Daham Maga_ දහම් මග

Daham Maga_ දහම් මග සියළු සතුන් හට නිවන් අවබෝධය ලැබේවා
දහම් මග ලොව පුරා පැතිරේවා.

සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය.කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය. නිල් ක...
09/08/2026

සත්‍යය වසන්නා වූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනි ය.
කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනි ය.

නිල් කන්නාඩියකින් ලෝකය බලන්නා හට හැම දෙයක් ම නිල් පැහැයට පෙනේ.

එමෙන් අවිද්‍යාසහගත සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා බාහිර ලෝකයත් බලන්නා වූ හෙවත් සිතන්නා වූ තැනැත්තාට ඇති සැටියට නොව අවිද්‍යාපටලයේ සැටියට ඒවා අන් ආකාරයකට පෙනේ.

දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින් තමා ගේ හා අනුන් ගේ ස්කන්ධයන් බලන්නා වූ තැනැත්තා හට, ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ, කිසිම හරයක් නැත්තා වූ, නිතර ම දුක් ගෙන දෙන්නා වූ පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනෙන්නේ ය.

ලෝකයෙහි ඇති ඉතා ම උතුම් දෙය ඉතා ම වටිනා දෙය සැටියට පෙනෙන්නේ ය.

එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇති වේ.

අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේ ම හේ ඇල්මක් ඇති වේ.

සමුදය සත්‍ය වසන මෝහය අප්‍ර‍හීණ බැවින් ඔහුට ඒ ඇල්ම දුක් ඇතිවීමේ හේතුව බව නො පෙනෙන්නේ ය.

ඔහුට පෙනෙන්නේ ඒ ඇලම සැපයට හේතුවක් ලෙසය.

ඒ ඇල්ම උතුම් කොට ගන්නා වූ තැනැත්තේ සමහරවිට එයින්, “මම දරුවන්ට ආලය ඇත්තා වූ නෑයන්ට - මිතුරන්ට - රටට - ජාතියට ආලය ඇත්තා වූ කෙනෙක් වෙමිය” යි තමා ගැන ආඩම්බර ද වෙයි.

ආලයක් නැතියවුන් පහත් කොට ද සිතයි.

දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍ර‍තිච්ඡාදනය කරන අවිද්‍යාවෙන් වැසීම නිසා සත්ත්වයා හට ඒ දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයාගේ පැවැත්ම ම සුවයක් සැටියට පෙනේ.

දුඃඛනිරෝධගාමිනී ප්‍ර‍තිපදා ආර්‍ය්‍යසත්‍යය වසන අවිද්‍යාව නිසා සත්ත්වයා හට, ඒ පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධය පවත්වා ගැනීම සඳහා ද, සුවපත් කරනු සඳහා ද, මතු මතු ද, පඤ්චස්කන්ධය ලැබීම සඳහා ද, කරන්නා වූ ක්‍රියා රාශිය, සැපය ඇතිකර ගැනීමේ මාර්ගය සැටියට පෙනෙන්නේ ය.

අවිද්‍යාව නිසා සිදුවන මේ වැරදි හැඟීම් නිසා සත්ත්ව තෙමේ වර්තමාන ස්කන්ධ පඤ්චකය පෝෂණය කිරීම සඳහා ද ආරක්‍ෂා කිරීම සඳහා ද ක්‍රියා කරන්නට වන්නේය.

ඒ ක්‍රියා අවිද්‍යාව නිසා ඇතිවන සංස්කාරයෝ ය.

අවිද්‍යාවෙන් මුළා වූ සත්ත්ව තෙමේ තමාගේ පඤ්චස්කන්ධය පෝ‍්ෂණය කිරීම හා සුවපත් කරනු පිණිස ද, පුත්‍ර‍දාරාදි අන්‍යයන් පෝෂණය කිරීම හා සැපවත් කරනු පිණිස ද, සමහර විට එළුවන්, කුකුළන්, මසුන් ආදි සතුන් මරයි.

සමහර විට සොරකම් කරයි.

අනුන් අයත් දෑ බලයෙන් ගනියි.

වඤ්චා කොට ගනියි.

