𝘯𝘢𝘮𝘰 𝘣𝘶𝘥𝘥𝘩𝘢𝘺𝘢

𝘯𝘢𝘮𝘰 𝘣𝘶𝘥𝘥𝘩𝘢𝘺𝘢 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝘯𝘢𝘮𝘰 𝘣𝘶𝘥𝘥𝘩𝘢𝘺𝘢, Religious organisation, Matara.

නමෝ බුද්ධායඅග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසීමිත ගුරු ගෞරවයඅග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්...
23/11/2021

නමෝ බුද්ධාය

අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අසීමිත ගුරු ගෞරවය

අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේගේ සදහම් පණිවිඩය මුලින් ම ඇසුණේ අස්සජී මහරහතන් වහන්සේගෙනි. එබැවින් සාරිපුත්ත තෙරණුවන් තුළ අස්සජී මහරහතන් වහන්සේ කෙරෙහි පැවතියේ අතිමහත් ගෞරවයකි. සැරියුත් තෙරණුවෝ අස්සජී මහරහතන් වහන්සේ සමඟ එකම ආරාමයක වැඩවසන විට මුලින් ම බුද්ධෝපස්ථානයේ යෙදී පසුව ආචාර්යෝත්තමයාණන් වහන්සේ කරා ගොස් උපස්ථානයේ යෙදී වන්දනාමාන කොට ගෞරව සත්කාර දක්වන සේක. රාත්‍රියේ සැතපීමට පෙරත්, පළමුකොට බුදුරජාණන් වහන්සේ වැඩසිටින සුගන්ධ කුටිය දෙසට හැරී fදාහොත් මුදුන් තබා වන්දනා කොට දෙවනුව අස්සජී මහරහතන් වහන්සේගේ කුටිය දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කොට සැතපෙන සේක. අස්සජී මහරහතන් වහන්සේ වෙනත් විහාරයක වැඩ සිටියත්, ඒ දිශාව දෙසට හැරී පසඟ පිහිටුවා වැඳ නමස්කාර කොට, ඒ දිශාවට හිස තබා සැතපෙන සේක. ප්‍රඥාවෙන් අග්‍ර වූ, ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෙම අසීමිත ගුරු ගෞරවය මහත් සේ පසසමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

නැණවත් වූ කෙනෙක් ලොවේ – ඉගෙන ගනී නම් සදහම්
‘සක්දෙවිඳු ව’ පුදන ලෙසින් – හේ “සදහම් ගුරුත්” පුදයි
බොහෝ දහම් දැනුමෙන් යුතු – පිදුම් ලබන ගුරුවරයා
පහන් සිතින් යුතුව ඔහුට – මතුකර දෙයි සද්ධර්මය

නොපමාවී කෙනෙක් එබඳු – දහම් ගුරුන් ඇසුරු කළොත්
හොඳින් සවන් යුග යොමු කොට – සිරි සදහම් දැන ගනිමින්
නුවණැති හේ පිළිපදිනා – විට අසනා දහම් අනුව
වහ වැටහෙන සියුම් නැණැති – කෙනෙක් බවට හේ පත් වේ

සැබවින් මේ කරුණ නිසා- බොහෝ දහම් දැනගෙන ඇති
මනා නුවණ ඇති යහපත් – උත්තම සදහම් ගුරුන් ව
නිතර ඇසුරු කළ යුතු ම ය.
එවිට ඔහුගේ සදහම් දැන – ඒ සදහම් පිළිපැදගෙන
අවබෝධයකින් යුතු වී – ලොව්තුරු සැප ලබන්නේ ය.

සේරුවිල සොඳුරු පුණ්‍ය භූමිය වන්දනා කරමු !ලංකාවධූ පියපති සිරිකාකවණ්ණතිස්සව්හයේන මුනිරාජ ළලාට ධාතුංගබ්භේනිධාපිය සුනිම්මිත ...
12/08/2021

සේරුවිල සොඳුරු පුණ්‍ය භූමිය වන්දනා කරමු !

