Sith Sanasana Budu Bana සිත් සනසන බුදු බණ

Sith Sanasana Budu Bana සිත් සනසන බුදු බණ කුරුණෑගල රබේ වෙහෙරගල රජමහා විහාරය දේවන පෑතිස් රජසමයේ සිට පැවතගෙන එන විහාරස්ථානයකි.

23/04/2026
බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා......
08/04/2026

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා මොහොතකින් අපගේ "මහා කාෂ්‍යප" මහරහතන් වහන්සේ බුද්ධ සාසනයට අනාගතයේ සිද්ධවෙන අනතුර දැක්කා...
ඒ නිසා උන් වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් පලමු ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻පලමු ධර්ම සංගායනාව...👇
https://www.facebook.com/share/p/1XVurzrPLC/

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා වසර 100ක් ගිය තැන යලිත් බුද්ධ සාසනයට අනතුරක් ආවා..අලජ්ජි භික්ෂූන්ගේ දස ඇකප වස්තූන් නිසා ත් දුස්සීල සංඝයා නිසාත් එකල රහතන් වහන්සේලා තීරණය කලා දෙවන ධර්ම සංගායනාව තියන්න...

ඒ අනුව යස,රේවත,සාළ්හ කියන මහරහතන් වහන්සේලා එක් වී දෙවන ධර්ම සංගායනාව සිද්ධ කලා..

🔻දෙවන ධර්ම සංගායනාව..👇
https://www.facebook.com/share/p/1AhyG9aZto/

ඒ දෙවන ධර්ම සංගායනව සිද්ධ කල මහරහතන් වහන්සේලා අනාගතය බලද්දි, දැක්කා මීටත් වඩා දරුණු අනතුරක් අනාගතයේ සිද්ධ වෙන බව..

දෙවන ධර්ම සංගායනාවෙන් තවත් වසර 118ක් ගිය තැන බුද්ධ සාසනයට වෙන දරුණු පරිහාණියෙන් බේර ගන්න රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජයෙකුට මනු ලොවට වඩින්න ආරාධනා කලා..

ඒ බ්‍රහ්ම රාජයා තමයි අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ.. උන් වහන්සේගේ අසිරිමත් කතාව මෙතන තියෙනවා..👇
🔻https://www.facebook.com/share/1Do63F2D2H/

උන් වහන්සේ පහල වෙනකොට දඹදිව ඒකචත්‍ර කලේ ධර්මාශොක අධිරාජයායි.. එතුමාත් බුද්ධ සාසනය රැක ගැනීම පිණිසම සසරේ මහා පිනක් උරුම කරන් ආව කෙනෙක්...ඒ විශ්මිත කතාව මෙතන තියෙනවා බලන්න..👇
🔻https://www.facebook.com/share/1Dyc89kPPk/

🚩 නිකාය 18ක්..

දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ, 10,000ක් දුස්සීල භික්ෂූන් සාසනෙන් නෙරපුවා..
ඔවුන් "මහාසංඝික" නමින් වෙනම නිකායක් ඇතිකරගත්තා...

ඒ "මහාසංඝික" භික්ෂූන්ගෙන් කොටස් දෙකක් බිඳී ගියා.. "ගෝකුලිකවාදය" සහ "ඒකබ්බෝහාරික" කියා නිකායන් දෙකක් ඇතිවුනා.

ගෝකුලිකවාදී භික්ෂු නිකායේ තව කොටස් තුනක් කැඩී ගියා..
ප්‍රඥප්තිවාදී / බාහුලිකවාදී / චේතියවාදී/ යන ලෙසයි..

ආයෙමත් ස්ථවිරවාදී සංඝයාගෙන් බිඳිලා "මහිංසාසක" නමිනුත් "වජ්ජිපුත්තක" නමිනුත් මේ නිකාය දෙකක් ඇතිවුනා.

මේ වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂූන් තවත් සතර කොටසකට බෙදී ගියා..
ඒ ධම්මුත්තරිය /භද්‍රයානික / ඡන්නාගරික / සම්මිතීය / වශයෙනි.

ඒ වගේ ම මහිංසාසක භික්ෂු පිරිසට අයත් නිකායෙනුත් තව කොටස් දෙකක් බිහිවුනා. "සර්වාස්ථිවාදී" නිකායත් "ධර්මගුප්තික" නිකායත් වශයෙනි...

ඔය සර්වාස්ථිවාදි නිකායෙන් තමයි මුහුද මැද රහතන් වහන්සේ නමක් තවමත් වැඩ ඉන්නවා කියන සංස්කෘත කතාව ලිව්වේ..

"සර්වාස්තවාදී" භික්ෂු නිකායෙන්...
"කස්සපීය / සංක්‍රාන්තික / සූත්‍රවාදී නමින් නිකායයන් තුනක් බිහිවුනා.

ඔය විදියට නිකාය 18කට බුද්ධ සාසනේ සංගයා බෙදිලා ගියා..

🚩 අනතුර දැකපු මොග්ගලිපුත්තයන් වහන්සේ..

මේ නිකාය බෙදිලා සංඝයා දුස්සීල වෙලා සාසනයට වෙන හානික බ්‍රහ්ම ලෝකේ ඉදලා බුද්ධ සාසනය රැක ගන්න ආපු මොග්ගලිපුත්ත තිස්ස මහා තෙරුන් දුටුවා..

හැබැයි උන් වහන්සේ අපි වගේ කලබල වුනේ නෑ..රහතන් වහන්සේලා වෙලාව එනකං ඉන්නවා..ඒ වගේම උපක්‍රමශීලිව බුද්ධ සාසනයේ දියුණුවට කටයුතු කරනවා..

