Vidyawasa piriwana minioluwa

Vidyawasa piriwana minioluwa මීරිගම, මිණීඔලුව විද්‍යාවස පිරිවෙන්විහාරස්ථානය 1885 වර්ෂයේදී ආරම්භ කළ විහාරස්ථානයකි.

"දුෂ්කර අවස්ථාවෙත් පින් කිරීම උතුම්"මෙණ්ඩක සිටුතුමාගේ කථා වස්තුවපින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩ...
29/12/2019

"දුෂ්කර අවස්ථාවෙත් පින් කිරීම උතුම්"
මෙණ්ඩක සිටුතුමාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ භද්දිය නගරයෙහි ජාතියා වනයේ.භික්ෂු සංඝයා පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිමින් පිළිවෙලින් අංගුත්තරාප ජනපදය තෙක් වැඩියා.

ඒ ජනපදයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් සිටුවරයෙක් වාසය කළා.එතුමාගේ බිරිඳ චන්දපදුමා නමින් ප්‍රසිද්ධව සිටියා.ධනංජය සිටුතුමා යනු එතුමාගේ පුතයි.සුමනා දේවිය යනු ලේළියයි.විශාඛා නමින් මිණිබිරියක් සිටියා.පුණ්ණ නමින් දාසයෙක් සිටියා.

බුදුරජාණන් වහන්සේ මේ සියලුදෙනාම සෝවාන් වීමට පින් ඇති අය බව බුදු ඇසින් දැක්කා.ඒ නිසයි භද්දිය නගරයට වැඩම කළේ.

මේ සිටුවරයාට මෙණ්ඩක යන නම ලැබුණේ හරි පුදුම විදිහටයි.අමුණු තිස් දෙකක පමණ බිම් පෙදෙසක අලියෙකුගේ, අශ්වයෙකුගේ, ගොනෙකුගේ උස ප්‍රමාණයෙන් යුතු රන් බැටළුවෝ පොළොව පලාගෙන මතු වුණා.පිටෙන් පිට පහර දෙමින් මතු වුණා.ඒ රන් බැටළුවන්ගේ මුඛයෙහි පස් පැහැයෙන් යුතු නූලෙන් ගෙතූ පන්දු තිබුණා.ගිතෙල්, මී පැණි ආදිය වේවා, ඇඳුම් පැළඳුම් වේවා, රන් රිදී ආභරණ වේවා, ඕනෑම දෙයක් අවශ්‍ය වූ විට කරන්නට තියෙන්නේ ඒ බැටළුවන්ගේ මුවෙහි ඇති පන්දුව අයින් කරන එකයි.එතකොට දඹදිව වැසියන්ට ඇති තරම් වුවමනා දේවල් ඒ බැටළුවන්ගේ මුවින් ගලනවා.ඒ නිසයි සිටුතුමාට මෙණ්ඩක සිටු යන නම ලැබුණේ.මෙණ්ඩක කියන්නේ බැටළුවාටයි.

මේ සිටුතුමාට මෙතරම් වස්තුව පොළොවෙන් පහළ වුණේ පෙර සසරේ කරපු පිනක් නිසයි.විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මොහුගේ නම අවරෝජ.මොහුගේ බිරිඳගේ පියාගේ නමත් අවරෝජ.

දිනක් මොහුගේ මාමා විපස්සී බුදුරජුන්ට ගන්ධ කුටියක් කරන්නට පටන් ගත්තා.

"අනේ මාමේ....මමත් මේකේ හවුල්කාරයෙක් වෙන්නද...?"

"නෑ...නෑ...කවුරුවත් හවුල් වෙන්නට ඕනෑ නෑ...මං මේක කරන්නේ කාටවත් කරන්න බැරි විදිහටයි.ඒ නිසා තනියම කරන්නම්...."

'මේ ගන්ධ කුටිය කළාට පස්සේ මෙතැනම කුඤ්ජර නමින් ශාලාවක් කරන්නට ඕන...' කියලා වනයට ගියා.ලී දඬු සකසාගෙන ආවා.ඒ සෑම ලී කණුවක්ම කැටයම් කළා.ඇතැම් කණු රිදියෙන් කැටයම් කළා.ඇතැම් කණු මැණිකෙන් කැටයම් කළා.ඇතැම් කණු සප්ත රත්නයෙන් ඔබ්බවා කැටයම් කළා.මේ විදිහට දොරපලු, ජනේල, උළුවහු, වහල ආදිය හැමතැනම රන් කැටයම් ඔබ්බවා සැරසුවා.ගන්ධ කුටියට ඉදිරියෙන් තථාගතයන් වහන්සේ උදෙසා සප්ත රත්නයෙන් කුඤ්ජර ශාලාව කෙරෙව්වා.ඒ ශාලාව මැද රත්න මණ්ඩපයක් කෙරෙව්වා.ධර්මාසනයක් කෙරෙව්වා.ඒ ආසනයේ පාද ඝන රනින් කෙරෙව්වා.විට්ටම ඝණ රනින් කෙරෙව්වා.සතර පැත්තෙන් රන් බැටළුවෝ කෙරෙව්වා.ආසනයේ පාදවල යටින් තැබ්බෙව්වා.රන් බැටළුවෝ දෙන්නෙක් කරවලා පා පුටුවේ තැබ්බෙව්වා.රන් බැටළුවෝ කරවලා මණ්ඩපය වටේට තිබ්බා.ඒ ධර්මාසනය රන්මුතු වැල්වලින් සැරසුවා.හේත්තු වන ලෑල්ල සඳුන් වලින් කෙරෙව්වා.කුඤ්ජර ශාලාව කරවලා එක්ලක්ෂ හැට අට දහසක් ප්‍රමුඛ විපස්සී බුදුරජුන් වඩම්මවා හාර මාසයක් තුන් සිවුර සහිතව දන් දුන්නා.

විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි ඔය අයුරින් පින්කම් කළා.එයින් චුත වෙලා දෙව්ලොව - මිනිස් ලොව ඉපිද ඉපිද ආවා.මේ භද්‍ර කල්පයේ බරණැස් නුවර උපන්නා.බරණැස් සිටු යන නම ලැබුණා.ඔහු එක දවසක් රාජ උපස්ථානයට යමින් සිටියා.පුරෝහිතයා දැකලා මෙහෙම ඇහුවා.

"ඇදුරුතුමනි...නැකැත් මුහුර්තිවල විශේෂ යමක් තිබෙනවාද ?"

"එසේය...විශේෂ යමක් දකිමි."

"ඇදුරුතුමනි...ඒ විශේෂ දෙය ජනපද චාරිත්‍රයක්ද ?"

"නෑ සිටුතුමනි...එක්තරා භයක්....!"

"ඇදුරුතුමනි...ඒ භය කුමක්ද ?"

