උඩුගම් බලා

උඩුගම් බලා උතුම් ධර්ම දානය උදෙසා

24/05/2026

නමෝ බුද්ධාය 🙏
බුදුකිස නිමකොට පිරිනිවන් වැඩි අප තථාගත මුනිරජුන්ගේ උත්තම ධාතූන් වහන්සේලා නෙත් පුරා සියැසින් දැකබලා වන්දනා කරගැනීමට ශ්‍රී අංගුලිමාල මහ සෑ පිංබිමට සැදැහැ සිතින් පැමිනෙත්වා..🙏🪷🙏

20/05/2026

නමෝ බුද්ධාය 🙏

පොඩි වරදක්වත් සගවාගෙන ඉන්න එපා

තුන් ලෝකෙට අග්‍ර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මිහිරි මී පැණි ලෙස ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සම්පූර්ණ දේශනාව👇

https://youtu.be/p5nwH4yPNvg?si=jWlqnbBIeJ9HC2Vf

ඔබත් උතුම් ධර්ම දානයේ කොටස්කරුවකු වන්න
නමෝ බුද්ධාය 🙏

20/05/2026
නමෝ බුද්ධාය 🙏උතුම්ම උතුම් මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවේගෞතම බුද්ධ ශාසනයේ ධර්මය ඇසෙන කාලෙක හිත පහදගෙන මල් ටිකක් පූජා කරන්න ...
19/05/2026

නමෝ බුද්ධාය 🙏

උතුම්ම උතුම් මනුස්ස ජීවිතයක් ලබපු වෙලාවේ
ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය ඇසෙන කාලෙක
හිත පහදගෙන මල් ටිකක් පූජා කරන්න සැදැහැ සිතින් ඒ භාග්‍යත්වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා හිතාගෙන වන්දනා කරලා පින් රැස් කරගන්න මේ දුකින් නිදහස් වෙන්න 🙏

හැමෝටම share කරලා තව තවත් පින් රැස් කරගන්න
නමෝ බුද්ධාය🙏🙏🙏

18/05/2026

අපේක්ෂා බිඳ වැටුණු ජීවිතයට සවියක්

නමෝ බුද්ධාය
පින්වත් ස්වාමීන් වහන්ස 🙏
අහස් ගව්ව
සම්පූර්ණ දේශනාව 👇

https://youtu.be/z6FBChzUp5w?si=5ifpK594KzPoSX1q

නින්දා ප්‍රශංසා දුක සැප ලාභ අලාභ යස අයස අටලෝ දහමට අනුව මේ ජීවිතය තෙරක් නොපෙනෙන දුරක සිට ගලාගෙන යනව.. හැමදේයින්ම නිදහස්වූ...
13/05/2026

නින්දා ප්‍රශංසා දුක සැප ලාභ අලාභ යස අයස අටලෝ දහමට අනුව මේ ජීවිතය තෙරක් නොපෙනෙන දුරක සිට ගලාගෙන යනව..
හැමදේයින්ම නිදහස්වූ තුන්ලෝකෙට අග්‍ර වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාර වේවා!
නමෝ බුද්ධාය 🙏🙏🙏

10/05/2026

උදේ දිවා රෑ නොබලා
වෙහෙස වූ මගේ අම්මා
කුසගින්නට ආහාර නැතත්
මගේ කුසගින්න නිවූ අම්මා
අඬන කඳුළට
ශක්තිය වූ මගේ අම්මා
සසරෙන් එතෙර වන්න
මගේ පින්බර අම්මා

මගේ අත් කකුල් හදලා ඇස් පාදලා හොඳ නරක කියා දීලා මගේ මුල්ම පඩියෙන් බුදු පිළිම වහන්සේ නමක් සසුනට පූජා කරා අද වගේ මතකයි
අද වෙනකොට මම මුළු ලෝකෙක්වන්දනා කරන දේවල් පූජා කරලා පින් රැස් කරන්න තියෙනවා..
මේ පිනම ඇති මගේ අම්මාට සංසාර දුකින් වහ වහා නිදහස් වෙන්න..

නමෝ බුද්ධාය 🙏

10/05/2026

සමහර ජීවිත හරියට ඉටිපන්දමක් වගේ
හැමෝටම එළියේදී නැවත හැරී බලන විට තමන් දියවී ගොස් හමාරය

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when උඩුගම් බලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share