ඒ නිසාම සසනය පිරිසිදු කරන්න කාලය එන තෙක්
ගංගා නම් වූ ගංගාවට උඩු පැත්තේ පිහිටි "අහෝගංග" පර්වතයට වැඩම කොට විවේකීව සත් වර්ෂයක් නිහඬව වැඩසිටියා...

🚩 සත් අවුරුද්දක් පොහෝය කර්මය නෑ..

තමන්ම සිවුරු පොරොවා ගෙන සිටි තීර්ථකයන් බොහෝ පිරිසක් ඒ වෙනකොට සාසනේ සිටියා.. ඔවුන් සංඝයාගේ අවවාද වලට අකීකරු වුනා...

ඒත් ජනයාට ඔවුන් දුස්සීල බව පෙන්නා දීලා ධර්මානුකූලව ඔවුන්ව සංඝයාගෙන් බැහැර කරන්ට සිල්වත් භික්ෂූන් වහන්සේලාට බැරිවුනා..

ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් හේතුවෙන් දඹදිව සියලු විහාරආරාමවල භික්ෂූන් වහන්සේලා "සත් අවුරුද්දක්" ම පොහොය කිරීම් ආදී විනය කර්මයන් කරන්ට නොහැකිව සිටියා..

🚩 සංඝයා ඝාතනය කරයි..

සාසන හිතෛෂී මහා යසපිරිවර ඇති "ධර්මාශෝක" මහරජ්ජුරුවන්ට භික්ෂූන්ගේ පොහොය නොකිරීම ගැන දැනගන්ට ලැබුනා... මේ ගැන සොයා බලන්න ඔහු එක් අමාත්‍යවරෙයෙක් ට කතා කලා..

"‘එම්බා අමාත්‍යය, මාගේ අශෝකාරාමයෙහි පොහෝ ය නොකිරීමට හේතු වූ අර්බුදය සොයා බලා, වහාම භික්ෂු සංඝයා ලවා පොහොය කිරීමාදිය කරන්ට සලස්සව"’..
කියලා පිටත් කෙරෙව්වා.

ඒ ඇමැති මඳ නුවණින් යුතු කෙනෙක්... ඔහු අශෝකාරාමයට ගිහින් භික්ෂු සංඝයාව රැස් කෙරෙව්වා..රැස් කරවලා..

"රජුගේ අණ පරිදි නුඹලා දැන් පොහොය කල යුතුයි..!’ කියලා නියෝග කලා..

‘"හොරට සිවුරු පොරොවා ගෙන සිටින අන්‍යතීර්ථකයන් එක්ක අපි පොහොය කරන්නේ නෑ’" කියලා, සිල්වත් භික්ෂු සංඝයා ඒ මෝඩ සිතින් යුතු අමාත්‍යයාට පිළිතුරු දුන්නා...

එතකොට ඒ අමාත්‍යයා...
‘"හොඳයි එහෙනම් හිටපල්ලා මං පොහොය කරවන්නම්"’..
කියලා කඩුවක් ගෙන පිළිවෙළින් වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා කීප නමකගේ ම හිස ගසා දැම්මා..

🚩 පෙරට ආ ධර්මාශෝක රජුගේ මල්ලි...

ධර්මාශෝක රජතුමා ඔහුගේ සියලු සහෝදරයන් මැරුවත් එකම සහෝදරයෙක් ඉතුරු වුනා...
ඔහු තමයි "තිස්ස" කුමාරයා...

තිස්ස කුමාරයා ජිවිතේ ගැන කලකිරිලා අශෝක රජුගෙන් අවසර අරගෙන පැවිදි වුනා..
එදා අර මෝඩ ඇමතියා සංඝයා ඝාතනය කරද්දි,
ඒ "තිස්ස" ස්වාමින්වහන්සේ ත් එතන වැඩ සිටියා..

උන් වහන්සේ අනතුර වලක්වන්න පෙරට වැඩම කරලා, ඊළඟට කඩු පහරට මුහුණ දීම පිණිස ඔහුට ළඟම වූ ආසනයෙහි වාඩිවුනා...

"තිස්ස" තෙරුන් දුටුව ඒ මෝඩ ඇමතියා පසු බැස්සා..ආපසු ගිහින් මහරජ්ජුරුවන්ට දැනුම් දුන්නා..

ඒ සියලු විස්තර ඇසූ ධර්මාශෝක රජුගේ සිරුරේ මහත් දාහයක් හටගත්තා...මේ මෝඩ ඇමතියා නිසා මං කරගත්ත අපරාදයක් කියලා ශෝක වුනා..

මහත් සේ සසල වී ගිය සිතින් යුතු රජ්ජුරුවෝ වහ වහා භික්ෂූන් වහන්සේලා බැහැදකින්ට ගියා..

"‘අනේ ස්වාමීනී, මා භික්ෂූන් ඝාතනය කරවන්ට කිසිවෙක් එව්වේ නෑ. මේ කරන ලද දේ නිසා පව් රැස් වුනේ කාටදැ’" යි කියා ඇසුවා..

ඒ භික්ෂූන් අතර සිටි දුස්සීල භික්ෂූන්...
‘මහරජ්ජුරුවෙනි, මෙයින් තොපට පව් රැස්වුනා’ කියලා කිව්වා.

ඒත් නුවණැති භික්ෂූන් වහන්සේලා රජුගෙන් මෙහෙම ඇහුවා...

‘මහරජ්ජුරුවෙනි, මේ අමාත්‍යයා එහි ගොස් භික්ෂූන් නසාවා! යන සිත ඔබට ඇති වුනාද???

