30/08/2026
57 වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් දහවල සඟසතු දානමය පූජාව මෙවර නාත්තන්ඩිය වීරහේන විද්යාරත්න මහ පිරිවෙනේදී සිදු කරන ලදී..
පින්කම නෙළුම්පොකුණ ශ්රී සිරිවර්ධනාරාමාධිපති , මාදම්පා ප්රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්රධාන ලේඛකාධිකාරී, විචිත්රභාණී ගෞරවාර්හ අපේ මාකඳුරේ සීලරතනාභිධාන ස්වාමීන්ද්රයන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්, විහාරයේ දායක නිශ්ශංක ගල්කිස්ස තරුණ මහත්මාගේ ප්රධාන දායකත්වයෙන් හා විහාරස්ථාන දායක කාරකාදීන්ගේ සෙසු දායකත්වයෙන් හා සංවිධානයෙන් සිදුවිය.
විශේෂයෙන් මෙයින් වසර 12ට පෙර අපවත් වී වදාළ අප විහාරස්ථානය මුල්කොට ජාතික ,ආගමික, ශාසනික, අධ්යාපනික හා ශාස්ත්රීය මහත් මෙහෙවරක් සිදු කළ විහාරාධිපති ගෞරවාර්හ දෙමටව ශ්රී බුද්ධිජීව අභිධාන මහා ස්වාමීන්ද්රයන්වහන්සේ ඇතුළු ආදි සංඝ යතීන්ද්රයන්වහන්සේලාට, උන්වහන්සේලාගේ දෙමව්පියාදීන්ට හා පරලෝසැපත් සියලු දායකකාරකාදීන්ට පුණ්යානුමෝදනා කරන ලදී.
මෙම පින්කම මේ අයුරින් සිදු කරගැනීමට අවස්ථාව ලබා දුන් නාත්තන්ඩිය විද්යාරත්න මහා පිරිවෙන් වැ.බ. කෘත්යාධිකාරී ශාස්ත්රපති පණ්ඩිත ගෞරවාර්හ අපේ නිවන්දම ධම්මිස්සර ස්වාමීන්ද්රයන්වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරමි.