Isipathana Aranya Sanchithaya

Isipathana Aranya Sanchithaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isipathana Aranya Sanchithaya, Religious organisation, Maradankadawala.

24/04/2022
07/04/2022
Sadham Deshana
11/07/2021

Sadham Deshana

20/03/2021

42 වෙනි වාර්ෂික පින්කම්මාලාව (2021)

වසර 2000 ශාසන ඉතිහාසයට එකතුවෙන දෙවෙනි විශාලතම ධර්ම රාජික ඉස්ථුප වහන්සේගේ චුඩා මණික්කයේ නිර්මාණයට ඔබටද දායකවීය හැකි
20/10/2020

වසර 2000 ශාසන ඉතිහාසයට එකතුවෙන දෙවෙනි විශාලතම ධර්ම රාජික ඉස්ථුප වහන්සේගේ චුඩා මණික්කයේ නිර්මාණයට ඔබටද දායකවීය හැකි

බුදුන් වදාල ආර්ය පුද්ගලයින් 8 දෙනා
05/10/2020

බුදුන් වදාල ආර්ය පුද්ගලයින් 8 දෙනා

(2020 - 10 - 04 ) ආර්ය පුද්ගලයින් පිලිබඳ ධර්ම දේශනාව

29/09/2020

ඩෙන්මාර්කයේ ගුවන් යානා නිපදවූ පවුලක බර්නාඞ් ජූන් පොල්ගස්දූවේදී සිවුරු පොරවයි

ඩෙන්මාර්කයේ ගුවන් යානා නිපදවීමට සම්බන්ධ ධනවත් පවුලක දෙවැනි පුත් කුමරා ලෙස බර්නාඞ් ජූන් බිළිඳා උපත ලබන්නේ 1944 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනිදාය. උපන්දා සිට අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ පුංචි බර්නාඞ් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද අති දක්‍ෂයෙක් විය. එහෙත් හේ අනෙකුත් දරුවන්ට වඩා තැන්පත්, නිහඬ චරිතයක් විය. හුදකලාවේ ගත කිරීමට ප‍්‍රිය කළේය. ළමා විය වැඩෙමින් තාරුණ්‍යය විකසිතවීමත් සමඟ හේ තව තවත් හුදෙකලාවට ප‍්‍රිය කරන්නට විය. කඩවසම්, හැඩකාර, ප‍්‍රියමනාප ජූන් සුලබ සුරාවට ද අනඟ නුරා ළඳුන් ද පි‍්‍රය නොවීය. ජීවිතය සොයා යන කිසිවක් ඒ කිසිම තැනක නැති වග ඔහුට ස්ථිරවම වැටහිණි. ඔහුගේ ජීවිතය වූයේ හුදෙකලාවේ සිට විවිධ පොත්පත් පරිශීලනය කිරීම පමණි.

තරුණ බර්නාඞ් පරිශීලනය කළ පොත්පත් අතර බුදුදහම සම්බන්ධ පොත්පත්වලට සුවිශේෂී ස්ථානයක් හිමි විය. ජීවිතය සොයා යන මාර්ගය ඇත්තේ බුදුදහම තුළ පමණක් වග එම කියවීම තුළින් තරුණ බර්නාඞ් අවධාරණය කර ගත්තේය. අනතුරුව හේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ගොස් ධර්මය අවබෝධ කරගැනීමේ අටියෙන් තායිලන්ත ථෙරවාදී මහ තෙරුන් වහන්සේලා හමුවට ගියේය. උන්වහන්සේලාගේ මඟපෙන්වීම මත ශ‍්‍රී ලංකාද්වීපයේ මහා යතිවරයාණන් වහන්සේලා බැහැදැකීමේ අරමුණින් මෙරටට පැමිණියේය. එහෙත් විමුක්තිය සොයා ධර්මද්වීපයට පැමිණෙන එම ගමන ද සුන්දර නොවිණි.

තායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණ, මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් මෙරට යාපනයටත් අනතුරුව හික්කඩුව පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයත් සොයාගෙන පැමිණ ඇත. දැන් අප සිටින්නේ ක්‍දාණ සඟපරපුරට ධර්ම ක්‍දාණය ලබාදෙන පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේය. මෙරට මහා වනාන්තරවල වීරියවන්ත ශ‍්‍රමණයන් ලෙස වැඩ සිටිමින් අපවත් වී වදාළ ඇමරිකන් ජාතික කෝවිධ හිමි, බි‍්‍රතාන්‍ය ජාතික ඥානවීර හිමි, ජර්මන් ජාතික ඥානවිමල හිමි සහ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප භික්‍ෂූන්වහන්සේලා සසුන්ගත කළ ඓතිහාසික පින්බිමේය. ආධ්‍යාත්මික සුවය සොයාගෙන බටහිරින් පැමිණෙන සුදු ජාතිකයන් විශාල පිරිසකට පැවිදි උපසම්පදාව ලබා දුන්, වර්තමානයටත් පැවිදි උපසම්පදාව ලබාදෙන ඒ මහා අසිරිමත් පින්බිමේය.

රජ්ගම කලපුවෙන් වට වූ සුන්දර දූපතක පිහිටි මෙරට ආරණ්‍ය සම්ප‍්‍රදායේ මුදුන් මල්කඩ වන පොල්ගස්දූව සෙනසුනේදී සිතට දැනෙන සැනසීම වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය. කඩොල් කැලෑවෙන් වට වූ ඒ මුළු දූපතම වනඋද්‍යානයකි. කොස්, බුරුත එකී නොකී නම්වලින් හැඳින්වෙන වටිනාකමක් සහිත මහා විශාල රුක්ෂයන්ගේ සෙවණ යට ඈත මෑත ඉඳි වූ කුටි සෙනසුන් කිහිපයකි. සීතල වන වදුලූ අතරින් හීනියට ඇසෙන කුරුලූ නාදය දෙසවනට මිහිරි සංගීතයක් බඳුය. දූපත මැද උස්බිමේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ විහාර මැඳුර නිර්මාණය වී තිබේ. ආරණ්‍ය සේනාසනය තුළට අප ඇතුළු වූ ආරංචියට එම සෙනසුනේ නායක හිමි රජ්ගම විවේක විහාරී හාමුදුරුවෝ පහළ කුටියක සිට විහාර මන්දිරය දෙසට වඩින අයුරු ඈත සිට අපි දුටිමු.

‘‘අපි මේ ආරණ්‍ය සේනාසනයේ ඓතිහාසික තොරතුරු මාධ්‍යයට දුන්නෙ නෑ. කිහිප විටක්ම පුවත්පත්වලින්, රූපවාහිනි මාධ්‍ය ආයතනවලින් වැඩසටහන් කරන්න ආවා. ඒ කිසිම කෙනෙකුට අපි තොරතුරු දුන්නෙ නෑ. ඒත් අද මට හිතුණා මේ ආරණ්‍ය සේනාසනය ගැන සියලූ තොරතුරු ඔබතුමාට දෙන්න ඕනෑ කියලා...’’ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනාධිපති රජ්ගම විවේක විහාරී අපේ හාමුදුරුවෝ ලිපි ගොනුවක් දෑතට ගෙන එසේ කීහ. එහෙත් එම ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසයත්, වර්තමානයත් එම කඩොලාන පරිසරයේ නිහඬ නිසල සුන්දරත්වය ගැන වෙනත් ලිපියකින් කතා කරන අදහසින් ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුරුවන්ගේ සසුන්ගතවීම ගැන විවේක විහාරී නායක හාමුදුරුවන්ගෙන් අපි විමසා සිටියෙමු.

