ඓතිහාසික රිදී විහාරය Silver Temple

ඓතිහාසික රිදී විහාරය Silver Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඓතිහාසික රිදී විහාරය Silver Temple, Religious organisation, RIDEEGAMA, Kurunegala.

වෙසක් පොහෝ දිනයන්හි ඓතිහාසික රිදී විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව උදෙසා රිදී විහාර ත...
31/05/2026

වෙසක් පොහෝ දිනයන්හි ඓතිහාසික රිදී විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආරක්ෂාව උදෙසා රිදී විහාර තරුණ බෞද්ධ සංගමය සහ බෞද්ධ සංගමය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර විහාරස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන යම් වාහනයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වුවහොත් එය නොමිලේම අලුත්වැඩියා කර දීම සඳහා වාහන ආපදා කමිටුවක් ද රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් පත් කර තිබෙන අතර පැමිණෙන සියලුම රථ වාහන නිසි ලෙස හැසිරවීම ඇතුළු සියලු කටයුතු සිදු කරනු ලබන්නේ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසිනි.

එසේම රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය, බෞද්ධ සංගමය සහ බෝසත් ළමා සමාජය මඟින් ආහාර පාන අලෙවිසැල්,මල් අලෙවිසැල් ඇතුළු සුබසාධන අලෙවිසැල් පවත්වාගෙන යන අතර එම අලෙවිසැල් මගින් ලැබෙන මුළු ආදායමත් වාහන රථ ගාල් මගින් ලැබෙන මුළු ආදායමත් ඇතුළුව වෙසක් පොහෝ දිනයන් මූලික ක⁣රගෙන ක්‍රියාත්මක වන සියළුම සුබසාධන කටයුතු මඟින් බැතිමතුන් හරහා ලැබෙන ආදායම මුළුමණින්ම යොදවනු ලබන්නේ ඓතිහාසික රිදී විහාරස්ථානය මඟින් සිදුකරනු ලබන ආගමික,සංස්කෘතික සහ සාමාජීය සේවාවන් සඳහා පමණි.

මෙම සියලු කටයුතු රිදී විහාරයේ භාරකාර පූජ්‍ය තබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්ස්ගේ අනුශාසනාවන්ට යටත්ව රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සහ බෞද්ධ සංගමයේ නිළධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සියලුම සාමාජිකයින්ගේ සභභාගීත්වයෙන් සහ එකමුතුවෙන් ඉතාම සැලසුම්සහගතව සහ පිළිවෙළින් සිදු කෙරේ.

රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් මෙහෙයවන "රිදීසෙත අරමුදල" වෙසක් පොහොය යෙදී තිබෙන අද දින (මැයි 30) සහ පසු දින එනම් ම...
30/05/2026

රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය මඟින් මෙහෙයවන "රිදීසෙත අරමුදල" වෙසක් පොහොය යෙදී තිබෙන අද දින (මැයි 30) සහ පසු දින එනම් මැයි 31 ඓතිහාසික රිදී විහාරස්ථානයේදී පැවැත්වේ.

රිදී විහාරය වැඳ පුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් මෙම ස්ථානයට පරිත්‍යාග කරන මුදල් ⁣මුළුමණින්ම යොදවන්නේ අසරණ රෝගීන් හට උපකාර කිරීම, නිවාස නොමැති අසරණ පවුල් වලට නව නිවාස තැනීම ඇතුළු ආගමික සහ සමාජීය සේවාවන් සඳහා පමණි.

අද දිනට යෙදී තිබෙන උතුම් වෙසක් පුන් පොහෝ දින ඓතිහාසික රිදී විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් ...
30/05/2026

අද දිනට යෙදී තිබෙන උතුම් වෙසක් පුන් පොහෝ දින ඓතිහාසික රිදී විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් තිබේ.

ඔවුන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව උදෙසා ශ්‍රී ලංකා පොලීසිය සහ රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයත් බෞද්ධ සංගමයත් ක්‍රියාත්මක වන අතර රිදී විහාර පරිශ්‍රයේදී පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්ද පැවැත්වේ.

ඡායාරූප : රිදී විහාර නිල මාධ්‍ය ඒකකය

30/05/2026
ඊයේ (අප්‍රේල් 18) දිනට අර්ධශත ජන්ම සංවත්සරය යෙදී තිබෙන කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ සහ මහනුවර-ලේවැල්ල ගංගා...
18/04/2026

ඊයේ (අප්‍රේල් 18) දිනට අර්ධශත ජන්ම සංවත්සරය යෙදී තිබෙන කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ සහ මහනුවර-ලේවැල්ල ගංගාරාම විහාරස්ථානයේ භාරකාර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝසභික පූජ්‍ය ගෞරවණීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව පතා රිදී විහාර දායක සභාව විසින් සංවිධානය කල ආශිර්වාද සෙත් පිරිත් දේශනාව අවට ප්‍රාදේශීය විහාරස්ථානවල හිමිපාණන් වහන්සේලා පනස් නමකගේ (50) සහභාගීත්වයෙන් ඊයේ දින (අප්‍රේල් 18) පස්වරු 6.00ට ඓතිහාසික රිදී විහාරස්ථාන පිං බිමේදී පවත්වන්නට යෙදිණි.

මෙම ⁣පිංකමට සමගාමීව රිදී විහාරස්ථානය භාරකාර පූජ්‍ය තිබ්බටුවාව ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ ආගමික, ශාසනික සහ සමාජීය මෙහෙවර අගයනු වස් පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්සේ⁣ විසින් රචිත "රිදී දියවර" ග්‍රන්ථය රිදී විහාරයේ බස්නායක නිළමේතුමන් වෛද්‍ය චූලා බණ්ඩාර මහතා විසින් නායක ස්වාමීන් වහන්සේට පිළිගැන්වූ අතර වැඩමවා වදාළ අනෙකුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් පැමිණ සිටි ප්‍රභූන්ටත් එම ග්‍රන්ථය පිළිගන්වනු ලැබිණි.එසේම නායක හිමිපාණන් වහන්සේගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක් ළමා හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී.

එසේම මෙම පිංකම සඳහා මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමියන් ද සහභාගී වූ අතර නායක හිමිපාණන් වහන්සේගේ ආදරණීය මැණියන් සහ පවුලේ ඥාතීන්, කාන්තා සහ ලමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මැතිතුමා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ අලි ඇතුන් භාර ප්‍රදීප් මියනපලාව මහතා සහ අනෙකුත් නිළධාරීන්, සෙසු දේවාලයන්හි බස්නායක නිළමේතුමන්ලා, රිදීගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිළධාරීන්, රිදීගම සහ අවට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ නිළධාරීන්, රිදී විහාරයට අයත් දායක ගම්වල දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම පිංකමෙහි සංවිධාන කටයුතු රිදී විහාරස්ථ දායක සභාව, රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය සහ බෞද්ධ සංගමය එක්ව සිදුකර තිබිණි.

ඡායාරූප : රිදී විහාර නිල මාධ්‍ය ඒකකය

Address

RIDEEGAMA
Kurunegala
60040

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික රිදී විහාරය Silver Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ඓතිහාසික රිදී විහාරය Silver Temple:

Share