"සිටුතුමනි...එය දුර්භීක්ෂ භයක්....!"

"ඇදුරුතුමනි....කොයි කාලෙද ඔය භය ඇතිවෙන්නේ...?"

"තව තුන් අවුරුද්දකින් දුර්භීක්ෂ බය එනවා..."

එතකොට සිටුතුමා බොහෝ කුඹුරු කෙරෙව්වා.ගෙදර තිබෙන සියලු ධනයෙන් ධාන්‍යම රැස් කළා.එක්දහස් දෙසිය පනහක් වී අටු කෙරෙව්වා.අටුකොටු පිරෙව්වා.හැලි වළං වලත් වී පුරවලා බිම සාරවා නිධන් කළා.ඉතුරු වී මැටි සමග මිශ්‍ර කොට අනා බිත්තිවල ආලේප කෙරෙව්වා.

තුන් අවුරුද්ද ගෙවෙද්දී දුර්භීක්ෂ භය ඇති වුණා.සිටුතුමා අටුකොටුවල තිබෙන ධාන්‍යයෙන් ජනයා පෝෂණය කළා.ධාන්‍ය අවසන් වුණා.

"දරුවෙනි...දැන් ඈත කඳුකරයට පලා යන්න....දුර්භීක්ෂය නැතිවන කලට කැමති නම් එන්න.අකමැති නම් එහිම ඉන්න."

තම පරිවාර ජනයා හඬමින් සිටුතුමා වැඳ පිටත්ව ගියා.පුණ්ණ නම් දාසයා පමණක් නොගිහින් නැවතුණා.දැන් ඉතුරු වුණේ පස්දෙනයි.සිටුතුමයි, බිරිඳයි, පුතයි, ලේළියි, දාසයයි, බිම සඟවා තිබූ භාජනවලිනුත් වී ගත්තා.ඒවාත් ඉවර වුණා.බිත්තිවල ආලේප කරවපු මැටි පතුරු ගැලෙව්වා.වතුරෙන් තෙම තෙමා වී ටිකක් ගත්තා.එය කොටා හාල් නැලියක් ගත්තා.එයත් බිම සාරා සඟවා තිබ්බා.එදා සිටුතුමා රාජ උපස්ථානයට ගිහින් ආවා.

"සොඳුරියේ...ඉතාම බඩගිනියි.මොකවත් නැද්ද ?"

"හිමියනි....එක් සහල් නැලියක් තියෙනවා...."

"කොහෙද තියෙන්නේ....?"

"හිමියනි...සොරුන් ගනීවි යන බයෙන් මං එය බිම සාරවලා සඟවලා තියෙන්නේ....හිමියනි...එයින් කැඳක් හැදුවොත් අපට වාර දෙකක් අනුභව කරන්නට පුළුවනි....බතක් හැදුවොත් එක වාරයයි...."

"සොඳුරිය....අපට ජීවත් වෙන්නට වෙන දෙයක් නැහැ නොවැ....බත් කාලා මැරෙමු....බතක්ම හදන්න..."

සිටු බිරිඳ බතක් පිස කොටස් පහකට බෙදුවා.සිටුතුමාගේ කොටස තැටියෙහි වඩාත් ඉදිරියෙන් තැබුවා.

ඒ වෙලාවෙහි ගන්ධමාන පර්වතයෙහි පසේබුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් නැගිට්ටා.සත් දවසක්ම භාවනාවෙන් සිටිය නිසා නැගිට්ට විට බලවත් කුසගින්නක් එනවා.එතකොට උන්වහන්සේ දන් පැන් ලබා ගැනීමට සුදුසුකම් ඇති අය දෙස බලනවා.පසේබුදු කෙනෙකුට එබඳු අවස්ථාවක දෙන දානය මහත්ඵල මහානිශංස නිසා දුකට පත් වුණ අය දෙස විශේෂයෙන් බලනවා.එහෙම බලද්දී පසේ බුදුරජුන්ට මෙය පෙනුණා.

'මුළු දඹදිවම දුර්භීක්ෂ භයක් හටගෙන තියෙනවා.සිටු ගෙදර පස් දෙනෙකුට බතක් පිස තිබෙනවා.මේ ඇත්තන්ට ශ්‍රද්ධාවත් තියෙනවා.මට සංග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා.'

මෙසේ කල්පනා කළ පසේබුදුරජුන් සෘද්ධියෙන් මහා සිටුවරයාගේ නිවස ඉදිරියට වැඩියා.සිටුවරයා ඉතා සතුටට පත් වුණා.මෙහෙම කල්පනා කළා.

'මං ඉස්සර දන් නොදුන්න නිසයි මෙබඳු වූ දුර්භීක්ෂයකට මුහුණ දුන්නේ.මං මේ බත කෑවොත් එක දවසක් ජීවත් වේවි.ආර්යයන් වහන්සේට පූජා කරගත්තොත් නොයෙක් කල්ප කෝටි ගණන් පිහිට ලැබේවි.' කියලා තමන්ගේ බත් තලිය ගෙන පසෙකින් තිබ්බා.පසේබුදුරජුන්ට වන්දනා කළා.ආසනයක් පැණෙව්වා.පසේබුදුරජුන්ගේ පා දෝවනය කළා.ආසනයෙහි වඩාහිඳෙව්වා.තම බත් තලිය පසේබුදුරජුන්ගේ පාත්‍රයට අඩක් දමද්දී පසේබුදුරජුන් අත වැසුවා.

"අනේ ස්වාමීනි...එක් සහල් නැලියක් පස් දෙනෙකුට පිසපු බතක් තියෙන්නේ...මේ එක් කොටසක්...මේක දෙකොටසක් කරන්නට බැහැ...මට මෙලොවින් සංග්‍රහ කරන්නට එපා...! මං සියල්ල දෙන්න කැමතියි..." කියලා සියලු බත් පූජා කළා.මෙහෙම පැතුමකුත් කළා.

"ස්වාමීනි....උපනූපන් ආත්මයෙහි මෙබඳු වූ දුර්භීක්ෂයක් දකින්නට නොලැබේවා ! මෙතැන් පටන් සියලු දඹදිව වාසීන්ට බිත්තර වී, බත් ආදිය දෙන්නට සමර්ථ වෙම්වා ! සිය අතින් වැඩකොට ජීවත් වෙන්නට නොලැබේවා ! එක් දහස් දෙසිය පනහක් අටුකොටු සෝදා, වතුර නා, ඒ අටුකොටු පෙරටුව සිට උඩ බැලූ විට රත් ඇල් සහල් අහසින් වැටී සියලු අටුකොටු පිරෙත්වා ! උපනූපන් තැන මැය මාගේ බිරිඳ වේවා ! මොහු මාගේ පුතා වේවා ! මැය මාගේ ලෙහෙලිය වේවා ! මොහු මාගේ දාසයා වේවා !" එතකොට සිටු බිරිඳත් මෙහෙම කල්පනා කළා.