‘‘ඥානදීප හාමුදුරුවෝ උපසම්පදාව ලබාගෙන තියෙන්නෙ මේ ආරණ්‍ය සේනාසනයෙන්. නායක ස්වාමීන්වහන්සේලා කියන විදිහට 1969 වර්ෂයේදී තමයි උන්වහන්සේ පැවිදි උපසම්පදාව ලබාගෙන තියෙන්නෙ. උපසම්පදාව ලබාගන්න පෙර උන්වහන්සේ ගිහි තරුණයෙක් විදිහට කාලයක් මේ ආරණ්‍ය සේනාසනයේ ජීවත් වෙමින් සිංහල, පාලි භාෂාව ඉගෙනගෙන තියෙනවා. එම හැදෑරීම් කටයුතුවලින් පසුව උන්වහන්සේ ඩෙන්මාර්ක් රටට ගිහින්, නැවත ඇවිත් තමයි පැවිදි වෙලා තියෙන්නෙ. උපසම්පදාව ලබාගෙන උන්වහන්සේ වැඩි කාලයක් මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ හිඳලා නෑ. ලග්ගල කැලෑ ප‍්‍රදේශයට වැඩම කරලා තියෙනවා. අවසාන වරට උන්වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ 2005 අවුරුද්දෙ මාර්තු මාසේ. එතකොට මම පැවිදි වීමට බලාපොරොත්තුවෙන් හිටිය ගිහි තරුණයෙක්. මේ ආරණ්‍ය සේනාසනයට උන්වහන්සේව බෝට්ටුවෙන් වැඩම්මුවේ මමයි. උන්වහන්සේයි, නෙදර්ලන්ත ජාතික අමිතසිරි හාමුදුරුවෝයි දෙදෙනාම එකට වැඩම කළේ. උන්වහන්සේලාට උපස්ථාන කළෙත් මමයි. සතියක් විතර උන්වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියා. පිණ්ඩපාතය කරගෙන ඇවිත් දානය වළදළා විවේකීව ඉන්න වේලාවට මේ මුළු දූපත පුරාම වැඩම කරනවා. ඒ වැඩම කරන එක අවස්ථාවක මම හිටිය ගිහි කුටිය තුළටත් වැඩම කළා. කුටියේ බිත්තිවල අලවලා තිබුණු බුදු පිළිම වහන්සේලා දැකලා ‘උපාසක මහත්තයා මේවා එපා... සේරම අයින් කරන්න...’ උන්වහන්සේ මට එහෙම කිව්වා. ඒ අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ තමයි මම පැවිදි දිවියට ඇතුළත් වුණේ. එතකොට මට අවුරුදු විසිපහයි. ඊට පස්සෙ මට ඥානදීප උන්වහන්සේව මුණගැසුණේ නුවර උඩවත්ත කැලේ සේනානායකාරාමයේදී. ඊට පස්සෙ උන්වහන්සේව මට මුණගැහිලා නෑ...’’

ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන්වහන්සේ මෙරට වැඩ සිටිය ද පැවිදි උපත ලද පොල්ගස්දූව වන සෙනසුනට අවසාන වරට වැඩම කර ඇත්තේ ද මීට වසර පහළොවකට පෙරය. උන්වහන්සේගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ලග්ගල මහ වනාන්තරයේ ඝන මූකලාන තුළය. මහ කැලය තුළ වයසට යමින් සිටි උන්වහන්සේ විටින් විට ගිලන් වූ අවස්ථාවල උපස්ථාන කළ වනවාසී ස්වාමීන්වහන්සේ අතර අලව්වේ අනෝමදස්සී හාමුදුරුවෝ විශේෂය. එහෙයින් ඩෙන්මාර්කයේ ක්‍දාණදීප හාමුදුරුවන්ගේ පැවිදි දිවි පෙවෙත ගැන කරුණු කාරණා විමසා බැලීමට සුදුසුම ස්වාමීන් වහන්සේ අනෝමදස්සී හාමුදුරුවෝය. එහෙත් උන්වහන්සේ උතුරු මැද පළාතේ ඝන වන ලැහැබක වැඩ සිටින බැවින් බැහැදැකීම අසීරුය. එහෙයින් අපි දුරකථන ඇමතුමක් ඔස්සේ උන්වහන්සේ සම්බන්ධ කරගනිමින් ඩෙන්මාර්කයේ ක්‍දාණදීප හාමුදුරුවන්ගේ වීරියවන්ත ශ‍්‍රමණ ජීවිතය ගැන විමසා සිටියෙමු. මේ පෙළගැසෙන්නේ අලව්වේ අනෝමදස්සී හාමුදුරුවෝ ඩෙන්මාර්කයේ ක්‍දාණදීප ශ‍්‍රමණයන් වහන්සේ දැකපු හැටිය.