"ස්වාමීණි, මා තුළ එබඳු චේතනාවක් ඇති වුනේ නෑ’ ‘භික්ෂු සංඝයා සමගිව පොහොය කරත්වා! යන චේතනාවෙන් ම ඔහුව පිටත් කලේ"’..

‘එසේනම් මහරජ, මෙහිලා කුසල් සිතක් මිසක් භික්ෂූන් ඝාතනය කරවීමේ චේතනාවක් ඔබට නැති නිසා පව් සිදුවුනේ නෑ’"

‘ස්වාමීනී, මා තුළ ඇති වූ මේ විමතියන් දුරුකොට යළි බුද්ධ ශාසනය නගා සිටුවන්නට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ද?’

"‘මහරජ්ජුරුවෙනි, ඔබගේ ඔය සියලු අදහස් සඵල කරදිය හැකි මොග්ගලීපුත්ත තිස්ස මහා තෙරපාණන් වහන්සේ වැඩසිටිනවා’"
කියලා සංඝයා පිළිතුරු දුන්නා...

🚩 මහා පිංවතුන් දෙදෙනෙකුගේ මුණ ගැසීම..

එය ඇසූ රජ්ජුරුවන්ගේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හටගත්තා..
උන් වහන්සේ වැඩ සිටින්නේ හුදකලාවේ බව රහතන් වහන්සේලාගෙන් අසා දැනගත් රජු,
එදා ම 8000ක් පිරිවර යැව්වා මොග්ගලීපුත්ත මහා තෙරුන් වඩම්මවන්න...

මොග්ගලිපුත්ත මහාරහතන් වහන්සේ දැන ගත්තා දැන් තමයි දුස්සීල භික්ෂූන් බැහර කරලා,ධර්ම සංගායනාව කිරීමට කාලය බව..

ඒ සඳහා රජුගේ අනුග්‍රහය ගන්න බලාගෙන, උන් වහන්සේ රජු බැහැ දකින්න කැමති වුනේ නෑ..

රජතුමා ආයෙත් 16,000ක පිරිසක් යැව්වා..උන් වහන්සේ ඒත් කැමති වුනේ නෑ..
රජු මේ ගැන රහතන් වහන්සේලාගෙන් විමසා සිටියා...නුවැණති රහතුන් රජුට මෙහෙම කිව්වා..

රජුනි, ඔබ මෙසේ පණිවිඩයක් යවන්න..
‘ස්වාමීනී, අප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒ උතුම් බුදු සසුන යළි නගා සිටුවීම පිණිස අපට උපකාරී වුව මැනව’ කියා මහරජ්ජුරුවෙනි ඔය අයුරින් ඇරයුම් කළෝතින් අපගේ ස්ථවිරෝත්තමයන් වහන්සේ වැඩම කරාවි.

රජු ඒ අයුරින්ම ලියා පිරිස පිටත් කලා..
මහා තෙරුන් වහන්සේ වඩින්න කැමති වුනා..පිරිසත් සමග නැවක නැගී ගංගා නම් ගඟේ සිට පාටලීපුත්‍ර නගරයේ වරායට සේන්දු වුනා.. මහරජ්ජුරුවෝ උන්වහන්සේව පිළිගැනීමට පෙර ගමන් කළා.

රජ්ජුරුවෝ දණක් පමණ වතුරට බැස්සා..
නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුක්තව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දිගු කළා..

මහරජ්ජුරුවන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් සහ බුද්ධ සාසනයට අනුග්‍රහ පිනිස, අපගේ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් ම රජ්ජුරුවන්ගේ දකුණු අතෙහි එල්ලී ගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැඩියා..

🚩 මහා පොළව සොළවයි...

රජතුමාට මොග්ගලිපුත්ත තෙරුන් වහන්සේ ගැන සොයා බලන්නට හිතුනා..රජු මෙහෙම ඇහුවා..

‘ස්වාමීනී, මම ප්‍රාතිහාර්යයක් දකින්ට කැමතියි’

‘මහරජ්ජුරුවෙනි, මොන වගේ ප්‍රාතිහාර්යයක් ද දකින්ට ආසා?’

‘ස්වාමීනී, මහපොළොව සෙලවෙනවායි දකින්ට ආසයි’

‘මහරජ්ජුරුවෙනි, මුළු මහත් පොළෝ තලය ම සෙලවෙනවා දකින්ටද ආසා, එහෙම නැත්නම් එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙනවා දකින්ට ද?’

‘ස්වාමීනී, ඔය ප්‍රාතිහාර්ය දෙකින් වඩාත් අසීරු කුමක් ද?"

" මහරජ්ජුරුවෙනි, එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙන්ට සැලැස්සීම යි අසීරුයි "

" එහෙමනම් ස්වාමීනී, මං එක් ප්‍රදේශයක් පමණක් සොලවා දමන ප්‍රාතිහාර්යය දකින්ටයි ආසා."

එතකොට අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ යොදුනක ප්‍රදේශය සීමා කෙරෙව්වා... ඒ ඇතුළත සතර දිසාවේ රථයකුත්, අශ්වයෙකුත්, මිනිසෙකුත්, ජලය මුවවිට දක්වා පුරවන ලද පාත්‍රයකුත් තැබ්බෙව්වා...
එසේ තබ්බවපු රථ ආදියත්, යොදුනක ප්‍රමාණ වූ මහපොළොව ත් සෙලවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජ්ජුරුවන්ට ඉර්ධි බලයෙන් දකින්ට සැලැස්සුවා.

