Ran Dupatha Temple - රන් දූපත පන්සල

Ran Dupatha Temple - රන් දූපත පන්සල ║▌│█│║▌║││█║▌│║▌║ original profile ®

31/05/2026

මාතර තොරණ් ....

💐💐සුභ වෙසක් පොහොය දිනයක් වේවා! 💐💐වෙසක් පොහොය කියන්නේ වසරේ එන තවත් එක පෝය දවසක් විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකවාසී බෞද්ධ ජනතා...
30/05/2026

💐💐සුභ වෙසක් පොහොය දිනයක් වේවා! 💐💐

වෙසක් පොහොය කියන්නේ වසරේ එන තවත් එක පෝය දවසක් විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේම හදවත් ශ්‍රද්ධාවෙන්, කරුණාවෙන් සහ ආලෝකයෙන් පුරවන උතුම්ම දිනයයි. තුරුලතාවලින් පිරුණු පරිසරය පවා වෙනදාට වඩා නිස්කලංක, පින්බර හැඟීමක් මේ දවසට අපේ හිත්වලට ගෙනෙනවා.

1. වෙසක් පෝය අපිට මෙච්චරම වැදගත් ඇයි?

වෙසක් පෝය අපේ හදවත්වලට මෙතරම්ම සමීප වෙන්නේ එය බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සමරන උතුම් දිනය නිසයි. අපේ ශාස්තෘ වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානතම සිදුවීම් තුනක් මේ දවසේදී සිද්ධ වුණා.

බෝසත් උපත:
ලුම්බිණි සල් උයනේදී සිද්ධාර්ථ කුමාරයා මෙලොවට බිහිවීම.

බුදු වීම:
මහා ප්‍රඥාවෙන් යුතුව සතර අපායෙන් මිදෙන මඟ සොයාගෙන, බුද්ධත්වයට පත්වීම.

පිරිනිවීම:
වසර 45ක් මුළුල්ලේ ලෝක සත්වයාට සෙත සලසා, කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිනිවන් පෑම.

මේ උතුම් සිදුවීම් තුනම සිද්ධ වුණේ වෙසක් පුන් පොහෝ දවසකයි. ඒ නිසයි වෙසක් කියන්නේ මුළු විශ්වයම එකම ආලෝකයකින් ඒකාලෝක කරපු දවසක් වෙන්නේ.

2. වෙසක් පෝයේ ඈත ඉතිහාසය
වෙසක් උත්සවයේ ඉතිහාසය බුදු හාමුදුරුවන්ගේ කාලය දක්වාම දිව යනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කළේ තමන් වහන්සේට මල්, සුවඳ දුම්වලින් කරන පූජාවට වඩා (ආමිස පූජා), තමන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවත් වීම (ප්‍රතිපත්ති පූජාව) වටිනා බවයි.

ලංකා ඉතිහාසය දෙස බැලුවොත්, දුටුගැමුණු, භාතිකාභය, වසභ වැනි රජවරුන් වෙසක් උත්සවය ඉතා ඉහළින්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වා තිබෙනවා. එදා රජවරු මුළු රටම ඒකාලෝක කරලා, දුප්පතුන්ට දන් දීලා, සිරකරුවන් නිදහස් කරලා මේ උතුම් දවස සමරලා තියෙනවා.

පසුකාලීනව 1950 වර්ෂයේදී ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රථම මහා සභාවේදී, ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගනු ලැබුවා.

3. මේ වෙසක් පෝයේ අපිට කරන්න පුළුවන් මොනවාද?

වෙසක් කියන්නේ සන්දර්ශන බලලා විනෝද වන උත්සවයක් විතරක් නෙවෙයි. අපේ හදවත පිරිසිදු කරගන්න ලැබෙන ලොකුම අවස්ථාවක්. මේ දවසේ අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්:

ප්‍රතිපත්ති පූජාව (හදවතින්ම බුදුන් පිදීම):
සිල් සමාදන් වීම:
පන්සලට ගොස් අටසිල් හෝ දසසිල් සමාදන් වී, දවස පුරා සන්සුන්ව ධර්මය ශ්‍රවණය කිරීම සහ භාවනා කිරීම.

මෛත්‍රිය පැතිරවීම:
"සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා" කියා හදවතින්ම ප්‍රාර්ථනා කිරීම.