සමහර විට පරදාර සේවනය කෙරෙයි.

බොරු කියයි.

සුරාපානය කරයි.

කේලාම් කියා ඔවුනොවුන් බිඳවයි.

අහිතයන්ට පරුෂ වචනයෙන් බණී.

පලක් නැති කථා කරයි.

අනුන් ගේ සම්පතට ආශා කරයි.

මිථ්‍යාදෘෂ්ටි ගනී.

මේ අවිද්‍යාව හේතු කොට වර්තමාන ස්කන්ධයන් සම්බන්ධයෙන් අපුඤ්ඤාභි සංඛාරය ඇති වන ආකාරය යි.

සමහර විට සත්ත්ව තෙමේ මෙලොව යහපත සඳහා දෙවියන් සතුටු කිරීම පිණිස පින් කරයි.

අන්‍යයන් සතුටු කිරීම පිණිස ද දානාදි පින්කම් කරයි.

ග්‍ර‍හදෝෂාදිය දුරුවන්නට සිතා පින්කම් කරයි.

ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි.

මෙත් වැඩීම් ආදි භාවනා කෙරෙයි.

මේ වර්තමාන පඤ්චස්කන්ධය සම්බන්ධයෙන් පුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.

වඩාත් මුළාවට පැමිණි තැනැත්තේ අනාගතයෙහි පොහොසතකු වීමේ සිටුවරයකු වීමේ රජකු වීමේ දෙවියකු වීමේ බ්‍ර‍හ්මයකු වීමේ බලාපොරොත්තුවෙන් සමහර විට සතුන් මරා දෙවියන් පුදයි.

බොහෝ සතුන් මරා මහා යාග පවත්වයි.

ගෝශීල ගෝව්‍ර‍ත කුක්කරශීල කුක්කරව්‍ර‍තාදි මිථ්‍යා ශීල ව්‍ර‍තයන් පුරයි.

මේ අනාගතස්කන්ධ සම්බන්ධයෙන් අපුඤ්ඤාභිසංඛාරය ඇති වන ආකාරය යි.

සද්ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් දානාදි පින්කම් කොට මතු දෙවි මිනිස් සැප ලැබිය හැකි බව දත් තැනැත්තෝ දෙවි මිනිස් සැප සඳහා දන් දෙති.

ප්‍රාණඝාතාදි පාපයෙන් වළකිති.

මාපියාදීන්ට සත්කාර කරති.

මෛත්‍රී ආදි භාවනා කරති.

රූපාරූප බ්‍ර‍හ්ම සම්පත්තිය ගැන ඇසුවෝ ධ්‍යාන භාවනා කරති.

මේ අනාගත ස්කන්ධයන් සම්බන්ධයෙන් අවිද්‍යාව නිසා පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර දෙක ඇති වන ආකාරය යි.

අවිද්‍යාව හේතු කොට සංස්කාර හටගැනේය යි කීමෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ම මිස අනිකකට හේතු නො වන්නේය යි ද, සංස්කාරය ඇතිවන්නේ අවිද්‍යාව නමැති එක ම හේතුවෙනැයි ද නො ගත යුතු ය.

සංස්කාරයන් ගෙන් අන්‍ය වූ තවත් බොහෝ ඵල අවිද්‍යාවෙන් ඇති කරනු ලැබේ.

සංස්කාරයන් ඇතිවීමට ද අවිද්‍යාවෙන් අන්‍ය බොහෝ හේතු ද ඇත්තේ ය.

සංස්කාරාදි ඵල ධර්මයන් ඇතිවීමට තිබිය යුතු සියලු ම හේතු දක්වා පටිච්චසමුප්පාදය දේශනා කළ හොත් එය ඉතා දීර්ඝ වූ ද හුණපඳුරක් සේ අතිශයින් අවුල් වූ ද, ලෙහෙසියෙන් තේරුම් ගත නො හෙන්නා වූ දේශනයක් වන්නේ ය.

එබැවින් තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍ධාන වූ ද, ප්‍ර‍කට වූ ද, එක් එක් හේතුව බැගින් ගෙන පටිච්චසමුප්පාදය දේශනා කරන ලදී.

