නිබ්බානං පරමං සුඛං

නිබ්බානං පරමං සුඛං Let Buddhism spread all over the world.

10/11/2023

ඒ උතුම් වූ මහගු කුසල කර්මයට මුල් පුරමින් කඨින චීවර සැකසීමේ පිංකම් මාලාවේ චීවරයට පඩු පෙවීම....

Sri Seewali Dhamma school

#කඨින #බුද්ධ #ධර්ම #සංඝ

ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරංඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිංමහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සි...
10/11/2023

ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං

මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය.

උත්තුංග වූ ඒ කඨින පිංකමට මුල් පුරමින් අද ශ්‍රී සීවලී දහම් පාසල ඇතුළු ගම් වාසීන් කඨින චීවර පෙරහැර ශ්‍රීයෙන් දහම් පාසල වෙත වැඩමවා එහි තැම්පත් කරන ලදී .

Sri Seewali Dhamma school

#කඨින #බුද්ධ #ධර්ම #සංඝ

21/10/2023

"මම ඇත්තටම පැමිනියේ මේ අපේ තරුණ දරුවන් පිරිසක් එකතු වෙලා Voice For Elephants කියලා සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙනවා. ඒකෙන් මට ආරාධනා කෙරුවා. නැත්නම් මම සංවිධානය කෙනෙක් නෙමේ. ඉතින් මම අද මාගෙ වැඩ නවත්තලා ආවේ මේ තරුණ දරුවෝ එකතු වෙලා අපේ රටේ සම්පත් මේ විදියට විනාශ වෙන එක වළක්වා ගන්න කරන කාර්යයට ඒ පිරිසට උදවුවක් වෙන්න"
-තිස්ස ජනනායක ගුරුතුමා.

තිස්ස ජනනායක ගුරුතුමනි ඔබතුමා අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගෙ හෘදයාංගම කෘතඥ පූර්වක ස්තූතිය මෙසේ සඳහන් කර සිටින්නෙමු....🙏

Voice For Elephants Sri Lanka අප විසින් සිදු කරන සාධනීය පියවර දැක ඒ උදෙසාම සහය දීමේ අරමුණින් දහසකුත් රාජකාරි මැද එතුමාගෙ රාජකාරි පසෙකලා අප වෙනුවෙන්ම කරන ලද එතුමාගේ සහභාගිත්වය අපහට මහත් ශක්තියක් ධෛර්යයක් වූ බව සඳහන් කලයුත්තක්මය... හෘද සාක්ෂියට එකඟවම ඔබතුමා අලි ඇතුන් වෙනුවෙන් ඇති ආදරය අනුකම්පාව නිසාවෙන්ම මේ සදහා සහභාගි වූ බවත් අප වෙනුවෙන්ම නියෝජ්‍ය කල බවටත් මතක් කල යුතුමය.

ස්වාධීනව අලි ඇතුන් වෙනුවෙන්ම යහපතක් කරන අරමුණම පමනක් මුල් කරගෙන ක්‍රියාත්මක වෙන අපට ඔබගේ ඉදිරි සහයෝගය මහත් ශක්තියක් වනු ඇත..

Voice For Elephants Sri Lanka





27/08/2023

දෙව්පුර ඇතු පිට කරඬුව තැබුවේ...
නැට්ටුවෝ තාලෙට පාදය තැබුවේ...
ජීවමාන බුදු වඩිනා මගුලට....
එක්වෙමු සාදු කියා....

පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේයේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ ...
15/11/2020

පරේ ච න විජානන්ති – මයමෙත්ථ යමාමසේ
යේ ච තත්ථ විජානන්ති – තතෝ සම්මන්ති මේධගා

“මේ විදිහට කෝළාහල කරගන්ට ගියොත්, අපිමයි විනාශ වෙන්නේ කියල” මේ කෝළාහල කරන උදවිය දන්නෙ නෑ. නමුත් මේ කෝළාහල වලින් වැනසෙන්නෙ අපිමයි කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුළින්මයි කෝළාහල සංසිඳෙන්නේ.

(කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි)

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයාමනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වාතතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං ජීවිතය...
08/06/2020

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.

(ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි )
උපුටා ගැනිම​:http://darshanadharmasena.blogspot.com/p/blog-page_28.html?m=1

යේ ධම්මා හේතුප්පභවා තේසෙං    හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ      එවං වාදී මහාසමණෝ"හේතුවෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙත් ...
06/06/2020

යේ ධම්මා හේතුප්පභවා තේසෙං හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදී මහාසමණෝ

"හේතුවෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙත් ද ඒ ධර්මය හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේද එය ද දේශනා කළ සේක. මහාශ්‍රමණ වූ ඒ තථාගතයන් වහන්සේ මෙබඳු දේශනාවක් කරන්නෙකි,

(අස්සජි මහරහතන් වහන්සේ)

Address

Pannipitiya
Maharagama
10230

Website

Alerts

Be the first to know and let us send you an email when නිබ්බානං පරමං සුඛං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share