St. Jude Church Pothuwila

St. Jude Church Pothuwila God bless you.

02/04/2026

පොතුවිල මීසම
මාදම්පේ

මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පුජාවන්
පොතුවිල සවස 5 ට
තරන සවස 5 ට
කෝපිවත්ත සවස 7 ට
රත්නගිරිය සවස 7 ට

මහ සිකුරාදා
රත්නගිරිය සවස 3 ට

අලේලුයියා සෙනසුරාදා දිව්‍ය පුජාවන්
පොතුවිල සවස 8.30
තරණ සවස 8.30
කෝපිවත්ත සවස 6.30
රත්නගිරිය සවස 6.30

මහා බ්‍රහස්පතිදා දිනය යනු කිතුනු අපේ ශුද්ධවූ සතියේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වන අතර, එය පාස්කු කාලයේ ආරම්භය සනිටුහන් කරයි....
02/04/2026

මහා බ්‍රහස්පතිදා දිනය යනු කිතුනු අපේ ශුද්ධවූ සතියේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වන අතර, එය පාස්කු කාලයේ ආරම්භය සනිටුහන් කරයි. මෙම දිනයේ වැදගත්කම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත පදනම් වේ: එනම් ජේසු සමිඳුන් විසින් ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම හා පූජකවරය නම් වූ ප්‍රසාද නිධානය ස්ථාපිත කිරීමයි. විශේෂයෙන්ම තමන් වහන්සේ පාවා දෙනු ලැබීමට පෙර තම ගෝලයන් සමඟ අවසන් භෝජනය වැළඳූ උන්වහන්සේ, එහිදී රොටි සහ මිදි යුෂ තම ශරීරය සහ ලේ ලෙස ආශිර්වාද කර දායාද කිරීම තුළින් කිතුනු ජීවිතයේ කේන්ද්‍රස්ථානය වන දිව්‍ය පූජාව හා ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලොවට හඳුන්වා දෙන ලදී.

නිහතමානි භාවය තුල ජේසු සමිඳුන් තම ගෝලයන්ගේ පාද සෝදමින් පෙන්වා දුන් උතුම් ආදර්ශය තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට ගෙන ඒමට උත්සාහ කළ යුතුය. අනුන්ගේ වැරදිවලට සමාව දීමටත්, උස්පහත් භේදයකින් තොරව අසරණයන්ට පිහිට වීමටත් අපි යොමු විය යුතු බව උන්වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වූ සේක. එසේම, මෙම දිනයේ පවත්වනු ලබන දිව්‍ය පූජාවන්ට සහ ඉන් අනතුරුව කෙරෙන ශුද්ධවූ පැයේ වන්දනාවන්ට බැතියෙන් සහභාගී වෙමින්, උන්වහන්සේගේ දුක්ප්‍රප්තියට අපි සැවොම සහභාගී වෙමු.

Merry Christmas 2025 🌍🌲☃️
24/12/2025

Merry Christmas 2025 🌍🌲☃️

ශු.ජූඩ් මුණිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2025.⛪පොතුවිල මීසම,මාදම්පේ. .
14/10/2025

ශු.ජූඩ් මුණිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2025.⛪

පොතුවිල මීසම,මාදම්පේ.
.

පොතුවිල මීසමේ ශු.ජූඩ් අපෝස්තුළු තුමන්ගේ  දෙව්මැදුර ආසිරි ගැන්වීම.
13/08/2025

පොතුවිල මීසමේ ශු.ජූඩ් අපෝස්තුළු තුමන්ගේ දෙව්මැදුර ආසිරි ගැන්වීම.

24/07/2025
✝️✝️ ලෝවම බලා සිටි "සුදු දුම් සංඥාව"🤍🤍💨💨💨 sistine chapel තුලින් නිකුත්වේ. ලෝවට නව පාප්තුමේකු තේරිපත්විය.😍✝️😍🙏
08/05/2025

✝️✝️ ලෝවම බලා සිටි "සුදු දුම් සංඥාව"🤍🤍💨💨💨 sistine chapel තුලින් නිකුත්වේ. ලෝවට නව පාප්තුමේකු තේරිපත්විය.😍✝️😍🙏

Rest In Peace  Pope Francis.St.jude church pothuwila.
21/04/2025

Rest In Peace Pope Francis.

St.jude church pothuwila.

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයි ❤️
17/04/2025

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා දිනය අදයි ❤️

අප්‍රේල් 17 වන දින සුබ අස්න – ශු. ජොහාන් 13: 1 - 151 තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව...
17/04/2025

අප්‍රේල් 17 වන දින සුබ අස්න – ශු. ජොහාන් 13: 1 - 15

1 තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
2 රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි. 3 පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන, 4 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. 5 ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. 6 උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, ”ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. 7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. 8 එවිට පේදුරු, ”මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. 9 එවිට සීමොන් පේදුරු, ”ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. 10 ජේසුස් වහන්සේ ද, ”ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. 11 ”හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.
12 මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: ”මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? 13 ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. 14 ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. 15 මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.

Address

Kurunegala Road, Pothuvila, Galmuruwa
Madampe
SRILANKA.

Website

Alerts

Be the first to know and let us send you an email when St. Jude Church Pothuwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share