පිසන තැනැත්තාය - ලිපය - දරය - ගිනිය - සැළියය යන මේවා බත ඇති වීමේ හේතු ය.

පිසන තැනැත්තකු ඇත ද ලිපක් ඇත ද දර ඇත ද ගිනි ඇත ද සැළිය ඇත ද ගොවියා ගොවිකම් කොට සහල් නො නිපදවන ලද නම්, පිසන තැනැත්තා ආදි හේතූන්ට බත ඇති කළ හැකි නො වේ.

එබැවින් ගොවියා ගේ ගොවිකම් කිරීම බත ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව බව කිය යුතු ය.

එමෙන් සත්පුරුෂ සේවන - අසත්පුරුෂ සේවන - සද්ධර්ම ශ්‍ර‍වණ - අසද්ධර්ම ශ්‍ර‍වණ - යෝනිසෝමනස්කාර - අයෝනිසෝමනස්කාර - වස්තු - ආරම්මණාදි බොහෝ සංස්කාර හේතූන් ඇත ද, අවිද්‍යාව ප්‍ර‍හීණ නම් ඒ හේතූහු සංස්කාරයන් ඉපදවීමට සමත් නො වෙති.

තිබිය යුතු අන්‍ය හේතූන් ගෙන් සමහරක් අඩු වුව ද අවිද්‍යාව ඇතහොත් සංස්කාරය ද ඇති වන්නේ ය.

එබැවින් අවිද්‍යාව සංස්කාරයන්ගේ ප්‍ර‍ධාන හේතුව ද වේ.

ප්‍ර‍කට හේතුව ද වේ.

විඤ්ඤාණාදීන්ගේ හේතුඵල තත්ත්වය ද මෙසේ ම සලකා ගත යුතුය.

මෙසේ ප්‍ර‍ධාන වූ ද ප්‍ර‍කට වූ ද හේතූන් පමණක් ගෙන දේශනා කරන කල්හි පටිච්චසමුප්පාදය සංක්ෂේප වූ ද නිරවුල් වූ ද ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගත හැකි වූ ද දැරියහැකි වූ ද දේශනයක් වන්නේ ය.

අවිද්‍යාව අකුශලයකි.

ඒකාන්තයෙන් අනිෂ්ට ඵලයක් ඇති කරන්නකි.

කුශලයට විරුද්ධ වූවකි.

කුශලයට විරුද්ධ වූ අවිද්‍යාව තමාට සමාන වූ අකුශලයකට මිස තමා හා විරුද්ධ වූ පුණ්‍යාභිසංඛාර ආනෙඤ්ජාභිසංස්කාරයන්ට හේතු වන්නේ කෙසේ ද? යන ප්‍ර‍ශ්නය මෙහි දී නැගිය හැකි ය.

ලෝකයෙහි හේතුව වනාහි සෑම කල්හි තමාට සමාන වූ තමාට අවිරුද්ධ වූ ඵලයක් ම උපදවන්නක් නො වේ.

සමහර විට හේතුව තමාට සම වූ තමාට මිත්‍ර‍ වූ ඵලයක් උපදවයි.

සමහර විට තමාට නො සම වූ ද තමාට විරුද්ධ වූ ද ඵලයක් උපදවයි.

දුර්වර්ණ වූ ද දුර්ගන්ධ වූ ද අපවිත්‍ර‍ වූ ද මඩින්, වර්ණවත් වූ ද සුගන්ධවත් වූ ද පවිත්‍ර‍ වූ ද පද්මය උපදවයි.

දරයෙන් එයම නසන්නා වූ එයට පරම සතුරු වූ ගින්න උපදවයි.

එහෙයින් අවිද්‍යාව නිසා එය හා නො සම වූ එයට විරුද්ධ වූ පුඤ්ඤාභිසංඛාරය හා ආනෙඤ්ජාභිසංඛාරය ඇති වේ ය යි කීමෙහි දෝෂයක් නැති බව දත යුතු ය.

මේ පටිච්චසමුප්පාදය අවිද්‍යාව මුල් කොට දේශනා කර තිබෙනුයේ ප්‍ර‍කෘතිවාදීන් කියන ප්‍ර‍කෘතිය මෙන් ද,

දේවවාදීන් කියන මැවුම්කාර දෙවියා මෙන් ද,

අවිද්‍යාව යම්කිසි හේතුවක් නැතිව ඉබේ ම හටගත් ධර්මයක් නිසා නො වේ.