ලංකාවධූ පියපති සිරිකාකවණ්ණ
තිස්සව්හයේන මුනිරාජ ළලාට ධාතුං

ගබ්භේනිධාපිය සුනිම්මිත චාරුරූපං
වන්දාමි මංගලමහං ථුලථූප රාජං

සේරුනාම සරාසන්නේ සාරථීසරඨානගං
වන්දේ කාරිත තිස්සේන ළලාට ධාතු චේතියං

20/06/2021
~සිතා අපමණ දම් ගුණ - එක්වෙමු අපි සැවොමබොහෝ පින් රැස්වෙන - උතුම් පිංකම නිම කෙරුමට~හත්දහසකට අධික සැදැහැවතුන්ට සුවසේ ධර්මය ...
03/02/2021

~සිතා අපමණ දම් ගුණ - එක්වෙමු අපි සැවොම
බොහෝ පින් රැස්වෙන - උතුම් පිංකම නිම කෙරුමට~

හත්දහසකට අධික සැදැහැවතුන්ට සුවසේ ධර්මය ශ්‍රවණය කළ හැකි වන පරිදි කුණ්ඩසාල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ධර්ම ශාලාව සඳහා දායක වී ඔබටත් පින් රැස් කළ හැකියි.
මහමෙව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ. 077 0324342 / 071 1245458

වගකීම් සහගත වෙමුලෙඩරෝග යනු කිසිසේත් ම සුව කළ නොහැකි ඒවා නොවේ. බොහෝමයක් ලෙඩරෝග සුව කරන්නට වුවමනා වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම...
26/12/2020

වගකීම් සහගත වෙමු
ලෙඩරෝග යනු කිසිසේත් ම සුව කළ නොහැකි ඒවා නොවේ. බොහෝමයක් ලෙඩරෝග සුව කරන්නට වුවමනා වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් ලෝකයේ තිබේ. ලෙඩක් නොහැදුනු අයවලුන් හෝ එසේ හැදුනු එකදු ලෙඩක් හෝ සුව නොවූ අයවලුන් ලෝකයේ නැත. එහෙත්, ලෙඩ වන ස්වභාවය කිසිවෙකුගෙන් බැහැර වන්නේ නැත. උපන්නා වූ සියලු සත්වයන් ලෙඩ වන බව සනාතන ධර්මතාවයකි. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනගහනයක් වසරක් පුරා මේ මුහුණ දී සිටින්නේ ඒ ඉරණමට ය.

කොවිඞ් 19 වසංගත රෝග තත්ත්වයේ පැතිර යාම නිසා මේ වන විට මිනිස් ජීවිත මිලියනයකට වඩා අහිමි වී ඇත. වරෙක පසුබසින බවක් පෙන්වූව ද පෙරටත් වඩා ශීඝ්‍රයෙන් ආසාදිතයන් බිහි කරමින් වේගවත් ව පැතිරී යන ස්වභාවයන් සහිත ව නව කොරෝනා වෛරසය හිස ඔසවනු අපි දු අත්දැක්කෙමු. කොපමණ කාලයක් මේ පීඩාකාරී වටපිටාවේ දිවි ගෙවන්නට සිදුවනු ඇතිදැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. එනිසා, මේ එළඹ තිබෙන මොහොත අන් කවරදාටවත් වඩා තනි තනි වශයෙන් තම තමන් විසින් සමාජ වගකීමක් දරා ගත යුතු කාලසීමාවක් බව අප සිහි තබා ගත යුතු ය.

