St. Paul's Church Moratumulla Media Unit

St. Paul's Church Moratumulla Media Unit Anglican Church in Moratuwa ඉතිහාසයෙන් බිදක්...

ක්‍රි.ව. 1860 දී, ගෞ.

H.E.C. මැන්දිස් දේවගැතිතුමන්ගේ සීයා වූ සීමන් මැන්දිස් මහතා විසින් මොරටුමුල්ල ග්‍රාමයේ දරුවන් සඳහා පාසලක් වෙනුවෙන් ඉඩමක් පරිත්‍යාග කරන ලදී. පසුව 1884 වර්ෂයේ දී මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ එවකට පළාත භාර දේවගැතිතුමා ලෙස කටයුතු කළ, ගෞ. ජොහැන්නස් ද සිල්වා දේවගැතිතුමා විසින් මෙම පාසල් ගොඩනැගිල්ල එම ග්‍රාමයේ එංගලන්ත සභාවට අයත් සභිකයින් වෙනුවෙන් දේවමෙහෙයන් පැවැත්වීමටත් දරුවන් සඳහා ඉරුදින පාසලක්

ආරම්භ කිරීමටත් කටයුතු කරන ලදී. පසුව මෙම ගොඩනැගිල්ල තවදුරටත් පුළුල් කර, එය 'ශුද්ධවූ පාවුල්තුමාගේ දෙව්මැදුර' ලෙස කැපකරන ලද්දේ 1910 ජනවාරි 25 එනම් ශුද්ධවූ පාවුල් අපොස්තුළුතුමන්ගේ සිත් හැරීමේ මංගල්‍යය දිනය. ඒ අනුව මොරටුමුල්ල ග්‍රාමයේ එංගලන්ත සභාවට අයත් ප්‍රථම දේවස්ථානය ඉදි වූයේ ක්‍රි.ව. 1910 වර්ෂයේ දී ය.

සභික සංඛ්‍යාවේ වැඩිවීමත් සමග, ප්‍රමාණයෙන් විශාල දේවස්ථානයක අවශ්‍යතාව තිබූ බැවින්, එම දෙව්මැදුරට යාබද භූමි ප්‍රදේශයක් පරිත්‍යග කරන ලද්දේ එවකට එම ප්‍රදේශයේ සිටි ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වූ, ජෝසප් හෙන්ද්‍රික් ද මැල් මහතා විසිනි. එතුමන්ගේ හා සභිකයින්ගේ පරිත්‍යග හමුවේ අදටත් එම ප්‍රදේශයේ සැමගේ නෙත ගැටෙන එම ගහම්භීර දේවස්ථානය ඉදි කර ශුද්ධවූ පාවුල්තුමන්ගේ නමින් කැප කරන ලද්දේ 1923 වර්ෂයේ පෙබරවාරී 2වන දින අතිගරු E.A. කොපස්ටන්, එවක කොළඹ රදගුරුතුමා විසිනී. එම දේවස්ථානයේ අල්තාරයේ දැකගත හැකි එම ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවේ චිත්‍ර නිර්මාණය කරන ලද්දේ එංගල්ටිනා මැන්දිස් මහත්මිය විසිනී.

පසුව 1933 වර්ෂයේ මෙම දේවස්ථාන ගොඩනැලිල තවදුරටත් පුළුල් කිරීමට දායක වන ලද්දේ කොරොනේලිස් ෆ්‍රැන්සිස් ද මැල් මහතා හා එම මැතිනියයි. 1950 දී, දේවස්ථානය වෙනුවෙන් කුඩා ශාලාවක් එම භූමි භාගයේම ඉදි කළ අතර දේවස්ථානයේ වෙස්ට්‍රි කාමරය තව දුරටත් පුළුල් කරන ලදී. ඉන්පසුව, 1964 පෙබරවාරි 2, එනම් දේවස්ථානයේ 41වන කැපකිරීමේ මංගල්‍යය දින, නැසිගිය පේම්ස් හා ලියොනාරා පෙරේරා මහත්මා මහත්මීන් සිහිවීම පිණිස ශාමිනී පෙරෙරා මහත්මිය විසින් දේවස්ථානය සඳහා කුඩා නිවසක් ඉදි කර නිම කරන ලදී.

