත් යොමු කරනවිට ඈතින්, ඈතට නටබුන් වූ තවත් බෞද්ධ ස්මාරක රාශියක් දැනුදු ඇස ගැටේ. කැඩී බිඳී ගිය ප්‍රතාපවත් ප්‍රාකාර බැමි පැරැණි බව ආරක්‍ෂා කරමින් නැවත ප්‍රතිස්ථාපනය කර ඇති අයුරු පෙනේ. පුරාවිද්‍යා කැණීම්වලින් පසුව පුරාණ පිළිම ගෙය සංරක්‍ෂණය කර තිබේ. පුරාවිද්‍යා නිලධාරීන් විසින් කැණීම් කොට පුරාණ සීමාව ද පදාගෙන ඇති අයුරු පෙනේ. නැඟෙනහිර ද්වාරය, පෙත්මඟ සහ නැඟෙනහිර ප්‍රාකාර බැමි ඇතුළු පුරාවිද්‍යා ස්මාරක බොහෝමයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති බව දර්ශනය වේ. අභිනව බෝධි මණ්ඩපයක් ද නිර්මාණය කර තිබේ. වේගයෙන් ප්‍රතිස්ථාපනය වන සපුමල්ගස්කඩ පුරාවිද්‍යා ස්ථානය මෙරට තපෝවන ආරාම සම්ප්‍රදායට අයත් ‘පබ්බතාරාම සිද්ධස්ථානයක්’ බවට හඳුනාගෙන තිබේ. ක්‍රි. ව. 1-3 සියවස්වල මුල් ඓතිහාසික යුගයට අයත්, මහ රහතන් වහන්සේලා වැඩ සිටි සුවිශේෂී බොදු බිමක් බව ද ඉතිහාස කරුණුවලින් පැහැදිලි වේ. මෙවැනි විහාරංගවලින් සමන්විත පබ්බතාරාමයක් අනුරාධපුරයෙන් මෙපිටට තවත් නැති බව සැබෑ ය. මෙම ආරාමික පරිශ්‍රයේ නටබුන් විසිර පවතින ප්‍රදේශය වර්ග මීටර් 22500ක් පමණ වේ. බොදු බිම වටා දිය අගලක් ද තිබූ බවට සාධක ශේෂ වී ඇත. එම දිය අගලට ජලය ගලාවිත් ඇත්තේ බොදු බිම කෙළවරේ පිහිටි සමනල වැවෙනි. එම වැව දෙමළ ව්‍යහාරයේ හඳුන්වනුයේ ‘චමලන්කුලම වැව’ ලෙස ය. විශාල වැවකි. නැවත මගේ සිත 2019 වර්ෂයේ අගෝස්තු මාසයට දිව ගියේ ය.

එදා අප සමනල වැව් කණ්ඩිය මත හිඳගෙන අවට අසිරිය විඳිනවිට හැන්දෑ කළුවර අවට වෙළාගෙන බොදු බිමේ එකම පොල් අතු මඩුව අසලට පැමිණීමට හුළු අතු දැල්වීමට සිදු විය. රෑ පහන් කිරීමට කොට්ට, මෙට්ට, ඇතිරිලි කිසිවක් අපට නොතිබිණි. අපගේ නවාතැන්පොළ බවට පත් වූයේ බොදු බිම මැද ගල් පොත්තකි. එදින රාත්‍රිය නිදි වර්ජිත ය. සපුමල්ගස්කඩ බොදු බිම සංවර්ධනය කිරීමට නායකත්වය ගෙන කටයුතු කළ ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ සහ බෝගස්වැව පුරාවෘත්තයක් බදු ජයකොඩි මාමා ද එදින රාත්‍රියේ අප සමග නිදි වර්ජිතව සපුමල්ගස්කඩ බොදු බිමේ අනුහස් පැහැදිලි කළ අයුරු දැනුදු දෙසවනේ දෝංකාර දෙන්නේ ය.