චක්‍ර‍යක් සේ සෑදී තිබෙන ධර්ම සමූහයක් ගැන කියන කල්හි කොතැනකින් වුව ද පටන් ගෙන කිය හැකි ය.

පටිච්චසමුප්පාදය ද චක්‍ර‍යක් වී තිබෙන ධර්ම පරම්පරාවකි.

එබැවින් එය කොතැනකින් වුව ද පටන් ගෙන නොකිය හැකි නොවේ.

පටිච්චසමුප්පාද දේශනා ඇත්තේ ද එකක් ම නොවේ.

තථාගතයන් වහන්සේ විසින් පටිච්චසමුප්පාදය දේශිත සූත්‍ර‍ ධර්‍ම නිදානවග්ගසංයුත්තකයේම සිය ගණනෙකි.

විභංග පාළියේ ද පටිච්චසමුප්පාද දේශනා බොහෝ ගණනෙකි.

තවත් නොයෙක් තැන්වල නොයෙක් අයුරින් පටිච්චසමුප්පාදය දේශනා කර තිබේ.

මෙහි දක්වන ලදුයේ විභංගප්‍ර‍කරණයේ එන අවිද්‍යාමූලික ප්‍ර‍තීත්‍යසමුත්පාදයකි.

ප්‍ර‍තීත්‍යසමුත්පාදාංගයන් අතුරෙන් අවිද්‍යා - තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකි.

ප්‍ර‍ධාන ධර්ම දෙකකි.

සුරාපානයෙන් මත් වූ තැනැත්තා විසින් තමාට අහිත වූ දෑ කරන්නාක් මෙන් අවිද්‍යාවෙන් මූඪ වූ සත්ත්ව තෙමේ තමාට අහිත වන්නා වූ ප්‍රාණඝාතාදි පාපකර්මයන් කරන බැවින් අවිද්‍යාව දුර්ගතිගාමී කර්මයට විශේෂ හේතුවක් වේ.

භවතෘෂ්ණාවෙන් මඩනා ලද සත්ත්ව තෙමේ මතු සුගතියෙහි ඉපදීමට පින් කරන බැවින් තෘෂ්ණාව සුගතිගාමී කර්මයට විශේෂයෙන් හේතුවෙයි.

මෙසේ දුර්ගති - සුගතිගාමී කර්මයන්ට විශේෂයෙන් හේතු වන බැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මූල ධර්ම දෙකකැ යි ද ප්‍ර‍ධාන ධර්ම දෙකකැ යි ද කියනු ලැබේ.

අවිද්‍යා - තෘෂ්නා දෙක මෙසේ මූල ධර්ම වශයෙන් හා ප්‍ර‍ධාන ධර්ම වශයෙන් සැලකිය යුතු බැවින් තථාගතයන් වහන්සේ සමහර තැනක දී අවිද්‍යාවෙන් පටන් ගෙන ද,
සමහර තැනක දී තෘෂ්ණාවෙන් පටන් ගෙන ද, පටිච්චසමුප්පාදය දේශනා කළ සේක.

එයින් අවිද්‍යාවේ හෝ තෘෂ්ණාවේ අහේතුක බවක් හෝ ලෝකයෙහි මුලින් ම ඇති වූ බවක් හෝ අදහස් කරනු නො ලැබේ.

ඒවා සංස්කාරාදීන් මෙන් ම හේතුවෙන් හට ගන්නා ධර්මයෝ ය.

මේ සංසාර චක්‍ර‍ය සිඳ දුකින් මිදී නිවනට පැමිණිමට කළ යුත්තේ ද අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍ර‍හාණය කිරීම ය.

ඒ දෙක ප්‍ර‍හාණය කළ කල්හි සංසාර චක්‍ර‍ය සිඳේ.

______________________________________

එය ද ඒ දෙක මුල් කොට දේශනා කිරීමේ එක් කාරණයකි.