අමනාපකම් අමතක කිරීම:
තරහව, ඊර්ෂ්‍යාව හිතෙන් අයින් කරලා, හැමෝටම සමාව දීම.

ආමිස පූජාව (බාහිර වශයෙන් පිදීම):
වෙසක් කූඩු සහ පහන් දැල්වීම:
නිවස පිරිසිදු කර, මැටි පහන් සහ වෙසක් කූඩු දල්වා පරිසරය ආලෝකමත් කිරීම (මේකෙන් සංකේතවත් කරන්නේ අපේ හිතේ තියෙන මෝහය නැමැති අඳුර දුරු කිරීමයි).

දන්සල් දීම:
කුසගින්නේ ඉන්න අයට, මඟතොට යන අයට කෑම බීමවලින් සංග්‍රහ කිරීම.

අසරණ අයට පිහිට වීම: රෝහල්වල ඉන්න රෝගීන්ට, වැඩිහිටි නිවාසවල අයට හෝ සතුන්ට ආහාර සහ අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම.

හදවතට පොඩි මතක් කිරීමක්:
දන්සලක් දුන්නත්, වෙසක් කූඩුවක් හැදුවත් ඒක තරඟයට හෝ බාහිර අලංකාරයට විතරක් කරන්න එපා. කරන හැම දේම හිතේ පුදුමාකාර සැහැල්ලුවකින් සහ ශ්‍රද්ධාවකින් කරන්න.

මේ වෙසක් පෝය දවසේ පරිසරය ආලෝකමත් කරනවා වගේම, අපේ හිත්වල තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අඳුරත් නැති කරගන්න උත්සාහ කරමු.

ඒවගේම අපේ මාතෘභූමිය වෙනුවෙන් තමාගෙ ජීවිතය කැප කරපු අපේ රණවිරුවන්හට ඔයාලා කරන පින් වලින් කොටසක් ලබා දෙන්නත් අමතක කරන්න එපා.

ඔබ සැමට පින්බර, ශාන්ත වූ වෙසක් මංගල්‍යයක් වේවා!

මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත් සිදුවීම්.🌹බුදු රජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්ය මහා සංඝ රත්නය පිරිවරාගෙන සුද්ධෝද...
02/03/2026

මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත් සිදුවීම්.

🌹බුදු රජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්ය මහා සංඝ රත්නය පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමා ත් ඥාතීන්ට ත් දහම් දෙසා නිවන ලබා දීමේ අරමුණින් කිඹුල්වත් පුරයට වැඩම වීම සඳහා ගමන ආරම්භ කිරීම.

🌹මේ ගමන නිසා බුදු රජාණන් වහන්සේගේ කීර්ති ඝෝෂාව දඹදිව පුරා පැතිර යාම.

🌹මෙහෙණි සස්න ඇරඹීම සඳහා මැදින් පොහෝ දින ඇරඹූ ගමන සාර්ථක වීම.

ඔබ සැමට පින්බර මැදින් පුන් පොහෝ දිනක් වේවා...
සියලු කුසල් දහම් දියුණු කර ගනිත්වා..
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට
🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸

දුරුතු පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කම බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා...
03/01/2026

දුරුතු පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කම

බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම. ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් වැදගත් වන කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම.

ආදි සිදුවීම් දුරුතු පෝදා සිදු වූ උතුම් ශාසනික සිදුවීම් ලෙස සැලකිය හැකිය.

සුදෝ සුදු පුන්සඳ කිරණින් මිහිතලයම ආලෝකවත් කරමින් දුරුතු සඳ උදාවෙයි. දුරුතු පුන් පොහෝ දින ලක්වැසි බොදු දනන්ගේ සිත් සතන් සැදැහැයෙන් පිරී ඉතිරී යන්නේ ලක් දෙරණ බුදු සසුන බබුළුවමින් සදහම් එළියෙන් ආලෝකවත් වූ නිසා ය.

දුරුතු පුර පසළොස්වක සෑම වසරකම ජනවාරි මාසයේහි යෙදෙන අති උතුම් පොහෝ දිනයකි. එය වසරේ පළමු පොහෝ දිනය නිසාම තම ආගමික ස්ථානවලට ගොක් දන්දීම්, සිල් රැකීම් ආදී ආගමික වතාවත්වල යෙදීම බොදු දනන්ගේ සිරිතකි.

බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළ සේක. දහම් පණිවිඩය ලොව පුරා පැතිරවීමට, පළමු රහතන් වහන්සේ හැටනම ගම්දනව් කරා පිටත් කර යැවූහ. බුදුන් වහන්සේ උරුවේල් දනව්වට වැඩම කළහ. උරුවේල් කශ්‍යප, නදී කශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් පිරිසට දම් දෙසා කුරු රට පිඬු සිඟා වැඩි ‍ෙස්ක.

අනවතත්ත විල් තෙරදී දන් වළඳ සමවත් සුවයෙන් වැඩසිට බුදු ඇසින් ලොව දෙස බැලූ සේක. එදින ලක්දිව මහානාග වනෝද්‍යානයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රැස්වීමක් පැවැත්විණි. කළු පැහැයෙන් යුතු රළු දරුණු පෙනුමකින්, අසංවර බවකින් සිටි මේ පිරිස හික්මවා දමනය කොට තිසරණයෙහි පිහිටුවීමට උන් වහන්සේ ගුවනින් පහළ වී ලක්දිවට වැඩි සේක.

ලක්දිවට වඩා හැට ගුණයක් පමණ විශාල ඉන්දියාවේ විවිධ නගරවල චාරිකා කිරීමට තිබියදී විදේශ චාරිකාවක් ලෙස ලක්දිවට වැඩම කිරීම, ලක්වාසීන් ලද මහා භාග්‍යයකි.

ඌව පළාතේ් බදුල්ල දිස්ත්‍රික්කයේ බිම්තැන්න කෝරළයේ අලුත්නුවර නගර වසමට අයත්ම මහියංගනය පිහිටා ඇත. මහවැලි ගං ඉවුරේ සොළොස් ගව්වක් දිග - සතර ගව්වක් පළල මේ පෙදෙස මහානාග වනෝද්‍යානය නමින් හැඳින්විය. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාව පතුරුවමින් ලක්දිව පහළවූහ. එදා යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළ සේක. බුදුසසුනේ අනාගත පැවැත්ම උදෙසා මංපෙත් සොයා දෙමින් දෙව් මිනිස් සිත්සතන් සනසමින් සදහම් අමාවැසි වස්වා සැම සිත් පහන් කළ සේක. දහම් ඇසීමට රැස්වූ පිරිස අතර සිටි සමන්ත කූට පර්වතවාසී සුමන සමන් දෙවියෝ සෝවාන් ඵලයට පත් වූහ. වන්දනාමාන කර ගැනීමට යම් පූජා වස්තුවක් දෙවියෝ ඉල්ලා සිටියහ. බුදුන් වහන්සේ හිස අතගා කේශධාතු මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශධාතුª මිටක් පරිත්‍යාග කළහ. සුමන සමන් දෙවියෝ එම කේශ ධාතු රන් කරඬුවකින් පිළිගෙන පත්කඩ එළා බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ සත්රියන් , උස විසි රියන් වට ඉන්ද්‍රනීලමය සෑයක් කරවීය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෛත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි. එය දෙවියන් විසින් සාදන ලද්දක් බවද කියැවෙයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.

ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සව¢ඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.

මහියංගන විහාරවාසීව සිටි නන්ද තෙරණුවන් තම බෑණනුවන් වූ සංඝබෝධි කුමරු භික්ෂූන් වහන්සේ ඇසුරේ ඇතිදැඩි කර දසරාජ ධර්මය අවබෝධකර දුන් පසු ඔහු රාජාභිෂේකය ලැබුවේ ද මෙම ඓතිහාසික භූමියේදී ය. සිරිසඟබෝ රජු බෝසත් ගතිගුණ ඇති, ඉතා ප්‍රසිද්ධ වූ සිය කැමැත්තෙන් හිස දන් දුන් උතුමෙකි.

බුදුන් වහන්සේ පළමු ලංකා ගමනයෙන් පසු මගධ රට රජගහනුවර බිම්සර රජුගේ ඇරැයුමක් පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සම¼ග රජගහ නුවරට වැඩම කළේ මසදී ය. බිම්සර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට පූජා කරන ලදී.

මෙය බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව විය. මෙතැන් පටන් ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට සුදුසු බව බුදුන් වහන්සේ අනුමත කළහ.

බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.

බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු.