'මගේ ස්වාමිය බඩගින්නේ සිටිද්දී මං කොහොමද අනුභව කරන්නේ...? මමත් පසේබුදුරජුන්ට මගේ කොටස පූජා කරනවා...' කියලා ඇයත් තම බත් කොටස පූජා කළා.මෙහෙම ප්‍රාර්ථනා කළා.

"ස්වාමීනි....උපනූපන ආත්මයක මෙවැනි දුර්භීක්ෂ භයක් නම් දකින්නට නොලැබේවා ! බත් හැළියක් ඉදිරියේ තබාගෙන සියලු දඹදිව වාසීන්ට බත් බෙදද්දී යම්තාක් මම එතැනින් නැගිටින්නේ නැද්ද, ඒ තාක් බත් ගත් තැනින් නැවත පිරේවා ! ඒ වගේම ස්වාමීනි...මොහුම මාගේ සැමියා වේවා ! මොහුම මාගේ පුතා වේවා ! මැයම ලෙහෙලිය වේවා ! මොහුම දාසයා වේවා !"

එතකොට පුතාත් තමන්ගේ බත් කොටස පසේ බුදුරජුන්ට පූජා කළා.මෙබඳු ප්‍රාර්ථනාවකුත් කළා.

"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! කහවණු දහසක් ඇති පසුම්බියක් ගෙන මුළු දඹදිව වැසියන්ට කහවණු බෙදුවත් ඒ කහවණු පසුම්බිය හිස් නොවේවා ! මාගේ මා පියවරුන් මේ දෙදෙනාම වෙත්වා ! මැය මාගේ බිරිඳ වෙත්වා ! මොහු දාසයා වේවා !"

ලෙහෙලියත් තමන්ගේ බත් කොටස පසේබුදුරජුන්ට පූජා කළා.මෙබඳු පැතුමකුත් කළා.

"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු වූ දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! එකම කුල්ලකට පුරවාගත් බිත්තර වී සියළු දඹදිව වාසීන්ට දුන්නත් එය අවසන් නොවේවා ! උපනූපන් තැන මේ දෙදෙනාම මාගේ මාමණ්ඩියත්, නැන්දණියත් වෙත්වා ! මොහුම මාගේ සැමියා වේවා ! මොහුම දාසයා වේවා !"

දාසයාත් තමන්ගේ කොටස පසේබුදුරජුන්ට පූජා කළා.එදා සෙන්පතිබව පැතුවත් ලැබෙන බව දන්නවා.නමුත් ස්වාමිවරුන් කෙරෙහි ඇති ආදරය නිසා මේ විදිහට ප්‍රාර්ථනා කළා.

"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදාක දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! මේ සියලුදෙනා මාගේ ස්වාමිවරු වේත්වා ! මා නඟුලෙන් සී සාද්දී එක්වරම මැදින් පස් පිඬැල්ලකුත්, දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගිනුත් බිඳී යන ලෙසින් නඟුල් පහර සත බැගින් වැදී යත්වා !"

පසේ බුදුරජුන් සෙත් ගාථා ප්‍රාර්ථනා කළා.මොවුන්ගේ චිත්ත්ප්‍රසාදය පිණිස ගන්ධමාන පර්වතය තෙක් පෙනෙන්නටත් අධිෂ්ඨාන කළා.ඔවුන් බලා සිටියදීම අහසට පැන නැග ගන්ධමාන පර්වතයට වැඩියා.පන්සියයක් පසේබුදුවරුන්ට ඒ දානය බෙදුවා.ඒ සියල්ල ඉතා සතුටින් මේ උදවිය බලා සිටියා.

දහවල් කාලය ගෙවී ගියා.සිටු බිරිඳ හැළි වළං සෝදා නවා තිබ්බා.සිටුවරයා ඉවසිය නොහැකි බඩගින්න නිසා ඇඳේ වැටී නිදා ගත්තා.සවස් වරුවෙහි අවදි වුණා.

"සොඳුරියේ...බඩගින්න නම් ඉවසන්නට බැහැ....ඔය හැළියක දන්කුඩ ටිකක්වත් නැද්ද ?"

එතකොට සිටු බිරිඳ හැළිව්ළං සේදූ බව කිව්වේ නෑ.හැළියේ පියන ඇරලාම කියන්නට ඕන කියලා එතැනට ගියා.ගිහින් පියන ඇරියා.හරිම පුදුමයි...! අදහා ගන්නට බැහැ...ලොකු සමන් කැකුළු වගේ හැඩයෙන් යුතු ඇල් හාලේ අත් හැළිය පුරා පිරී තිබෙනවා....සිටු බිරිඳට ප්‍රීතිය වැඩිකමට කෑ ගැසුණා....

"හිමියනි...හිමියනි...නැගිටින්න...හරි පුදුම දෙයක් වෙලා...මං මේ හැළි වළං සෝදලා වසා තිබ්බා....හිමියනි....මෙහෙ එන්න...මේ බලන්න....ඇල් හාල් බත් සමන් කැකුළු වගේ ලස්සනට තියෙන අපූරුව....පින් නම් කළ යුතු දෙයක්මයි...දානය නම් දිය යුතු දෙයක්මයි...හිමියනි...මෙහි එන්න....හැකිතාක් වළඳන්න...."

හැමෝම ඉතා සතුටින් අනුභව කළා.ඒ පස් දෙනාටම සතුටුයි.හැන්දෙන් බත් ගත් තැනින් අඩු වුණේ නෑ.ආයෙමත් බත් පිරුණා ! අටුකොටු බලද්දී වී පිරී ඉතිරී ගිහින් ! සිටුතුමා හැම තැනම ප්‍රසිද්ධ කෙරෙව්වා.

"කවුරුත් භය වෙන්නට එපා ! ඕනෑ තරම් කෑම තියෙනවා..."

සිටු ගෙදරින් දිගටම ආහාර පාන බෙදුවා.ටිකෙන් ටික දුර්භීක්ෂය අවසන් වුණා.දඹදිව වාසීන්ට ජීවිතය රැක ගන්නට ඒ සිටුතුමා කළ උපකාරය හේතු වුණා.

ඔවුන් කාලානුරූපීව මිය ගියා.දෙව් මිනිස් ලොවෙහි සැරිසරා යද්දී අපේ බුදුරජුන් කල සිටුතුමා භද්දිය නගරයෙහි සිටු කුලයෙහි උපන්නා.සිටු දේවිය මහා සම්පත් ඇති කුලයක ඉපදී මේ සිටුතුමාගේම බිරිඳ වෙලා ආවා.ඒ පුතාමයි ඔවුන්ට පුතා වුණේ.ලේලියම ලේලිය වුණා.දාසයාම දාසයා වුණා.ඒ පෙර පින් නිසයි පොළොව පළාගෙන රන් බැටළුවෝ මතු වුණේ.දවසක් සිටුතුමා තමාගේ පින විමසන්නට හිතුවා.එක්දහස් දෙසිය පනහක් අටුකොට සේදුවා.වතුර නෑවා.ඒ අටුකොටු ඉදිරියට ගොස් අහස බැළුවා.හරි පුදුමයි ! රත් ඇල් සහල්වලින් අටුකොටු පිරී ගියා.