-රේරුකානේ චන්දවිමල හිමි රචිත පටිච්චසමුප්පාද විවරණය ග්‍රන්ථයෙන් -

එක් සමයෙක්හි, අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු, දඹදිව සාකේත නම් නුවර වැසි ධර්මපාලී නම් එක...
09/08/2026

එක් සමයෙක්හි, අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු, දඹදිව සාකේත නම් නුවර වැසි ධර්මපාලී නම් එක්තරා අභිරූපී සැදැහැවත් උපාසිකාවක් වූවාය. ඇය නිති පන්සිල් රකිමින්, මව්පියන්ට උපස්ථාන කරමින්, බුද්ධාලම්බන ප්‍රීතියෙන් කාලය ගත කළාය.

එක්තරා පෝය දිනෙක, එම නගරයේ නාගසේන නම් මහ තෙරුන් වහන්සේ විසින් පවත්වනු ලබන මහ බණ පින්කමකට සහභාගී වීම සඳහා ධර්මපාලී තරුණිය සුදු වතින් සැරසී, මල් සහ පහන් ද අතැතිව මහ වනය මැදින් වැටී තිබුණු නිහඬ මඟ ඔස්සේ තනිවම පියමන් කළාය.

එම වන ලැහැබෙහි බොහෝ කලක් තිස්සේ වාසය කළ, පෙර ආත්මයක ඇගේ ස්වාමියා වී ඉපදී සිටි එක්තරා විෂඝෝර නාග රාජයෙක් විය. හෙතෙම සුදු වතින් සැරසී යන මේ තරුණිය දැක, පෙර පැවති සෙනෙහස නිසාවෙන් අතිශයින් සිත ඇලී, ක්ෂණයකින් ඇය ඉදිරියට පැමිණියේය. ධර්මපාලී තරුණිය බියෙන් තති නොවී නතර වූ අතර, නාගයා ඇගේ පාදයේ සිට ඉණ දක්වා ප්‍රදේශය තදින් වෙලාගෙන, ඇගේ මුහුණ දෙස බලා තමන්ගේ පෙණය පාමින් සිටියේය.

සාමාන්‍ය ස්ත්‍රියක නම් මෙවැනි මොහොතක බියෙන් කෑගසා සිහිය නැති කරගන්නා නමුත්, ධර්මපාලී තරුණිය තමන් අත වූ පූජා භාණ්ඩ බිම නොහෙළා, සිත සමාධිගත කරගෙන මෙසේ සිතුවාය:

"මාගේ මේ ශරීරය අනිත්‍යය, දුක්ඛය, අනත්තය. මා මෙසේ යන්නේ කිසිදු පාපී චේතනාවකින් තොරව, සම්බුදු සසන බබළවන මහ තෙරුන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා නිවන් සුව පතාමය."

එසේ සිතූ ඇය, මඳක්වත් නොසැලී නාගයාගේ දෑස දෙස බලා මෙසේ සත්‍යක්‍රියා කළාය:

"ඒකාන්තයෙන්ම මා මේ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අසා නිවන් සුව සාක්ෂාත් කරගැනීමේ පිරිසිදු චේතනාවෙන්ම නම්, මා රකිනා පංචසීලය යම්සේ නොකැලැල්ද, ඒ සත්‍යානුභාවයෙන් මේ නාග රාජයා මාගේ ශරීරයෙන් ඉවත් වී මට මඟ හරීවා!"

ඇගේ ඒ අචල සත්‍යක්‍රියාවත්, නොකැලැල් සීලයේ මහත් වූ අනුභාවයත් නිසා නාගයාගේ හදවතෙහි වූ නපුරු සිත පහව ගියේය. හෙතෙම මන්ත්‍රයකින් බැන්දාක් මෙන් සෙමින් සෙමින් ඇගේ ශරීරයෙන් ලිහී අයින් වී, ඇයට මඟහැර පඳුරකට වී හිස නමා ගෞරව කළේය.

ධර්මපාලී තරුණිය සුවසේ විහාරයට ගොස් මල් පහන් පූජා කර, මහ තෙරුන් වහන්සේගෙන් බණ අසා අනාගාමී ඵලයට පත් වූවාය. ඇගේ සත්‍යක්‍රියාවට හේතු වූ නාගයා ද සද්ධර්මය අසා සිත පැහැද, මරණින් මතු තව්තිසා භවනෙහි දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නේය.