අතිශය සතුටු වූ රජු.. තමන්ගේ ඇමැතියෙකු විසින් භික්ෂූන් වහන්සේලා ඝාතනය කරවපු පාපය තමන්ටත් අයිති වුනාද නැද්ද කියලා අපගේ තෙරුන් වහන්සේගෙන් ඇහැව්වා...

එතකොට අප තෙරුන් වහන්සේ
‘මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි’ යන බුද්ධ වචනය පෙන්වා වදාළා..
කිළිටි චේනාවක් නොමැතිව සිටි නිසා පාප කර්මයකට කාරණාවක් නැතැයි අවබෝධ කරවා දුන්නා... තිත්තිර ජාතකයෙනුත් තවදුරටත් කරුණු පහදලා දුන්නා...

මොග්ගලිපුත්ත මහා තෙරුන් බුද්ධ සාසානය පිරිසිදු කල යුතු බවට රජුට දැන්වූවා...රජු මහත් කැමැත්තෙන් ඒ අදහස පිලිගත්තා..

🚩 විභජ්ජවාදීන්...

සතියක් ඇතුළත ධර්මාශෝක රජ්ජුරුවෝ යකුන් දෙදෙනෙකු පිටත් කරවලා දඹදිව වසන ධර්මවාදී අධර්මවාදී සියලු භික්ෂූන් අශෝකාරාමයට රැස් කෙරෙව්වා.

ධර්ම ශාලාවේ තිරයක් ඇදලා, ඇතුළ තමාත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේත් පමණක් සිටියා..එක් එක් මතවාද දරන්නා වූ භික්ෂූන් වහන්සේලා වෙන් වෙන්ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තා..

ඊටපස්සේ රජ්ජුරුවෝ..අර ස්වාමින් වහන්සේලාගෙන් මෙහෙම අහනවා..

‘ස්වාමීනී, සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසන සේක් දැයි’

ධර්මවාදී භික්ෂූන් මෙහෙම කිව්වා. ‘මහරජ්ජුරුවෙනි, අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතනාදී වශයෙන් බෙද බෙදා ධර්මය වදාළ හෙයින් විභජ්ජවාදී වන සේකැ’යි කියලා.

එතකොට මහරජ්ජුරුවෝ ‘ස්වාමීනී, අපගේ සුගතයන් වහන්සේ විභජ්ජවාදී වන සේක් ද?’යි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ඇසුවා...

‘එසේය, මහරජ්ජුරුවෙනි,’ කියා වදාළා. එතකොට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් ධර්වාදීන් බව දැන සතුටට පත් වුනා...

එතකොට දුස්සීල භික්ෂූන් ගෙන් අහද්දි,ඒ භික්ෂූන් වහන්සේලා බාහිර සාසනවලට අයත් මතිමතාන්තරයන් කියමින්, සදාකාලික ආත්මයක් ගැන කියන හෙයින් සුගතයන් වහන්සේ ශාස්වතවාදී ය යනාදී වශයෙන් තම තමන්ගේ මත කියන්ට පටන් ගත්තා..

එතකොට රජ්ජුරුවෝ මිත්‍යාදෘෂ්ටික වූ ඒ සියලු භික්ෂූන් ව සිවුරු හැරෙව්වා. එසේ සිවුරු හරවාලූ පිරිස සැට දහසක් වුනා...

ඔය විදියට මොග්ගලිපුත්තයන් වහසේ සහ ධර්මාශෝක රජු එක්වී සම්බුද්ධ සාසනය පිරිසිදු කලා...

වසර 07 ට පසු සිල්වත් සංඝයා වහන්සේලා සමගිව පොහොය උපෝසථ කළා..🙏🙏🙏

🚩 තුන්වන ධර්ම සංගායනාව..

දුස්සීල සංගයා බැහැර කල පසු මොග්ගලිපුත්තයන් වහන්සේ තෙවන ධර්ම සංගායනාව සිද්ධ කරන්න තීරණය කලා...

ඒ අනුව ධර්මයේ විශාරදභාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී, රහත් භික්ෂූන් වහන්සේලා දහස් නමක් තෝරා ගත්තා.

අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, යස මහ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, එසෙයින් ම අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද තුන්වෙනි ධර්ම සංගායනාව කොට වදාළා.

ඒ තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්දනය කරන්නා වූ කථාවස්තු නමැති ප්‍රකරණය වදාළා.

මේ විදිහට ධර්මාශෝක රජ්ජුරුවන් විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත්වුනා...

ගෞතම බුද්ධ සාසනය තවත් බොහෝ කාලයක් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස පවතින බවට මහා පොළව කම්පා වෙමින් සාක්ෂි දැරුවා..

අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගෞතම සම්බුදු සසුනේ චිරස්ථිය උදෙසා සියලු කටයුතු සම්පාදන කොට පිරිණිවන් පා වදාලා..

ඒ වගේම අපගේ ධර්මාශෝක නිරිඳුන් ද ලංකාද්වීපයේ ඉපදි, කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ නමින් පිරිණිවන් පා වදාලා..🙏🙏🙏

මේ විදියට අපගේ මහරහතන් වහන්සේ ගෞතම බුද්ධ සාසනය වසර 5000ක් කල් සුරැකීම පිණිස ධර්ම සංගායනාවන් සිද්ධ කොට වදාලා..
උන් වහන්සේලා මේ සියල්ලක්ම සිදු කලේ උන්වහන්සේලා උදෙසා නොව අනාගතයේ පහල වන අප උදෙසාමය..