තමන්ගේ පින විමසන්න කියලා බිරිඳටත් කිව්වා.සිටු බිරිඳත් සියලු ආභරණවලින් සැරසිලා මහජනයා බලා සිටිද්දී සහල් මැනලා ගත්තා.බතක් පිසුවා.ගේ දොරකඩ ආසනයක් පනවාගෙන රන් හැන්දක් අතට ගෙන බත් අරගෙන යන්නට මිනිසුන් කැඳෙව්වා.දවස පුරාම දුන්නා.බත් අවසන් වුණේ නෑ ! ඒ සිටු බිරිඳ සසරේ පාත්‍ර පුරවා දන් දුන් බැවින් වම් අතේ නෙළුම් මලේ ලකුණ තිබුණා.දකුණු අතේ පුන් සඳේ ලකුණ තිබුණා.සසරේ භික්ෂු සංඝයාට දන් දෙද්දී පැන් කෙණ්ඬිය අරගෙන දාන ශාලාව පුරා ඇවිදපු නිසා දකුණු පාද තලයේ සඳ ලකුණ තිබ්බා.වම් පාද තලයේ පියුම් ලකුණ තිබ්බ.ඒ නිසයි ඇයට චන්දපදුමා යන නම ලැබුණේ.

පුත්‍රයාත් තමාගේ පින විමසුවා.හොඳට වතුර නෑවා.පසුම්බියට කහවණු දැම්මා.ඒ පසුම්බිය ගෙන ජනයාට කහවණු බෙදන්නට පටන් ගත්තා.කහවණු අවසන් වුණේ නෑ !

ලේලිය තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා වී පුරෝපු කුල්ල අතට ගත්තා.එළිමහනකට ආවා.බිත්තර වී බෙදන්නට පටන් ගත්තා.වී අවසන් වුණේ නෑ !

දාසයාත් තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා, සරසවපු ගොන්නු වියගසේ බැඳලා රැහැන් පට අතට ගෙන රන් නඟුල ගෙන කුඹුර සාන්නට පටන් ගත්තා.දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගින් පෙරළුණා.මැද්දෙන් පස් පිඬැල්ල බැගින් පෙරළුණා.නඟුල පහර සත බැගින් පෙරළී ගියා !

මෙසේ මේ පස් දෙනා මහා පිනකින් යුක්ත වුණා.

භද්දිය නගරයට බුදුරජුන් වැඩි වග සිටුතුමාට සැලවුණා.සිටුතුමාට හරි සතුටුයි.සිටුතුමා 'අනේ අපගේ ශාස්තෘන් වහන්සේව පිළිගැනීමට පෙරගමන් යන්නට ඕන...' කියලා පිටත් වුණා.සිටුතුමාගෙන් ලාභ ප්‍රයෝජන ගත් අන්‍ය තීර්ථකයන් කලබල වුණා.ඔවුන් වහ වහා රැස් වුණා.සිටුතුමා මුණගැසෙන්නට පාරට දිව්වා.

"හා...හා...සිටුතුමනි...ශ්‍රමණ ගෞතමයන් බැහැදකින්නට ඔතරම් හදිස්සියක් මොකද ? ඔබ කර්ම - කර්මඵල විශ්වාස කරන කෙනෙක් නොවැ...ශ්‍රමණ ගෞතමයන් එහෙම කෙනෙක්යැ...ආත්මයක් විශ්වාස කරන්නේ නැහැනේ...අකිරියවාදියෙක් නොවැ..."

සිටුතුමා හිනැහුණා මිස විරුද්ධව මොකුත් කිව්වේ නෑ.ඔවුන්ගේ වචන ගණන් ගත්තේ නෑ.භාග්‍යවතුන් වහන්සේව පිළිගැනීමට ගියා.භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.එකත්පස්ව හිඳගත්තා.බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළා.ඒ දේශනාව අවසාඅනෙයි ඔහු සෝවාන් ඵලයට පත් වුණා.සිටුතුමා අන්‍ය තීර්ථකයන් තමන්ව වැලැක්වූ අයුරු බුදුරජාණන් වහන්සේට පැවසුවා.

"සිටුතුමනි...මේ සත්වයන් තමන්ගේ විශාල දෝෂය දකින්නේ නෑ.අනුන්ගේ නොතිබෙන්නා වූ දෝෂය තිබෙන්නා වූ දෝෂය බවට පත් කරනවා.ඒ ඒ තැන බොල් පළනවා වගේ ගරහනවා."

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් මේ ගාථා රත්නය වදාළා.

252.18.

සුදස්සං වජ්ජමඤ්ඤේසං - අත්තනෝ පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජානි - ඕපුණාති යථා භුසං
අත්තනෝ පන ඡාදේති - කාලිං'ච කිතවා සඨෝ

අනුන්ගේ වරද දැකුම නම් - බොහෝ අයට ඉතා පහසුය
තමන්ගේ වරද දැකුම නම් - ඔවුන් හට ඉතා අපහසුය
බොල් වී පෙළන ලෙස - අනුන්ගේ වැරදිම සොයයි
තම වැරදි සඟවා ගනියි - කුරුලු වැද්දා සැඟවෙමින්
කුරුල්ලන් මරනා ලෙසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තරම් අකුසලයත්, අකුසල විපාකත්, කුසලයත් කුසල විපාකත් පැහැදිළිව තෝරා දීපු කෙනෙක් වෙන කොයින්ද ? උන්වහන්සේ තරම් ක්‍රියාවේ වගකීම පෙන්වා දුන් වෙන කෙනෙක් කොයින්ද ? නමුත් අන්‍ය තීර්ථකයන් උන්වහන්සේට නිතර නින්දා කළේ ක්‍රියාව නොපිළිගන්නා කෙනෙක් ලෙසයි.උන්වහන්සේ නොතිබූ දෝෂයකින් තමයි ඒ කවුරුත් බැන්නේ.ඒ අයටමයි ඒකෙන් පාඩු වුණේ.මහා කාරුණික, මහා සත්පුරුෂ, මහා කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට නැති වුණා.නමුත් මෙණ්ඩක සිටුවරයා බඳු නුවණැතියන්ට ඒක බාධාවක් වුණේ නෑ.ඒ අය ධර්මය කරාම ගියා.

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 18 ( මල වර්ගය )
~ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ~

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...

සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානයයි ඔබත් ධර්ම දානයට සහභාගිවි බොහෝ කල් යහපත පිනිස පින් රැස් කරගන්න.

තෙරුවන් සරණයි…!!!!

27/12/2019
27/12/2019

== වජ්‍රාසනය ==

ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පිඬක් පහළ වන්නේ මේ වජ්‍රාසනය පහළ වෙන තැනයි. හේතුව කුමක් ද? මේ මහා පොළොවෙ කිසිම තැනකට බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ඍද්ධිය, බුද්ධ ධර්මය දරාගන්ට පුළුවන්කමක් නෑ. එය දරාගන්ට පුළුවන් වන්නේ බුද්ධගයා ශුද්ධභූමියේ පිහිටි වජ්‍රාසනය ළඟ පමණයි. ඒ නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක් ම මේ ලෝකයේ බුදු වන්නේ දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියේ වජ්‍රාසනය පිහිටන ස්ථානයේ කියන එක දේශනාවේ සඳහන් වෙනවා.
ඉතින් මේ වජ්‍රාසනයේ වැඩ හිඳගෙන තමන් වහන්සේ දැන් චතුරංගසමන්වාගත වීර්යයත් සමඟ භවනා කරනවා. ඒ සමඟම මාර දිව්‍ය පුත්‍රයා මාර පිරිවර සමඟම පැමිණ බෝසතාණන් වහන්සේට නොයෙක් වධහිංසා කරනවා. අඟුරු වර්ෂාවන්, ඊතල වර්ෂාවන්, ආයුධ වර්ෂාවන් නොයෙක් නොයෙක් වර්ෂාවන් පවත්වමින්. බෝසතාණන් වහන්සේ ආසනයෙන් පලවා හරින්නටයි. දැන් මහන්සි ගන්නේ. ඒ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිවර සම්පත්තිය කියන්නේ, එතුමාගේ අනුගාමිකයන් කියන්නේ “මේ වජ්‍රාසනය අයිති මාරයා වන මටයි. බෝසතාණන් වහන්සේට නෙමෙයි” කියලා ඒ කියන විට අනිත් පිරිවර සම්පත්තියක් නැත්නම් මාර පිරිසක් මේ මාර පිරිසගේ පැත්තට කතා කරනවා. මේ මාරයාගේ බලපෑම් අනුව සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් එතනින් දුව ගියා. එක් කෙනෙක්වත් හිටියේ නෑ. අර අචේතනික බෝ සමිඳුන් පමණයි, අස්වත්ථ වෘක්ෂය පමණයි එතන තිබුණේ. තමන්ගේ ශ්‍රී හස්තය මහා පෙළොවට දික්කලා “මේ අචේතනික මහ පොළව අද මට සාක්ෂි දරයි. අනාදිමත් කාලයක් මුළුල්ලෙහි ඇස්, මස්, ලේ දන්දෙමින් මම අප්‍රමාණ උත්සාහයකින් උනන්දුවකින් පාරමී පුරාගෙන ආවේ මේ වජිරාසනයට උරුමක්කාරයෙක් වෙන්ටයි.”
සෝ සාගරේ ජලධිකං රුධිරං අදාස
භූමිං, පරාජිය සමං සමංස දානං
මේරුප්ප මාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”.

ආදී වශයෙන් සඳහන් වන්නේ ‘මේ මහා සාගරයේ ජලයට වඩා ශරීරගත ලේ දන් දෙමින්, මේ මහ පොළොවේ පස්වලට වඩා මාංශ දන් දෙමින්, මහාමේරු පර්වතයේ උසට වඩා ඔටුන් පලන් හිස් දන් දෙමින්, අහසේ පෙනෙන තාරකාවලට වඩා නේත්‍රා යුග්මයන් දන් දෙමින් පාරමී පුරාගෙන පැමිණියා.” කියමින් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරන වෙලාවේ ඒ අචේතකික මහා බොල් පොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ගණකම කම්පාවෙන්න පටන් ගත්තා. ඒ කම්පාවත් සමඟ මාරයාට උන්හිටිතැන් අමතක වී පලා ගියා. අන්න, බෝසතාණන් වහන්සේට පමණක් මේ වජ්‍රාසනය අයිති වුණා. උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා “මගේ මේ ශරීරයේ මස්, ලේ නැතිවුණත් සම වියළී ගියත්, මම බුදුවෙලා මිස මෙතනින් නැගිටින්නේ නෑ කියා චතුරංග සමන්නාගත වීර්යය පහළ කරගෙන තමන් වහන්සේ දැන් සුපුරුදු ආනාපානාසති භාවනා මූල කර්මස්ථානය වඩනවා. ඒ භාවනා කර්මස්ථානයෙන් කසිණ සමාපත්ති වඩනවා.
කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච කසිණ සමාපත්ති වඩමින් විදර්ශනා වඩමින් උන්වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. අන්න පූර්ව යාමයේ දී පළමුවන අභිඥාව. ඒවාගේ ම මධ්‍යම යාමේ දී දෙවන අභිඥාව, තෙවන යාමේ දී තුන්වන අභිඥාව පහළ කරගන්නවා. උන්වහන්සේ ප්‍රථම යාමේ දී ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ’ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කරන විට පුබ්බේ නිවාසානුස්සති අභිඥාව පහළ කරගත්තා. නැවතත් උන්වහන්සේ පටිච්ච සමුප්පාද අංගයන් මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරන වෙලාවේ චුතූපපාත කියන මේ අභිඥාව පහළ කරගත්තා.
අවසානයේ දී නැවතත් පටිච්ච සමුප්පාදානය මුල සිට අගටත් මෙනෙහි කරන වේලාවේ දී ආසවඛ්‍ය ඤාණය සහිත සර්වඥතාඤාණ ප්‍රතිමණ්ඩිත අනන්ත අප්‍රමාණ ඤාණයන් සහිත ගුණයන් සහිත සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට යෙදුණා. එසේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුද්ධ ගුණයන්ගෙන් සමන්නාගතයි. දසබල ඤාණ, චතුවිශාරද ඤාණ, චුද්දස බුද්ධ ඤාණ, සෝළස මහා ඤාණ, අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ, එකුන් විසි ප්‍රත්‍යාවේක්ෂා ඤාණ, සමපණස් උදයව්‍යය ඤාන, තෙසැත්තෑ ඤාණ, සත්සැත්තෑ ඤාණ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන මහාපකරණ විෂයාන්තර්ගත ගාම්භීර ඤාණ ආදී මේ මහ පොළොවට දරාගන්න බැරි අප්‍රමාණ ඤාණ සම්භාරයකින් බුදුපියාණන් වහන්සේ සමන්නාගතයි. එසේ අනන්ත පින් ඇති, අනන්ත ගුණ ඇති, අනන්ත පාරමී ඇති, අනන්ත ඤාණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මගේ ජීවිතය ද පූජාකරමි පූජා වේවා..........

