02/09/2026
🛑 ශරීරයේ භාෂාව කථා කරවූ දින හතරක් 🛑
පාසල් නිවාඩු කාලය, දරුවන්ට නිකරුණේ ගත කිරීමට ඉඩක් නොව, තමන් තුළ සැඟවුණු නිර්මාණශීලීත්වය අවදි කර ගැනීමට ලැබෙන අවස්ථාවක් බවට පත් කිරීමේ අභිප්රායෙන්, මාලිබොඩ ශාන්ත ආනා දේවස්ථානයේ දී විශේෂ නාට්ය හා රංග කලා වැඩමුළුවක් මාලිබොඩ ප්රදේශයේ දූ දරුවන් වෙනුවෙන් අගෝස්තු 24 වනදා සිට 27වනදා දක්වා සංවිධානය කරන ලදී.
හදවතේ තිබුණු එක් සරල නමුත් ගැඹුරු අදහසක් වචනවලට පෙර, ශරීරයෙන් කියාපෑමට . දරුවන් හට ශාරීරික භාෂණය (body language / physical expression) පිළිබඳ ගැඹුරු පුහුණුවක් ලබාදීම වැඩමුළුවේ මූලික අරමුණ විය. චලනය, ඉරියව්ව, මුහුණේ භාවය, අවකාශය තුළ ශරීරය පිහිටුවා ගැනීම මේ සියල්ල හරහා දරුවෙකුට තමන්ගේ අභ්යන්තර හැඟීම, බිය, සතුට හෝ ප්රශ්නය වචනවලින් තොරව ප්රකාශ කළ හැකි බව ප්රායෝගිකව අත්දකින්නට ඉඩ සැලසුණි.
මෙය හුදු නාට්ය පුහුණුවක් පමණක් නොව, දරුවෙකු තුළ තිබෙන ස්වයං-විශ්වාසය, නිරීක්ෂණ හැකියාව සහ අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමේ සංවේදීතාව වර්ධනය කරන අත්දැකීමක් ලෙසින්ද සැලකිය හැක. දරුවෙක් තම ශරීරය හරහා කථා කිරීමට ඉගෙන ගන්නා විට, ඔහු හෝ ඇය තමන්ගේම කථාව කීමට තව තවත් නිර්භීත වේ.
දෛනික ජීවිතයේ බොහෝ විට තම අදහස් හෝ තමාව ප්රකාශනයට ඉඩක් නොලැබෙන පසුබිමක සිට, මෙවැනි වැඩමුළුවක් හරහා තමන්ගේම ශරීරය හා හඬ අලුතින් සොයා ගැනීමට ලැබුණු අවස්ථාව සැබවින්ම වටිනා එකක් විය.
🛑 உடல் மொழி பேசிய நான்கு நாட்கள் 🛑
பள்ளி விடுமுறையை படைப்பாற்றலுக்கான ஒரு வாய்ப்பாக மாற்றும் நோக்கில், மாலிபொட புனித அன்னை தேவாலயத்தில் ஆகஸ்ட் 24–27 வரை குழந்தைகளுக்கான சிறப்பு நாடகம் மற்றும் நடிப்புக் கலை பயிலரங்கு நடைபெற்றது.
அசைவு, நிலைப்பாடு, முகபாவனை மற்றும் உடல் வெளிப்பாடு மூலம் வார்த்தைகளுக்கு முன்பாக தமது உணர்வுகளை வெளிப்படுத்த குழந்தைகளுக்கு வாய்ப்பு கிடைத்தது.
இது வெறும் நாடகப் பயிற்சி மட்டுமல்ல; தன்னம்பிக்கை, அவதானிக்கும் திறன், உணர்திறன் மற்றும் தமது சொந்தக் கதையைச் சொல்லும் தைரியத்தை வளர்த்த நான்கு அருமையான நாட்கள்.
🛑 Four Days of Letting the Body Speak 🛑
Turning the school holidays into a space for creativity, a special drama and performing arts workshop was held for children in the Maliboda area at St. Anne’s Church from August 24–27.
Through movement, posture, facial expressions and physical expression, the children discovered how to express their feelings before putting them into words.
More than just drama training, these four days helped nurture self-confidence, observation, sensitivity and the courage to tell their own stories.