18/04/2026
උයනට අවුරුදු 2026
කිතු සමිදුන් මරණය මරමින් ජය දද ඔසවන්නේ
සිංහල සිරිතට හිරු මගුලත් හෙළ දන සමරන්නේ
බෝ දිනකින් පවනේ දම් කහ දද වැල ලෙලදෙන්නේ
උයනට තුන් මගුලක් වැඩි නෑ........
මෙවරෙන් ජය සිරියෙන් මෙවරත් පුර උයනට අවුරුදු එන්නේ.....
2026ක් වූ බක් මස 19වන ඉරුදින පූර්වභාග 10 සිට දවස පුරා. උයන ශු. ජුසේ මුනිඳුන්ගේ දේවස්ථාන භූමියේ පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!