දෙව් බඹුන් සාධු කාර මැද,ලොව්තුරා අභිසම්බෝධ්යට පත්වූ ඒ වජ්‍රාසනය දැක බලා සතුටුව,සියළු කෙලෙසුන් ප්‍රහානයකර සමථ විදර්ශනාවන් වඩන්නට වීර්යය කරත්වා..!!!

බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමබුදුරජාණන් වහන්සේට කරන ගෞරව කරන ක්‍රම තුනකි1. වැඳීම2. පිදීම සහ3. ප්‍රතිපත්තියයිමෙයින් වන...
22/12/2019

බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම

බුදුරජාණන් වහන්සේට කරන ගෞරව කරන ක්‍රම තුනකි

1. වැඳීම
2. පිදීම සහ
3. ප්‍රතිපත්තියයි

මෙයින් වන්දනාව වශයෙන් කරන ගෞරවය, ප්‍රණාමය, අභිවාදනය, නමස්කාරය, අංජලීකරණය, සහ වැඳීම යන නොයෙක් නම්වලින් ව්‍යවහාර කරනු ලැබේ. මෙම වන්දනා ගෞරවයද කොටස් තුනකට බෙදෙයි.

1. කාය වන්දනාව
2. වචි වන්දනාව
3. මනෝ වන්දනාව යනුවෙනි.

බුදුරජාණන්වහන්සේ විසින් එම වන්දනා පහත සඳහන් ආකාරයට විස්තර කර වදාළහ.

‘තිස්සො ඉමා භික්ඛවේ වන්දනා , කතමා තිස්සො?

කායෙන, වාචාය, මනසා, ඉමා ඛො භික්ඛවෙ

තිස්සො වන්දනා’
මහණෙනි, මේ වැදීම් තුනකි. ඒ තුන කවරේද?

කයින් වැඳීමයි, වචනයෙන් වැඳීමයි. සිතින් වැඳීමයි යන මේ තුනයි.

කාය වන්දනා යනුවෙන් අදහස් කරන්නේ බුදුගුණ ආදිය අරමුණු කරගෙන කාය විඤප්තිය ඇතිකොට කාය ද්වාරයෙන් උපදින්නා වූ අට වැදෑරුම් කාමාවචර කුසල චේතනාවන්ගෙන් එක්තරා එකක් ඉපදවීමයි.

වචනයෙන් වැඳීම (වාග් වන්දනය) - වාග් විඥප්තිය ඇතිකරගෙන වාග් ද්වාරයෙන් උපදින අෂ්ට කාමාවචර කුසලයන්ගෙන් එකක් ඉපදීම වාග් වන්දනයයි.

මනෝ වන්දනය (සිතින් වැඳීම) - කාය, වාග් විඥප්තිය නොඋපදවා මනෝ ද්වාර වශයෙන් ම උපදින්නා වූ කුසල චේතනාව මනෝ වන්දනාවයි.

කාමාවචර කුසල් අට (මහා කුසල් අට)

1. බලවත් ශ්‍රද්ධාව
2. සම්‍යක් දෘෂ්ටිය
3. ධාර්මික ධන සම්පත්තිය
4. සිල්වත් ප්‍රතිග්‍රාහක සම්පත්තිය
5. සෝමනස්ස (සතුටු) කුසල සිතකින් උපත ලැබීම
6. ප්‍රතිරූප දේශ වාසය
7. කල්‍යාණ මිත්‍ර සේවනය
8. විපත් වලින් මිදුණු යහපත් කාල සම්පත්තිය යනු ඒවාය.
‘භය සම්මෝහ දුද්දිට්ඨි - පණ මොනෙස සබ්බථා
පඤ්ඤා පුබ්බ_ග මො එසො - පණමොති නිදස්සිකො’

තෙරුවන් කෙරෙහි පවත්වනු ලබන මෙම වන්දනාවේදී භය, මුලාව, මිථ්‍යා දෘෂ්ටිය යන කරුණු වලින් යුක්ත වීනම් එය නියම වන්දනාවක් නොවෙයි.

ප්‍රඥාව පෙරටු කරගෙන වැඳීම ප්‍රණාමය නම් වෙයි. එබැවින් තෙරුවන් වඳින අය විසින් තෙරුවන් යනු කුමක් දැයි තේරුම් ගෙන තෙරුවන්ගේ ගුණ දැනගෙනම එම වන්දනාදිය කිරීමට පුරුදු විය යුතුය. එසේ දැනගෙන ප්‍රඥා පූර්වාගම සිතින් යුක්තව තමන්ගේ දෙ අත් හිස මත තබාගෙන පිබිද එන නෙලුම් කැකුලක් මෙන් ඇඟිලි එක්කොට ගැනීමේදී කාය විඥප්තිය ඇතිවේ. ඒ සමගම කාය ද්වාරයාගේ වශයෙන් චිත්ත වීථියක් උපදී. ඒ කාමාවචර කුසල විත්ත වීථිය සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික, සසංස්කාරිකාදි වශයෙන් ප්‍රකාශිත කුසල් සිත් අටින් එකකට ඇතුළත් වෙයි. ඒ ආකාරයට උපදින එම චිත්ත වීථින්ගේ චේතනාවට කාය වන්දනාව යැයි කියනු ලැබේ.

එසේම රත්නත්‍රයේ ගුණ තේරුම් ගෙන දොහොත් මුදුන් දී ‘නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ යනුවෙන් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා යි කටින් ශබ්ද නගා ප්‍රකාශ කිරීමේදී වාග් විඥප්තිය උපදී. එම වාග් ද්වාර වශයෙන් අටවැදෑරුම් කාමාවචර කුසල චිත්තයන්ගෙන් එකක් උපදී.

ඒ කුසල චිත්ත විථියෙහි ජවන්වල යෙදුන චේතනාවට වචී වන්දනාව (වචනයෙන් වැඳීම) යැයි කියනු ලැබේ. එසේ කාය විඥප්ති නො උපදවා සිතින් පමණක් තෙරුවන් ගුණ සිහිකිරීමේදී මනෝ ද්වාර වශයෙන් අෂ්ටප්‍රාකාර කාමාවචර කුසල චිත්තයන් ගෙන් එකක් උපදී. එහි ඡවන්වල යෙදුන චේතනාව මනෝ වන්දනාව (මනසින් වැඳීම) යැයි කියනු ලැබේ.

මෙම වන්දනාව සත් ආකාරයකින් කළ හැකිය. ඒ මෙසේ ය.