අප සියලු දෙනාටම සම්බුදු සසුනේ පහස ලබන්නට, ධර්ම සංගායනාවන් සිදුකල සියලු මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

Copied - Rangana Ruwanpura

බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ සාසනය වසර පන්දහසක් කල් පිහටවපු එකක්..ඒත් සමහර කාලවල බුද්ධ සාසනය පිරිහිලා යනවා..හැබැයි ඒ පිරිහ...
29/03/2026

බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ සාසනය වසර පන්දහසක් කල් පිහටවපු එකක්..
ඒත් සමහර කාලවල බුද්ධ සාසනය පිරිහිලා යනවා..හැබැයි ඒ පිරිහුනු හැම මොහොතකම කවුරුන් හෝ බුද්ධ සාසනය රැක ගන්න පෙරට ආවා...සමහරු දෙව්ලොවින් ආවා..සමහරු බඹලොවින් ආවා..මේ එහෙම බඹ ලොවින් ආපු මහා උත්තමයෙක් ගැන කතාවක්..

🚩 භයානක අනාගත අනතුර..

දෙවන ධර්ම සංඝායනාව සිදු වුනේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 100කින්..
එකල මහා ලොකුවට බුද්ධ සාසනේ පිරිහිලා තිබුනේ නෑ..අලජ්ජීන්ගේ ගැටලුව විතරයි තිබුනේ..

දෙවන ධර්ම සංගායනාව කල රහතන් වහසේලා එදා දිවැසින් බැලුවා අනාගතයේත් බුද්ධ සාසනයට අනතුරක් වෙයිද කියලා??

තවත් අවුරුදු 100ක් ගිය තැන බුද්ධ සාසනයට බරපතල අනතුරක් ඇති බව මහා ථෙරවරු දිවැසින් දැක්කා..

ඒ මහරහතන් වහන්සේලා නිර්වාණය සාක්ෂාත් කරලයි හිටියේ.. උන් වහන්සේලාට ආයෙත් කර ගන්න දෙයක් තිබ්බේ නෑ...පාඩුවේ පිරිණිවන් පාන්න තිබුනා..
හැබැයි එහෙම කියලා උන් වහසේලා නිකං හිටියේ නෑ...අනාගතයේ පහල වෙන අප වෙනුවෙන් බුද්ධ සාසනය රකින්න ඕනී කියලා හිතුවා..

බුද්ධ සාසනයේ රකින්න දෙයක් නැ..උබලා රැකියල්ලා කියලා අද අපේ සමහර බෞද්ධයෝ කියද්දි, එදා නිකෙලෙස් මහාරහතන් වහන්සේලා බුද්ධ සාසනය රකින්න මහන්සි වුනා..

ඒ නිසා මතක තියා ගන්න..මේ බුද්ධ සාසනය ඉබේ රැකෙන්නේ නෑ..ඒක වීර්‍යෙන් රැක ගත යුතුයි..

🚩 රකින කෙනා දැන් බඹලොවයි..

මේ රහතන් වහන්සේලා දිවැසින් දැක්කා, අනාගතයේ "ධර්මාශෝක" නමින් රජ කෙනෙක් පහල වෙනවා..ඒ වෙනකොට සංඝයා නිකාය සියයකට බෙදෙන බවත් දැක්කා..
ඒ වගේම ධර්මාශෝක රජතුමා ට ධර්මය දීලා තෙරුවණ් සරණ ගියොත් මේ සාසන හානිය නතර කරන්න පුලුවන් බවත් දැක්කා..

ඒත්, තව අවුරුදු 100කින් කව්ද ඒ වැඩේ කරන්නේ..ඒ මහරහතන් වහන්සේලා කිසිවෙක් ඒ වෙනකල් ආයුෂ තිබුනෙත් නෑ...
ඒ නිසා රහතන් වහන්සේලා හිතුවා ගෞතම බුද්ධ සාසනේ රැක ගන්න පිං ඇති දෙවි කෙනෙක්ට මනුස්ස ලෝකේට ගෙන්න ගන්න..

රහතන් වහන්සේලා දිවැසින් දෙව්ලොව දෙවිවරු ගැන සොයා බැලුවා.. සසුන රකින්න සමර්ථ කිසිවෙක් නෑ.. ඊලඟ බැලුවා බ්‍රහ්ම ලෝකේවත් කෙනෙක් ඉන්නවා ද කියලා..

එතකොට දැක්කා, ගෞතම බුදු සසුන රකින්න පුලුවන් බලයක් තියෙන,ප්‍රඥා මහිමයක් තියෙනව එක බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා..

මේ බ්‍රහ්මයාගේ නම "තිස්ස"...
තෙරුන් වහන්සේලා තිස්ස බ්‍රහ්මරාජයා මුණ ගැහෙන්න ගියා...කාරණාව කිව්වා..ඔහුත් සතුටින් කැමති වුනා බුද්ධ සාසනය බබලවන්න මනුස්ස ලෝකෙට යන්න...

🚩තෙරවරුන්ට දුන් දඬුවම..

තෙරුන් වහන්සේලා ආයෙත් දඹදිවට වැඩියා..
තිස්ස බ්‍රහ්මරාජයා මනුස්ස ලෝකෙට එනකොට කව්ද දැන් ඔහුට ධර්මය කියන්නේ??

රහතන් වහන්සේලා අනාගතය බලනකොට දැක්කා රහතන් වහන්සේලා දෙනමකට විතරක් තිස්ස බ්‍රහ්මරාජයා පහල වෙන තාක් ආයුෂ තියෙනවා කියලා..