“මේ පින්බිමේ දළදා වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයක් තියෙනවා. ඒ කතාව සත්‍යයක් වෙන්න පුළුවන්. අදටත් මේ සෑය දෙසින් මහ රෑට පිරිත් ඇහෙනවා. දේවතා එළි පාත් වෙනවා. මේ සෑය තුළ අදටත් ධාතූන් වහන්සේ වැඩසිටින බව මට විශ්වාසයි. අද මම මෙතැන රෑ පහන් කරන්න හිතාගත්තේ මහත්තෙලාටත් පිරිත් ඇහෙයි කියන විශ්වාසයට. මේ ස්ථානයේ සිදු කරන පුරාවිද්‍යා කැණීම්වලින් පිළිම ගෙය ආසන්නයේ තිබිලා අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් සහ ක්වන්ධ හිටි පිළිමයක් සොයාගෙන තියෙනවා. අදටත් ඒ පිළිම වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැම්පත් කරලා තියෙනවා. තාරා දෙවඟනගේ ප්‍රතිමාවක් සොයාගෙන තියෙනවා. තවත් පුරාවිද්‍යා ස්මාරක රාශියක් සොයාගෙන තියෙනවා. නිධන් හොරු මේ බිමේ ගොඩක් තැන් හාරලා. තැන, තැන විශාල වළවල් දකින්න තියෙනවා. ඒ වගේම මේ කැලෑවේ හරියට සත්තු දඩයම් කරනවා. ඒත් කිසිම දඩයක්කාරයෙක් මේ ඉසව්වට එන්නෙ නෑ. බිහිසුණු ශබ්ද ඇහෙනවලු. කැලෑ රොදවල් අතරින් මතු වෙන ලොකු අත්වලින් තල්ලු කරනවලු. ඒ නිසා මේ ඉසව්වට දඩයක්කරුවෝ එන්න බයයි. මේ හරියේ සත්තු ගැවසෙනව වැඩියි. වලස්සු හරියට ඉන්නවා. අලි ඉන්නවා. කොටියා මුණගැහෙනවා. මුව රංචු, ගෝන්නු නිතර ගැවසෙනවා. ඒ සත්තුන්ගෙන් අපිට කිසිම හිරිහැරයක් නෑ…” සපුමල්ගස්කඩ බොදු බිමේ මැවෙන ආශ්චර්ය දෑසින් දැක, දෙසවනින් අසා පැමිණ ‘දඩයක්කරුවන් සලිත කරවන, මහා රෑට පිරිත් ඇසෙන සපුමල්ගස්කඩ බොදු බිම’ මැයෙන් 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ‘ඉරිදා දිවයින සංග්‍රහයෙ’හි එම පින්බිම ගැන සවිස්තරාත්මක ලිපියක් අපි පළ කළෙමු. මේ මොහොතේ ද සපුමල්ගස්කඩ රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ අප සමීපයෙහි වැඩ සිටිති. මේ වනවිට උන්වහන්සේ උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක හිමිය. උතුරු, නැඟෙනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමට මහා මෙහෙවරක නිරත වී සිටින උන්වහන්සේ දෙසට අපි යොමු වීමු.

