22/03/2023
මැදවච්චිය ශා.ජෝශප් දේවස්තානයේ වාර්ෂීක මංගල්‍ය පසු ගිය සතියේ ගරු සුසිත් රන්දිල් නිර්මල මරිය නිකායික පියතුමන්ගේ අර්ථාන්විත වූ නුවාන මාලාවෙන් ආරම්භව, අනුරාධපුර පදවි බයිබල් හා ධර්මෝපදේශ අධ්‍යක්ෂක ගරු ඩේමියන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වය තුළ 18 සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙය අනුරාධපුර පදවියේ පියතුමන්ලගේ හා කන්‍යා සොහොයුරියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී, 19 ඉරුදින මංගල මහා දිව්‍ය යාගය නිර්මල මරිය නිකායික නියෝජ්‍ය ප්‍රාදේශාදිපති ගරු ජේම්ස් ජයසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර පියතුමන් ප්‍රකාශ කර සිටියේ ජුසේ තුමාගේ සත් පුරුෂ බාවය තුළ දිවි ගෙවන ලෙසයි.මංගල දිව්‍ය පූජාවෙන් අනතුරුව සුරකි පියාණන්ගේ ප්‍රතිමාව රැගෙන වීදි සංචාරයද සිදුකරන ලදී.මෙම කටයුතුවල මූලික මග පෙන්වීම වූ මීසම් සේවක නිර්මල මරිය නිකායික ගරු ශිවන්ත වාස් පියතුමන්‍ට,දහම් සේවා සභාවේ ලේකම් තුමාට හා එකාවන්ව තම ශ්‍රමය කාලය කැපකල බාල, තරුණ, වැඩිහිටි සැමට හද පිරි ස්තූතිය.
තතු වැකි - නුවන් ලහිරු