චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං

චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං නමෝ බුද්ධාය.........

අවිද්‍යා අන්ධකාරය තුළ ගිලී සිටි තුන් ලෝ සතන් වෙත මහා කරුණා සමාපත්තියෙන් නෙත් යොමා විජ්ජා චරණ සම්පත්තිය ලබා දුන් , ඒ අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුවින් වදාලා වූ ශ්‍රී සද්ධර්මය රක්ෂා කොට පවත්වාගැනීම මනුෂ්‍ය ලෝකය තුළ භාරව ඇත්තේ සිංහල ජාතිය වෙතයි ..එම වගකීම ඉෂ්ඨ කිරීම වෙනුවෙන් අපි අපගේ ලෙයින් බැදී සිටින්නෙමු ........

26/05/2023
දසබලධාරී අප මහා බුදුරජාණන්වහන්සේ සතු තථගත බල දසය අතරින් දසවැනි තථාගත බලය මෙසේය.10) බුදුරජාණන් වහන්සේ කෙළෙස් නැති කිරීමෙන...
01/01/2020

දසබලධාරී අප මහා බුදුරජාණන්වහන්සේ සතු තථගත බල දසය අතරින් දසවැනි තථාගත බලය මෙසේය.
10) බුදුරජාණන් වහන්සේ කෙළෙස් නැති කිරීමෙන් නිකෙළෙස් වූ සිතේ විමුක්තියත්, සමථයෙන් ලැබූ සමාධි විමුක්තියත්, විදර්ශනාවෙන් ලැබූ ප්‍රඤ්ඤා විමුක්තියත් පරතෙරට ගොස් ඒවා ඇස් පනාපිටම ස්වකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන වාසය කරන සේක.

බුදූරජාණන්වහන්සේ  තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණි බව දැනගන්නේද ප්‍රකාශ කරන්නේද පිරිස් මැද සිංහ නාද කරන්නේද ...
26/12/2019

බුදූරජාණන්වහන්සේ තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණි බව දැනගන්නේද ප්‍රකාශ කරන්නේද පිරිස් මැද සිංහ නාද කරන්නේද අති උතුම් වූ බ්‍රහ්ම චක්‍රය පවත්වන්නේද(ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම) තථාගත බල දසයකට පැමිණීමෙනි.එසේ අති ශ්‍රේෂ්ඨත්වයට පත්වීමටනම් තථාගත බල දසයක් තිබිය යුතුය. එයින් නව වැන්න මෙසේය.)
9)බුදුරජාණන් වහන්සේ අතිශයින් විශුද්ධ වූ දිව්‍යමය නේත්‍රා වලින් ඇසින් සත්වයන් දක්නා සේක.සත්වයන්ගේ ඉපදීමද,මියයාමද දක්නා සේක. කුසල කර්ම වලින් සත්වයන් යහපත් තැන්වල උපදින බවද අකුසල කර්ම වලින් සත්වයන් දුගති වල ඉපදෙන බවද බුදුරජාණන් වහන්සේට පෙනේ.

බුදුරජාණන් වහන්සේගේ අණසක හෝ යම් යම් පිරිත් වල බල පවතින බුද්ධ ආඥ ක්ෂේත්‍රයක් යනු කෝටි ලක්ෂයක් සක්වලකි. එහෙත් බුද්ධ විෂය(එනම් අනන ්ත සක්වලයි ) ඉදිරියේ කෝටි ලක්ෂයක් සක්වලක් යනුද නොගිණිය හැකි තරම් ඉතා කුඩා ප්‍රදේශයකි . බුදුරජාණන් වහන්සේ සියළු විශ්වය දන්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණ  මනුෂ්‍ය,දිව්‍ය,බ්‍රහ්ම ආදී පිරිස් පොළොවට සමානකර එම පොළව ...
24/12/2019

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණ මනුෂ්‍ය,දිව්‍ය,බ්‍රහ්ම ආදී පිරිස් පොළොවට සමානකර එම පොළව යට කරගෙන එම පොළවෙන් ඉහළට පැමිණම ශ්‍රේෂඨ ස්ථානය සාක්ෂාත් කළ සේක.එසේ අති ශ්‍රේෂ්ඨත්වයට පත්වීමටනම් තථාගත බල දසයක් තිබිය යුතුය. එයින් අට වැන්න මෙසේය.
8) බුදුරජාණන් වහන්සේ නොයෙක් සිය ගණන්,දහස් ගණන්,සිය දහස් ගණන්,කෝටි ගණන්,ප්‍රකෝටි ගණන්,අසංඛ්‍යෙය ගණන් පෙර විසූ ඕනෑම සත්වයෙකුගේ ස්කන්ධ පිළිවෙල දැකිය හැක. එහි ප්‍රමාණයක් නැත.

(අපගේ ශාස්තෘන් වහන්සේට පසුව ඒ තරම් දුරට සිත විහිදිය හැකි බව සඳහන් වන්නේ භද්දකච්චායනා තෙරණියටය.අසංඛ්‍යෙය 20කුත් කල්ප ලක්ෂයකට පෙරත් බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම මනෝප්‍රධාන අනියත විවරණ ගැනීමේදී බෝධිසත්වයන් වහන්සේ සමඟ එක්ව සිටි බව උන්වහන්සේ සඳහන් කර ඇත. රහතන් වහන්සේ නමකට පෙරුම් පුරන ලද කාලය පමණක් මතක තිබේ. ඒ නිසා යශෝදරා දේවිය එතරම් කල් පෙරුම් පුරා ඇත.)

