10/10/2026
මාතර ජනතාවගේ සුවසෙත උදෙසා මාතර බෝධි ආරක්ෂක සභාවෙන් තවත් සත්කාරක පියවරක්! 🏥✨
මාතර දිස්ත්රික්කයේ සෞඛ්ය ක්ෂේත්රයේ යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කරමින්, මාතර බෝධි ආරක්ෂක සභාව සහ මාතර මහ රෝහල් පාලනාධිකාරිය අතර විශේෂ සුහද සාකච්ඡාවක් 2026 ඔක්තෝබර් මස 08 වන දින කඹුරුගමුව නව මාතර දිස්ත්රික් මහ රෝහල් පරිශ්රයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී ප්රධාන කරුණු කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු විය:
🔹 මැමෝග්රෑම් (Mammogram) යන්ත්රයක් පරිත්යාග කිරීම: මාතර බෝධි ආරක්ෂක සභාවේ මූල්ය දායකත්වයෙන් කඹුරුගමුව නව රෝහලේ ඉදිකරන ලද 'අපේක්ෂා පියස' පිළිකා ප්රතිකාර වාට්ටුව වෙත පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා අත්යවශ්ය මැමෝග්රෑම් යන්ත්රයක් පරිත්යාග කිරීම.
🔹 'අපේක්ෂා පියස' ඉදිරි සංවර්ධන කටයුතු: පිළිකා රෝගීන්ට වඩාත් උසස් සත්කාරයක් ලබාදීම වෙනුවෙන් එම වාට්ටුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්ය සහයෝගය අඛණ්ඩව ලබාදීම.
🔹 හෘද කැතීටකරණ ඒකකය (Cath Lab): මාතර මහ රෝහල වෙත හදිසි අවශ්යතාවක්ව පවතින හෘද කැතීටකරණ ඒකකය ඉදිකිරීම කඩිනම් කිරීම පිළිබඳව.
මෙම වැදගත් සාකච්ඡාව සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව නියෝජනය කරමින්:
🔅 ගරු සභාපති රොහාන්ත සමරසිංහ මැතිතුමා
🔅 ගරු ලේකම් තිලක් ජයසේකර මැතිතුමා ඇතුළු කාරක සභික මහත්වරුන්
මාතර මහ රෝහල නියෝජනය කරමින්:
🔅 අධ්යක්ෂ, වෛද්ය ජයංගා පී. රණසිංහ මහත්මිය
🔅 නියෝජ්ය අධ්යක්ෂ, වෛද්ය චන්දන අබේසේකර මහතා
🔅 විශේෂඥ වෛද්ය ප්රදීප් අලහකෝන් මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි වූහ.