ගෞතම මහා කච්චායන මහා සෑය - Gauthama Maha Kachchayana Maha Seya

  • Home
  • Sri Lanka
  • Matuguma
  • ගෞතම මහා කච්චායන මහා සෑය - Gauthama Maha Kachchayana Maha Seya

ගෞතම මහා කච්චායන මහා සෑය - Gauthama Maha Kachchayana Maha Seya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගෞතම මහා කච්චායන මහා සෑය - Gauthama Maha Kachchayana Maha Seya, Buddhist Temple, Matuguma.

වැඩ අවසන් අදියරෙහි පවතින මහා කක්ජ්චායන මහ සෑය.තවත් සිමෙන්ති කොට්ට 20 ක් වැලි කියුබ් 03ක් පමණ අවශ්‍යව ඇත...සුපින්වත් ඔබට ...
04/10/2025

වැඩ අවසන් අදියරෙහි පවතින මහා කක්ජ්චායන මහ සෑය.තවත් සිමෙන්ති කොට්ට 20 ක් වැලි කියුබ් 03ක් පමණ අවශ්‍යව ඇත...සුපින්වත් ඔබට මේ සඳහා දායකත්වය ලබාදිය හැකිය

13/08/2024
ශ්‍රී සම්බුද්ධ සාසනය උදෙසා ඉදිවන ශ්‍රී ගෞතම මහාකච්චාන මහ සෑය කෙමෙන් කෙමෙන් ඉදිවන වගයි.සුපින්වත් ඔබ සැමටද මෙම උතුම් පුණ්‍...
20/01/2024

ශ්‍රී සම්බුද්ධ සාසනය උදෙසා ඉදිවන ශ්‍රී ගෞතම මහාකච්චාන මහ සෑය කෙමෙන් කෙමෙන් ඉදිවන වගයි.සුපින්වත් ඔබ සැමටද මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායක විය හැකිය.

මතුගම කරම්පෑතර ශ්‍රී අභයරාජාරාමයේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ගෞතම මහාකච්චාන මහ සෑය ඉදිකිරීමේ වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතී..සු...
09/12/2023

මතුගම කරම්පෑතර ශ්‍රී අභයරාජාරාමයේ අභිනවයෙන් ඉදිවන ශ්‍රී ගෞතම මහාකච්චාන මහ සෑය ඉදිකිරීමේ වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතී..සුපින්වත් ඔබටද මෙම මඟු පුණ්‍යකර්මය සඳහා දායකවිය හැක.

මහා කච්චායන මහ රහතන් වහන්සේ නමින් ඉදිවන මහ සෑය තනන්නට 2013/08/31 වන දින බිම්.සකසා වැඩ ඇරඹූ සුපින්බර හෝරාව.
04/12/2023

මහා කච්චායන මහ රහතන් වහන්සේ නමින් ඉදිවන මහ සෑය තනන්නට 2013/08/31 වන දින බිම්.සකසා වැඩ ඇරඹූ සුපින්බර හෝරාව.

ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් පුර අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා[UNICODE]මුල් පිටුව | බ...
04/12/2023

ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් පුර අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ
මහා කච්චායන මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා බහුල ය. ඒ අතරින් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සුවිශේෂී ය. ඒ උදෙසා උන්වහන්සේ සසර මඟ කළ පින් දහම් , පාරමී දම් අපමණ ය. මෙවර ලිපියෙන් සඳහන් කරන්නේ කෙටියෙන් වදාළ ධර්මය විස්තර කොට ප්‍රකාශ කළ හැකි භික්ෂූන් අතරින් අග්‍ර වූ මහා කච්චායන මහ රහතන් වහන්සේ ගැන ය.

උන් වහන්සේ අතීත භවයක දී පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ උපත ලැබුවේ ගොවි මහසල් කුලයක ධනවත් කුල පුත්‍රයෙක් ලෙස ය. ඔහු ශ්‍රද්ධාවෙන් පිරී ගියේ පදුමුත්තර බුදුන් වහන්සේගේ සුමධුර සදහම් දෙසුමෙනි. එක්තරා දිනයක බණ අසමින් සිටි ඔහු දුටු දසුන අසිරිමත් ය.