‘කෙලෙස් මලින් පීඩිතව එකිනෙකා වෛරයෙන්, ක්‍රෝධයෙන්, තණ්හාවෙන්, මුසපත් වී විනාශ මුඛයට යන ජීවිත මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සනසා සදහම් ආලෝකයෙන් ඒකාලෝක කිරීමට මේ උදාර දුරුතු පොහෝ දින අදිටන් කර ගනිමු’.

බුදුන් වහන්සේගේ තෙ වන ලංකා ගමනය සිදු වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත් වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද සංස්කෘතික දායාදයකි.

ථෙරවාදී බුදුදහමේ භාණ්ඩාගාරය වූ, නිර්මල බුදුදහමට තෝතැන්නක් වූ සිරිලක සුනාමි ව්‍යසනයට හසුවෙද්දී මුළු ලොවම සානුකම්පිතව අප දෙස බලා මහා ධන පරිත්‍යාග කළේ බුදුදහමේ අසිරියෙනි.

අප හැමගේ ජීවිතවල නව ප්‍රබෝධයක් ඇති කිරීමට සීතල දුරුතු මහේ උදාවන දුරුතු පොහොය දින සැඳෑ අඳුර බිඳ හැර සිසිල සඳ රැස් දහරා ගලා ඉතිරී පැතිරී යයි. උපාසක උපාසිකාවෝ අටසිල්, දස සිල් රකිිමින් පෙහෙවස් සමාදන්ව, අපමණ පින් දහම් රැස්කර ගනිති. භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා සැමට දන් දී ඇප උපස්ථාන කිරීමෙන් සැදැහැතියෝ ද පින් රැස්කර ගනිති. දරුවෝද වැඩිහිටියෝ ද විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා කුසල් කර ගනිති.

ලැබුවාවු අලුත් අවුරුද්ද සුබම සුබ වේවා ....රෝග දුරු වේවා 🙏 🙏යහපතක්ම උදා වේවා ....අති උතුම් බුදුරජාණන් වහන්සේගේ පිහිටයි🙏🙏 ...
01/01/2026

ලැබුවාවු අලුත් අවුරුද්ද සුබම සුබ වේවා ....
රෝග දුරු වේවා 🙏 🙏
යහපතක්ම උදා වේවා ....
අති උතුම් බුදුරජාණන් වහන්සේගේ පිහිටයි🙏🙏
🙏🙏

උදුවප් පොහොය දිනය අදයිඅසිරිමත් උදුවප් පොහොයේ ඇති වැදගත්කම......උඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන්...
04/12/2025

උදුවප් පොහොය දිනය අදයි
අසිරිමත් උදුවප් පොහොයේ ඇති වැදගත්කම......

උඳුවප් පුර පසළොස්‌වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්‌වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්‌ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.

ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක්‌ දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි.

තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන, වන්දනාමානයට පාත්‍රව තිබූ ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්‌ද වැඩමවාගෙන එන ලෙසද රජතුමාට උපදෙස්‌ දී ඇත.

ඒ අනුව රාජදූතයන් අත දෙවන පෑතිස්‌ රජතුමා විසින් හසුනක්‌ පිළියෙල කොට තෑගි බෝගද සමග දඹදිව ධර්මාශෝක මහ රජතුමා වෙත යවා මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය. ධර්මාශෝක රජුද මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝමිත්තා තෙරණියට, ජයශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවක්‌ සහ බෝධීන් වහන්සේගේ ආරක්‌ෂාවට ආරක්‌ෂක පිරිසකුත් සමග දඹදිව සිට ශ්‍රී ලංකාවට එවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලංකාවට එවීම සඳහා බුදුරජාණන් වහන්සේගේද අධිෂ්ඨානයක්‌ තිබූ බව බෝධි වංශ කතා ප්‍රවෘත්තියේ සඳහන්ව ඇත.

අද ලෝකයේ තිබෙන ඓතිහාසික වශයෙන් වැදගත් ඉතාමත් පැරැණිතම වෘක්‌ෂය හැටියටත්, ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලැබේ. මේ බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ දක්‌නට නැත.

ඒ නිසා අපගේ ජයශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයින් වැඩිය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්‌වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත්ය. එපමණක්‌ නොව උඳුවප් පොහොයේ සිට වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දක්‌වා උදාවන බුදුරජාණනන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද සිටය. ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිදි බව ලැබුණු නිසා උඳුවප් පොහොය අපගේ කාන්තා පක්‌ෂයට ද බෙහෙවින් වැදගත්ය.