සීලයේ සහ සත්‍යයේ බලය හමුවේ මහා විෂඝෝර සර්පයන් පමණක් නොව, මුළු මහත් විශ්වයම අවනත වන බව මෙයින් වටහා ගත යුතුය.

සද්ධර්මාලංකාරය
උපුටා ගැනීම.

09/08/2026

ඔබවහන්සේගේ අතිඋතුම් ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක් ඇතිද ඵ් අතිඋතුම් ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුව ඵ් ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා ඉෂ්ඨ වේවා ඉෂ්ඨ වේවා ....

03/08/2026

සාදු සාදු.සාදු.දැකබලා ඉතාමත් .ශ්‍රද්ධා සිතින් යුතුව මනාසතුටු සිතින්.මෙම.උත්තම.පූජව.මමද.අනුමොදම් වෙම් පිංවත් අපෙ නායක හාමුදුරුවන් අතුලු සියලු දෙනාටම තෙරුවන්සරන වේවා මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏

සියලුම දෙනාට උතුම් පොසොන් පොහොය දිනයක් වේවා තෙරුවන් සරණය🙏29/06/2026
29/06/2026

සියලුම දෙනාට උතුම් පොසොන් පොහොය දිනයක් වේවා තෙරුවන් සරණය🙏
29/06/2026

🕯️🙏 “අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාජයාණන් ප්‍රතිසංස්කරණ කටයුතු පැවති කාලයේ වර්ෂ 1938 දී අපේ පියාණන් වහන්සේ දින හතක්ම එහි ම...
18/06/2026

🕯️🙏 “අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාජයාණන් ප්‍රතිසංස්කරණ කටයුතු පැවති කාලයේ වර්ෂ 1938 දී අපේ පියාණන් වහන්සේ දින හතක්ම එහි ම නැවතී දවල් කාලයේ ශ්‍රමදානයත් රාත්‍රී කාලයේ සෑ මලුව වටේ තෙල් පහන් රැගෙන බුදුගුණ කියමින් ප්‍රදක්ෂිණා කර උපස්ථාන කළ බවත් සත් වැනි දින අලුයම සෑ මලුවේ ක්ෂණික නින්දට වැටී සිටියදී වැදගත් පණිවිඩයක් සිහිනෙන් ලැබුණු බවත් මා සමඟ කීවා.

✨ ‘දැන් ගෙදර යන්න පින් ඇති පුතෙක් ලැබෙනවා’ ✨

🌼 යන්න ඒ පණිවිඩයයි. 1939 අප්‍රේල් මස 24 දා පින් ඇති මව්පියන් නිසා මගේ උපත සිදු වුණා.” 🌼

🙏 යැයි උපත හා සම්බන්ධ මෙම විස්තරය සුවිශේෂ උපතක් පිළිබඳ කෙරුණු පූර්ව දැනුම් දීමක් වැනිය.

🪔 1938 වර්ෂයේ අනුරාධපුර ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිළිසකර කිරීම් කටයුතුවලට සහභාගී වෙමින් සිටි අතිපූජනීය නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මාහිමිපාණන් වහන්සේගේ පියාණන් හට වූ විශේෂ සිදුවීමක් පිළිබඳ විටෙක මාහිමිපාණන් වහන්සේම සඳහන් කර ඇති ආකාරය 🙏 #බුදුසරණයි

බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නේ පින යනු නිවන් දකින්න යන ගමනේ සුවපහසු වාහනයක් ලෙසයි. සප්පුරිසදාන සූත්‍රය , මංගල සූත්‍රය , ...
18/06/2026

බුදුරජාණන් වහන්සේ දේසනා කරන්නේ පින යනු නිවන් දකින්න යන ගමනේ සුවපහසු වාහනයක් ලෙසයි.

සප්පුරිසදාන සූත්‍රය , මංගල සූත්‍රය , පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය ආදි බොහෝ සුත්‍රවල පින ගැන බුදුරජාණන් වහන්සේ දේසනා කරනවා. ඉතිම් කොහොමද කියන්නෙ පින කරන්න එපා , එයින් සසර දිග් වෙනවා කියලා.
ඒක එහෙම නම් බුදුරජාණන් වහන්සේ ඔය සුත්‍රවල පින කරන්න කියලා දේසනා කරාවිද..?