‘‘ඥාණදීප ස්වාමීන් වහන්සේ මට මුලින්ම මුණගැහුණේ බලංගොඩ ටැංජන්තැන්නෙදි. මතක විදිහට 2007 අවුරුද්දේ. ඒ කාලයේ ඉඳලා උන්වහන්සේව මම ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, උන්වහන්සේ තුළින් දැකපු ධර්මය නිසයි. ඊට පස්සෙ උන්වහන්සේයි, මමයි ලග්ගල මහ වන මැද වැඩ වාසය කළා. බලංගොඩ මහා කැලෑවල වැඩ වාසය කළා. 2013 වර්ෂයේ අග භාගයේදී උන්වහන්සේ දැඩි ලෙස අසනීප තත්ත්වයට පත් වුණා. ඒ වෙනකොට මම වැඩ සිටියේ මාතලේ ඕවිලිකන්ද ?න කිතුල්ගල ආරණ්‍ය සේනාසනයේ. ඥානදීප හාමුදුරුවන්ගේ අසනීප තත්ත්වය උත්සන්නවීමත් එක්ක අපේ ආරණ්‍ය සේනාසනයේ වෙනම කුටියක් හදලා 2014 වර්ෂයේදී උන්වහන්සේව වැඩැම්මුවා...’’

‘‘අසනීප තත්ත්වයට 1993 අවුරුද්දෙ අලියා පෑගීමත් එක හේතුවක් වුණා කියලා උන්වහන්සේම මාත් එක්ක කියලා තියෙනවා. ඒ වගේම ඇතින්න පහර දෙන්න හැදුවේ නොදැනුවත්ව කියලත් උන්වහන්සේ මට කිව්වා. ඒ සිද්ධිය වෙලා තිබුණේ වස්ගමුවේදී. අලි ගමන් කරන මාර්ගයේම තමයි උන්වහන්සේ පිණ්ඩපාතය වැඩම කරලා තියෙන්නේ. පිණ්ඩපාතය කරගෙන එනකොට ඇතින්නයි, පැටියයි පාර අයිනේ ඉඳලා තියෙනවා. උන්වහන්සේව ඇතින්න දැකලත් නෑ. උන්වහන්සේ ඇතින්නව දැකලත් නෑ. මනුෂ්‍යයෙක් එන බවට ඇතින්නට ඉව වැටුණු හැටියේ මනුෂ්‍යයාට පහර දෙන්න ඇතින්න පාරට පැනලා කකුල් දෙකෙන් හිටගෙන. ඒ විදිහට අලියා හිටගන්නවා කියන්නෙ උපරිම කේන්තියෙන් කියලා ගම්මු කියනවා. ඒත් කකුල් දෙකෙන් හිටගත්ත හැටියේ ඇතින්න ස්වාමීන්වහන්සේව දැකලා. ඒ එක්කම ඇතින්නගේ කකුලක වැදිලා ස්වාමීන්වහන්සේව බිම ඇද වැටිලා. ඊට පස්සෙ ඇතින්න හිස පහත් කරලා කකුල් දෙක බිම තියනකොට එක පාදයකට උන්වහන්සේගේ වම් පාදය පෑගිලා, උකුල්ඇටයට හානි වෙලා අසාධ්‍ය තත්ත්වයටම පත් වෙලා. එතැනම වැතිරිලා ඉඳලා. පැය විසිහතරක් ලේ ගිහින්. ඒත් මොහොතකටවත් සිහිය නැති වෙලා නෑ. පහුවදා උදේ පිණ්ඩපාතය වැඩියේ නැති නිසා ගමේ මිනිස්සු වනජීවි නිලධාරීන් එක්ක කැලේට ගිහින් හොයා බලනකොට තමයි උන්වහන්සේ වැටිලා ඉන්නවා දැකලා තියන්නෙ. ඒ මොහොතේම වනජීවි නිලධාරීන් උන්වහන්සේව රෝහල් ගත කළත් නිසියාකාර ප‍්‍රතිකාර නොලැබුණු බවත් උන්වහන්සේ මට කියලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේගේ කකුල කොට වෙලා තියෙන්නෙ...’’

