Mihinthale, මිහින්තලේ

Mihinthale, මිහින්තලේ First Monastery in Sri lanka (3rd century B.C )
First sanctuary in the world (3rd century B.C )
Cradle of the Sinhalese
(7)

30/08/2025

🙏🙏🙏

01/01/2025
කේශ ධාතු විස්තරය - 1සිළුමිණි මහා සෑය තව්තිසා දෙව්ලොව ඇති සිළුමිණි මහා සෑයෙහි අප මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේල...
24/11/2024

කේශ ධාතු විස්තරය - 1

සිළුමිණි මහා සෑය
තව්තිසා දෙව්ලොව ඇති සිළුමිණි මහා සෑයෙහි අප මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට අමතරව බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා නමක් වැඩ සිටිනවා.
ඔබ කොහේ සිටියත් සිළුමිණි සෑය තුල වැඩ සිටින ඒ ධාතුන් වහන්සේලා සිහි කරමින් ඔබටත් වන්දනා කරන්න පුළුවන්.

උයන් කෙළිය හැර සිළුමිණි සෑය වඳින්නට ගිය සක් දෙවිදුන්

සිළුමිණි සෑය ගැන සඳහන් වන ඉතාමත්ම ලස්සන සිදුවීමක් විමාන වාත්ථු නම් කොටසෙහි සඳහන් වෙලා තියනවා.
දෙවියන් මාතලී නැමැති රථාචාර්ය වරයා සමග උයන් කෙළියට විනෝද වීම පිණිස යන අතරතුර තව්තිසා දෙව්ලොව පහළ වී තිබුණු ඉතා සැපයෙන් යුතු දිව්‍ය විමානයක් දැක ඒ විමානය තුල දිව්‍යාංගනාවන් පිරිවරාගෙන ඉතා දීප්තිමත් ශරීරයකින් යුතුව සිටි දෙවඟනක් දැක කුමන ආකාරයේ පින් කමක් නිසා තව්තිසා දෙව්ලොව ඉපදුනාදැයි අසා දැනගැනීමට සිතුවිල්ලක් ඇතිවුනා.

ඒ විමානය අසල දිව්‍ය රථය නවත්තලා දෙවියන්ට අධිපති වූ සක්‍ර දෙවියන් ඒ දිව්‍යාන්ගනාවගෙන් අහනවා , " පින්වත් දෙව්දුව, ඔබේ ශරීරය රන්වන් පාටින් බැබලෙනවා. පැළඳගෙන සිටින ආභරණත්, දිව්‍යමය සළුපිලිත්, රත්‍රන් පාටින් බැබලෙනවා. ඔබේ දිව්‍යමය මන්දිරය පවා රනින් මැවී තිබෙනවා.පින්වත් දෙව්දුව මෙබදු සැප සම්පත් ඇතිව තව්තිසා දෙව්ලොව ඉපදුනේ කුමන ආකාරයේ පින්කමක් කරලාද ? " කියල.

සක්‍ර දෙවියන්ට පිළිතුරු දුන් ඒ දෙව්දුව කියා සිටියේ," දෙවියන්ට අධිපති වූ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්ස,මම රජගහ නුවර ඉපදිලා හිටපු දිළිඳු ස්ත්‍රියක්. මහා කාරුණික බුදුරජානන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ශ්‍රී දේහයේ ඉතිරි සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් මගධ රාජ්‍යයේ අජාසත්ත මහා රජතුමාටත් ලැබුනා. අජාසත්ත රජතුමන් ඒ සර්වඥ ධාතු තැන්පත් කරලා රජගහ නුවර මහා ස්ථුපයක් තනා ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පුජාවන් පවත්වන පරිද්දෙන්ම පුද සත්කාර කළා.
දවසක් මම උදෑසනින්ම නැගිට මුහුණ කට සෝදාගෙන බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් ඒ ස්ථුපය වන්දනා කලයුතුයි කියල මහත් ශ්‍රද්දවකින් යුතුව වැටකොළු මල් හතරක් කඩාගෙන සර්වඥ ධාතු තැන්පත් ඒ ස්ථුපය වන්දනා කරන්න ගියා. ඒ යන අතට අතර අලුත පැටවකු වැදු ගවදෙනක් වේගයෙන් දුවගෙන් ඇවිත් අං දෙකෙන් ඇනගෙන ගියා.ඒ ගවදෙන ඇනීම නිසා මම එදා මරණයට පත්වෙලා තව්තිසා දෙව්ලොව බොහෝ දිව්‍ය සස්ත්‍රීන් මැද විමානයේ පහල වුනා."
" සක් දෙවිදුනි , බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් චෛත්‍යට මල් පුජා කිරීමට පෙර අතරමගදිමයි ඒ ගවදෙන ඇනල මගේ මරණය සිදු වුනේ.බුදුරාජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගෙන ඒ චෛත්‍යට මල් පුජා කිරීමට ලැබුනා නම් ඒකාන්තයෙන්ම මට මීටත් වඩා ඉහල සැප සම්පත් ඇති දිව්‍ය විමානයක් පහළවීමේ හැකියාව තිබුනා." යනුවෙන් ඒ දිව්‍යාංගනාව සක්‍ර දෙවියන් හට තමන් මිනිස්ලොව සිටිද්දී කරපු ගැන සිහිපත් කළා.

