15/01/2026
මේ කතාව ගැලපෙන්නේ සසර දුකින් නිදහස් වෙන්න කැමති බෞද්ධයෙක්ට විතරයි...ඒ නිසා අනිත් අය නොබැලුවට කමක් නෑ...
අද විතරක් නෙවෙයි දුස්සීල භික්ෂූන් බුද්ධ කාලෙත් ඔනී තරම් හිටියා..හැබැයි එදා සහ අද ලොකු වෙනසක් තියෙනවා..ඒ වෙනස තමයි එදා හිටියේ ශ්‍රද්ධාවන්ත ගිහි උපාසකයෝ.. දැන් ඉන්නේ ශ්‍රද්ධාවක් නැති ගිහි උපාසකයෝ..
මේ වෙනස නිසා එදාට වඩා අද ගිහියෝ සංඝයාට ගරහනවා..
ඉස්සර ලංකාවේ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවේ තරම දැන ගන්න නං, සිහලවත්ථු, ධර්මප්‍රදිපිකාව, සහශ්‍රවත්තු වගේ ලංකාවේ ඉපැරණි බණ කතා කියවලාම බලන්න ඔනී..
දැන් ඉන්න බෞද්ධ කියන අයගේ ශ්‍රද්ධාව එක්ක බැලුවම අහසට පොලව වගේ..
මේ බණ කතා හරි ලස්සනයි..රහතන් වහන්සේලාගේ සුන්දර ජීවිත වගේම එකල හිටිය ශ්‍රද්ධාවන්ත ගිහි පිරිසේ සුන්දර බව,ශ්‍රද්ධාව,දන් දීම ගැන හරි අපූරු විස්තර තියෙනවා..ඒ ජිවිත කතා වලින් අපේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජිවීතයත් ලස්සන කර ගන්න පුලුවන්..නිවන් මඟ එලි පෙහෙලි කර ගන්න පුලුවන්..
මේ කතාවත් අද කාලෙට ගැලපෙන ලස්සන කතාවක්.. නිවන් සැප කැමති ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් දුස්සීල භිකශුවකගේ නොහිබිනා දසුනක් දැක්කම කෙසේ හැසිරිය යුතුද කියලා අදහසක් ගන්න කියාපු කතාවක්..
නොහිබිනා ක්‍රියා හමුවේ සංඝයාට ගරහනවද??? එහෙම නැත්තං තමන්ගේ හිත රැක ගන්නවද???
මේ කතාව තියෙන්නේ "ධර්මප්‍රදිපිකාව" කියන ඉපැරණි බණ කතා පොතේ..
ඒ කාලේ අපේ රටේ හිටියා 'මහලේ විදුරිඳුනාවෝ" කියලා ශ්‍රද්ධා වන්ත කුල පුත්‍රයෙක්.. දවසක් මෙයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා, අකු ධාතුන් වහන්සේ වන්දනා කරන්න ථූපාරාමයට යන්න පිටත් වුනා..
එහෙම යනකොට මෙයා දැක්කා සිවුරු පොරව ගත්ත ස්ත්‍රීයක් සහ දුස්සීල භික්ෂුවක් පාරේ අයිනක කැලෑ රොදක මෛථූණ සේවනය කරමින් ඉන්නවා..
අද එහෙම දෙයක් උනා නං,අපේ බෞද්ධයන් කරන්නේ ෆෝන් එක අරන් විඩීයෝ කරලා fb දාන එකනේ..එහෙම නැත්තං කවුරු හරි ශෙයාර් කරපු එකක්, ශෙයා කරලා ❝ හනේ අපේ සාසනේ ඉවරයි❞ කියලා මොරදෙන එක නේ..
හැබැයි මේ තරුණයා එහෙම කෙනෙක් නෙවෙයි..ශ්‍රද්ධාවන්ත කෙනෙක්..බුදුරජාණන් වහන්සේ,ධර්මයේ,ආර්‍ය මහාසංඝයා, සරණ ගිය සැබෑම බෞද්ධයෙක්.. උපාසකයෙක්..
මේ තරුණයා අර සිවුරු පොරවන් හිටපු දෙනම දැක්ක ගමන් බොහෝම සංවේගයට පත් වුනා..
❝අහෝ අපේ කුලදේවතාවුන් වහන්සේලාගේ වැරැද්දක් මේ ඇස් දෙකෙන් දකින්න උනා නේ..මොවුන් කෙරෙහි සිත අපහැදුනොත් මටත් අපාගත වෙන්න තමා වෙන්නේ.. මෙහෙමත් අශෝබන දර්ශනයක් දකින්න වුනේ මගේ මේ ඇස් දෙක නිසා නේ..❞
කියලා හිතපු අර තරුණයා අත් දෙකට වැලි අහුරක් අරන් ඇස් දෙකේ අතුල්ලගෙන ඇස් අන්ධ කර ගත්තා..
ටික වෙලාවකින් එතනට ආපු සේවකයෙක් ඒ සැදැහැවත් උපාසකයාව නිවසට රැගෙන ගියා..
