15/10/2024
බෙහෙත් නැතිකම නිසා, අපිට , රෝගියාට මෙරපෙනම්, ඇල්බියූමින්, වගේ බේත්, පිටින් ගේන සිද්ධ වුනා, රෝගියා රජයේ රෝහලේ හිටියත්, එක දවසකට, ලක්ෂ ගාණක් වැය වෙනවා, දවස් දහයක් විතර දැඩි සත්කාර ඒකකයේ ඉන්නකොට, බෙහෙත් ඇතුළු ඉල්ලන හැම දෙයක්ම රෝගයෙක්ට දෙනකොට, වෛද්‍යවරු විදියට, හම්බෙච්ච පඩියෙන්, යන්තම් එකතු වෙලා තිබ්බ සල්ලි ඔක්කොම ඉවර වුණා, ලක්ෂ දහයක් පහළොවක්, ඊට පස්සේ බේත් ගත්තේ, ටවුන් හෝල් එකේ තිබ්බ, ෆාමසියෙන්, credit card එකෙන්,
රෝගියාගේ, පුතා සහ ලේලි, දෙන්නම දොස්තරලා උනත්, තත්ත්වේ ඔහොම තමා, මොක දුන්නත්, ලෙඩාට ඉන්පෘමන්ට් එකක් නෑ, අන්තිම වෙනකොට ලෙඩා මැරෙයි කියලා අපි දැනගෙන හිටියා.
මල ගෙදර වැඩ කරන්නවත් සල්ලි තිබුනේ නෑ අන්තිමට, හොඳම දොස්තර යාළුවෝ කීපදෙනෙක්, කතා කරලා ඇහුවා, සල්ලි එහෙම තියෙනවද කීයක් හරි දෙන්නද කියලා, එහෙම අහපු නිසා, ඉල්ලගෙන තමා, මල ගෙදර කරේ,
දවස් ගානක්, පිස්සො වගේ, බෙහෙත් හොයන්න, පිටි ජාති හොයන්න, ලෙඩා බලන්න, විවිධ වෛද්‍යවරුන්ට කතා කරන්න, එහෙට මෙහෙට ඇවිදලා, සති ගානක් හෙම්බත් වෙලා.
වෛද්‍යවරු වෙච්ච අපේ තත්ත්වෙත් ඔච්චර තමා.
රෝහල්වලට, බාල බේත් ගෙනල්ලා, එහෙම නැත්තං, රෝහල්වල තියෙන්න ඕන අත්‍යවශ්‍ය බෙහෙත් නැති කරල, පිටින් ගේන තත්වෙට මිනිස්සුන් අසරණ කරලා, ..
බෙහෙත් අත්‍යවශ්‍ය දේවල් වලට.. මෙහෙම කරන්න හිතෙන එක මේ මිනිස්සුන්ට.. මට නං හිතාගන්න බෑ.
මට ඔය අත්දැකීම, තියෙන නිසා, මම දන්නවා, තමන්ගෙ කෙනෙක්, රෝහලේ ඉන්නකොට, බෙහෙත් ගන්න සල්ලි නැති වෙනකොට, අත්‍යවශ්‍ය බෙහෙත්, සල්ලි වලට වුනත් හොයාගන්න තැනක් නැති වෙනකොට, ඒක කොච්චර අසරණ කමක්ද කියල, quality නිදහස් සෞඛ්‍ය කොච්චර වැදගත්ද කියලා දැනෙන්න එතකොට.
ඊට පස්සේ, බැංකුවේ තිබ්බ සේසතම, ඉවර වෙලා, කනකර ආභරණ ටිකත්, උකස් කරලා, අරගෙන ලෙඩාට දුන්න බේත් ටිකත්, වතුර කියලා දැන ගත්තහම දැනෙන හැඟීම කොහොමද?
වෙන රටක රටක ඔය සිද්ධිය උනානම් කොහොම වෙයිද?
අපේ රටේ නම් තාම වදිනව, හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නේ.
අපේ රටේ, මනුස්ස ජීවිතයක වටිනාකම, විහිළුවක් වෙලා තියෙන්නේ.