බුදූරජාණන්වහන්සේ පිරිස් මැද නොසෙල්වී ස්ථාවරව සිටගෙනම ශ්‍රේෂඨ ස්ථානය සාක්ෂාත් කළ සේක.එසේ අති ශ්‍රේෂ්ඨත්වයට  පත්වීමටනම් තථ...
23/12/2019

බුදූරජාණන්වහන්සේ පිරිස් මැද නොසෙල්වී ස්ථාවරව සිටගෙනම ශ්‍රේෂඨ ස්ථානය සාක්ෂාත් කළ සේක.එසේ අති ශ්‍රේෂ්ඨත්වයට පත්වීමටනම් තථාගත බල දසයක් තිබිය යුතුය. එයින් සත් වැන්න මෙසේය.
7) බුදුරජාණන් වහන්සේ ධ්‍යාන,විමෝක්ෂ,සමාධි,
සමාපත්ති පිළිබඳව ඒ ඒ සමාධි කිළිටි වීම,සමාධි වැඩීම,සමාධියෙන් නැඟිටීම ආදී කරුණු සත්‍යාකරයෙන්ම දන්නා සේක. බුදුරජාණන් වහන්සේට සියළුම ධ්‍යාන,විමොක්ෂ,සමාධි,
සමාපත්තීන්ට සමවැදිය හැක.බුදුරජාණන් වහන්සේ සමවදින සමවත් ගණන කෝටි ලක්ෂ 24කි.

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණ පිරිස මැද කිසිඳු විටෙක කම්පා නොවුනු සේක. එසේ අති ශ්‍රේෂ්ඨ...
20/12/2019

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතාම ශේෂ්ඨ ස්ථානයට පැමිණ පිරිස මැද කිසිඳු විටෙක කම්පා නොවුනු සේක. එසේ අති ශ්‍රේෂ්ඨත්වයට පත්වීමටනම් තථාගත බල දසයක් තිබිය යුතුය. එයින් පස් වැන්න මෙසේය

6) බුදුරජාණන් වහන්සේට අන්‍ය සත්වයන්ගේ ඉන්ද්‍රියයන් වැඩී තිබෙන ප්‍රමාණ සත්‍යාකාරයෙන්ම දන්නා සේක.

සෑම සත්වයෙකුටම සද්ධාව,සතිය,වීර්යය,සමාධිය හා ප්‍රඥ්ඥාව නම් ඉන්ද්‍රිය 5ක් ඇත. ඒ ඒ සත්වයාගේ ඒ ඒ ප්‍රමාණයට මේ ඉන්ද්‍රියයන් වැඩී ඇත.යම් කිසි ධර්ම කරුණක් හොඳින් වැටහේ යැයි සිතා දේශකායන් වහන්සේ නමක් යම් පුද්ගලයෙකුට දේශනා කලත් එය එලෙස එම පුද්ගලයාට නොවැටහිය හැක්කේ පහත පරිදිය.

i)අසන පුද්ගලයාට සමාධිය නැති නිසා ඔහු වෙනත් යමක් සිතනවා විය හැක.

ii)අසන පුද්ගලයාට ආරම්භයේදී අසා සිටියත් වීර්යය අඩු නිසා පසුව අසා නොසිටිනවා විය හැක.

iii)අසන පුද්ගලයාට එම දේශනා කරන කරුණු පිළිගැනීමට තරම් ශ්‍රද්ධාවක් නොමැති විය හැක.

iv)ශ්‍රවණය කරන පුද්ගලයාට කුසල් අකුසල් තේරුම් ගැනීමට තරම් සිහියක් නොමැති විය හැක.

v)අනෙක් සියළුම ඉන්ද්‍රියන් මේ පුද්ගලයාට වැඩී තිබුණත් ධර්ම කරුණු වටහා ගැනීමට තරම් ප්‍රඥ්ඥාවක් වැඩී නැති විය හැක.

ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයාගේ ඉන්ද්‍රියයන් වැඩී තිබෙන ප්‍රමාණ ගැන දේශකයාණන් වහන්සේ නොදන්නා බැවින් මෙලෙස ශ්‍රවණය කරන පුද්ගයාට එය හොඳින් නොවැටිය හැක.එහෙත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට එම ධර්මය ශ්‍රවණය කිරීමට සිත යොමු කරන ලද අනන්ත අපරිමාණ ලෝක ධාතුවල වෙසෙන දිව්‍ය,බ්‍රහ්ම,මනුෂ්‍ය ආදී සියල්ලන්ගේම සිත් තම සිතින් සත්‍යාකරයෙන් දැනගෙනම ධර්මය දේශනා කරයි. ඒ නිසා ධර්මය ශ්‍රවණය කරන සියළුදෙනාටම බුදුරජාණන් වහන්සේ තමුන් උදෙසාම තමා දෙසටම නෙත් යොමුකරගෙනම තමන්ගේ භාෂාවෙන්ම ධර්මය දේශනා කරන බවක් හැඟේ.

ඊට උදාහරණයක් ලෙස රාත්‍රී අහසේ මුදුන් වූ චන්ද්‍රයා දෙස කුමන දිශාවේද සිට බැලුවත් තමා දෙසට එල්ල වී තිබෙනවා මෙන් පෙනෙන්නා සේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් පිළිබඳ අවබෝධයෙන්ම ධර්මය දේශනා කරන සේක.

Address

Marawila
PX61210

Website

Alerts

Be the first to know and let us send you an email when චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share