AVE MARIA

AVE MARIA Simply 🍬 a Day! Melting It All 0ff Away!

19/06/2023

https://youtu.be/HGcsgCSvGq8
සාමාන්‍ය සමය එකොළොස්වන සතිය ..ජුනි 20, ..පළමු දේව ප්‍රකාශනය 2 කොරින්ති 8:1-9..
ශු.සුපුවත මතෙව් 5:43-48..
43 '' 'නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ'යි කී බව ඔබ අසා ඇත.
44 එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
45 මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.
46 ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද?
47 ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?
48 එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.''

ඉදිරිපත් කිරිම ආවේ මරියා

18/06/2023

https://youtu.be/c_qfzfoUHbY
සාමාන්‍ය සසය එකොළොස්වන සතිය ,ජුනි 19..පළමු දේව ප්‍රකාශනය 2 කොරෙන්ති 6:1-10
ශු.සුපුවත මතෙව් 5:38-42..
38 '' 'ඇසට ඇස ය, දතට දත ය' යන කීම ඔබ අසා ඇත.
39 එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
40 යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.

41 හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න.
42 ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.''

ඉදිරිපත් කිරිම ආවේ මරියා

17/06/2023

https://youtu.be/cfA7nvy0nWI
සාමාන්‍ය සමය එකොළොස්වන ඉරුදින , පළමු දේව ප්‍රකාශනය නික්මයාම 19:2-6..
දෙවන දේව ප්‍රකාශනය රෝම 5:6-11..
ශු.සුපුවත මතෙව් 9:36,10-1-8
36 ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.
37 එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ''අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය.
10:1 ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.

2 ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය;
3 පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය;
4 අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.
5 ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: ''විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න;
6 ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න.
7 එසේ ගොස්, 'ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ'යි දේශනා කරන්න.
8 රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.

16/06/2023

https://youtu.be/ExcvY-S-Q-A
මරියතුමියගේ නිර්මල හෘදයේ මංගලෝත්සව ..ජුනි 17,
පළමු දේව ප්‍රකාශනය යෙසාසා 61:9-11
ශු.සුපුවත ලුක් 2:41-51..
41 ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.
42 උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ.
43 ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන,
44 උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ.
45 එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ.

46 තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය.
47 ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ.
48 දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, ''පුතා, කුමක් නිසා අපට මෙ‍සේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු''යි කී හ.
49 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ''යි ඔවුන්ට වදාළ සේක.
50 එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය.

51 උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.

ඉදිරිපත් කිරිම ආවේ මරියා

බාලයන් මා වෙතට එන්න ඉඩ දෙන්න, ඒ වෙනුවෙන් කැප විමෙන් හා මිසමේ ,දිසාවේ හා පදවියේ ලමා ධර්මදුත සේවයේ ලමා ධර්මදුතයන් දහමින් ප...
16/06/2023

බාලයන් මා වෙතට එන්න ඉඩ දෙන්න, ඒ වෙනුවෙන් කැප විමෙන් හා මිසමේ ,දිසාවේ හා පදවියේ ලමා ධර්මදුත සේවයේ ලමා ධර්මදුතයන් දහමින් පෝෂණය කිරිමේ අදිටනින් , හලාවත පදවියේ ලමා ධර්මදුත සජිවක, සජීවිකාවන් සඳහා පළමු පුහුණුව පසුගියදා දින දෙකක් පුරා හලාවත ක්‍රිස්තු සේවා මධ්‍යස්ථානයේදි පැවැත් වුණා.
මෙයට හලාවත පදවියේ නවක සජිවිව සජිවිකාවන් 80 කට වැඩි ප්‍රමාණයක් මෙ අවස්ථාව සදහා සහභාගි වුණා.දේශක කටයුතු සදහා හලාවත පදවි තරුණ කටයුතු අධ්‍යක්ෂක ගරු ලසන්ත මංජු පියතුමා ,යහපත් එඬේරාණන්ගේ
නිකායේ ලසිකා පැවදිසොයුරිය ,සුරදුතික නිකායේ ගරු තේරෙසිනා හා ලෝචිනි පැවදිසොයුරියන් , කන්දතුඩුවාව මිසමේ සහයක පියතුමා ඇතුළු කණ්ඩායමක් මෙම නවක සැසියේ දි දේශනා පවත්වන ලදි
එසේම සජිවිකයන්ගේ පෞරුෂත්ව වර්ධනය සඳහා ගාමිණී ජයකොඩි ගුරුපියාගේ විශේෂ සහභාගිත්වයෙන් එදින වැඩමුළුවක් පැවැත් විණි වැඩමුළුව අවසානයේ දිව්‍ය පුජා යාගයක් පැවැත් වු අතර එහිදි නවක සජිවිව සජිවිකාවන් කැප කර දේවස්ථානවල ලමා ධර්මදුත සේවාවයේ ක්‍රියාකාරි සජිවකයන් ලෙස සේවය කිරිමට ,කැපවෙන බව මෙහිදි ප්‍රතිඥා දෙනු ලැබුවා.
මෙම අවස්ථාව හලාවත පදවි ධර්මදුත අධ්‍යක්ෂක ගරු අනුර ගම්ලත් පියතුමා ඇතුළු ඡේෂ්ඨ ධර්මදුත සජිවිවක සජිවිවන් විසින් සංවිධානය කරනු ලැබුවා..

අවසානයේ පැමිණි සිටි සියලුම දෙනා සමඟ සමුහ ඡායාරූපකටද පෙනි සිටියා.

සටහන ආවේ මරියා ශ්‍රි ලංකා

15/06/2023

https://youtu.be/uyouGlAdmOU
ජුනි 16, ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයේ මංගල්‍යය ...පළමු දේව ප්‍රකාශනය ද්විතීය නිති සංග්‍රහය 7:6-11..
දෙවන දේව ප්‍රකාශනය 1 ජොහාන් 4:7-9..
ශු.සුපුවත මතෙව් 11:25-30
25 ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ''ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
26 එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.
27 මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.

28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.''

ඉදිරිපත් කිරිම ආවේ මරියා

14/06/2023

https://youtu.be/FOM3EzOjT4I
සාමාන්‍ය සමය දසවන සතිය ..ජුනි 15, පළමු දේව ප්‍රකාශනය 2 කොරෙන්ති 3:15-4:1,3-6..
ශු.සුපුවත මතෙව් 5:20-26..
20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.''
21 '' 'මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ'යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.
22 එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟb කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට 'මෝඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; 'ජඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.
23 එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්,
24 පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.

25 ''ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය.
26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.''

ඉදිරිපත් කිරිම ආවේ මරියා

14/06/2023

කොළඹ කොච්චිකඩේ සා.අන්තෝනි මුනි ජාතික සිද්ධස්ථානයේ 189 වන වාර්ෂික මංගලෝත්සව සැන්දෑවේ පෙරහැර අවසානයේ අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ සුරතින් ආශිර්වාද කිරිම හා ⁣සිද්ධාස්ථානය පිළිබඳ කෙටි හැඳින්විමක් සිරස tv ඉදිරිපත් කරයි..

13/06/2023

https://youtu.be/W0AyFwGkD7Y
ජුනි 14, සාමාන්‍ය සමය දසවන සතිය..පළමු දේව ප්‍රකාශනය 2 කොරෙන්ති 3:4-11..
ශු.සුපුවත මතෙව් 5:17-19..
17 ''මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.
18 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.
19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය.

ඉදිරිපත් කිරිම ආවේ මරියා

Address

Mawathagama

Alerts

Be the first to know and let us send you an email when AVE MARIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share