අනන්ත බුදුගුණ බලමහිමයෙන් මගේ රට සුරැකේවා 🙏🙏
29/11/2025

අනන්ත බුදුගුණ බලමහිමයෙන් මගේ රට සුරැකේවා 🙏🙏

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැ...
06/10/2025

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි ඵලය නෙළාගැනීමටයි. ඒ කියන්නේ මීට මාස තුනකට ඉහතදී තමයි වස් කාලය ආරම්භ වුනේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ පින් නැමති බීජ වැපිරැවා කියල. වැපිරැව දේ ආරක්ෂාකළා කියන්නේ වස් තුන් මාසෙම දාන,ශීල,භාවනා කියන මේ කුසල් දහම් සිදුකරගත්තා කියන එකයි.දැන් එහි පලය නෙලාගන්නවා කියන්නේ මේ වප් පොහොයෙන් තමයි කඨින පිංකම් ආරම්භ වෙන්නේ මේ මාසය ඇතුළත තමයි අපිට පින් ඵල නෙළාගන්ට පුළුවන්.

❃ ❃ ❃ වප් පොහොයේ ප්‍රධාන වැදගත්කම් කිහිපයකි මේ…❃ ❃ ❃

01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් එලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදු කළ පූජනීය පොහොය අදයි.

02. අගසව් දෙනම අතරින් දකුණත් සව් ලෙසින් වැඩසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥා ලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්වූයේ අදවන් උතුම් වප් පොහෝ දිනකයි.

03. කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත්වීම සිදු වූ උතුම් පෝ දිනය අදයි.

04. අනුලා දේවිය ඇතුළු කුල කතුන් පැවිදිබිමට ඇතුළත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිඳු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ අදවන් පෝය දිනකයි.

05. ථූපාරාමයේදී සිදුකළ විනය සංගායනාව සිදුවූයේ අදවන් පුර පෝය දවසකයි.

06. ජය ශ්‍රී මහා බෝධි අංකුරය මහ බෝධියෙන් ගැලවී රන් කටාරමක පිහිටියේ අදවන් දවසකයි.

07. වස් පවාරණය සිදුවන්නේ අද වන් පුර පෝය දවසකයි.

තෙරුවන් සරණයි ! 🙏

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි."අයං වස්සාන කාලෝ" යන වැකිය මේ දිනවල විහාරස්ථානවල නිතර දක්නට ලැබෙන වැකියකි. "මේ වස් කාල...
07/09/2025

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි.

"අයං වස්සාන කාලෝ" යන වැකිය මේ දිනවල විහාරස්ථානවල නිතර දක්නට ලැබෙන වැකියකි. "මේ වස් කාලයයි" යන එහි තේරුම නොදන්නා අයෙක් නැති තරම් ය. මේ වස් කාලය තුළ යෙදෙන වැදගත් පොහොයක් ලෙස බිනර පොහොය දිනය හැඳින්විය හැකිය. එමෙන්ම ශාසන ඉතිහාසයේ වැදගත්ම දිනයක් ලෙසින් බිනර පොහොය දිනය හැඳින්විය හැකිය. බුද්ධ ශාසනය රඳා පවතින්නේ ශක්තිමත් කණු හතරක් මතය. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසයි. ඉතින් ඒ ශාසනයේ පැවැත්ම ස්ථිර කරන භික්ෂුණී ශාසනය බිහිවීම ඇතුළුව ඉතාම වැදගත් සිදුවීම් ගණනාවක් අදවන් බිනර පොහොය දිනයක සිදු වී ඇත.

🔸 බිනර පුර පසළොස්වක පොහොය දිනයේ ඇති වැදගත්කම.
⊱⋅ ───────────────── ⋅⊰

❂ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි විශාලා මහ නුවරට මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුලු කාන්තාවන් පිරිසක් ගොස් පැවිදි බව ඉල්ලා සිටීම.

❂ මෙහෙනි සසුන ආරම්භ වීම.

❂ භික්ෂුණීන් වහන්සේලා උදෙසා ගරු ධර්ම අටක් පැනවීම. ( අෂ්ඨ ගරු ධර්ම )

❂ බුදුරජාණන්වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කිරීම.