“මම මුලින්ම මේ ස්ථානයට වැඩම කළේ 2018 අවුරුද්දේ අග භාගයේ. එන්න පාරක්වත් තිබුණේ නෑ. ගමේ දායකයන් එකතු කරගෙන, වල් කොටාගෙන පුංචි කුටියක් හදාගෙන ස්ථිරවම වැඩ වාසය කරන්න පටන්ගත්තෙ 2019 අවුරුද්දේ ජනවාරි 1 වැනිදා. ඊට ටික කාලයකට පස්සෙ තමයි ඔබතුමා මේ ස්ථානයට ඇවිත් ගිහින් ඉරිදා දිවයින පුවත්පතේ සපුමල්ගස්කඩ බොදු බිම ගැන ලිපියක් පළ කළේ. ඒ ලිපිය පළවීමත් එක්ක මේ ස්ථානයට පුදුමාකාර ප්‍රසිද්ධියක් ලැබුණා. මේ බොදු බිම ප්‍රතිසංස්කරණය කරන්න විවිධ පරිත්‍යාග ලබාදෙන්න දෙස් විදෙස් විශාල පිරිසක් කතා කළා. ඒ වගේම ආධාර ලැබුණා. ඒ මුදල්වලින් මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීම්, සංරක්ෂණ කටයුතු සිද්ධ කළා. මේ වෙනකොට සපුමල්ගස්කඩ පූජා භූමියට හෙක්ටයාර 65ක භූමියක් වෙන් කර ‘මහවැලි එල් කලාපයට’ අනුයුක්ත කරල තියෙනවා. පූජා භූමියට අයිති හෙක්ටයාර 65න් දාහතක්ම පුරාවිද්‍යා කලාපයට අයිති භූමිය. ඉතිරි හෙක්ටරයාර 48 තමයි විහාර සංවර්ධන කටයුතුවලට භාවිත කරන්න පුළුවන්. මේ වනවිට එම භූමිය තුළ ආවාස ගෙය, දානශාලාව, පුස්තකාලයක් සහිත ප්‍රධාන ගොඩනැඟිලි පරිශ්‍රයේ වැඩ කටයුතු අවසාන කරල තියෙනවා. භාවනා කුටි 15ක වැඩ සම්පූර්ණයෙන්ම අවසාන කරල තියෙනවා. තවත් භාවනා කුටි 15ක වැඩ කරගෙන යනවා. ඒ වගේම ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ජර්මනිය, ස්ර්බියාව, පිලිපීනය ආදී රටවල විදේශිකයන් පැමිණ සපුමල්ගස්කඩ රජමහා විහාරයේ පැවිදි වෙලා සිටිනවා. පැවිදි වීමට අපේක්‍ෂාවෙන් සිටින තවත් විදේශිකයන් විශාල පිරිසක් එන්න අහනවා. ඒත් විශාල භික්‍ෂුන් වහන්සේලානමකට වැඩ සිටින්න ප්‍රමාණවත් පහසුකම් නැති නිසා ඔවුන්ට එන්න තවම අවසර දුන්නෙ නෑ. විදේශිකයන් දෙදෙනෙක්ට අප්‍රියල් මාසයේදී එන්න අවසර දුන්නා. ඉදිරියේ දී සෑම මාසයක දීම පැවිදි වීමට අපේක්‍ෂාවෙන් සිටින විදේශිකයන් දෙතුන්දෙනෙක්ට එන්න අවසර දෙන්න අපි තීරණය කරල තියෙනවා. එම විදේශිකයන්ට ටික කාලයක් පුහුණුවීම් කටයුතු කරල පැවිදි උපසම්පදාව ලබාදෙන්න අපි කටයුතු කරනවා…” දීර්ඝ දේශනාවකින් පසු ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ නිහඬ වූහ.

රටවල් හයකින් පමණ මෙරටට පැමිණ සපුමල්ගස්කඩ රජමහා විහාරයේ දී පැවිදි දිවියට ඇතුළු වී සිටින විදේශිකයන් බහුතරය ඒ රටවල උසස් ජීවිත ගතකර පැමිණී පුද්ගලයන්ය. ඇමරිකානු ජාතිකයා මහාචාර්යවරයෙකි. ස්ර්බියානු ජාතිකයා ඉංජිනේරුවරයෙකි. එංගලන්ත ජාතිකයා වෛද්‍යවරයෙකි. උසස් රැකියාවල නිරතව සිට පැවිදි ජීවිතයට ඇතුළු වුව ද එම භික්‍ෂුන් වහන්සේලා සන්තකයේ ඇත්තේ සිවුර සහ පාත්තරය පමණි. සපුමල්ගස්කඩ රජමහා විහාරයෙන් ද විදේශීය භික්‍ෂුන් වහන්සේලාගෙන් කිසිදු පරිත්‍යාගයක් ලබා නොගන්නා තරම්ය. එම විහාරස්ථානයේ වැඩසිටින භික්‍ෂුන් වහන්සේලාගේ පත්‍ය පහසුකම් වෙනුවෙන් ‘දෛනික සිව්පස දායකත්වය’ යන මැයෙන් අරමුදලක් පිහිටුවමින් ලෝකයේ ඕනෑම රටක බෞද්ධ, අබෞද්ධ පරිත්‍යාගශීලීන්ට උපකාර කිරීමට අවස්ථාව සලසා ඇත. සපුමල්ගස්කඩ විහාරස්ථානයේ වැඩ සිටින භික්‍ෂුන් වහන්සේට උදේ, දවල් දානය, ගිලන්පස ආදී සිව්පසය සඳහා දිනකට රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැය වන බව ද වාර්තා වේ. විදේශීය භික්‍ෂුන් වහන්සේලාට වීසා ලබාගැනීම, ගමන් බිමන් සියලු කටයුතු සිදු කරනුයේ ‘දෛනික සිව්පස දායකත්වය’ අරමුදලට ලැබෙන පරිත්‍යාගවලිනි. විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකීක බෞද්ධ පින්වතුන් ‘දෛනික සිව්පස දායකත්වය’ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරන බව ද වාර්තා වේ. එම පරිත්‍යාගශීලීන්ට පින්කම අවසානයේ ‘වට්ස්ඇප්’ ඔස්සේ පුණ්‍යානුමෝදනාවක් කරන බව උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ අප සමග පැවසූහ.

