08/08/2026
✝️ දිව්‍ය පූජාවේ "වඩාත්ම ගැබුරු" මොහොතේදී දෙව්මැදුරේ සීනු නාද කරන්නේ ඇයි? 😳🤔
දිව්‍ය පූජාව පුරාවටම එක්තරා නිශ්චිත මොහොතක් තිබෙනවා...
පිටතින් බලන විට දෙව්මැදුර හරිම නිස්කලංකයි.
සැදැහැවතුන් දණ ගසාගෙන සිටිනවා.
පූජක තුමා ඉතා මෘදු ස්වරයෙන් යාච්ඤා කරනවා.
නමුත් ආධ්‍යාත්මික ලෝකය තුළ, මෙය අතිශය තීව්‍ර, බිහිසුණු යුද පිටියක් බව ඔබ දන්නවාද?
ඒ අදෘශ්‍යමාන යුද්ධය ප්‍රකාශ කරන්නටයි, සභාව විසින් සීනු නාද කරනු ලබන්නේ.
✝️ මෙය හුදු සැරසිල්ලක් හෝ සම්ප්‍රදායක් පමණක් නොවේ!
දෙව්මැදුරේ සීනු නාද කරන්නේ එය ලස්සන නිසා නොවේ. එය පෞරාණික සම්ප්‍රදායක් නිසාම පමණක්ද නොවේ.
පූජාසනය මත ඇති සාමාන්‍ය පූප සහ මිදි යුෂ වල භෞතික හැඩය එලෙසම තිබියදී, එහි අභ්‍යන්තර යථාර්ථය (Substance) සම්පූර්ණයෙන්ම වෙනස් වී, එය ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ශ්‍රී ශරීරය සහ රුධිරය බවට පත්වන නිශ්චිත මොහොතේදී මෙම සීනුව නාද කෙරේ.
මෙය හුදෙක් ආසිරි ගැන්වීමක් පමණක් නොවේ. මෙය අතිශය වැදගත් මොහොතකි. ඒ අපට නොව, සාතන්ට සහ අන්ධකාරයේ බලවේගයන්ටයි.
✝️ මෙම මොහොත "භයානක" වන්නේ ඇයි?
මක්නිසාද යත්, වසර දෙදහසකට පෙර සිදුවූ "කල්වාරි යාගය" මේ මොහොතේදී නැවතත් පූජාසනය මතට පැමිණෙන බැවිනි.
මෙය සංකේතයක් නොවේ (Not symbolically).
මෙය මනඃකල්පිතයක් නොවේ (Not imaginatively).
දේවධර්මීය වචනයෙන් කියනවා නම් මෙය "Anamnesis" හෙවත් අතීතයේ සිදුවූ දෙයක් අදට, මේ මොහොතට 'සැබැවින්ම ජීවමානව' (Really, Mystically & Sacramentally) රැගෙන ඒමකි.(පරිස්මරණය )
ඒ පූජාසනය මත,
කුරුසියේ පූජාව නැවතත් සජීවී වේ.
ක්‍රිස්තුස් වහන්සේ යළිත් වරක් 'පූජකයා' සහ 'පූජාව' (Victim and Priest) ලෙස වැඩ සිටියි.
පාපයට සහ මරණයට එරෙහිව ලැබූ ජයග්‍රහණය නැවත අලුත් වේ.
මෙය සාතන්ට තම මුළු අධිරාජ්‍යයම අහිමි වූ මොහොතයි. එබැවින් කල්වාරිය පූජාසනය මත යාවත්කාලීන වන ඒ තත්පරයේදී මුළු නිරයම භීතියෙන් සැලෙනු ඇත.
✝️ ඇයි සීනු නාද කරන්නේ?
පුරාණයේ සිටම සීනු නාද කිරීම ප්‍රධාන කරුණු 3ක් සඳහා භාවිතා විය,
1. ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ පැමිණීම නිවේදනය කිරීමට.
2. ළඟ එන භයානක අනතුරක් පිළිබඳව අනතුරු ඇඟවීමට.
3. කිසිසේත්ම මග නොහැරිය යුතු දෙයක් වෙත අවධානය යොමු කිරීමට.
ආසිරිගැන්වීමේ මොහොතේදී මේ තුනම එකවර සිදුවේ!
පැරණි ගිවිසුමේ සැඟවුණු සත්‍යය
නික්මයාම පොතේ (28:33-35) සඳහන් වන ආකාරයට, පැරණි ගිවිසුමේ උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට (Holy of Holies) ඇතුළු වන විට ඔහුගේ වස්ත්‍රයේ වාටියේ කුඩා රන් සීනු එල්ලා තිබුණි. ඒ, ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛයේදී ඔහුට මරණය නොපැමිණෙන පිණිසයි. අද දිව්‍ය පූජාවේදී නාද වන කුඩා සීනුවෙන් සිහිපත් කරන්නේ අප දැන් "නව ගිවිසුමේ අතිශුද්ධස්ථානයට" ඇතුළු වී ඇති බවයි!
සීනු නාදයෙන් කියැවෙන්නේ මෙයයි,
"ස්වාමීන් වහන්සේ මෙහි වැඩ සිටිනවා!"
"මෙය අතී පාරිශුද්ධ භූමියක්! (නපුරට අනතුරු ඇඟවීමක්)"
"බලන්න. විශ්වාස කරන්න. නමස්කාර කරන්න."
✝️ සීනු නාද කරන්නේ කා වෙනුවෙන්ද?
ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් නොවේ...
මන්ද,උන්වහන්සේ ඒ වනවිටත් එහි වැඩ සිටින බැවිනි.
පූජකතුමා වෙනුවෙන්ද නොවේ, ඔහු එය දැනටමත් දන්නා බැවිනි.
එය නාද කරන්නේ ඔබ වෙනුවෙනි!
මිනිසුන් වන අපගේ මනස ඉතා පහසුවෙන් වෙනතක යොමු වේ. හදවත් ලෞකික දේවල් අතර අතරමං වේ. එබැවින් සභාව මේ සීනුව හරහා ඔබේ ආත්මයට මෙසේ කෑගසා කියයි.
"අවදි වෙන්න! ස්වර්ගය මේ මොහොතේ පොළොව ස්පර්ශ කරමින් තිබෙනවා!"
✝️ සීනුව නාද වන විට ඇත්තටම කුමක් සිදුවේද?
මධ්‍යතන යුගයේ දේවධර්මවේදීන් විශ්වාස කළේ පූජාසනයේ සීනුව (Sanctus Bell) නාද වන විට ඒ නිපදවෙන ශබ්ද තරංග මගින් දෙව්මැදුරේ වාතය පවා පවිත්‍ර වන බවත්, ඊට ඔරොත්තු දිය නොහැකිව දුෂ්ට ආත්මයන් පළා යන බවත්ය.
දිව්‍ය සත්ප්‍රසාදය යනු හුදු ආධ්‍යාත්මික පෝෂණයක් පමණක් නොවේ, එය "ජයග්‍රාහී ක්‍රිස්තුන් වහන්සේය!"
ශුද්ධවන්තයන් මේ මොහොතේදී කඳුළු සලමින් දණින් වැටුණේ ඒ නිසාවෙනි. දේවදූතයන් පූජාසනය වට කරගන්නේ ඒ නිසාවෙනි.
✝️ ඉන්පසු එළඹෙන ගැඹුරු නිශ්ශබ්දතාවය...
ඔබ මෙය නිරීක්ෂණය කර තිබෙනවාද?
සීනුව නාද වීමෙන් පසු මුළු දෙව්මැදුරම අතිශය ගැඹුරු නිශ්ශබ්දතාවයක ගිලී යයි.
ඒ ඇයි?
මක්නිසාද යත්, භීතිය මුසු වූ විස්මයට (Mysterium Tremendum) ඝෝෂාව ප්‍රතිස්ථාපනය කළ නොහැකි බැවිනි. ස්වර්ගය පොළොවට කොතරම් සමීප වී ඇත්ද යත්, එහිදී මනුෂ්‍ය වචන අතිරික්තයක් (ප්‍රමාණවත් නොවන) බවට පත්වේ.
සීනුව එක වරක් කතා කරයි, ඉන්පසු ඔබේ ආත්මය නිහඬව සවන් දිය යුතුය.
ඊළඟ වතාවේ ඔබ දිව්‍ය පූජාවට සහභාගී වී මේ සීනු නාදය ඇසෙන විට, ඉක්මන් නොවන්න. ඒ මොහොත සාමාන්‍ය දෙයක් සේ නොසලකා හරින්න එපා.
ඔබේ හිස නමන්න.
හදවත නිසල කරන්න.
ඔබේ දෑස් පූජාසනය දෙසටම යොමු කරන්න.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත ඔබේ දෑස් හා මනස යොමු කරන්න.
මක්නිසාද යත්, අන්ධකාරයට භයානකම මොහොත වූ ඒ තත්පරය, ඔබට දේව වරප්‍රසාදය ගලා එන බලවත්ම මොහොත බවට පත්වන බැවිනි.
ක්‍රිස්තුස් වහන්සේ නැවතත් ජයග්‍රහණය කළ බව ලොවටම ප්‍රකාශ කරන්නට සීනු නාද වේ.
ස්වර්ගයට අවශ්‍ය වී ඇත්තේ ඔබ ඒ බව අවබෝධ කරගන්නවා දැකීමටයි!
✍️𝖊𝖒𝖚𝖓𝖆𝖍.