❂ මියුගුණ මහාසෑයෙහි බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කිරීම. එමෙන්ම මහියංගන රජමහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පැවැත්වීම.

❂ තපස්සු , භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුන් වහන්සේ විසින් පිදූ කේෂ ධාතු තැන්පත් කර ක්‍රි.ව. 408 දී ගිරිහඬු සෑය ඉදිකිරීම.

❂ වස්‌ කාලයේදී ආරාමවලින්, ලෙන්වලින්, වනසෙන්සුන් වලින් බැහැර නොයන මහා සංඝරත්නය විසින් ඒ කාලයේදී ශාසනික ආගමික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක්‌ සිදුකරනු ලැබීය. එදා අපේ යතිවරුන්ගේ අතින් ධර්ම ග්‍රන්ථ බහුල වශයෙන් බිහි වූයේ බිනර සමයේදීය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වැනි සම්භාව්‍ය ග්‍රන්ථ ලියන ලද්දේ බිනර මහේදීය.

මෙලෙසින් බිනර පොහෝ දිනය බෞද්ධ වූ අපට වැදගත් වීම සඳහා හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව හැමදෙනාගේ අවධානය යොමු කළ හැකිව තිබේ. ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් සිදු වූ දිනයක් වශයෙන් සංස්කෘතිකමය ලෙසින් මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද අද දිනය සිහිකටයුතු දිනයක් වේ.

බිනර මාසය වස්සාන සෘතුවට අයත් නිසිලෙස වැසි ලැබී ගහ කොළ දළුලා වැඩෙන මාසයකි. ගොඩ මඩ දෙකම සරුසාරව නව බීජ වගාවට සැකසෙන මාසයකි. සොබා දහමේ චමත්කාරය මතුකර දැක්වෙන මාසයකි. මිනිසුන් පමණක් නොව සතා සිවුපාවුන්, කුරුල්ලන් හා ගහකොළ ඇතුළු සමස්ත පරිසරය සෞම්‍යවත් බවින් හා සුන්දරත්වයෙන් පිබිදෙන මාසයකි. මෙලෙසින් බලන විට බිනර මාසය සිත කය දමනය කොට සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීමට සුදුසුතම මාසයක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි ගිහි පැවිදි දෙපක්ෂයටම ආගමානුකූල ජීවිතයකට යොමුවීමට සුදුසු සේ සැලකෙන වස්සාන කාලයට අයත් මාසයක් වශයෙන් බිනර මාසය හා බිනර පසළොස්වක පෝය දිනය බෞද්ධයාගේ ඉතා වැදගත් පෝය දිනයක් වශයෙන් සැලකිය හැකිය. වස්සාන සමය බැවින් භික්ෂූන් වහන්සේ බාහිර චාරිකාවන්ගෙන් මිදී ආරාමයට වී බණ භාවනාදියෙහි යෙදෙමින් තම දායක කාරකාදීනට කුසල ධර්මයන්හි යෙදීමට මග පාදා දෙති. ගිහි බෞද්ධයෝ ද තම ගමේ පන්සලේ විහාරාරාමයට සැමදා ගොස් මල් පහන් පූජා කිරීම හා දානමානාදී ආමිස පූජාවන්හි යෙදෙන අතර ශීල භාවනාදී ප‍්‍රතිපත්ති පූජාවන්හි ද යෙදීමට අවස්ථාව සලසා ගනිති. මෙසේ වැඩි වැඩියෙන් පින්දහම් කරගැනීමට යොමුවන පෝය දිනයක් වශයෙන් බිනර පෝය අතිශය වැදගත් තැනක් ගනී.

බුදුරජාණන් වහන්සේ ද වැසි කාලය තුළ ධර්ම චාරිකාවන්හි නොයෙදී වැස්සෙන් බාධාවක් නොවන කිසියම් විහාරාරාමයක හෝ වෙනත් ස්ථානයක වැඩ වාසය කරමින් ලෝක සත්වයාට සුවසෙත සැලසූ සේක.

එමෙන්ම ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනර පුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳව සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹුණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන්වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය. මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන්වහන්සේ එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳව ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියා ය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපති ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරන ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

මෙසේ සසුන්ගතවීම සඳහා ඉදිරිපත් ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේ දී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියා ය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත් ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහි දී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ට ගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්‍ෂුණියක වුවද එදින උපසම්පදා භික්‍ෂූන් දැක වැඳ පුදා ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නොමැති ප්‍රදේශවල භික්‍ෂුණියක වස් නොවිසිය යුතු ය.