මේ සිදුවීම උපාසකයාගේ නිවසේ අසල හිටපු යක්ෂයෙක් දැක්කා.. උපාසකයා මහත් වේදනාවෙන් ඉන්න නිසා, උපාසකයාට පෙනී ඉදලා මෙහෙම කිව්වා..
❝එවුන් කල කර්මය එවුන්ට පලදේවී,,ඔබ මොකටද මෙපමණ දුක් ගන්නේ❞
යක්ෂයාත් මේ සිදුවීම දැකලා නේද කියලා උපසකයා තවත් කම්පා වුනා..
තමන්ගේ ගෙදරින් වහාම යන්න කියලා යක්ෂයාටත් බැන වැදුනා..
මේ මහා ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාගේ ගුණ මුලු ලෝකෙටම පෙන්විය යුතුයි කියලා..හිතපු යක්ෂයා, ඒ වෙලාවෙම අම්බස්ථලය මුදුනට ගිහින් තුන් වරක් කාලඝෝෂා කලා..
ඒ කාලඝෝෂා ව අහලා ලක්දිව හිටපු සියලු නාග යක්ෂයෝ එතැනට රැස් වුනා..
යක්ෂයා උපාසකයාගේ විස්තරේ හැමෝටම කිව්වා.. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේලා තුන්නමක් දැකලා තිබ්බ, මහාකාල නාග රාජයා දිව්‍ය කඩුපුල් මලක් ගෙනත් යක්ෂයාට දුන්නා අර උපාසකයාට දෙන්න කියලා..
යක්ෂයා උපාසක ලගට ගිහින් වෙච්ච වරදට සමාව ඉල්ලලා අර දිව්‍ය කඩුපුල් මල දුන්නා..
දිව්‍ය මලෙන් ආපු සුවදෙන් සතුටු වුන උපාසකයාට...
"" අනේ මගේ ඇස් තිබුනා නම් මේ මල මාගේ ජයශ්‍රීමහා බෝධින් වහන්සේට පූජා කරලා දැක බලා සතුටින් වන්දනා කරන්න තිබුනා නේ" කියලා කිය වුනා...
ඒ මොහෝතේම ශ්‍රද්ධාවන්ත උපාසකයාට.. අන්ධකාරයෙහි සතර රියනක් තැන වැටුනු තල ඇටය පවා පෙනෙනා පරිදි දිවැස් පහල වුනා..
සතුටු සිත් ඇති උපාසකයා දිව්‍ය කඩුපුල් මල රැගෙන ගිහින් ජයශ්‍රී මහා බෝ සමින්දුනට පූජා කලා..
ඔන්න ඔහොමයි දුස්සීල භික්ෂූන්ගේ දුස්සීල කටයුතු ඉස්සරහා ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයන් හැසිරුනේ.. ලෝකෙටම අඬබෙර ගහගෙන ගියේ නෑ.. තමන්ටත් අන් අයටත් අයහපතක් වෙන නිසා නිහඬව දරාගෙන හිටියා..
ඒ ශ්‍රද්ධාවන්ත බව නිසාම දෙවිවරුන්ගෙන් නොව යක්ෂයන්ගෙන් පවා ශ්‍රාවකයන්ට එකල උදව් ලැබුනා..
දුස්සීල උනත්,සිල්වත් උනත් මහා සංඝරත්නයට අපහැදුනොත් ඒක ඔබට අලාභයක්මයි.. ඒ නිසයි දුස්සීල භික්ෂූන්ගේ දුස්සීල දැක්මක් දැක්කත් ඒක පස්සේ දුවන්න එපා කියන්නේ.. මොකද දුස්සීල ගිහියා ලග නැති ගුණ 10ක් පවා දුස්සීල භික්ෂුව ලග තියෙනවා..
දුස්සීල භික්ෂුව කරන එක් දුස්සීල කටයුත්තකට "ඔය සිවුර දා ගත්ත එවුන් ඔක්කොම එකයි" කියලා සමස්ථ සඟ පරපුරටම ගැරහීමෙන් ඔබට ලැබෙන්නේ සතර අපාය විතරයි..
දුස්සීල භික්ෂූන් කරන පව සංඝයා අරන් යයි..
ඔබ ඒකත් එක්ක ගැටිලා, ඒ පවට කර ගහන්න එපා..
ගිහි ගෙදර සිල් පද පහවත් රැක ගන්න බැරුව බොහෝ දුක සේ ගෙවන ඔබට මොකටද සංඝරත්නයේ සීලය..???
ඒ සීලයේ අඩුපාඩු හෙව්වා කියලා ඔබ සුගතියේ යනවද? නිවන් දකිනවද?? නෑ නේ...
ඒ නිසා තමන්ගේ සීලයේ අඩුපාඩු හොයන කෙනෙක් වෙන්න..ඒ අඩුපාඩු හදා ගන්න කෙනෙක් වෙන්න..
"මහලේ විදුරිඳුනාවෝ" වගේ දුස්සීල භික්ෂූන් ගේ දුස්සීල ක්‍රියාවක් දැක්කම, තමන්ගේ හිතත් රැකගෙන, අනුන්ගේ හිතත් රැකලා දීලා මේ ඝෝර සසර කතරෙන් නිදහස් වෙන්න..
නමෝ බුද්ධාය!