‘‘ඒ වගේම උන්වහන්සේගේ අසනීප තත්ත්වයට දීර්ඝ කාලයක් කැලෑවේ ජීවත්වීමත් හේතුවක් වෙලා තියෙනවා. මහ කැලේ වැඩම කරන සමහර අවස්ථාවල උන්වහන්සේ ගල් තලාවල සැතපෙනවා. ගස් යට වැඩ ඉන්නවා. මහ වැස්සක් වැස්සොත් කුඬේ ඉහළගෙන ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ අපේ රටේ නොදන්නා කැලයක් නෑ. සෑම වනාන්තරයකම වැඩම කරලා තියෙනවා. සෑම ඝන වනාන්තරයකම ජල උල්පත් තියෙන ස්ථාන, ඇළ මාර්ග ඒ සියල්ලම හොඳට දන්නවා. සිතියම බලාගෙන, මාලිමාව පාවිච්චි කරලා කාගෙවත් උදව්, උපකාරයක් නැතිව උන්වහන්සේ වැඩම කරනවා. එහෙම වැඩම කරන අවස්ථාවල පිපාසයට බිව්වේ ළඟම තියෙන දිය කඩිත්තෙ වතුර. ශරීර සෞඛ්‍යය ගැන උන්වහන්සේ අල්ප මාත‍්‍රයක් තරම් උනන්දු වුණේ නෑ. ඒ හේතුවෙන් තමයි උන්වහන්සේගේ ශරීරයේ පිළිකාවක් හටගන්න ඇත්තේ...’’

‘‘2013 අවුරුද්දේ උන්වහන්සේ දැඩි ලෙස රෝගාතුර වෙච්ච අවස්ථාවේ රෝහල්ගත කළා. ඒත් උන්වහන්සේගේ රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ට හරි හැටි හඳුනාගන්න බැරි වුණා. දවසින්, දවස රෝගී තත්ත්වය උත්සන්න වුණා. සමහර අවස්ථාවල දවස් ගණන් සිහිය නැතිව හිටියා. අන්තිමේ අපි උන්වහන්සේව සිංගප්පූරුවේ රෝහලකට වැඩැම්මුවා. ඒ රෝහලේ වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලලා තමයි උන්වහන්සේට පිළිකාවක් කියලා නිගමනය කළේ. පිළිකාව හටගන්න පටන්ගෙන තියෙන්නෙ 2014, 15 අවුරුදුවල ඉඳලා කියලත් ඒ වෛද්‍යවරු කිව්වා. උන්වහන්සේව සිංගප්පූරුවට වඩම්මවලා වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කරලා පිළිකාව හඳුනාගන්නකොට අවුරුදු තුනක් විතර ගත වෙලා. ඒ වෙනකොට මුත‍්‍රා මාර්ගයේ හැදුණු පිළිකාව සුෂුම්නාව දිගේ උඩට ගිහින් මුළු ශරීරය පුරාම උඩු දුවලා තිබුණා. ඒත් උන්වහන්සේ රෝගය ගැන සැලකිලිමත් වුණේ නෑ. රෝහලක නතර වෙලා ශල්‍යකර්මයක් කරන්න කැමැති වුණෙත් නෑ. ඉංග‍්‍රීසි බෙහෙත් පාවිච්චියට තදින්ම අකැමති වුණා. ඒත් අවසාන කාලයේ නම් උන්වහන්සේගේ කය දැඩි ලෙස දුර්වල වුණා. තනියම කිසිම වැඩක්පලක් කරගන්න බැරි තත්ත්වයටම පත් වුණා. රෝගී තත්ත්වය උත්සන්න වෙලා විටින් විට රෝහල්ගත කරන්නත් වුණා. ඊට පස්සේ අපි සිංහල බෙහෙත් කළා. ඒ බෙහෙත්වල බලයෙන් රෝග ස්වභාවය තියෙද්දී කය ශක්තිමත් වුණා. අවසාන මාස කිහිපයේදී උන්වහන්සේට හොඳට සිහිය තිබුණා. කතා බහ කළා. අවසාන කලේ උන්වහන්සේ වැඩ සිටියේ ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ. අපවත් වෙන්න දවස් දහයකට කලින් මම ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයට වැඩම කරලා උන්වහන්සේ සමඟ ධර්මය ගැන සාකච්ඡා කළා. උන්වහන්සේ හරිම සතුටින්, පැහැදිළි සිහියෙන් ධර්මය ගැන කතා කළා...’’