ඒ එක්තරා භික්ෂුවකට පියුමතුරා බුදුරජාණන් වහන්සේ, කෙටියෙන් වදාළ ධර්මය විස්තර කර දේශනා කිරීමට සමත් භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලබා දීම යි. එහි දී මොහු ද මෙවැනි පදවියක් දැරීමේ අදහසින් කළ පින් දහම් අපමණ ය.

ඔහු, පසු දින පටන් සත් දිනක් ම බුද්ධ ප්‍රමුඛ මහ සඟ රුවනට දන් පිදුවේ අපරිමිත ශ්‍රද්ධාවෙනි. දන් වළඳා සත්වන දින අවසානයේ අනුමෝදනා බණ දෙසූ බුදුරදුන්ට මොහුගේ පැතුම පැවසුවේ වැඳ නමස්කාර කරමිනි. එහි දී පදුමුත්තර බුදුන් වහන්සේ අනාගතය දෙස බලා, විවරණ දුන්නේ මෙම කුල පුත්‍රයාගේ පැතුම ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ට සිද්ධ වන බව යි. මෙලෙස පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ කුල පුත්‍රයා සැදැහැ සිතින් කළ පින් දහම් අපමණ ය. පින නිසා ම සුගතිගාමී භවයන්හි උපත ලැබූ මොහු දෙව්, මිනිස් භවයන්හි විඳී සැප සම්පත් ද අපමණ ය.

කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ ධනවත් ව උපත ලැබූ මොහු සිදු කළ පින්කම් අසිරිමත් ය. ඒ පිරිනිවන් පෑ කාශ්‍යප බුදුන් වහන්සේ ගේ ධාතු නිධන් කිරීමට සූදානම් කළ චෛත්‍ය උදෙසා ය. මොහු සෑ රදුන් වහන්සේ තැනීමට මුලින් ම පිදුම් දුන්නේ රනින් නිම කළ ගඩොලක් ය. මේ පිනෙන් ඔහු පැතුවේ සසර මඟ උපත ලබන සෑම භවයක දී ම රන්වන් පැහැයෙන් බබළන සිරුරක් ලැබීමට ය. මොහු නැවත සසර මඟ අවසන් ආත්ම භාවයේ උපත ලැබුවේ ගෞතම බුද්ධ ශාසනයේ ය.

රන්වන් සිරුරකින් බබළන මොහු හඳුන්වන්නේ ‘කංචන මානව’ නාමයෙනි. සිප් සතර මැනවින් හදාරා ත්‍රිවේදය පරතෙරට ගිය මෙතුමා පුරෝහිත බ්‍රාහ්මණ පදවිය ලබා රාජ්‍ය සේවයට ඇප කැප වූ අයුරු විශිෂ්ට ය. මොහු ගෝත්‍ර නාමයෙන් ‘කාත්‍යායන බ්‍රාහ්මණ’ ලෙසින් ප්‍රකට ය.

දිනක් උදේනි රජතුමා තම රජ මැඳුර වෙත ගෞතම බුදුන් වහන්සේ වඩමවාගෙන එන්නට පිටත් කර යැවුවේ කච්චායන බමුණා ය. එහිදී ඔහු සමඟින් පිටත් ව ගිය තවත් ඇමැතිවරු සත් නමක් ද බුදුන් වහන්සේගෙන් බණ අසා රහත් ව පැවිදි වූයේ ‘ඒහි භික්ෂු භාවයෙනි’.

බුදුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කර ‘මහණ, මෙහි එන්න. දුක් කෙළවර කිරීම පිණිස ශාසන බ්‍රහ්ම චර්යාවෙහි හැසිරෙන්න’ ඇමැතුමෙන් හිස කෙස් , රැවුල් ඉවත් ව, සිවුරු හැඳ භික්ෂුවකට සුදුසු ලෙස පැවිදි උපසම්පදාව ලැබීම ‘ඒහි භික්ෂු භාවය’ වශයෙන් හැඳීන්වේ. මෙය බුදු කෙනකුට පමණක් කළ හැකි වන අතර ‘ඒහි භික්ෂු භාවය’ සඳහා භාග්‍ය ලබන්නේ සසරේ අට පිරිකර පූජා කළ පින්වතුන් පමණක් බව ද ධර්මයේ සඳහන් ය.