මෙතක් මොරටුව ශුද්ධවූ එම්මානුවෙල් දේවස්ථානයේ භාරකාරත්වය හා භාණ්ඩාගාරය යටතේ පාලනය වූ ශුද්ධවූ පාවුල්තුමාගේ දේවස්ථානය, ස්වාධීන දේවස්ථානයක් ලෙස කටයුතු කිරිම ආරම්භ වූයේ 1979 වර්ෂයේ දී ය. අදටත් මෙම දේවස්ථානය ස්වාධීනව දේවස්ථානයේ සභිකයින් අතරින්ම තෝරා පත්කරගත් ගිහි නිලධාරි මණ්ඩලයක් විසින් පාලනය කරනු ලැබේ.

දේවස්ථානය සදහා සුදුසු ආකාරයේ ප්‍රමාණයෙන් විශාල ශාලාවක් අවශ්‍යව තුබූ බැවින් ඒ සඳහා මුල්ගල තබන ලද්දේ දේවස්ථානයේ 80 වන කැපකිරීමේ මංගල්‍යය, එනම් 2003 පෙබරවාරී 2වන දින අතිගරු දුලිප් චිකේරා, එවකට කොළඹ රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙනී. පසුව මෙම ගොඩනැගිල්ල තවදුරටත් ප්‍රතිසංස්කරනය කර කැපකරන ලද්දේ හිටපු කොළඹ රදගුරුතුමකු වන අතිගරු කෙනත් ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2011 වර්ෂයේ දී ය.

2023 වර්ෂයේ මෙම දේවස්ථානයේ සියවස් පූර්ණ ජුබිලි මහා මංගල්‍යය පෙබරවාරී 2 වන බ්‍රහස්පතින්දා දින යෙදීම නිමිත්තෙන් ඒ සඳහා එදින ස්තුති දීමේ දේවමෙහෙයක් ද, ප්‍රධාන මංගල්‍යය දේවමෙහෙය හා සාක්ෂි දැරීමේ පෙරහැර පෙබරවාරී 4 වන සෙනසුරාදා දින ස්ථීර කිරීමේ දේවමෙහෙයක් සහිතව කොළඹ රදගුරු, අතිඋතුම් දුශාන්ත රොඩ්‍රිගෝ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

වසර ගණනාවක් පුරාවට මොරටුමුල්ල ග්‍රාමයේ ජනතාවට මහත් අශිර්වාදයක් හා අස්වැසිල්ලක් වූ මෙම දේවස්ථානය තව චිරාත් කාළයක් පුරාවට මෙලෙස වැජඹෙනු නොඅනුමානය.


ආදිකතුතුමන් පිළිබඳ...

අප දේවස්ථානයෙ ඉදිකිරීම සඳහා භූමිය හා විශාල වශයෙන් ධනය පරිත්‍යාග කරන ලද්දේ ජෝසප් හෙන්ඩ්‍රික් ද මැල් නම් අපගේ ආදිකතෘ තුමන්ය. 1870 වර්ෂයේ දී කොරලවැල්ල ග්‍රාමයේ උපත ලද එතුමන් එවකට මොරටුවේ විසූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙන් විය. 1923 වසරේ අප දේවස්ථානය ඉදි කිරීම සඳහා පුරෝගාමි වූ මෙතුමා අවුරුදු 59ක් ආයු වලඳා, 1929 මාර්තු 18 වන දින පරලොව සැපත් විය. එතුමන්ගේ දේහය ඊට පසු දින, එනම් මාර්තු 19 දින කොරළවැල්ල ශු. පේදුරු තුමන්ගේ දේවස්ථානයේ අවමංගල්‍යය දේවමෙහෙයෙන් අනතුරුව, එම දේවස්ථානයේ සුසාන භූමියේ භූමදානය කරන ලදී.

Address

No . 50, Sri Premarathana Mawatha, Moratumulla
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when St. Paul's Church Moratumulla Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share