එය ඇසු සක්‍ර දෙවියන් ඉමහත් සතුටට වී සාධුකාර දී මාතලී රථාචාර්ය දෙසට හැරී මෙහෙම කියනවා. " මාතලී , ඔබ මේ දෙව්දුවගේ කථාව අහගෙන හිටියද ? මේ දෙව්දුව පුජාකිරීම පිණිස වැටකොළු මල් හතරක් පමණයි. එහෙත් ඇගේ සිත තුල තිබුණු ශ්‍රද්දාව නිසා ඇය කරගත් විශාලයි."
"මාතලී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගතහොත් එයින් ලැබෙන පින ප්‍රමාණ කල නොහැකි තරම්ම විශාලයි. අපි දැන් උයන් කෙළියට ගොස් විනෝද වීමෙන් පාලක් නෑ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාව වන්දනා කරන්න අපිත් යමු. ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව නැවත නැවතත් වන්දනා කිරීම තුලින් අප්‍රමාන පින් රැස් කර ගත හැකී. " කියූ සක්‍ර දෙවියන් මාතලී ලවා තම දිවය රථය සිළුමිණි සෑය දෙසට හරවා සිළුමිණි සෑය වෙත ගොස් මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා සහ බුදුරජාණන් දළදා වහන්සේ තැන්පත් සිළුමිණි සෑය වන්දනා කළා.

සක්‍ර දෙවියන් විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේට පුද පුජාවන් පවත්වන පරිද්දෙන් සතක්ම සිළුමිණි සෑයට මහත් වූ පුද සත්කාර කරමින් බොහෝ පින් රැස් කර ගත්තා

මලියදේව හිමියන් සමගින් සිළුමිණි සෑය වඳින්නට ගිය උපාසක

ඔබ අසා ඇති මලියදේව නමින් මහරහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිය කියලා.දිනක් මලියදේව මහා වහන්සේට ඉතා වේදනාකාරි වූ බඩේ අමාරුවක් ඇතිවුන. එන්න එන්නම වේදනාව වැඩිවුනා. බෙහෙත් වර්ග එකොළහක් යොදා බෙහෙත් කැඳක් සකසා ගෙන රෝගය යටපත් මලියදේව රහතන් වහන්සේ සිටියා.
මෙවැනි බෙහෙත් කැඳක් මා සකසා ගන්නී කෙසේදැයි දිවැසින් විට භික්ෂු සංඝයා කෙර්ර්හි බොහෝ ශ්‍රද්දාවෙන් ඇප උපස්ථාන කරන සුළුගුළු නම් උපාසක තුමකුව දුටුවා.එදා රාත්‍රී කාලයෙහි සමාපත්ති සුවයෙන් වේදනාව ඉවසා දරා සිටි මලියදේව මහරහතන් වහන්සේ පසුදා උදැසනම විහාරයේ කලයුතු වතාවත් කොට පා සිවුරු ගෙන අහසට පැන නැගී සුළුගුළු උපාසකතුමා සිටි ගමට වැඩමකොට ගෙපිළිවෙලින් පිඬුසිගා ගොස් සුළුගුළු උපාසකතුමා සිටි ශාලාවට වැඩම කළා."

මලියදෙව මහරහතන් වහන්සේ වැඩම කරනු දුටු සුළුගුළු උපාසකතුමා ඉමහත් සතුටු යුතුව ආසනයක් පනවා උන්වහන්සේ සමග කතා බස් කළා.මලියදේව මහා රහතන් වහන්සේගේ ස්වරුපයෙන්ම උන්වහන්සේ ගිලන් වී සිටින බව වටහාගත් උපාසකතුමා "ස්වාමිනි , ඔබවහන්සේගේ ශරීරය තුල කිසියම් අසනීපයක් තියෙනවාද?" කියා ඇසුවා.මලියදේව මහරතන් වහන්සේ තමන් වහන්සේගේ බඩේ අමාරුව පිළිබද සුළුගුළු උපාසකතුමාට පැවසුවා.