“මේ මාසේ ඉඳල ඉදිරි මාසවල දින 10ක් 15ක් අතර කාලයකට සිව්පස දායකත්වය ලැබිලා නෑ. විහාර සංවර්ධන කටයුතුවලට ලැබෙන දායකත්වයත් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධස්ථානය ගොඩනැඟිමේදී විශාලම කැප කිරීම කළේ විරෝධාර රණවිරුවෝ. විශේෂයෙන්ම යුද හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව. පූජා භූමිය සංවර්ධනය කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන් විශිෂ්ට මෙහෙයක් ඉටු කළා. මෙරට වගේම ලෝකය පුරා ජීවත් වෙන බෞද්ධ පින්වතුන් හැකි පමණික් මුදල් පරිත්‍යාග කරමින් සපුමල්ගස්කඩ පූජා භූමි සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාදුන්නා. බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් රුපියල් මිලියනක් පරිත්‍යාගයක් කරල තියෙනවා. ඒ හැරුණුකොට රජයෙන් මූල්‍යමය ආධාර ලබාදීලා නෑ. සපුමල්ගස්කඩ සංවර්ධන කටයුතු ආරම්භ කරපු කාලයේ සිට ආරක්‍ෂක අංශවල දායකත්වය නම් උපරිමයෙන්ම ලැබුණා. ඒ සියලු පින්වතුන්ගේ දායකත්වය නොලැබෙන්න මේ පින්බිම මෙච්චර දියුණු කරන්න බෑ. ඒත් සංරක්‍ෂණ කටයුතු තවම අවසාන නෑ. අතීතයේ රහතන් වහන්සේ වැඩ සිටි මේ පුණ්‍ය භූමියේ ඉපැරැණි බව ඒ අයුරින්ම ආරක්‍ෂා කරමින් පූර්ණ සංරක්‍ෂණයක් කරන්න අපි සැලසුම් කරල තියෙනවා. වනාන්තරයේ සුන්දරත්වය, මේ සිද්ධස්ථානයේ වැඩසිටි රහතන් වහන්සේලාගේ අධ්‍යාත්මික ශක්තිය භාවිත කරමින් ලෝකයේ ඕනෑම කෙනකුට අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න පුළුවන් ‘ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක්’ විදිහට මේ ස්ථානය දියුණු කිරීමටත් අපි සැලසුම් සකස් කරගෙන යනවා…” කරන්න බැරි වැඩ ශන්තබෝධි හාමුදුරුවෝ නොකියන බව අපි හොඳින් දැන සිටිමු. එමෙන්ම මුදල්, ශ්‍රම පරිත්‍යාග කොපමණ ලැබුණ ද මනා පරිපාලනයකින් යුක්තව ඍජු නායකත්වයකින් කටයුතු සංවිධානය නොවෙන්න කිසිදු කටයුත්තක් සාර්ථක නොවේ. උතුරු පළාතේ ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි හාමුදුරුවෝ මනා කළමනාකාරිත්වයකින්, උපරිම සැකසුරුවම් සහිතව පූජා භූමි සංවර්ධන කටයුතු සිද්ධ කරගෙන යන බැවින් පින්වතුන් ලබාදෙන පරිත්‍යාගවලට උපරිම සාධාරණයක් ඉෂ්ට වන බව විශ්වාසයෙන් යුක්තව සිහිපත් කළ යුතු ය.

උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශන්තබෝධි
හිමි සහ පිළියන්දල අමිතඝෝෂ හාමුදුරුවෝ විදේශීය
තරුණයෙක් පැවිදි කරන අයුරු

එමෙන්ම කාලයෙන්, කාලයට පැමිණි විදේශීය සතුරු ආක්‍රමණිකයන් උතුර, නැඟෙනහිර වැව් අමුණු විනාශ කර යැපුම් මාර්ග අවහිර කර මහා විනාශයක් සිදු කළ බැවින් එම ප්‍රදේශවල ජීවත් වූ මිනිසුන් ගම් බිම් අතහැර වෙනත් පළාත්වලට සංක්‍රමණය වී ඇති බව ඉතිහාසයේ සඳහන්ය. ඉනිඳු බෞද්ධ ජනතාව වැඳුම්-පිදුම් කළ වෙහෙර-විහාර මහා කැලෑවට යට විය. වසර තිහකට වැඩි කාලයක් පැවති ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් ද උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය වනයට යට වූ බව සැබෑය. 2009 වර්ෂයේ දී කොටි ත්‍රස්තවාදය සහමුලින් අතුගෑමත් සමග උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන සොයාබැලීම නැවත ආරම්භ විය. අනතුරුව උතුර, නැඟෙනහිර භූමියේ දී හෙළ උරුමය නැවත ප්‍රතිස්ථාපනය කරන මහා සංග්‍රාමය ආරම්භ විය. ඒ මහා පුණ්‍යකර්මය ආරම්භ වූයේ සපුමල්ගස්කඩ ඉපැරැණි රජමහා විහාරයෙන් බව ආඩම්බරයෙන් සිහිපත් කළ යුතුය. එහෙත් පුරාවිද්‍යා කැණීම් අවසාන වුවද සංරක්‍ෂණ කටයුතු තවම අවසාන වී නැත. එම බොදු බිම ‘ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක්’ ලෙස දියුණු කිරීමට ද සැලසුම් කර ඇත. එම කටයුතු කඩිනමින් අවසාන කරගැනීමට දෙස්, විදෙස් බෞද්ධ ජනතාවගේ උපකාරය තව, තවත් ඇවැසිය.

බොදු උරුමය සුරක්ෂිත කිරීමට දායකවීමේ පින්කමේ ආනිශංස ගැන බෞද්ධ ජනතාවට අමුතුවෙන් පැහැදිලි කිරීමට ඇවැසි නැත. මෙලොවත්, එලොවත් සංසාරය පුරාවට පින් ඵලදෙන පුණ්‍යකර්මයක් බව පමණක් සිහිපත් කිරීම අපගේ කැමැත්තය. එමෙන්ම නිවාඩුවට සපුමල්ගස්කඩ සුව අරණට පැමිණ එහි වැඩ සිටින භික්‍ෂුන් වහන්සේට දානය පූජා කොට නිදහසේ නිවාඩුව ගත කිරීමට අවස්ථාව සැලසී ඇති බව ද අපි ඔබට මතක් කර සිටිමු.

තරංග රත්නවීර

ඔස්ට්‍රේලියාවේ  The Great stupa,සහ බෝධිධම්ම විහාරයට වැඩම කළ අප විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ
26/04/2026

ඔස්ට්‍රේලියාවේ The Great stupa,සහ බෝධිධම්ම විහාරයට වැඩම කළ අප විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ

25/04/2026

උතුරේ වවුනියාව බෝගස්වැව 2 අප නායක ස්වාමීන් වහන්සේගේ අනුසාසනයෙන් පවත්වන ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ දූ දරුවන්ගේ "බක්මහ උළෙල 2026"

Address

Mullaitivu

Alerts

Be the first to know and let us send you an email when මුලතිව් කුරුන්දි පුදබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share