ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya

  • Home
  • Sri Lanka
  • Matara
  • ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya

ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya 🙏

14/01/2026
2026 දුරුතු පුර පසළොස්වක පොහොය දින පවත්වන්නට යෙදුණු ක්ෂීරපායාස සම්බුද්ධ පූජාව🙏ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiy...
04/01/2026

2026 දුරුතු පුර පසළොස්වක පොහොය දින පවත්වන්නට යෙදුණු ක්ෂීරපායාස සම්බුද්ධ පූජාව
🙏
ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya

එකල බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්ශන සුදස්සන නම් රජව වෙස්සභූ ලෝකනායකයාණෝ සරභ නගරයට වැඩි කල්හි උන්වහන්සේ බණ අසා පහන් හ...
04/01/2026

එකල බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්ශන සුදස්සන නම් රජව වෙස්සභූ ලෝකනායකයාණෝ සරභ නගරයට වැඩි කල්හි උන්වහන්සේ බණ අසා පහන් හදින් දසනඛසමොධානයෙන් බබළන ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් ඇදිලිය හිස තබා බුදුපාමොක් සඟනට මහා චීවරදානයක් දී එහිම භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස ගඳකිළියක් කොට එය වටකොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධශාසනයට පුදකොට උන්වහන්සේ වෙත මහණව ආචාර ගුණසම්පන්නව තෙළෙස් ධුතගුණයෙහි නිරතව බෝධිසම්භාර පර්යේෂණය සඳහා ඇඳුණේ බුද්ධ ශාසනාභිරතව විසූහ. ඒ භාග්‍යවතුන් වහසේ ද අනාගතයෙහි මෙයින් එක්තිස්වන කප්හි ගෝතම නම් බුදුවන්නේයි උන්වහන්සේට ප්‍රකාශ කළහ.

වෙස‍්සභූබුද‍්ධවංසවණ‍්ණනා

📷 ශ්‍රී බෝධියංගනාරාමයේ පිහිටි වෙස්සභූ සර්වඥයන් වහන්සේගේ ප්‍රතිමාව හා උන්වහන්සේ පිට දුන් සාල බෝධීන් වහන්සේ

නව වසරට සෙත් පතා 2026 ජනවාරි පළමුවැනි දින සන්ධ්‍යාවේ සීනිපැල්ල මැදගොඩ  ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganar...
02/01/2026

නව වසරට සෙත් පතා 2026 ජනවාරි පළමුවැනි දින සන්ධ්‍යාවේ සීනිපැල්ල මැදගොඩ ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya පැවැත්වූ ආශිර්වාදාත්මක අටවිසි සම්බුද්ධ වන්දනාව.

දේශකයාණන් වහන්සේ - පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ

සහය දැක්වූ සැමට පින් සිදුවේවා !

31/12/2025
චෛත්‍ය වන්දනාවචෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සිහි කොට බ...
20/11/2025

චෛත්‍ය වන්දනාව

චෛත්‍ය වන්දනාව හා පූජාව යන දෙයාකාරයකින් කළ හැකිය. දාගැබ බුදු පිළිම බෝරුක් වෙත ගොස් බුදුන්වහන්සේ සිහි කොට බුදුගුණ සිහි කොට බුදුනට වැඳීමක් පිදීමක් වශයෙන් ඒ තැන්වලදී වැඳුම් පිදුම් කිරීම එක් ක්‍රමයකි. එසේ වඳින්නහුට බුදුරදුන්ට වත් කිරීමේ සිතින්ම මලසුන් පිරිසිදු කිරීම්, මළු හැමදීම්, කසළ ඉවත් කිරීම්, තණ ආදිය ඉවත් කිරීම්, චෛත්‍ය පවිත්‍ර කිරීම්, බෝ රුක්වලට පැන් වක් කිරීම් ආදී වත් කළ හැකිය. එසේ කරන්නහුට ඇති වන කුසල් කෙළින්ම බුදුරදුන් අරමුණු කොට ඇති වන ඒවා බැවින් වඩා උසස් වේ.

මේ බුදුරදුන්ගේ ධාතු පිහිටි චෛත්‍යයෙක, බුදුරදුන් පරිභෝග කළ වස්තුවෙක, බුදුරදුන්ගේ පිළිරුවකැයි සලකා ඒ චෛත්‍යවලට වැඳුම් පිදුම් කිරීම අනිත් ක්‍රමය ය. එසේ වැඳුම් පිදුම් කරන්නවුන්ට ඇතිවන කුශලය චෛත්‍යයන් අරමුණු කොට ඇති වන්නක් බැවින් පළමු ක්‍රමයෙන් ඇතිවන කුශල් තරම් උසස් නැත. එහෙත් ඒවා සුළු කොට නො සිතිය යුතුය. ඒවාත් ත්‍රිවිධ සම්පත්තිය සලසා දෙන කුසල්ය.