ඒ මොහොතේම සුළුගුළු උපාසකතුමා " සවාමිනි මෙවැනි බඩේ අමාරුවකට බෙහෙත් වර්ග එකොළහකින් සකස් කරන ඖෂදීය වූ කැඳක් තිබෙනවා.මම ඒ කරන තුරු ඔබ වහන්සේ මදක් වැඩ සිටින්න" පවසා සුළුගුළු උපාසක තුමා ඉක්මනින්ම බෙහෙත් කැඳ සෑදීමට අවශ්‍ය දේවල් රැගෙන විත් කැඳ මුට්ටිය තබා කැඳ මලියදේව මහා රහතන් වහන්සේ සමග කතා බස් කරමින් සිටියා.

මහා ඉර්ධිමය හැකියාවක් ඇති මලියදේව මහරහතන් වහන්සේ සුළුගුළු උපාසකතුමාගේ පුණ්‍ය මහිමය දෙස බලා ඔහු මරණින් පසු දෙව්ලොව ඉපදෙන අයෙකු බව දැන "පින්වත් උපාසකය, බෙහෙත් කැඳ පිසෙන තුරු තව්තිසා දෙව්ලොවට ගොස් මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාත් , බුදුරජාණන්වහන්සේගේ දකුණු දළඳා වහන්සේත් වැඩ සිටින සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට කැමතිදැයි " උපාසකතුමාගෙන් ඇසුවා.

"ස්වාමිනි සිළුමිණි මහාසෑය වන්දනා කිරීමට මම කැමතියි.නමුත් මට අහසින් ඉර්ධිමය හැකියාවක් න නැහැ.ඒ නිසා සිළුමිණි සෑය වඳින්න මම වගේ කෙනෙකුට තව්තිසා දිව්‍යලොකෙට යාගත නොහැකියි." කියා පැවසුවා.

"පින්වත් උපාසකය ඔබ සිළුමිණි සෑය වන්දනා කිරීමට කැමතිනං ,මාගේ ඉර්ධි බලයෙන් මා ගන්නම් " පවසා මලියදේව මහරහතන් වහන්සේ " මේ උපාසකතුමත් මා සමග අහසින් පැමිනෙත්වා." යයි වාඩිවීමට පත්කඩය අධිෂ්ටාන කොට අතට දී අහසට පැන නැගී ඉතා සුලු මොහොතකින් සුළුගුළු උපාසකතුමාද සමග තව්තිසා දෙව්ලොව සිළුමිණි මහා සෑය වෙත වැඩම කළා.

මේ සිදුවීම සද්ධර්මාලංකාරය ග්‍රන්ථයේත්, රසවාහිණි නම් ග්‍රන්තයේත් සඳහන් වෙලා තිබෙනවා. තව්තිසා දෙව්ලොවදී සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට පැමිණි දෙවිවරුන් සමග සුළුගුළු උපාසකතුමත්,මලියදේව මහා රහතන් වහන්සේත් කතාබස් කල ආකාරයත් සිළුමිණි මහා සෑය වන්දනා කිරීමට පැමිණි මෛත්‍රී බෝසතාණන් වහන්සේ සුළුගුළු උපාසකතුමා හට "උපාසකය නොවී තවත් කුසල් දහම් රැස් කරන්න" යයි පවසා අගනා දිව්‍ය සලු දෙකක් ලබා දුන් බවත් , සඳහන් වෙලා තිබෙනවා.

එවැනි කතා තුලින් අපට පෙනෙන කාරණයක් තමයි ඉර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා තව්තිසා දෙව්ලොවට වැඩම කොට සිළුමිණි මහා සෑය වන්දනා කිරීම අතීතයේදී නිරන්තරවම සිදු වුනාය කියලා.

ඔබ සිටියත් සිළුමිණි සය වැඩ සිටින පුජනීය ධාතුන් වහන්සේලා සිහි කරමින් ඔබටත් වන්දනා කරන්න පුළුවන්. සිළුමිණි සෑය තුල තැන්පත්ව ඇති අප මහා බෝසතානන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාටත් , බුදුරජාණන් වහන්සේගේ දකුණු දළඳා වහන්සේටත් මම නමස්කාර කරමි. නමස්කාර වේවා!!!

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා page...

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...!!
24/11/2024

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා...!!

24/11/2024

04/10/2024

Touris අය කොච්චර එනවද මේ තැනට ඒතරම් ලස්සන තැනක් වෙන කොහෙන්ද 🇱🇰 ✈️ 🇱🇰 @මිහින්තලේ

27/09/2024

Address

Mihintale
50300

Website

Alerts

Be the first to know and let us send you an email when Mihinthale, මිහින්තලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mihinthale, මිහින්තලේ:

Share