මෙම වෛරස් රෝගී තත්ත්වය නිධන්ගත රෝගයන්ගෙන් පීඩා විඳින හා වයස්ගත පිරිසට වඩාත් මාරාන්තික බලපෑමක් එල්ල කරන බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. අන් බොහෝ රටවලට වඩා අප රටේ සංස්කෘතිය වැඩිහිටි ජනයා සමීප ව ඇසුරු කරනා පවුල් සංස්ථාවක් තුළට කේන්ද්‍ර වී තිබේ. සෑම නිවසකම පාහේ වැඩිහටියන් වසන අතර ඔවුන් බොහෝ දෙනෙකු කලාතුරකින් මිස සමාජයේ නොගැවසෙන්නවුන් බවට පවතින වටපිටාව තුළ පත්ව තිබේ. එසේ ම ළමා ප්‍රජාව ද නිවෙස්ගත ව සිටින අතර ඔවුන් ද බාහිර සමාජයට නිරාවරණය වන්නේ නැත. රැකියාවල නියුතු සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් නිවසින් පිටට පැමිණෙන තරුණ හා මැදිවයස් කාණ්ඩයන් මේ මොහොතේ බාහිර සමාජය හා නිවස යා කරන්නවුන් බවට පත්ව තිබේ. මේ තත්ත්වය පාලනයෙහි ලා ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ ඔවුන්ට ය.

තම නිවසට රෝගකාරක ගෙනයන්නා බවට පත් නොවන වගකීම ඔබ දරා ගත යුතු ය. ඒ වෙනුවෙන්, කොතරම් පීඩාකාරී වූව ද නාසය හා මුඛය මැනැවින් ආවරණය වන පරිදි මුහුණු ආවරණ පැලඳීම ද හැකි සෑම විට ම සබන් යොදා අත් සේදීම ද එයට අවකාශ නොමැතිනම් සැනිටයිෂර් භාවිත කොට දෑත් පිරිසිදු කිරීම ද අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඔබ එයට මැලි වන්නේ යම් පමණකින් ද එපමණකින් ම ඔබ ඔබේත්, ඔබේ සමීපතමයන්ගේත් ජීවිත අනතුරට ඇද දමන බව අමතක නොකළ යුතු ය.
සම්බුද්ධ ශාසනයේ පවා ආයුෂය ලෙස දැක්වෙන්නේ විනය යි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් තුළින් අතික්‍රමණය කළ යුතුව තිබෙන මේ ව්‍යාධි බිය හමුවේ ද ජීවිත ඉන්ද්‍රිය සුරක්නා මූලිකාංගය බවට පත් වන්නේ විනය යි. මුහුණු ආවරණ, අත් ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම ආදී සෑම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ම මුල් බැස ගන්නේ ද ඵල දරන්නේ ද එයට ආවේණික විනය පද්ධතිය තුළ අප පිහිටි විට ය. රෝගකාරකයනට නිසැකවම නිරාවරණය වන පිරිසෙන් සිදුවන සෑම අතපසුවීමක් ම, නොසැලකිලිමත් හැසිරීමක් ම මෙම රෝගයේ සමස්ත සමාජ සම්ප්‍රේෂණය ඉහළ දමන අතර පුද්ගලික ව ඔවුනගේ සමීපතමයන්ව ජීවිත අවදානමට ලක් කරයි. එනිසා, නිවසින් පිට වන සෑම අවස්ථාවක ම මේ භාරදූර සමාජ වගකීම පරිපූර්ණව ඉටු කරන්නට ඔබ බැඳී සිටින බව සිහිපත් කළ යුතුව තිබේ.

ඔබ, නොසැලකිලිමත් බව හේතුවෙන් ජීවිත අවදානමකට ලක් කරන රෝග සම්ප්‍රේෂකයෙකු බවට කිසි විටෙකත් පත් නොවන්න. ඒ වෙනුවෙන්, වගකීම් සහගත වන්න.

23/12/2020

නමෝ බුද්ධාය!

- අච්ඡරිය මනුස්සෝ ----------------------අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චර...
18/12/2020

- අච්ඡරිය මනුස්සෝ -
---------------------
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’
මෙම උතුම් ග්‍රන්ථ රත්නය දැන් ඔබට නිවසටම ගෙන්වාගත හැකිය

https://mahamegha.store/shop/books/special-books/achchariya-manusso/

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when 𝘯𝘢𝘮𝘰 𝘣𝘶𝘥𝘥𝘩𝘢𝘺𝘢 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share