National Calvary Shrine - Maggona

National Calvary Shrine - Maggona Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Calvary Shrine - Maggona, Catholic Church, National Calvary Shrine, Maggona.

ශ්‍රී ලංකාවේ ඉපැරණි කල්වාරිය ලෙස සැලකෙන මග්ගොන කල්වාරිය බොහෝ බැතිමතුන්ගේ ජනාදරයට පත්වී ඇති වන්දනා ස්ථානයක්. අළු බදාදායින් ඇරඹෙන චතාරික සමය තුළ මෙම කල්වාරියට දහස් සංඛ්‍යාත කිතු බැතිමත්හු පැමිණ තමන්ගේ චතාරික වත් පිළිවෙත් ඉටුකරනවා. ශ්‍රී ලංකාවේ ඉපැරණි කල්වාරිය ලෙස සැලකෙන මග්ගොන කල්වාරිය බොහෝ බැතිමතුන්ගේ ජනාදරයට පත්වී ඇති වන්දනා ස්ථානයක්. අළු බදාදායින් ඇරඹෙන චතාරික සමය තුළ මෙම කල්වාරියට දහස් සංඛ්‍යාත

කිතු බැතිමත්හු පැමිණ තමන්ගේ චතාරික වත් පිළිවෙත් ඉටුකරනවා. මෙම වන්දනා ස්ථානයේ අතීතය පිළිබඳව සලකා බලන කල 1891 දී නිමල මරිය නිකායේ පියවරුන් සාන්ත විසෙන්ති නිවාසය පාලනය කිරීමට බාරගත් අවධිය තෙක් දිව යනවා. මෙම ආයතනයේ විසු ගරු ජෝශප් ගොන්සාල්වෙස් ස්වදේශීය ප්‍රැන්සිස්කාන සහෝදර තුමා විසින් මෙම කල්වාරිය නිර්මාණය කිරීම සඳහා පෙළඹෙනවා. ළමා නිවාසය හා චරිත ශෝධනාගාරයේ දරුවන්ගේ සහයෙන් මහ වනය එළි පෙහෙලි කර කඳු මුදුනේ බැම්මක් හා විශාල ලී කුරුසයක් සිටුවා ස්ථාන 13 ට කුඩා ලී කුරුස සිටුවා තිබෙනවා. පාද නමස්කාරය කිරීමට හැකිවන අයුරින් කල්වාරියේ වැඩ කටයුතු සෑහෙන අන්දමකට නිමා කරලා තියෙනවා. එවකට පාලකව සිටි ගරු ඉසිදෝර් බෙල් නි.ම.නි. පියතුමා විසින් වසර 1900 දී මෙම කල්වාරිය ආසිරි ගන්වා ප්‍රථම මංගල්‍ය දිව්‍ය පූජාව සිදු කර ඇති බව සදහන්. වසර 1905 දී ගරු බෙල් නි.ම.නි. පියතුමා රෝමයට ගිය අවස්ථාවේදී මග්ගොන කල්වාරියට ක්‍රිස්තුන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ ලෝකඩ ප්‍රතිමාවක් අවශ්‍යතාව තිබු බව දැනගත් හෙයින් රෝම නුවරින් එම ප්‍රතිමාවක් ලබා ගැනීමට එතුමාට හැකිවෙනවා. වසර 100 ටත් වඩා පැරණි අතීතයක් ඇති එම ලෝකඩ ප්‍රතිමාව අදත් මග්ගොන කල්වාරි කඳු මුදුනේ පිහිටා තිබෙනවා. මේ අන්දමින් මෙම කල්වාරියේ ඉතිරි වැඩ කටයුතු නිම කිරීම සඳහා බොහෝ පරිත්‍යාග ශීලීන් දායක වූ අතර බෝහෝ දෙනෙකුගේ උදව්වෙන් මෙම කල්වාරිය අංග සම්පූර්ණ වන්දනා ස්ථානයක් බවට පත් කර තිබෙනවා. 1966 වර්ෂයේ මාර්තු මසදී නව ජෙත්සෙමෙනි උයන කොළඹ පදවියේ අනුනායකව සිටි අතිගරු බැසිල් වීරතුංග පියතුමා විසින්ද ආසිරි ගන්වා විවෘත කරන තිබෙනවා. කල්වාරියට අඩුවක්ව පැවති මහ සිකුරාදා තුන්පැය ධ්‍යානය සඳහා උපයෝගී කරගන්නා ප්‍රතිමාව හා ලී කුරුසය ගරු මයිකල් කෲස් පියතුමන්ගේ පාලන කාලයේදී ලබා ගැනීමට හැකිවෙනවා. එම ප්‍රතිමාව දියලගොඩ මංසන්ධියේ සිට බැතිමතුන් සඳහා වූ පෙරහරකින් කල්වාරිය දක්වා දුක් ගී ගැයීමෙන් හා පාදනමස්කාර යෙන් ගෙන ආ බව සඳහන් වෙනවා. මෙම පුදබිමේ 75 වෙනි ජුබිලි සමරුව ශුද්ධාසනයේ ශ්‍රී ලංකා නියෝජිතව සිටි අති උතුම් කාර්ලෝකුරිස් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ඉතා ගාම්භීරව සිදු කෙරිණි. වසර 124 ක අතීතයකට හිමිකම් කියන මග්ගොන ඓතිහාසික කල්වාරිය ජාතික පුදබිමක් ලෙස 2008 වසරේදී රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Address

National Calvary Shrine
Maggona
12060

Website

Alerts

Be the first to know and let us send you an email when National Calvary Shrine - Maggona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share