1. පසඟ පිහිටුවා වැඳීම
2. බිම වැතිරී වැඳීම
3. දෙ දණ බිම තබා වැඳීම
4. දකුණු දණහිස පමණක් බිම තබා වැඳීම
5. වඳිනු ලබන අයගේ පතුල් මත සිරස තබා වැඳීම
6. උක්කුටුකයෙන් වැඳීම
7. සිටගෙන ඇඟිලි බැඳගෙන කරන වැඳීම යනුයි.

පසඟ පිහිටුවා වැඳීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දෙ දණ, දෙවැලමිට, නළල යන පස්තැන බිම ස්පර්ශ වන ආකාරයට වැඳීමය. අභිවාදෙත්වා (මොනවට වැඳ) යනුවෙන් සඳහන් වන්නේ මේ වැඳීමයි.

මෙය දණ්ඩ නමස්කාරය නමින් ද හැඳින්වෙයි. සුමේධ තාපසයාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ලද්දේ මේ ආකාරයටය.

කෙසෙ මුඤචිත්වහංතාන්‍ඵ - වාකචීවරඤව චම්මකං

කලලෙ පන්ථාරිත්‍ථාන - අවකුජ්ජො නිපජ්ඡගං

මම එතැනදී හිසකෙස් මුදා වැහැරි සිවුරත් පත්කඩක් කලල් මතුයෙහි අතුරා අබොමුඛව වැඳ හොත්තෙමි යි වදාළ පරිදි ශරීරය අධෝ මුඛකොට ඒ දණ්ඩක් සේ බිම වැතිර දොහොත් මුදුන් හි තබා වැඳීම බිම වැතිරී වැඳිමයි දණ්ඩ නමස්කාරය යනු මේ වැඳීමය.

තිහච්චඡානුං වන්දිත්වා - සම්මුඛා අඤජලිං අකා

එහි භද්දෙති අවච - සාමෙ ආසුපසම්පදා

මගේ දණහිස් බිම තබා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැන්දෙමි. එකල්හි භද්‍රාවෙනි එවයි මට වදාළහ. ඒ වචනයම මගේ උපසම්පදාව වී යැයි ප්‍රකාශ කළ ආකාරයට ඒ සුමේධ ස්ථවිරින් ලෙස වැඳීම දෙදණ බිම තබා වැඳීමයි.

අථඛො බ්‍රහමා සහම්පති ඒකංසං උත්තරාසංඛගං කරිත්වා

දක්ඛිණං ජානු මණ්ඩලං පුථුවියං නිහනත්වා යෙන භගවා

තෙනඤජලිං පණමත්තා භගවන්තං එතද වොච

එකල්හි සහම්පති බ්‍රහ්මතෙම උතුරු සළුව එකස් කොට දකුණු දණ මඩල පොළවෙහි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දෙසට අඤ්ජලි ප්‍රණාමය කොට මේ කාරණය ප්‍රකාශ කළේය.

මෙයින් ප්‍රකාශ වන්නේ දකුණු දණහිස පමණක් බිම තබා වැඳීමයි.

එවං වුත්තෙ බුහ්මායු බ්‍රාහ්මණො උට්ඨායාසනා එකංසං

උත්තරා ස_ගං කරත්වා භගවතො පාදෙසු සිරසා

නිපතත්වා භගවතො පාදානි මුඛෙනච පරිචුම්බති

පාණිහිච පරිසම්බාහති

මෙසේ වදාළ කල්හි මහා බ්‍රහ්ම තෙමේ අසුනින් නැගිට උතුරු සළුව එකස් කොට බුදුරජාණන් වහන්සේ ගේ සිරිපතුල් මත හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේ ගේ් ශ්‍රී පතුල් මුවින්ද හාත්පසින් සිඹී. දෙ අතින් ද හාත්පසින් පිරිමදි යනුවෙන් දක්වෙන්නේ වඳිනු ලබන්නා ගේ පතුල් මත සිය සිරස තබා වැඳීමයි.

පඨමං කෙස මස්සුං ඩහාරා පත්වා කාසායානි චත්ථානි

අවිජාදා පෙත්වා එකංසං උත්තරාස_ගං කාරා පෙත්වා

භික්ඛුනං පාදෙ වන්ද්‍රපෙබා උක්කුටිකං නිසීදා පෙත්වා

අඤජලිං පග්ගණහා පෙත්වා එවං වදෙහිති වත්තුබෙබා

පළමුව කෙස් රැවුල් හරවා කහ පිළි හඳවා උතුරු සළුව එකස් කරවා භික්ෂූන් ගේ පාදයන් වන්දවා උක්කුටකයෙන් හිඳුවා ඇඳිලි ගන්වා මෙසේ කියවයි කිව යුතුයි.

මෙයින් ප්‍රකාශ වන්නේ උක්කුටුකයෙන් වැඳීමයි.

අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤජලිංපණ මෙත්වා එකමනතං නිසී දිංසු

සමහර අය බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දෙසට ඇඳිලි බැද වැඳ එකත් පස්හි හුන්හ.

මෙයින් ප්‍රකාශ වන්නේ සිටගෙන කරන ඇඳිලි බැඳ වැදීමයි. මෙම කාය වන්දනයේ දී දොහොත් මුදුන් තබා ගෙන වැඳිය යුතුය. එසේ වැඳීමේදී සෙසු ශරීරය පවතින හැටියට මෙසේ සත් ආකාරයෙක් වන බව සිතිය යුතුය.

වාග් වන්දනාව ගුණකීම් වශයෙනුත්, මනෝ වන්දනාව ගුණ සිතීම් වශයෙනුත් ඒකාකාරව වෙයි.
ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න

කහටගස්දිගිලිය දරුවන් 6 ‌‌ෙදෙනකු සමග ඉතා අසරණ තත්ව‌ය‌ෙන් ජිවත් වන පවුලක් පිළිබදව  දැනගැනිමෙන් පසුව ඒ් පිළිබදව ‌සියලු විස්...
20/12/2019

කහටගස්දිගිලිය දරුවන් 6 ‌‌ෙදෙනකු සමග ඉතා අසරණ තත්ව‌ය‌ෙන් ජිවත් වන පවුලක් පිළිබදව දැනගැනිමෙන් පසුව ඒ් පිළිබදව ‌සියලු විස්තර ‌ස‌ොයා බලා ඔවුන්ග‌ේ ඉල්ලිම මත අපගේ ‌එ‌ෛරාංගනි මැණියන් හා දිපිකා මැණියන් ඇතුලු පින්වතුන්ග‌ේ ආදාර උපකාරය‌ෙන් නල ලිදක් සකස් කර දිමට පසුගිය දා හැකි විය.
එම පවුල ව‌ෙනුවෙන් පුංචි පැටවුන්ට හිනාවක් කැන්දන්න නිවසක් ඉදිකිරිමට සැලසුම් කරමින් තිබේ. ඒ් ‌ව‌ෙනුුව‌ෙන් සැලසුම් සකස් කිරිම විද්‍යවාස සමජ ‌ස‌ේවා සංගමයේ වින්ද්‍ය අයියාගේ හිතවත් නිශාන්ත මහතා සකස් කර දුන්න. ඒ් අනුව ඒම නිවසේ ඉදිකිරිම් ඉදිරිය‌ේදි අරම්භ කිරිමට සුදානම් ඒ් සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය වලින් ඒක්ක සදහා හ‌ෝ දායකත්වය දැක්වීමට කැමැති නම් සම්බන්ද වන්න ශ්‍රම දායකත්වය‌ෙන් ද සම්බන්ද විය හැකිය බුදු සරණයි https://www.facebook.com/headlinenewslk/videos/747915712337723/?t=0

20/12/2019

මෙත්තානිසංස සූත්‍රය

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?

