"ජීවිතයේ හැම දේකටම සිතයි මුල් වෙන්නෙ, සිත තමයි ශ්රේෂ්ඨ වෙන්නෙ, සිතින්මයි හටගන්නෙ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගෙ පස්සෙන් ම එනවා, තමා අත් නොහරින සෙවනැල්ල වගේ" - බුදුරජාණන් වහන්සේ -
"තණ්හාව තමයි මේ සත්වයාව උපද්දවන්නෙ. ඔහු තුළ තිබෙන සිත තමයි එහෙ මෙහෙ දුවන්නෙ. සත්වයා තමයි සංසාරෙට වැටුනේ. ඔහුට තියෙන ලොකුම භය තමයි දුක"(සංයුත්ත නිකාය » සගාථ වර්ග
ය » දේවතා සංයුත්තය » ප්රථම ජනේති සූත්රය )
“ලෝක සත්වයා වැහිලා ඉන්නෙ මරණයෙනුයි. ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ දුක මතයි. ලෝක සත්වයා දුකට ඔසවා තබන්නේ තෘෂ්ණාවෙනුයි. ජරාජීර්ණ වීම තමයි ලෝකයා පිරිවරාගෙන ඉන්නෙ.” (සංයුත්ත නිකාය » සගාථ වර්ගය » දේවතා සංයුත්තය » පිහිත සූත්රය)
“ලෝකයා බැඳී සිටින්නේ ආශාවෙනුයි. ඒ ආශාවම දුරු කිරීමෙන් ලෝකයා නිදහස් වෙයි. සියලු බන්ධන සිඳී බිඳී යන්නේ තෘෂ්ණාව නැති කිරීමෙනුයි.” (සංයුත්ත නිකාය » සගාථ වර්ගය » දේවතා සංයුත්තය » ඉච්ඡා සූත්රය)
“ලෝක සත්වයා හට ගන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන හය හටගැනීමෙන් තමයි. ඔය ආයතන හය තුළම තමයි ලෝකයා ඇලී ගැලී ඉන්නෙ. ඔය ආයතන හයටම බැඳිලා, ඔය ආයතන හය නිසාම යි, ලෝකයා දුක් විඳින්නේ.”
(සංයුත්ත නිකාය » සගාථ වර්ගය » දේවතා සංයුත්තය » ලෝක සූත්රය)
“මෙලොව සත්වයාට තිබෙන ශ්රේෂ්ඨ ධනය ශ්රද්ධාවයි. ධර්මය හොඳට පුරුදු කළොත් තමයි සැප ලැබෙන්නෙ. ලෝකයේ තියෙන රසවල් අතර වඩාත්ම රසවත් දේ තමයි සත්යය. ප්රඥාවෙන් යුතුව ගතකරන ජීවිතය තමයි ශ්රේෂ්ඨ ජීවිතය වන්නෙ.” (සංයුත්ත නිකාය » සගාථ වර්ගය » දේවතා සංයුත්තය » විත්ථ සූත්රය)
සත්යය ස්පර්ශ කිරීමට පහත ඇති වෙබ් අඩවිය පරිශීලනය කරන්නේ නම් මැනවි. http://sinhalabuddhism.blogspot.com/