ඉතිම් ඒ නිසා පින කියන්නේම සසර සුවපත් කරන ඔසුවක්. පින නැතිව නිවන් දකිනවා කියලා දෙයක් නැහැ. කොටින්ම පින නැතිව නිවන් දකින්න බැහැ.

හැබැයි පින කරන අරමුණ මතයි ඒ පින සසරට හේතු වෙනවාද නිවනට හේතු වෙනවාද කියලා තිරණය වෙනවා. එබැවින් යම් කෙනෙක් පිනක් කරලා මේ පින් බලයෙන් මට දිව්‍ය ලෝක සැපයක් ලැබේවා ආදි කාම සැපයක් ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පින ලෞකික පිනක් වෙනවා කියලා දේසනා කරනවා.
" ස ආසවා පුනඤභාගියා." ආස්‍රව සහිත පින් ඒ කියන්නෙ කෙලෙස් සහිත පින්.

නමුත් කෙනෙක් පිනක් කරලා කිසිම භවගාමී සැපයක් දිව්‍යලෝක ආදි සැප බලාපොරොත්තු නොවි, සිතේ ලෝභය දුරුකරගැනිම අරමුණු කරනවා නම්, නිවන ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පින ලෝකෝත්තර ගනයට වැටෙනවා.
" අනාසවා ලෝකුත්තරා" කියලා දේසනා කරනවා.
(මහාචත්තාරීසක සුත්‍රය මජ්ජිම නිකාය )

මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සේතං භික්ඛවේ අධිවචනං

මහණෙනි, පින්වලට බිය නොවන්න පින යනු සැපයට කියන තවත් නමකි)
#බුදුසරණයි

18/06/2026

ඇසිය යුතුම බණකතාවක්

🌹අනාගතයේ පහළ වන දස බුදුවරුන්🌷🌷1).​ මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ​වත්මන් තත්ත්වය: දැනට තවුතිසා දිව්‍යලෝකයේ නාථ දෙවියන් ලෙස ව...
18/06/2026

🌹අනාගතයේ පහළ වන දස බුදුවරුන්🌷
🌷1).​ මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ
​වත්මන් තත්ත්වය: දැනට තවුතිසා දිව්‍යලෝකයේ නාථ දෙවියන් ලෙස වැඩ වෙසෙති.
​පහළ වීම: අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් පසුව ඊළඟටම (මෙම මද්‍ර කල්පයේදීම) පහළ වන බුදුරජාණන් වහන්සේයි.

🌷2).​ රාම බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදුරදුන් කල "රාම" නම් රජකුව ඉපිද සිටි අතර, මෛත්‍රෙය බුදුරදුන්ට පසුව පහළ වීමට නියමිතය.

🌷3).​ධම්මරාජ බුදුරජාණන් වහන්සේ
​පසුබිම: බුදුරජාණන් වහන්සේ ජීවමාන කල විසූ "කොසොල් මහරජතුමා" (පසේනදී කොසොල්) තමයි අනාගතයේ මේ නමින් බුදු වන්නේ.

🌷4).​ධර්මසාමි බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදු සසුනේ අභිධර්මය පිළිබඳ කෙළ පැමිණි "අභිභූ" නම් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකුව සිටි "අභිභූ බෝසතුන්" ය.

🌷5).​නාරද බුදුරජාණන් වහන්සේ
​පසුබිම: කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ "චන්දන" නම් අසූචිශෝධකයෙකුව ඉපිද, පසුව පැවිදිව සිල් රැක, ගෞතම බුදුරදුන් කල "දීඝසෝණ" නම් බ්‍රාහ්මණයා වූ බෝධිසත්වයන් වහන්සේය.

🌷6).​සුමංගල බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදුරදුන් කල "චංකී" නම් බ්‍රාහ්මණයා ලෙස ඉපිද සිටි බෝධිසත්වයන් වහන්සේය.