උන් වහන්සේලා දෙනම තමයි..
"සිග්ගව", සහ "චණ්ඩවජ්ජි" නම් වූ තරුණ භික්ෂූන් වහන්සේලා දෙනම..

මහා ථෙරවරු උන් වහන්සේලා දෙනමට කතා කලා..

"ආයුෂ්මතුනේ,‘තව අවුරුදු එකසිය දහඅටකට පස්සේ ගෞතම බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් ඇතිවෙනවා. එය සංසිඳුවන්නට ඒ කාලයේදී අපි ජීවතුන් අතර නැහැ...

ඇවැත්නි, ඔබ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වුනේ නැති නිසා මේ අර්බුදය විසඳීමේදී අපට සහය නොදුන්න නිසාත්, ඔබ දඬුවම් ලැබීමට සුදුසුයි.. ඒ නිසා අපි ඔය දෙනමට දඬුවමක් කරනවා.."""

""එහෙමයි ස්වාමිනී, කුමක් ද ඒ දඬුවම??""

"""ඇවැත්නී, ගෞතම බුද්ධ ශාසනය බබුළුවාලීම පිණිස මහා ප්‍රඥාවකින් යුක්ත වූ තිස්ස නමැති බ්‍රහ්ම රාජයෙක් මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි ළඟදීම පිළිසිඳ ගන්නවා..

එතකොට ඔය දෙනමගෙන් එක් නමක් සුදුසු කාලයෙහි දී ඒ තිස්ස කුමාරයාව පැවිදි කරන්ට ඕනෑ...අනිත් නම ඉතා යහපත් ආකාරයෙන් ශ්‍රී සම්බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ටත් ඕනෑ.’..""

සිග්ගව, චණ්ඩවජ්ජි රහතන් වහන්සේලා දෙනම ඒ දඬුවම පිලිගත්තා..

මේ රහතන් වහන්සේලා දෙනම විනයධර භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ "උපාලි" මහරහතන් වහන්සේගෙ පරපුරෙන් පැවත ගෙන එන භික්ෂූන් දෙදෙනෙක්...ෂඩ් අභිඥා ලාභියි..

🚩 තිස්ස බඹුන් මනුලොවට එයි..

ටික කාලයක් ගිහින් තිස්ස බ්‍රහ්මරාජයා මනුස්ස ලෝකෙට ආවා.."මොග්ගලී" කියන බ්‍රාහ්මනයාගේ නිවසේ ඉපදුනා..නම දැම්මා "තිස්ස" කියලා..
බලන්නකෝ, බ්‍රහ්මලෝකේ තිබ්බ නමම මේ ජිවිතේත් ලැබුනා..

මේ පවුල හොඳ බ්‍රාහ්මණ පවුලක්..
සංඝයාට කිසි ගරු සරුවක් දැක්වූයේ නෑ.. දැඩි මිත්‍යාදුෂ්ඨික පවුලක්..

සිග්ගව රහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් චුතව මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි පිළිසිඳ ගත් බව දැනගත්තා..
එතැන් පටන් උන්වහන්සේ ඒ නිවසට සත් හවුරුද්දක් නොකඩවා ම පිණ්ඩපාතේ වැඩියා.

ඒ සත් අවුරුද්ද පුරාවට පිණ්ඩපාතේ වැඩියත් උන් වහන්සේට ඉදුල් ටිකක්වත් ලැබුනේ නෑ...අඩුම ගානේ ‘මෙතැනින් යන්න’ යන වචනයවත් ඒ බ්‍රාහ්මණ ගෙදරින් ලැබුනේ නෑ.

🚩අවුරුදු 07කින් ලැබුන වචනේ..

අටවෙනි අවුරුද්දෙහි දවසක ඒ ගෙදර ගෑනු මනුස්සයා උන්වහන්සේට ‘මෙතැනින් යන්න’ කියලා එකම එක වචනයක් කිව්වා..

සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසින් එළියට වඩිද්දී පිටතට ගොස් ගෙදර පැමිණෙමින් සිටි මොග්ගලී බ්‍රාහ්මණයාට දැකගන්ට ලැබුනා...

" ආ..ශ්‍රමණය..නුඹට අපගේ ගෙදරින් කිසිවක් ලැබුනාදැ’යි උන්වහන්සේගෙන් ඇසුවා...

‘එසේය බ්‍රාහ්මණය’ කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා.

එතකොට මොග්ගලී බ්‍රාහ්මණයා ගෙදරට ගොස් කිසි දෙයක් අර මහණුන්නාන්සේට දුන්නාදැයි ඇසුවා...
කිසිවක් නොදුන් බව අසා දෙවන දවසේ තෙරුන් වහන්සේ පිඬුසිඟා ගෙදරට වැඩිය විට බොරු කීම ගැන උන්වහන්සේට ගරහන්ට ඕනෑ කියා බලාපොරොත්තුව සිටියා...

දෙවෙනි දවසේ තෙරුන් වහන්සේ ඒ ගෙදරට වැඩියා..මොග්ගලී බ්‍රාහ්මණයා තමන් කිසිවක් නොදී කිසිවක් ලැබුනා කියා බොරු කිව් බවට චෝදනා කළා.. උන් වහන්සේ මෙහෙම කිව්වා..

‘පින්වත් බ්‍රාහ්මණය,.එය බොරුවක් නොවේ. පසුගිය සත් අවුරුද්ද පුරාවට ඔබ නිවසින් මෙතනින් යන්ට කියන වචනයවත් ලැබුනේ නෑ. නමුත් ඊයේ ඒ වචනය ලැබුනා..
අපේ ගෙදරින් කිසිවක් ලැබුනාදැයි ඇසූ විට එසේය බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි’ කියලා
පිළිතුරු දුන්නා...

