16/12/2022
මත් රකුසාට නැවත හිස ඔසවා ලාංකික යෞවනය අගාධායට යොමු කිරීමට අවස්ථාව නොදෙන්න,
මතින් තොර හෙටක් නිර්මාණයට ඔබත් දායක වන්න!
පවතින තත්වය මත ලංකාව තුළ මත්ද්‍රව්‍ය යළි ස්ථාපනය වෙමින් පවතින අතර එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අසරණ, අහිංසක පාසල් ශිෂ්‍ය ප්‍රජාවයි. දැනට මෙම වාතාවර්ණය පාසල් වසා දැමීමට තරම් උත්සන්න වී ඇත. මෙමඟින් අපට තහවුරු වන්නේ ලාංකික තාරුණ්‍ය සහ අනාගතය නැවත වරක් මත්ද්‍රව්‍යවලට යොමු වීමයි. යොමුව විනාශ මුඛය කරා යැමයි.
දැන් ඇත්තේ අපේ මාතෘ භූමියටත්, රටටත් තාරුණ්‍ය අත්‍යවශ්‍යම කාලයයි. එනිසා මත් ද්‍රව්‍යට ඔබේ අරමුණ, ඔබේ අධිෂ්ඨානය, ඔබේ කැපවීම බිඳින්නට ඉඩ නොදෙන්න. අප හා එක්ව මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ සටනෙහි කොටස්කරුවෙක් වන්න!
දිනය: 2022 දෙසැම්බර් මස 19වන දින
ආරම්භය: පස්වරු 3 සිට
Facebook & YouTube ඔස්සේ සජීවීව
මෙහෙයවීම- සාමය උදෙසා ශ්‍රී ලංකා සර්ව ආගමික සභාව
Sri Lanka Council of Religions for Peace
සංවිධාන ශක්තිය
ශ්‍රී ලංකා ජාතික යෞවනයන්ගේ සංවිධානය - National Teenagers' Organization of Sri Lanka