‘මම කැමැතියි ධර්මය කතා කරන්න. මට තවත් ධර්මය ඉගෙනගන්න ඕනෑ. මට තව කියවන්න පොත්පත් ගෙනත් දෙන්න...’ උන්වහන්සේ මට එහෙම කිව්වා. ඒ වගේම උන්වහන්සේගේ අවසාන මොහොතෙත් ස්වාමීන් වහන්සේලාට කියලා තියෙන්නෙ ධම්ම චක්ක, අනන්ත ලක්ඛනය, සුත්ත නිපාතය සූත‍්‍ර දේශනා කරන්න කියලා. උන්වහන්සේ සුත්ත නිපාතය සූත‍්‍රයට හරිම කැමැතියි. ස්වාමීන් වහන්සේලා සූත‍්‍ර සජ්ඣායාන කරනකොට උන්වහන්සේ දෙඅත් එකතු කරලා වැදගෙන ඉඳලා තියෙනවා. අන්තිම හුස්ම පොද පිට කරලා තියෙන්නෙ වැඳගෙන සිනාවීගෙන. ඒත් පිළිකා රෝගය උන්වහන්සේට විශාල වේදනාවක් ගෙන දුන්නා. උන්වහන්සේගේ ගමනට බාධා කළා. උන්වහන්සේගේ බලාපොරොත්තුව තිබුණේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න. උන්වහන්සේ නිවනට වැඩි බව නම් අපට විශ්වාසයි. උන්වහන්සේ අවබෝධ කරගෙන හිටිය ධර්මය එතරම් බලවත්. අපි උන්වහන්සේව ධර්මයෙන් ඇසුරු කරපු නිසා ඒ බව හොඳින්ම දන්නවා...’’

‘‘උන්වහන්සේ අපිත් සමඟ සමීප ඇසුරක් පැවැත්වුවා. ධර්මය කතා කරන අය ඇසුරු කරන්න උන්වහන්සේ බොහෝම කැමතියි. ඒ වගේම උන්වහන්සේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගෙන තිබුණා. අවබෝධය කියන්නෙ සෘද්ධියට එහා ගිය බලයක්. සමාධිය දියුණු කිරීමෙන් පෘථග්ජන මිනිසුන්ටත් සෘද්ධි බලය ලබා ගන්න පුළුවන්. ඒත් සාමාන්‍ය කෙනෙකුට ගැඹුරු ධර්මයකට යොමු වෙන්න බෑ. අපි උන්වහන්සේ තුළින් සෘද්ධියට එහා ගිය ශ්‍රේෂ්ඨ ධර්මයක් දැක්කා. ඒ නිසා අපි ඉස්මතු කළ යුත්තේ උන්වහන්සේ අවබෝධ කරගෙන තිබූ ගැඹුරු දහමයි. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. ඥානදීප ස්වාමීන් වහන්සේ කියන්නෙ අසහාය චරිතයක්. යම් කෙනෙකුට උන්වහන්සේ ගැන ඉගෙනගන්න ඕන නම්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජීවිතය කියවන්න. ඥානදීප ස්වාමීන්වහන්සේ එතරම්ම අසහාය චරිතයක්...’’