3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.

4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.

5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.

මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.

කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.

භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.

මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.

මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.

මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.

අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.

ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.

ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.

ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.

යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.

කවර එකොළොසක්ද යත්?

1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.
Image may contain: 4 people, including Namaloye Nagitha Himi, text

20/12/2019

කාමයේ වරදවා හැසිරීමේ විපාක

මිනිසා ඇතුළු සෑම සත්වයෙක්ම සැප විඳින්න ආස කරනවා සැපයට ලොල් බවක් දක්වනවා. මේ ලෝකයේ විඳින විවිධ සැප අතරින් ස්ත්‍රී පුරුෂ එක්වීමකින් ලැබෙන සැපයට මිනිසා ඉතාම ගිජුය්. ගැහැණියෙක් හෝ මිනිසෙක් වේවා මේ කාමයේ සැපය වැඩියෙන් හොයන්න යද්දී ඔහු හෝ ඇයට එක සහකරුවෙක් හෝ සහකාරියකගෙන් සැහීමකට පත් වෙන්න බැරුව යනවා.
එවන් පුද්ගලයෙක් ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ගොඩක් ඇතිකරගන්නවා. එහෙම නැත්තන් කම් සැපය වින්දනය කරන්න විවිධ ක්‍රම හා උපායන් හොයා ගන්නවා.
ඇතැම් විවාහ වෙච්ච පුද්ගලයන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් රාත්‍රී සමාජ ශාලා වලට යනවා. ගණිකා නිවාස සොයාගෙන යනවා. කම් සැප හොයන එක ඔවුන් විවාහ උනා කියල නවත්තන්න ලෑස්ති නෑ. ඒ වගේම ඇතැම් විවාහ වෙච්ච කාන්තාවන් ඉන්නවා, විවාහයෙන් පසුව පවා ඔවුන් වෙනත් පුරුෂයන් ඇසුරු කරනවා, වෙනත් පුරුෂයන් එක්ක ලිංගික සම්බන්දකම් පවත්වල සතුටු වෙනවා. විවාහ උනා කියල කම් සැප හොයන එක නවතන්න ඔවුන් ලෑස්ති නෑ.

මේ වගේ ක්‍රියාවන් නිසා ගොඩක් වෙලාවට ගැටළු සහගත තත්වයන් තමය් නිර්මාණය වෙන්නේ. පවුලක් නම් නිරන්තර අඬදබර ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා. තවදුරටත් එකිනෙකා විස්වාස කරන්න බැරි තත්වයක් ඇතිවෙනවා. ඒ වගේම ගත සිත දෙකම ලෙඩ වෙනවා. සමාජ රෝග, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග උනත් ඇති වෙන්න පුළුවන්. ගැටලුකාරී තත්වයේ උච්චතම අවස්ථා වලදී ලේ වැගිරීම් හා ඝාතන පවා ඇති වෙන්න පුළුවන්. සැමියාගේ අනිසි කාම සේවනයන් හමුවේ පීඩනයට පත්වෙච්ච බිරිඳක් තමා විසින්ම හෝ වෙනත් අයෙක් යොදවල සැමියාව මරා දමන්න ඉඩ තියෙනවා. ඒ වගේම වැරදි කාම සේවනයට වැටිච්ච සැමියෙක් තම බිරිඳ කරදරයක් කොට සලකල ඇයව තමා විසින්ම හෝ වෙනත් අයෙකු යොදවල මරණයට පත් කරන්න ඉඩ තියනවා.
මේ ගැටළු පවුල් මට්ටමට සීමා වෙන්නේත් නෑ, සමාජ ප්‍රශ්නයක් විදියට පැතිරෙන්නත් පුළුවන්. තම දෙමාපියන්ගේ වැරදි දකින දරුවන් එම වැරදි ආදර්ශයට ගන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ඒ දැක්ක වැරදි පාරේ ගමන් කරන්න පටන් ගන්නවා. ඉතා කුඩා වයසේදීම ඔවුන් රාත්‍රී සමාජ ශාලා වල ගැවසීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැනීම වගේ දේවල් වලට හුරුවෙනවා. ඒ වගේම ඔවුන් ඉතා කුඩා වයස් වලදීම ලිංගික සම්බන්ධතා අත්හදා බලන්න යොමු වෙනවා. ලිංගික අත්හදා බැලීම් වැරදීමෙන් හට ගන්න දරු කළල ඔවුන්ට ගබ්සා කරන්න පවා සිදුවෙන්න පුළුවන්. එවන් පසුබිමක් සහිත පුද්ගලයෙක් වැඩිහිටියෙක් බවට පත් උනාම තමාගේ කුඩා වියේ පුරුදු අතාරින්න ඔහුට ඉතා අපහසු වෙනවා. ඒ විදියට නැවත නැවතත් චක්‍රීයව මේ පාපී ක්‍රියාවලිය සිදුවෙනවා.
නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා.

විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමය් උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා.

අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමය්. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.

ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....

මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්‍රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා.

එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා.

උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නය් සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....

තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා...

මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂය වීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා.. කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්.
සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා ....
එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා ...

සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමය්. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවය් උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ.

ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමය් මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ....

සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා....

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා....

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.....

බහු ලිංගික සේවනයට ඇති කැමැත්ත - සුනඛ උපත

අනුන් රැවටීම නිසා - වඳුරු උපත

තම සහකරු/සහකාරිය ලෝකය ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම - බුරුවෙක් වීමට සුදුසකමක්

අන්සතු අඹුවක් හෝ සැමියෙක් සොරකම් කිරීමේ වරදට - ගවයෙක් ලෙස ඉපදීම

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමය්. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ. මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමය්.
මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.....

හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා....

ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනය්....

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....

ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි වාර ගණනක් නම් එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ....

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා.

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමය් ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසය්....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසය් සැලකෙන්නේ...

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය්. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා...789-+

Address

Vidyawasa Maha Piriwana Minioluwa-
Mirigama
MIRIGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyawasa piriwana minioluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share