“යෙහි කෙචි ආනන්ද, චෙතිය චාරිකං ආහිණ්ඩන්තා පසන්න්චිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපප්ජ්ජිස්සන්ති.”

යනුවෙන් “ආනන්දය, චෛත්‍ය වන්දනාවෙහි අවිදින්නා වූ යමක් පහන් සිතින් කලුරිය කෙරෙත් ද ඔවූහු මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදනාහ” යි මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇත්තේය.

චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදු කර ගැනීමට නම් වන්දනා කිරීම් මාත්‍රයෙන් නො නැවතී මලසුන් පිරිසිදු කිරීම් ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම් ආදියත් කළ යුතුය.

“අසුක විහාරෙ චෙතියං වන්දිස්සාමිති නික්ඛමිත්වා පසන්නචිත්තා අන්තරා කාලං කරොන්තා පි අනන්තරායෙන සග්ගෙ පතිට්ඨහිස්සන්ති”

යනුවෙන් අසවල් විහාරයේ චෛත්‍ය වඳින්නෙමැ යි නික්ම ගොස් පහන් සිතින් අතරමග කලුරිය කරන්නෝ ද වැරදීමක් නැතිව ස්වර්ගයෙහි උපදනාහ යි මහාපරිනිබ්බාන සුත්තට්ඨකථාවෙහි දක්වා ඇත්තේ ය.

පුණ්‍යෝපදේශය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

📷 සීනිපැල්ල ශ්‍රී බෝධියංගනාරාමයෙහි වැඩසිටින ශාරීරික ධාතු චෛත්‍යය

'මේ කඨින වත වනාහි බුදුවරුන් විසින් පසස්නා ලද්දේය. අතීතයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේද, කඨිනවත් කළ සේක. උන්වහන්සේගේ අග...
04/11/2025

'මේ කඨින වත වනාහි බුදුවරුන් විසින් පසස්නා ලද්දේය. අතීතයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේද, කඨිනවත් කළ සේක. උන්වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ සුජාත ස්ථවිරයන් වහන්සේ කඨිනය ගත්සේක. ශාස්තෲන් වහන්සේ ඒ කඨිනය අටසැට ලක්‍ෂයක් භික්‍ෂූන් හා එක්ව වැඩහිඳ කළසේක.'

'ඉදඤ‍්හි කඨිනවත‍්තං නාම බුද‍්ධප‍්පසත්‍ථං. අතීතෙ පදුමුත‍්තරොපි භගවා කඨිනවත‍්තං අකාසි. තස‍්ස කිර අග‍්ගසාවකො සුජාතත්‍ථෙරො නාම කඨිනං ගණ‍්හි, තං සත්‍ථා අට‍්ඨසට‍්ඨියා භික‍්ඛුසතසහස‍්සෙහි සද‍්ධිං නිසීදිත්‍වා අකාසි.'

සමන්තපාසාදිකා නාම විනයට්ඨකථා

03/11/2025

අපේ දහම් පාසල ❤️

"ඔබේ සතුට මට උපද්‍රව කිරීම නම්, එය එසේම කරන්න. අනුන් වෙනුවෙන් ම කැප කළ මේ ජීවිතයට අනුන් ම උපද්‍රව කිරීම ගැන මම මොනවා නම්...
02/11/2025

"ඔබේ සතුට මට උපද්‍රව කිරීම නම්, එය එසේම කරන්න. අනුන් වෙනුවෙන් ම කැප කළ මේ ජීවිතයට අනුන් ම උපද්‍රව කිරීම ගැන මම මොනවා නම් සිතන්න ද ?"
☺️

~ බෝධිචර්යාවතාරයෙහි III 12/13 පද්‍යය ඇසුරින් ය.

📸විහාර මන්දිරාභ්‍යන්තරයෙහි පිහිටි මෛත්‍රෙය මහා බෝධිසත්ත්ව ප්‍රතිමාව

Address

Sri Bodhiyanganaramaya, Seenipella, Mulatiyana
Matara
81071

Website

Alerts

Be the first to know and let us send you an email when ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ශ්‍රී බෝධියංගනාරාමය - සීනිපැල්ල Sri Bodhiyanganaramaya:

Share