උන්වහන්සේගේ පිළිතුරට මොග්ගලී බ්‍රාහ්මණයා ඉතාමත්ම පැහැදුනා.. එදා තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කළා.. දිනපතා ඒ නිවසේ ම දානය දෙන්නට පටන් ගත්තා..

ක්‍රමයෙන් ඒ ගෙදර සියලු දෙනා උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා.. මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගත වෙද්දී තිස්ස කුමාරයාට වයස අවුරුදු දහසයක් වුනා. ඔහු දැන් ත්‍රිවේද සාගරයෙහි පරතෙරට ගිය කෙනෙක්..

🚩 බ්‍රහ්ම ලෝකේ අය පිරිසිදු බවට කැමතියි...

සිග්ගව තෙරුන් වහන්සේ දැන් මොහු සමග කතා කරන්ට සුදුසු අවස්ථාව පැමිණුනා යැයි අවබෝධ කරගත්තා...
එදා පිඬුසිඟා වැඩිය උන්වහන්සේ තිස්ස තරුණයා වාඩිවෙන විශේෂ ආසනය පමණක් පෙනෙන්ට සලස්වලා අනෙක් සියලු ආසන නොපෙනෙන්ට සැලැස්සුවා..

බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් ඉපදුන නිසා තිස්ස මාණවකයා පිරිසිදු බවට හරීම කැමතියි...
එනිසා ඔහු තමන් ගෙදර නැති වෙලාවට සිය වාඩි වෙන ආසනය වෙන ම පිරුවටයකින් වහලා එල්ලලා තියනවා..

තෙරුන් වහන්සේ වැඩ සිටිද්දී ඒ පිය බ්‍රාහ්මණයා සහිත ගෙදර කිසිවෙකුට වෙන ආසනයක් දැකගන්ට තිබුනේ නෑ... එතකොට කලබල වූ ඔවුන් අර තිස්ස බ්‍රාහ්මණ කුමාරයා වාඩිවෙන ආසනය තෙරුන් වහන්සේට පිළියෙල කරලා දුන්නා...
තිස්ස කුමාරයා එදා ගෙදර හිටියේ නෑ..

තිස්ස කුමාරයා තමන්ගේ බ්‍රාහ්මණ ආචාර්යවරුන් ළඟ සිට ආපසු ගෙදර පැමිණෙද්දී තෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වාඩි වී ඉන්නවා දැකලා කෝපයට පත්වුනා... තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා බැන වැදුනා..

එතකොට සිග්ගව මහරහතන් වහන්සේ ඔහුගේ ද්වේශය දුරු කිරීමේ අදහසින්..

‘පින්වත් මාණවකය, කිම? මන්ත්‍ර දන්නවාදැ’යි ඇසුවා...

එතකොට කුමාරයාත් ‘කිම? තමුන්නාන්සේ දන්න මන්ත්‍ර තිබේදැ’යි පෙරළා ප්‍රශ්න කළා.

‘ඔව්..මමත් මන්ත්‍ර දන්නවා..

🚩 පැවිදි උනොත් මන්ත්‍රය දෙන්නං..

එතකොට ඒ තිස්ස මාණවකයා තෙරුන් වහන්සේ ගෙන් වේදයෙහි ගැටමුසු තැන් ගැන ඇසුවා. තෙරුන් වහන්සේ ඒ සියල්ලට ම හොඳාකාරව පිළිතුරු දුන්නා..

තෙරුන් වහන්සේ ගිහි ගෙදර සිටිද්දී වේදයෙහි පරතෙරට ගිහිල්ලයි සිටියේ. සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ උන්වහන්සේට කිම පිළිතුරු නොදෙන්නට කාරණයක් ඇත්තේද??

ඊට පස්සේ තෙරුන් වහන්සේ තිස්ස ගෙන් මේ ගාථාව ගැන ඇහුවා..

යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති
තස්ස චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
යස්ස වා පන චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
තස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී’ති

“යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදී ද,
එය නිරුද්ධ වෙන අවස්ථාවට පත්නොවී තිබෙන නිසා නිරුද්ධ නොවේය...
නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යළි අනාගතය උදෙසා සිතක් පහළ නොවන හෙයින් නූපදින්නේය... අනාගත අවස්ථාවෙහි නූපදින හෙයින් අනාගතයෙහි නිරුද්ධ වෙන්නට සිතක් ද නැත්තේය... එනිසා අනාගතයෙහි ඒ රහතන් වහන්සේට සිතක් නූපදින්නේය...
නිරුද්ධ ද නොවන්නේය” මේක තමයි ඇහුවේ..

තිස්සට මේක මොකක් ඩ කියලා හිතා ගන්න බැරි වුනා..ලැජ්ජා හිතුනා.. කුමාරයා මෙහෙම ඇහුවා.

‘භික්ෂුව, මොකක්ද ඒ මන්ත්‍රය?’

පින්වත, ‘ඒක බුද්ධ මන්ත්‍රයක්.’

‘එහෙමනම් ඒ මන්ත්‍රය අපටත් දෙන්ට.’

මෙහෙම බෑ..පින්වත..අප වගේ පැවිදි වුනෝතින් මන්ත්‍රය දෙන්ට පුළුවනි.’

🚩 බඹලොවින් පැමිණි කාරණාව ඉටුවෙයි...

