Katukurunda Parish - Moratuwa

Katukurunda Parish - Moratuwa This is the Official page of Katukurunda Parish - Moratuwa.

අළු බදාදා දිව්‍ය පුජාවන් පැවැත්වෙන වේලාවන්: සවස 6.00   ( කටුකුරුන්ද )     -සවස 7.00 (මෝදර)
18/02/2026

අළු බදාදා දිව්‍ය පුජාවන් පැවැත්වෙන වේලාවන්

: සවස 6.00 ( කටුකුරුන්ද )

-සවස 7.00 (මෝදර)

එක්වරු ශීලය රැකීම ,💜️ ✝ 💜️
18/02/2026

එක්වරු ශීලය රැකීම ,

💜️ ✝ 💜️

අළු බදාදා ASH WEDNESDAY 💜 ️චාතාරික සමයේ ආරම්භය 💜️
18/02/2026

අළු බදාදා
ASH WEDNESDAY

💜 ️චාතාරික සමයේ ආරම්භය 💜️

18/02/2026

අළු බදාදා

💜 චාතාරික සමයේ ආරම්භය 💜️

" හැරවුමක් කරා කල්වාරිය බලා "
චතාරිකය 2026*

අළු බදාදා දිනය පැමිණීමට ප්‍රතමව අළු බදාදා යනු කුමක්ද කියා වටහා ගනිමු ,අළු බදාදා දිනයෙන් ආරම්භ වන්නේ චතාරික සමයයි එදින පට...
17/02/2026

අළු බදාදා දිනය පැමිණීමට ප්‍රතමව අළු බදාදා යනු කුමක්ද කියා වටහා ගනිමු ,

අළු බදාදා දිනයෙන් ආරම්භ වන්නේ චතාරික සමයයි එදින පටන් දින සතලිහක් මනස්තාපනයෙන් යුතුව භාවනාශීලීව සහා මර්ධන ක්‍රියා කරමින් හදවතින් පසුතැවිලී වී සිත් හරවාගැනීමේ කාල පරිච්ඡේදයකට මුල පුරන කාල වකවානුවකි ...

මේ කාල සීමාවේදී ක්‍රිස්තුස්වහන්සේගේ දුක්ප්‍රාත්‍රිය සදහා මනස්තාපනයෙන් යුතුව සුදානම් වෙයි ...

මේ කාල සීමව තුල එක්වරු ශීලය රැකීම , පාදනමස්කාරය පැවැත් වීම සිදු කරනු ලබයි ...

අළු බදාදා දිනයේදී අළු යොදා ගන්නේ ඇයි ?

පරණ ගිවිසුමේ පසුතැවිලිවීමේ සළකුණක් ලෙස අළු භාවිතා කර ඇත .

අළු යනු අපගේ ලෞකික ආශාවන් ත්‍යාජ කර ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වීමට ඇති අපගේ අභිප්‍රායේ පොදු සළකුණකි .
තවද අළු මනස්තාපනය සංකේතවත් කරයි .

අළු බදාදා දිනයේදී පියතුමා අළු භාවිතා කරමින් ඔබගේ නළලේ කුරුසයක් සලකුණු කරයි එවිට පියතුමා ඔබට මෙසේ පවසයි ,
" දූවිල්ලෙන් සෑදූනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේ ය '' හෝ " මනස්තාපනය වී සුබ අස්න අදහා ගන්න '' යන්න සදහන් කරයි එවිට ඔබ ආමෙන් කියා පිළිතුරු දෙන්න ...

එදිනට භාවිතා කරන අළු පෙර වසරේ ගොබ් ඉරුදින සදහා ආසිරි ගන්වන ලද ගොබ් කොළ වලින් තනන ලද ගොබ් කුරුස පුලුස්සා මෙම අළු සකස් කර ගන්නා අතර අළු බදාදා දිනයේ පැවැත් වෙන දේව මෙහෙයේදී එම අළු පියතුමා විසින් ආසිරි ගන්වා අළු බදාදා දිනයට භාවිතයට ගනු ලබයි ...

ඒ වගේම මෙම දින කිහිපය තුල ජනවන්ධනා කටයුතු සදහා නියමිත වර්ණය දම් පැහැති වර්ණයයි එම නිසා චතාරික සමය තුල ශුද්ධවූ අල්තාරයේ අල්තාර වස්ත්‍ර සහා පියතුමාගේ පූජා ඇදුම්ද දම් පැහැති වර්ණය යොදා ගනු ලබයි ...

ආරම්භ වීමට නියමිත චාතාරික කාලය මනස්තාපනයෙන් යුතුව ක්‍රිස්තුස්වහන්සේගේ දුක්ප්‍රාත්‍රිය සදහා සූදානම් වෙමූ ජේසූ පිහිටයි 👊😊✝️🤍

මෙවර අපොස සාමාන්‍යය පෙළ විභාගය සදහා මුහුන දෙන දුවා දරුවන් අද දින දේව මෙහෙය අවස්තාවේදී ආසිරි ගැන්වීම සිදු කරනු ලැබුවා ......
15/02/2026

මෙවර අපොස සාමාන්‍යය පෙළ විභාගය සදහා මුහුන දෙන දුවා දරුවන් අද දින දේව මෙහෙය අවස්තාවේදී ආසිරි ගැන්වීම සිදු කරනු ලැබුවා ...

සෑම දුවා දරුවෙක්ටම විභාගය සදහා ශාරිරිකව සහා මානසිකව යහපත් ආකාරයෙන් මුහුන දීමටද දෙවු මවුන්ගේ මැදිහත් කමත් දෙවි පියාණන්ගේ ආශිර්වාදයත් අවැසි සුදතුම් වරම් පතා දෙවිදුන් යදිමු ... ✝️🙏

ආදරවන්තයන්ගේ  සාන්තුවරයා.. "ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමා"කතෝලික රදගුරු තුමෙක් වන  වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට...
13/02/2026

ආදරවන්තයන්ගේ සාන්තුවරයා..
"ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමා"

කතෝලික රදගුරු තුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැබී ඇත.
මෙතුමානන් කිතුනුවන්ට උදවු කිරීම හා යුද්ධය හේතුකොට ගනිමින් යුධ භටයන් ලෙස තරුණයින් හමුදාවට බදවා ගැනීම හේතුවෙන් තරුණ පිරිසට විවාහය සහ ආදරය තහනම් වචනයක් වුනු සමයක ආදරය කරන පිරිස විවාහ කරදීමට උපකාර කිරීමත් නිසා එවකට රෝමයේ රජ කළ ක්ලෝඩියස් ගොතිකස් රජුගේ උදහසට ලක්වීය.

ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙතුමාහට මාලිගාවට කැදවීමක් කර කතෝලික ඇදහීම අතහැරීම හෝ මරණය යන දෙකෙන් එකක් පිලිගන්නා ලෙස බල කෙරිනි.එතුමා කිසිවිටකවටත් කතෝලික ඇදහීම අත නොහරින බවට පොරොන්දු විනි.පසුව මෙම අධිරාජ්‍යයාගේ නියෝගය අනුව මුගුරු වලින් පහර දි හිස ගසා මරා දැමීමට නියම විනි.

එතුමානන්ගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. මෙතුමාගේ හිස්කබල රෝමයේ cosmedin හි basilica of saint maria බැසිලිකාවේ තැන්පත් කොට ඇත.මෙතුමාගේ රුධීරය අයර්ලන්තයේ Dublin හි තැන්පත් කොට ඇත. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති අතර මෙම දිනයට සාමගාමීව ආදර වන්තයන්ගේ දිනය සමරනු ලබයි.

ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාගේ දිනය
“හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් අද බොහෝ දෙනා ආදරවන්තයින්ගේ දිනය සමරයි. නමුත් වර්තමාන සමාජය තුළ මෙම දිනය වාණිජමය ස්වරූපයක් ගනී. කෙසේ වෙතත් මෙහි ඉතිහාසය අද සමාජයට ඉතා වැදගත්ය ...

උපුටා ගැනීමකි ... 🖋️

11/02/2026

🩵🤍 ලූර්දුවේ අප ස්වාමීදූගේ මංගලෝත්සවය ... 🩵🤍

10/02/2026
2026 දහම්පාසල් දෙමාපිය මහා සභා රැස්වීම සහ එම අවස්තාවේදී දහම් ගුරුවරුන් පත්වීමේ ලිපි ලබාගත් අවස්තාව ...
08/02/2026

2026 දහම්පාසල් දෙමාපිය මහා සභා රැස්වීම සහ එම අවස්තාවේදී දහම් ගුරුවරුන් පත්වීමේ ලිපි ලබාගත් අවස්තාව ...

බාලයන් මා වෙතට එන්න ඉඩදෙනු කියා අමතලා අප සැමා දහම් දෙසන්න පතුරුවන්න යන්න සැමදෙසේ කියයි අදත් ඒ ජේසූස්තුමාළමා ධර්ම දූත ඉරු...
08/02/2026

බාලයන් මා වෙතට එන්න ඉඩදෙනු කියා අමතලා අප සැමා දහම් දෙසන්න පතුරුවන්න යන්න සැමදෙසේ කියයි අදත් ඒ ජේසූස්තුමා

ළමා ධර්ම දූත ඉරුදින

අද දින ලංකා අප ස්වාමිදූගේ මංගලෝත්සව දිව්‍ය පූජා යාගයෙන් අනතුරු ව මොරටුව, කටුකුරුන්ද, සාන්ත මරියා දේවස්ථානයේ 78 වන නිදහස්...
04/02/2026

අද දින ලංකා අප ස්වාමිදූගේ මංගලෝත්සව දිව්‍ය පූජා යාගයෙන් අනතුරු ව මොරටුව, කටුකුරුන්ද, සාන්ත මරියා දේවස්ථානයේ 78 වන නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ධජය එසැවීමේ අවස්ථාව..

©All rights reserved
St. Mary's Church Media Unit

Address

St. Mary’s Roman Catholic Church, Western Province,, Katukurunda
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Katukurunda Parish - Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share