🌷7).​ඥානරංසි බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදු සසුනේ සිටි "තෝදෙය්‍ය" නම් බ්‍රාහ්මණයා මරණින් මතු තවුතිසා වැසි දෙවියකුව ඉපිද සිටින අතර, අනාගතයේ මේ නමින් බුදු වේ.

🌷8).​සංකච්ච බුදුරජාණන් වහන්සේ
​පසුබිම: අතීතයේ කස්සප බුදුරදුන් කල "කතෙක" නම් මානවකයාව සිටි, ගෞතම බුදුරදුන් කල "නාලාගිරි" (ධනපාල) ඇතා ලෙස උපන් බෝධිසත්වයන් වහන්සේය.

🌷9).​සුභ බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදුරදුන් කල සුභ සූත්‍රය දේශනා කිරීමට මුල් වූ "සුභ" නම් මානවකයා (තරුණයා) ය.

🌷​10).(සෝගත) බුදුරජාණන් වහන්සේ
​පසුබිම: ගෞතම බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ වැඩ වෙසෙන කල, උන්වහන්සේට උපස්ථාන කළ "පාරිලෙය්‍යක හස්ති රාජයා" (ඇතු) ය.

අනාගතවංශ පාලිය සහ අටුවාව:
මතු බුදුවන දස බෝසතුන් පිළිබඳව සහ ඔවුන් පෙර කරන ලද පින්කම්, ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ ආකාරය මෙන්ම අනාගතයේ ඔවුන් පහළ වන කල්ප, නගර, බෝධි වෘක්ෂ ආදී සියලු විස්තර ඉතා දීර්ඝව ඇතුළත් වෙන්නේ මේ "අනාගතවංශය" ග්‍රන්ථයේයි. මෙය සිංහල සාහිත්‍යයේද "අනාගතවංශය" නමින් පරිවර්තනය වී තිබෙනවා.
#බුදුසරණයි

ඔබ ලවා ඔබේ ගමේ පන්සලට පහර දෙන්නට පොළඹවාවිඔබ ලවා පන්සලට දානේ ටික නොදෙවන්න කියාවිපන්සලේ පිංකැට සීල් තබමු කියාවිබස් එකේ සීට...
25/05/2026

ඔබ ලවා ඔබේ ගමේ පන්සලට පහර දෙන්නට පොළඹවාවි

ඔබ ලවා පන්සලට දානේ ටික නොදෙවන්න කියාවි

පන්සලේ පිංකැට සීල් තබමු කියාවි

බස් එකේ සීට් එකෙ නොදී ඉමු කියාවි

ගමේ පන්සල එක්ක ඇති සුහදතාව වනසන්න ඔබ පොළඹවවි

හතේ පොතට සමළිංගික ebuddy ආයෙ ගේමු කියාවි ..

ජෙපි, එන්ජීඕ, බෞද්ධ විරෝධීන් සැලසුම් කරයි.

හෑලි ලියාවි ඔබේ මනස පන්සලින් ඈත්ව සිටින්නට යැයි සෝදනයට පොළඹවාවි !

සිහියෙන් යුක්තව අවදිව සිටින්න !

මේ එකී දුසිල්වත් භික්ෂුවට පමණක් ඇති කල විරෝධයෙන් ඔබ්බට වෙනම ඇති සාසනය වැනසීමට කල විශාල අන්‍යාගමික සහ රාජ්‍ය අනුග්‍රහයෙන් යන වෙනත් සැලසුම් සහ ගත යටි කුමන්ත්‍රණයකි !

වරද සහ වරද කරු නීතියෙන් එළිවේවි.

එකී දුස්සීලයාට වරදට දඬුවම නීතියෙන් ලැබේවි !

නමුත් මූලිකම කරුණ ලෙස මෙකී යටි කුමන්ත්‍රන පරදා සිංහල බෞද්ධයන් ඉතාම සිහිණුවනින් විවෘත මනසින් සිට

අප මහා සංඝරත්නය සහ පන්සල රැකගමු!!

Kasawatha for a Sinhala Buddhist State 🇱🇰
(උපුටාගැනීම හැට නව ලක්ෂේ පිටුවෙන්..)

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Daham Maga_ දහම් මග posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share