මන්ත්‍රය ඉගෙන ගැනීමට ආසාවෙන් මව්පියන් ගෙන් අවසර ගත් ඔහු සිග්ගව රහතන් වහන්සේ ළඟ පැවිදි වුනා...
මොග්ගලි බ්‍රහමනයාගේ පුතා නිසා, උන්වහන්සේව "මොග්ගලිපුත්ත තිස්ස" නමින් හැදින්වූවා..

තෙරුන් වහන්සේ ඒ තිස්ස ස්වාමින්වහන්සේ ට දෙතිස් කුණප භාවනාව ගැන මුලින් ම අසුභ කර්මස්ථානය ඉගැන්නුවා...

මහානුවණැති තිස්ස සාමණේරයෝ දිගට ම දෙතිස් කුණප භාවනාව කිරීම නිසා සුළු කලකින් සෝවාන් ඵලයට පත්වුනා...🙏🙏🙏

තෙරුන් වහන්සේ තම ශිෂ්‍ය සාමණේරයන් සෝවාන් ඵලයට පත් වූ බව දැනගත්තා. ඒ නිසා සාමණේරයන් හට වැඩිදුරටත් ඉගැන්වීමට,
චණ්ඩවජ්ජි තෙරුන් ළඟට පිටත් කළා...

ඒ සාමණේරයන් වහන්සේ චණ්ඩවජ්ජි තෙරුන් වෙත ගොස් සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් මැනවින් ඉගෙන ගත්තා...

සිග්ගව තෙරුන් වහන්සේ සුදුසු කාලයේ දි උපසම්පදාව ලබාදීලා විනය පිටකයත් අනිත් පිටක දෙකත් යන තුන් පිටකය ම හොඳින් ප්‍රගුණ කෙරෙව්වා..

මෙසේ ත්‍රිපිටකධාරීව සිටි ඒ තරුණ තිස්ස භික්ෂුව විදර්ශනා භාවනාව දියුණු කොට අභිඥා සයකින් යුක්තව අර්හත් ඵලයට පත්වුනා..🙏🙏🙏
මහා නුවණැති තෙරුන් වහන්සේ නමක් බවට ද ක්‍රමයෙන් පත්වුනා...

🚩 සම්බුදු සසුන බබලවයි..

ඒ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සඳ මඬලක් සෙයින්, හිරු මඬලක් සෙයින් ද දඹදිව් තලය පුරා...අතිශයින් ම ප්‍රසිද්ධියට පත්වුනා...ලෝකයා උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරින් පිළිගත්තා...

බුදුරජාණන් වහසේ පිරිණිවන් පාලා වසර 218කින් දඹදිව් තලයටම එකම අධිරාජයා වූ ධර්මාශෝක රජු පහල වුනා... එතුමාගේ රාජාභිෂේකයෙන් වසර හතරකට පසු ගෞතම බුද්ධ සාසනයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් බවට පත් වුනා...

ඒ අධිරජ ධර්මාශෝකයන්ගේ දහම් ගුරුවරයා වුනේ අපගේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේයි... දඹදිව් තලය පුරා ස්ථූප 84,000ක් හදන්න අනුසාසනා කලෙත් අපගේ මොග්ගලිපුත්ත තිස්සයන් වහන්සේයි..

දෙවන ධර්ම සංගායානාව කල රහතන් වහන්සේලාගේ අනාවැකිය සැබෑවක් කරමින් ඒ වෙනකොට සංඝයා අතර නිකාය එකසිය ගණනකට බෙදුනා...දුස්සීල සංඝයා බහුල වුනා..

එදා රහතන් වහන්සේලා තිස්ස බ්‍රහ්මරාජයාගෙන් කල ඉල්ලිම ඉටුකරන කාලය දැන් ඇවිත්...මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමා සමඟ එක්වී තුන්වන ධර්මසංඝායනාව සිද්ධ කලා..🙏🙏🙏

🚩 මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුරුවරයා..

ඒ වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 92යි..
මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරයා උනෙත් උන් වහන්සේයි...
ඒ නිසාම අපේ ලංකාද්වීපයට ධර්මය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේව එවන්නත්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමඟ සංඝමිත්තා තෙරණිය එවන්නත් තීරණය කලෙත් අපගේ මොග්ගලීපුත්ත තිස්සයන් වහන්සේයි...

ගෞතම සම්මා සම්බුදු සසුන පිහිටන ලංකාද්වීපයේ මිහිඳු මහරහතන් වහන්සේ මනාව සසුන පිහිටවන තෙක් සියලු අනුසාසවන් ලබාදී අපගේ මොග්ගලීතිස්ස මහරහතන් වහන්සේ පිරිණිවන් පා වදාලා..🙏🙏🙏

=======================================

එදා උන්වහන්සේ තුන්වන ධර්ම සංගායනාව සිදු නොකලා නම්,මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට එවන්නට තීරණය නොකලානං, අද අපි සියල්ලටම බුද්ධ සාසනය අහිමි වන්නට තිබුනා...අපද මිත්‍යාදුෂ්ඨික වන්නට තිබුනා..

බ්‍රහ්ම රාජයෙක්ව සිට රහතන් වහන්සේලාගේ වචනය අසා, ගෞතම බුදුසසුන බබලවන ඒකායන අදහසින් මනුලොව උපත ලබා, ගෞතම බුදු සසුන වසර පන්දහසක් කල් පවතින්නට තම ජිවිතයම කැප කල, අපගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ගුරුවරයා වූ...
අපගේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේට නමස්කාර වේවා.!!!

මහාවංශය ඇසුරෙනී.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Sith Sanasana Budu Bana සිත් සනසන බුදු බණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sith Sanasana Budu Bana සිත් සනසන බුදු බණ:

Share