කච්චායන තෙරුන් වහන්සේ තමන් පැමිණි කාරණය බුදුන් වහන්සේ හමුවේ වදාළේ නිබඳව ය. එහිදී බුදුන් වහන්සේ වදාළේ ‘කච්චායනය, ඔබ ඇතුළු පිරිස එහි වැඩම කිරීමෙන් රජතුමාගේ අපේක්ෂාව ඉටු වන බව ය. එහිදී කච්චායන තෙරුන් වහන්සේ තමන් හා පැවිදි වූ සත් දෙනා වහන්සේ සමඟින් වැඩම කිරීමට සූදානම් වූයේ උදේනී නුවරට ය.

අතර මඟදී උන්වහන්සේ පිඬු සිඟා වැඩම කළේ ‘තේලප්පනාළි’ නියම් ගම ට ය. ඒ ගමෙහි විසූ සිටු කුමරියන් දෙදෙනකුගෙන් එක් අයෙක් ධනවත් වූ අතර, අනෙක් තැනැත්තිය දිළිඳු ය. ධනවත් කුමරියගේ හිස කෙස් මද වූ අතර දුගී තැනැත්තියට හිමි වූයේ දිගු අසිරිමත් කෙස් කළඹකි. මේ නිසා ධනවත් තැනැත්තිය ඇගේ කෙස් කළඹ ඉල්ලා සිටියේ මසුරන් දහසකට මිල කරමිනි. නමුත් ඇය එයට අකැමැති ව කෙස්කළඹ නොදුන්නා ය.

දිනක් කච්චායන තෙරුන් වහන්සේ රන් වන් පැහැයෙන් බබළමින් තම පිරිස සමඟ පිඬු සිඟා වැඩියේ දුප්පත් කුමරියගේ පැල්පත වෙත ය. එහෙත් ඇයට එහි දී පූජා කිරීමට කිසිවක් නො වී ය. මේ නිසා ඇය තමා සතු එකම වස්තුව වූ දිගු කෙස් වැටිය කපා විකිණීමට තීරණය කළේ පිඬු සිඟා වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දන් පුදන්නට ය. මොහොතකට එහි තෙරුන් වහන්සේලා වැඩ සිටීමට සැලැස්වූ ඇය තම දිගු වරලස කිරි මව් ලවා කපා ධනවත් තැනැත්තිය වෙත යැවුවේ තෙරුන් වහන්සේලාට හොර රහසේ ය. කලින් මසුරන් දහසකට ඉල්ලා නොලැබුණු කෙස් වැටිය පසුව නිවසට ම ලැබුණු නිසා එහි අගය අඩුවීම ලෝක සම්මතයකි. ඒ අනුව ඇයට කෙස් වැටියට හිමි වූයේ මසුරන් අටක් පමණි.

ඇය ඒ මසුරන් අටෙන් තෙරුන් වහන්සේලා අට නමට දන් පිදුවේ මහත් ශ්‍රද්ධාවෙනි. එම දානය මෙලොවදී ම විපාක දී ඇයට පෙර සේ ම දිගු සුන්දර කෙස් කළඹක් හිමි වුයේ තෙරුන් වහන්සේලාගේ දෙපා නමඳීනවාත් සමඟ ය.

මෙලෙස රහතන් වහන්සේ වෙත දුන් දානයේ විපාක ඇයට ඒ ආත්ම භාවයේ ම ලැබුණේ රහතන් වහන්සේලොගේ ගුණස්කන්ධයේ මහත්වය නිසා ය. දන් දුන් අයට ඒ මොහොතේ ම ඵල ලැබීමට හේතුවන ගුණස්කන්ධයක් ඇති බැවින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා අග්‍රදක්ෂිණාර්හයෝ බව රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ ‘සූවිසි මහ ගුණය’ ග්‍රන්ථයෙහි ද සඳහන් ය.

තව ද රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ‘බෞද්ධයාගේ අත් පොතෙහි’ මෙලෙස සඳහන් ය. ‘කළ ජාතියේ දී ම විපාක දෙන්නා වූ කර්ම බුදු දහමට අනුව හඳුන්වන්නේ ‘දෘෂ්ට ධර්ම වේද්‍ය කර්ම’ වශයෙනි. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුසලය ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට කරන්නා වු අපරාධයෝ ද සමහර විට ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය ඉතා බලවත් වූ කල්හි සත් දිනක් ඇතුළත විපාක ද දෙන්නේ ය. එ පමණට බලවත් නොවන කල්හි ඒ ජාතියේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙන්නේ ය. බොහෝ කර්මයෝ කළ ජාතියේ දී ම විපාක දෙන්නාහු නොවෙති’ යනුවෙනි.

මේ අනුව දුගී සිටු කුමරියට නැවත දිගු වරලසක් ලැබී ඒ ආත්ම භාවයේ ම රජ මැඳුරේ අග්‍ර මහේෂිකාව වන්නට ඇත්තේ ‘ දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මයේ’ බලය යි.

පසුව තෙරුන් වහන්සේ අට නම දානය වළඳා උඩු ගුවනින් ම උදේනී රජුගේ උයනට වැඩම කළ දසුන උදාර ය. එහි දී කච්චායන තෙරුන් වහන්සේ සමඟ අනෙක් තෙරුන් වහන්සේ ද උයනේ වැඩ සිටින බව දැන ගත් උදේනි රජතුමා ඒ වෙත ගියේ අපරිමිත ප්‍රීතියෙනි. රජතුමා තෙරුන් වහන්සේ අට නමගේ ම සුව දුක් විමසා බැලුවේ වැඳ නමස්කාර පූර්වකව ය.

උන්වහන්සේ සියලු තොරතුරු පවසද්දී තමන් වහන්සේ වෙත දන් පිදූ, දුගී කුමරියගේ ගුණ යහපත්කම ගැන සිහිපත් කළේ වර්ණනාත්මක ලෙස ය. එයින් පැහැදුණු රජතුමා, මේ පින්බර කුමරිය රජ මැඳුරට කැඳවා ගෙන තම අග මෙහෙසි තනතුරේ තබා ගත්තේ ය.

කච්චායන මහ රහතන් වහන්සේ උයනෙහි රැස්වූ ජනතාවගේ සිත පහන් කළේ සුමධුර සදහම් දේශනාවන්ගෙනි. පසුව කච්චායන තෙරුන් වහන්සේ ඇතුළු පිරිස නැවත වැඩම කළේ ජේතවනාරාමයේ වැඩ සිටින බුදුන් වහන්සේ හමුවට ය. එහිදී මදුපිණ්ඩික සූත්‍රය , කච්චායන පෙය්‍යාල ය සූත්‍රය, පාරායන ආදී සූත්‍රයන් අරමුණු කරගෙන සදහම් දෙසූ බුදුරජාණන් වහන්සේ කච්චායන මහා රහතන් වහන්සේට ලබා දුන් තනතුර ද විශිෂ්ට ය. ඒ කෙටියෙන් වදාළ ධර්මය විස්තරාත්මක ව දේශනා කිරීමට සමත් භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානය ලැබීම යි.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

අධි වප්
පුර අටවක
සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය
First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16



| PRINTABLE VIEW |



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |


© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]

මහා කච්චායන මහ රහතන් වහන්සේ නමින් ඉදිවන **මහ කච්චායන **සෑය ඉදිකිරීමට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමන්ගේ ස...
04/12/2023

මහා කච්චායන මහ රහතන් වහන්සේ නමින් ඉදිවන **මහ කච්චායන **සෑය ඉදිකිරීමට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමන්ගේ සහ ආරාධිත සුපින්වතුන්ගේ සුරතින් සුභ නැකතින් සිදුකරන ලදී.

ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා අතර දසවැනි මහ රහතන් වහන්සේ වන මහා කච්චායන මහ රහතන් වහන්සේ න...
04/12/2023

ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා අතර දසවැනි මහ රහතන් වහන්සේ වන මහා කච්චායන මහ රහතන් වහන්සේ නමින් ඉදිකරනු ලබන ශ්‍රී ගෞතම මහාකච්චාන මහ සෑය ඉදිකිරීමේ වැඩ කටයුතු මතුගම කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ දී පසුගිය දින ආරම්භ කරන ලදී.පිනෙන් පිරුන පින් උතුරන මෙම මහඟු සුපින්වත් පිංකමට දායක වීමට සුපින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.

Address

Matuguma

Telephone

+94777918510

Website

Alerts

Be the first to know and let us send you an email when ගෞතම මහා කච්චායන මහා සෑය - Gauthama Maha Kachchayana Maha Seya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share