3. භික්‍ෂුණියක විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය.

4. වස් අවසන භික්‍ෂු භික්‍ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පත් භික්‍ෂුණියක විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු ය.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර හේතුවක් නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. භික්‍ෂූන් විසින් භික්‍ෂුණියන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්‍ෂුණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය.

අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොට දී මෙය පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනරපුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව කිව හැකි ය.

එසේම දසවන වස්සානයේදී භික්ෂූන් වහන්සේ දෙපිරිසක් අතර සිදු වූ විවාදයක් නිසා බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කොට එහි ගතකළ සේක. එසමයෙහි උන්වහන්සේට ඇතෙකු හා වඳුරෙකු උපස්ථාන කළ බව කියැවේ. රජගහනුවර දී විසිවන වස්සානය ගත කළ කාලයෙහි අංගුලිමාල දමනය සිදුවිය. මෙසේ උන්වහන්ස්ගේ පන්සාලිස් වස් කාලය තුළ විවිධ ශාසනික සේවාවන් සිදුවී ඇති බව පෙනේ. මේ අයුරින් බලන විට වස්සාන සමයට අයත් බිනර මාසය හා එම මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය බෞද්ධයන්ට සුවිශේෂී පෝය දිනයක් සේ සැලකිය හැකිය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහනයේදී ඇවිලෙන සඳුන් දර සෑයෙන් බුද්ධ ග‍්‍රීවා ධාතුන් වහන්සේ සරභූ නම් රහතන් වහන්සේ විසින් ගන්නා ලදුව ලක්දිව ප‍්‍රථම ස්තූප වහන්සේ ලෙස සැලකෙන මියුගුණ සෑයෙහි තැන්පත් කළ බව කියැවේ. එම මහියංගණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්ලය යෙදී ඇත්තේ ද බිනර පෝය දිනයටය. මෙසේ ලක්දිව බෞද්ධයන්ගේ විශේෂිත ආගමික උත්සවයක් යෙදී ඇති පෝය දිනයක් වශයෙන් ද බිනර පෝය දිනය වැදගත් වේ.

මේ අයුරින් අප්‍රමාණ ශාසනික සිද්ධීන් රාශියක් සිදු වූ බිනර පොහොය දිනය බෞද්ධයන් හැටියට අපට ඉතා වැදගත් දිනයක් වෙයි. ඉතින් මේ වැදගත්කම් සිහිකරමින් සිත් පහදවා ගන්නා අතරම මේ බිනර පෝහොය දිනය තුළදී ඔබ අතින් සිදුවන එක් වරදක් හෝ නවතා දැමීමට දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. ආමිස දානයට වඩා ප්‍රතිපත්ති දානය අගය කළ බුදු හිමියන් වෙනුවෙන් සිදුකළ හැකි ඉහළම පූජාව ඔබත් සිදු කරන්න.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා !

☸️🙏 පොසොන් පුර පසලොස්වක පෝය දිනය අදයි .ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ට පොසොන් පුර පසලොස්වක පෝය වැදගත් වන්නේ .               ☸️🙏...
10/06/2025

☸️🙏 පොසොන් පුර පසලොස්වක පෝය දිනය අදයි .ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ට පොසොන් පුර පසලොස්වක පෝය වැදගත් වන්නේ .
☸️🙏 මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවිම,දෙවනපෑතිස් රජු ඇතුලු 40000 පිරිස චුල්ලහත්තපදෝපම,සුත්‍රය අසා තෙරුවන් සරන යෑම .සුමන සාමනේරුවන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අභියසට වැඩ දෙවියන් හට සමච්ත්ත පරියාය සුත්‍රය මිහිදු හිමියන් විසින් දේසනා කිරිම සිදු වුයේ පොසොන් පෝය දිනයයි.
☸️🙏 ලක්දිව ප්‍රථම මහන උපසම්පදාව වන පණ්ඩුල උපාසක මහන උපසම්පදාව සිදුවුයේ පොසොන් පුර පසලොස්වක පෝය දිනයේදී .

Address

Matara-Srilanka
Matara
81400

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Dupatha Temple - රන් දූපත පන්සල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share