‘‘ඥානදීප ස්වාමීන් වහන්සේට භාෂා පිළිබඳ හසළ දැනුමක් තිබුණා. භාෂා හයක් හොඳටම ඉගෙනගෙන තිබුණා. ඒ වගේම ගිහි කාලයේදීම භාෂා දැනුම ලබාගෙන තිබුණා. ධර්මය ඉගෙනගන්න ඉස්සර පාලි භාෂාවත් ඉගෙනගෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නෙ පාලි භාෂාවෙන්. පාලි භාෂාව හරියට ඉගෙනගත්තෙ නැති නම් ධර්මය අවබෝධ කරගන්න බෑ. උන්වහන්සේගේ පාලි භාෂා දැනුමට එහා යන මේ ලංකාවේ වෙනත් කිසිම කෙනෙක් නෑ. ඒ වගේම උන්වහන්සේගේ භාෂා ව්‍යවහාරය හරිම අපූරුයි...’’

‘‘බලංගොඩ ටැංජන්තැන්නේ කුටියක දානය වළඳමින් සිටි අවස්ථාවක, උන්වහන්සේට මම බිස්කට් එකක් පිළිගැන්නුවා. ‘ආ විස්කෝතු...’ උන්වහන්සේ බිස්කට් කියලා කිව්වේ නෑ. නියම සිංහල නම කිව්වේ. සිංහල නම් සිංහල. උන්වහන්සේ ළඟ කලවම් භාෂා තිබුණේ නෑ...’‘

‘‘ගිහි තරුණයෙක් විදිහට ඥානදීප ස්වාමීන්වහන්සේ සිංහල, පාලි භාෂාව ඉගෙනගෙන තියෙන්නෙ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේදී. උන්වහන්සේට පාලි භාෂාව උගන්වලා තිබුණෙ කුටුකුරුන්දේ ක්‍දාණානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පාලි භාෂා කථිකාචාර්යවරයෙක් විදිහට වයස අවුරුදු විසිහතේදී පැවිදි වෙච්ච කෙනෙක්. ක්‍දාණානන්ද හාමුදුරුවෝ මුණගැහිලා කතා බහ කරමින් හිටිය අවස්ථාවක මම ඇහුවා ඩෙන්මාර්ක් ඥානදීප හාමුදුරුවන්ට පාලි ඉගැන්නුවා නේද කියලා...’’

‘මම පොඩි තල්ලූවක් විතරයි දුන්නෙ. ඉගෙනගන්න පුදුම දක්‍ෂතාවක් තියෙන්නෙ...’ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දක්‍ෂතාවය දැකලා ක්‍දාණානන්ද ස්වාමීන් වහන්සේත් විශ්මයට පත් වෙලා...

උපුටා ගැනිම දිවයින ඉරිදා

ධර්ම රාජික ඉස්ථුප වහන්සේගේ වැඩ කටයුතු ඉදිරියට
28/09/2020

ධර්ම රාජික ඉස්ථුප වහන්සේගේ වැඩ කටයුතු ඉදිරියට

28/09/2020

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්.........

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්රිවයයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්යා භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.
සේනාසනයේ කිරනැඟයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් “ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කිරභාවයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.
”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කිරෙඩමයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙර්ේ නතයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව තිරකුටපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.
භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම කැඩුවා.
සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අපරමේ සන්න ගඳක් ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ දැනෙනවා.
දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අපරිර් ය යි. ඒ වෙලාවේ මට කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්රිණයයන් අකීරනේ ය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.
එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිතරආවේපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.
කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට යන්න සිද්ධ වෙනවාලු.)
එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. ”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ වෙලාවේ මගෙන් ඇහුවා.
”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ පරුත්කාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්යාවව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.
මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.
වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන පරමත මාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. ”උඹ කොහොම හරි ඒ සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.
දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.
එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා.
තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා.
ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්ය. සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.
”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.
කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.
ඒ හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ ලේනව මංගල හිමියෝ ය. උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.

Address

Maradankadawala

Alerts

Be the first to know and let us send you an email when Isipathana Aranya Sanchithaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share